කළු කෝට් මාෆියාව නිසා නීති බල ප්‍රදේශ වෙනස් කිරීම වැට උඩ


(2009 නොවැම්බර් 23 - W3Lanka) ජනතාවට සෙත සැලසෙන සේ නඩු විසඳීම කඩිනම් වීමට ඉවහල් වන පරිදි නීති බල ප්‍රදේශ වෙනස් කිරීම සඳහා අධිකරණ අමාත්‍යංශය විසින් ගෙන ඇති තීරණයට නීතිඥයන්ගේ දැඩි විරෝධය එල්ල වෙමින් ඇති බව වාර්තා වේ. 

මේ පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරන ලද කොමිෂමක නිර්දේශ අනුව, නීති බල පුදේශ වෙනස් කිරීම සඳහා අදාළ ගැසට් නිවේදනය මේ සතියේ නිකුත් කිරීමට නියමිත ය. 


එහෙත්, එසේ නීති බල ප්‍රදේශ වෙනස් කර එක් බල ප්‍රදේශයකට ඇති පොලීසි සංඛ්‍යාව දෙක දක්වා අඩු කළ විට, එම බල ප්‍රදේශය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ට නඩු අඩු වේ යයි ඔවුන් රජයට පෙන්වා දි තිබේ.


එසේ ම නඩු ඉක්මණින් විසඳීම ද නීතිඥයන්ට අවාසි වීම මෙම විරෝධයට හේතු වී ඇති බව දැනගන්නට තිබේ.

Comments

Popular posts from this blog

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election