Posts

Showing posts with the label නීතිඥයෝ

ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය පිහිටුවීමට නව නීතිඥ සංගමයක් අද දොරට වඩී

Image
(2009 දෙසැම්බර් 10 - W3Lanka )  ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් පිළිබඳව කටයුතු කරන ප්‍රධාන පෙළේ නීතිවේදීන්ගේ මූලිකත්වයෙන් නව නීතිඥ සංගමයක් පිහිටුවා ඇති බව එම නීතිඥවරු පවසති.  ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය පිහිටුවීමේ අභියෝගයට මුහුණ දීම ඉලක්ක කර ගත් මෙම නීතිඥ සංගමය 10දා බ්‍රහස්පතින්දා සවස 4ට කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ, ස්ටැන්ලි විජේසුන්දර මාවතේ අංක 275/75 දරණ ස්ථානයේ පිහිටි  OPA ශ්‍රවණාගාරයේ පැවැත්වෙන රැස්වීමක් ඔස්සේ එළි දැක්වේ.   ලාල් විජේනායක, සී.ජේ. වැලිඅමුණ, කේ.එස්. රත්නවේල්, චන්ද්‍රා කුමාරගේ සහ සුදර්ශන ගුණවර්ධන යන නීතිඥවරු මෙම නව සංවිධානයේ නායකයන් අතර වෙති. 

කළු කෝට් මාෆියාව නිසා නීති බල ප්‍රදේශ වෙනස් කිරීම වැට උඩ

Image
(2009 නොවැම්බර් 23 - W3Lanka ) ජනතාවට සෙත සැලසෙන සේ නඩු විසඳීම කඩිනම් වීමට ඉවහල් වන පරිදි නීති බල ප්‍රදේශ වෙනස් කිරීම සඳහා අධිකරණ අමාත්‍යංශය විසින් ගෙන ඇති තීරණයට නීතිඥයන්ගේ දැඩි විරෝධය එල්ල වෙමින් ඇති බව වාර්තා වේ.  මේ පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරන ලද කොමිෂමක නිර්දේශ අනුව, නීති බල පුදේශ වෙනස් කිරීම සඳහා අදාළ ගැසට් නිවේදනය මේ සතියේ නිකුත් කිරීමට නියමිත ය.  එහෙත්, එසේ නීති බල ප්‍රදේශ වෙනස් කර එක් බල ප්‍රදේශයකට ඇති පොලීසි සංඛ්‍යාව දෙක දක්වා අඩු කළ විට, එම බල ප්‍රදේශය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ට නඩු අඩු වේ යයි ඔවුන් රජයට පෙන්වා දි තිබේ. එසේ ම නඩු ඉක්මණින් විසඳීම ද නීතිඥයන්ට අවාසි වීම මෙම විරෝධයට හේතු වී ඇති බව දැනගන්නට තිබේ.