ලේකම් රජීව විජේසිංහ කරන දේ ගැන ඇමති මහින්ද සමරසිංහගේ වගකීමක් නැතිලු


(2009 දෙසැම්බර් 25 - W3Lanka දෙසැම්බර් 23 වැනිදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාසරත් ෆොන්සේකා‍ සන්ඩේ ලීඩර් පුවත්පතට කරන ලද ප‍්‍රකාශය නිසා ශී‍්‍ර ලංකාවේ ති‍්‍රවිධ හමුදාව අසීරු තත්ත්වයකට පත් වී ඇති බව පැවසීය. එහෙත් ෆොන්සේකා  ම, තමා මෙවැනි ප‍්‍රකාශයක් නොකළ බව පැහැදිලිව කියා ඇති බැවින්, එසේ ප‍්‍රතික්ෂේප කළ කාරණයක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය ශී‍්‍ර ලංකා රජයට චෝදනා කිරීම පදනම් විරහිත නිසා ජගත් සංවිධානයෙන් එවා ඇති ලිපිය ඉල්ලා අස් කර ගනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව මානව හිමිකම් අමාත්‍යංශයේ ලේකම් රජීව විජේසිංහ යවා ඇති පිළිගුරු ලිපිය පිළිබඳ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදිනියක නැඟූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ එම ප‍්‍රකාශය පිළිබඳව තමාගේ වගකීමක් නැති බවයි.


රජීව විජේසිංහ ආරම්භක අවස්ථාවේ දී මාධ්‍ය හමුවට සහභාගි වෙමින් සිටිය ද, ප‍්‍රශ්න අසන අවස්ථාවේදී ඔහු එතැනින් ඉවත්ව ගොස් තිබුණි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා