ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය පිහිටුවීමට නව නීතිඥ සංගමයක් අද දොරට වඩී

(2009 දෙසැම්බර් 10 - W3Lankaප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් පිළිබඳව කටයුතු කරන ප්‍රධාන පෙළේ නීතිවේදීන්ගේ මූලිකත්වයෙන් නව නීතිඥ සංගමයක් පිහිටුවා ඇති බව එම නීතිඥවරු පවසති. 


ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය පිහිටුවීමේ අභියෝගයට මුහුණ දීම ඉලක්ක කර ගත් මෙම නීතිඥ සංගමය 10දා බ්‍රහස්පතින්දා සවස 4ට කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ, ස්ටැන්ලි විජේසුන්දර මාවතේ අංක 275/75 දරණ ස්ථානයේ පිහිටි  OPA ශ්‍රවණාගාරයේ පැවැත්වෙන රැස්වීමක් ඔස්සේ එළි දැක්වේ.  

ලාල් විජේනායක, සී.ජේ. වැලිඅමුණ, කේ.එස්. රත්නවේල්, චන්ද්‍රා කුමාරගේ සහ සුදර්ශන ගුණවර්ධන යන නීතිඥවරු මෙම නව සංවිධානයේ නායකයන් අතර වෙති. 




Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා