ඡන්දෙට කලින් යන්තම් එක සමාගමක් තෙල් තියෙනවාද හොයන්න ලංකාවේ මුහුදට ඇවිත්


(2009 දෙසැම්බර් 13 - W3Lanka) බ්‍රිතාන්‍යයට අයත් සමාගමක ඒකකයක් වන ඉන්දීය කෙයාන් සමාගම  ඉන්දියාවේ වයඹදිග ‍මුහුදේ තෙල් ගවේශනය හා සම්බන්ධ භූ විද්‍යාත්මක පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඩොලර් මිලියන 100ක් වැය කර සිදු කරන මෙම සමීක්ෂණය 2010 මාර්තු වන විට අවසන් වීමට නියමිත අතර එහි ප්‍රතිඵල සාධනීය වුවහොත් 2011 මුලදී තෙල් ළිං කැනීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙයි. 

ලංකාව තෙල් ගවේශනය සඳහා වර්ග කිලෝමීටර් 3000ක පමණ සාගර බිමක කොටස් අටක් වෙන් කර තිබෙන අතර කෙයාන් සමාගමට දී තිබෙන්නේ ඉන් එකකි. ඉන්දියාවට හා චීනයට ද එක් බිම් කොටස බැගින් ලබා දෙන ලද මුත් එම රටවල් කිසිවක් තෙල් ගවේශනය ආරම්භ කර නැත. 


තවත් කොටස් තුනක් තෙල් ගවේශනය සඳහා ලබා දීමට රජය බලාපොරොත්තු වන බව පසුගියදා නිවේදනය කළේය. එහෙත් මේ සඳහා ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමට රජය තවමත් අසමත් වී ඇති බව ආරංචි මාර්ග පවසයි.



1970 දශකයේදී ද විදේශ සමාගම් මෙම කලාපයේ තෙල් නිධි ගවේශනයේ යෙදුණු මුත් වානිජමය වශයෙන් ඵලදායී තෙල් හා ගෑස් නිධි කිසිවක් සොයා ගැනීමට අසමත් විය. 


පසුගිය සමයේ මේ පිළිබඳ භූ විද්‍යාත්මක සමීක්ෂණයක යෙදුණු නෝර්වේ සමාගමක් තෙල් නිධි පැවතීමට ඉඩ ඇති බවට දත්ත ඉදිරිපත් කරන ලදී.

ඡායාරූපයේ දැක්වෙන්නේ 2008 ජුලි මාසයේදී කෙයාන් සමාගමට තෙල් නිධි කැනීම සඳහා භූමියක් ලබා දීම වෙනුවෙන් ලංකාවට එම සමාගම විසින් ඩොලර් මිලියනයක මුදලක් පිරිනැමූ ආකාරයයි.





Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා