පළා යන ලාංකික අනාථයන් දෙස රජයේ ඇස් අරවන්න ඕස්ට්‍රේලියාවෙන් කප්පමක්
(2009 නොවැම්බර් 11 - W3Lanka) යුද්ධය අවසන් වුවත්, දැඩි පීඩනයකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනයා නාවික හමුදාව විසින් දැඩි මුරකාවල් ලා ඇතැයි කියන ලංකාවේ වෙරළේ සිට අනාරක්ෂිත බෝට්ටුවලින් ඕස්ට්‍රේලියාව දෙසට පළා යාම එරටට හිසරදයක් බවට පත් වී තිබියදී මෙම ප්‍රශ්නය කෙරෙහි ලංකාවේ රජයේ අවධානය යොමු කර ගැනීමට එරට ලංකාවට මුල්‍ය ආධාරයක් කර තිබේ.
ලංකාවේ රජයේ අවධානය යොමු කර ගැනීම පිණිස හදිසියේ ලංකාවේ සංචාරය කළ ඕස්ට්‍රේලියානු විදේශ ඇමති ස්ටීවන් ස්මිත් සහ ලංකාවේ විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම අතර ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම අනුව නීති විරෝධී මිනිස් සංචලන මැඬලීම සහා දෙරට සහයෝගයෙන් ක්‍රියා කිරීමට නියමිත ය.
විනාශ වූ දෙමළ ප්‍රදේශ පුනරුත්ථාපනයට හා ප්‍රතිසංස්කරණයට ඕස්ට්‍රේලියාව එක්සත් ජනපද ඩොලර් මිලියන 13.2ක ආධාරයක් ද පිරිනමා තිබෙන්නේ ලංකාවේ දේශපාලකයන්ගේ ඇස් ඇරෙන්නේ ඒවා දුටු විට පමණක් බව දන්නා හෙයින් විය හැකි ය.
යුද්ධය දිනීමෙන් පසු ලංකාව සාමය දිනා ගැනීම වැදගත් බව ද, ඕස්ට්‍රේලියාව අව්‍යාජ අනාථයන් භාර ගන්නා බව ද පවසන ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති ජුලියා ගිලාඩ් ප්‍රශ්නයට හොඳ ම විසඳුම රට තුළ සාමය බව පවසයි.

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.