සනත්ගේ ක්‍රිකට් දිවියට වසර 20යි


(2009 දෙසැම්බර් 26 -W3Lanka) 1989 දෙසැම්බර් 26 දා ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න් පිටියේ දී පළමු ජාත්‍යන්තර එක් දින තරගයට සහඵාගි වෙමින් සිය ක්‍රිකට් දිවිය ආරම්භ කළ සනත් ටෙරාන් ජයසූරිය අද සිය ජාත්‍යන්තර ක්‍රීඩා දිවියේ විසි වන වසර සපුරයි.


1969 ජුනි 30දා උපන් සනත් දැන් සතළිස්වන වියට එළඹ සිය ද තවමත් ඔහු යව්වනයකු සේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්නේ ක්‍රීඩාව පිළිබඳ ගතානුගතික අදහස් අභියෝගයට ලක් කරමිනි.


වයස වැඩි යයි කියමින් ඔහුව ක්‍රිකට්වලින් දවා ලන්නට නිලධාරීන් නිපන්දු එවමින් දැරූ උත්සාහයන් හමුවේ සනත් කෙසේ හෝ තවමත් නො සැලී සිටියි. 

1998 මැයි 08දා සනත් හා එයා ලංකා හිටපු බිම් සත්කාරිකාවක් වූ සුමුදු කරුණාරත්න අතර සිදු වූ විවාහය ලංකාවේ වැඩියෙන් ම කතා කළ විවාහය වූ මුත් කෙටි කලකින් සිදු වූ දික්කසාදය අඩුවෙන් ම වාර්තා කළ එකක් වූයේ ක්‍රිකට් ගැසීමට පමණක් නොව ලංකාවේ ජනමාධ්‍ය හැසිරවීමටත් සනත්ට තිබූ හැකියාව ප්‍රදර්ශනය කරමිනි. නිහඬව දෙවන විවාහයට එළැඹි සනත් දැන් තිදරු පියෙකි. 



1991 පෙබ. 22-26 නවසීලන්තයට එරෙහිව හැමිල්ටන්හිදී පළමු ටෙස්ට් තරගයට සහභාගි වූ සනත් මේ වන විට ටෙස්ට් තරග 110කට ද එක් දින තරග 443කට ද සහභාගි වී තිබේ.


එක් දින තරගවල මුල් ඕවර 15 තුළදී අධි වේගයෙන් ලකුණු රැස් කිරීමේ ශෛලියේ නිර්මාතෘවරයකු වන සනත් ඉනිම 431කචී නොදැවීම් 18ක් සමග ලකුණු 13,397ක් රැස් කර තිබේ. ඔහු රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව 189කි. සාමාන්‍යය 32.43කි. ශතක 28ක් හා අර්ධ ශතක 68ක් ඔහුගේ මල්ලේ ඇත.


පන්දු යවන්නකු ලෙස කඩුලු 322ක් ලබාගෙන ඇති සනත්ගේ හොඳම පන්දු යැවීම 26/6 ලෙස වාර්තා වේ.




Comments

  1. සනත් ඔබට ප%ණාමය පුද කරන අතරම මට මෙහෙම හිතෙනවා,

    සංවේදී නායකයා ජනාධිපති කරන්නට අපට ජන්දය දෙන්න කියා ඔබ හිට් විකට් (Hit Wicket) වුනාද?

    මෙච්චර කල් ජනතාව වෙනුවෙන් කි%කට් ගහපු සනත් ලංකාවේ හැම කෙනාම අනාගත්තා වගේම අන්තිමට අනාගත්තාද?

    ජාතික වීරයෝ දේශපාලනයට ගේන්න හොද නෑ කියනා අය සනත්ව කඩේ යවන්න ගෙනාවේ සනත් ජාතික වීරයෙක් නොවන නිසාද?

    ReplyDelete
  2. සනත් හොඳ ක්‍රිකට් සෙල්ලං කරා ඉස්සර,එපමණයි.

    ReplyDelete
  3. Visit following link & vote person who you think be the next president of Sri Lanka.


    http://www.pollpub.com/who-will-be-the-next-sri-lankan-president.aspx

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා