Posts

Showing posts with the label ශ්‍රී ලාංකික සරණාගත

පළා යන ලාංකික අනාථයන් දෙස රජයේ ඇස් අරවන්න ඕස්ට්‍රේලියාවෙන් කප්පමක්

Image
(2009 නොවැම්බර් 11 - W3Lanka ) යුද්ධය අවසන් වුවත්, දැඩි පීඩනයකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනයා නාවික හමුදාව විසින් දැඩි මුරකාවල් ලා ඇතැයි කියන ලංකාවේ වෙරළේ සිට අනාරක්ෂිත බෝට්ටුවලින් ඕස්ට්‍රේලියාව දෙසට පළා යාම එරටට හිසරදයක් බවට පත් වී තිබියදී මෙම ප්‍රශ්නය කෙරෙහි ලංකාවේ රජයේ අවධානය යොමු කර ගැනීමට එරට ලංකාවට මුල්‍ය ආධාරයක් කර තිබේ.  ලංකාවේ රජයේ අවධානය යොමු කර ගැනීම පිණිස හදිසියේ ලංකාවේ සංචාරය කළ ඕස්ට්‍රේලියානු විදේශ ඇමති ස්ටීවන් ස්මිත් සහ ලංකාවේ විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම අතර ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම අනුව නීති විරෝධී මිනිස් සංචලන මැඬලීම සහා දෙරට සහයෝගයෙන් ක්‍රියා කිරීමට නියමිත ය.  විනාශ වූ දෙමළ ප්‍රදේශ පුනරුත්ථාපනයට හා ප්‍රතිසංස්කරණයට ඕස්ට්‍රේලියාව එක්සත් ජනපද ඩොලර් මිලියන 13.2ක ආධාරයක් ද පිරිනමා තිබෙන්නේ ලංකාවේ දේශපාලකයන්ගේ ඇස් ඇරෙන්නේ ඒවා දුටු විට පමණක් බව දන්නා හෙයින් විය හැකි ය. යුද්ධය දිනීමෙන් පසු ලංකාව සාමය දිනා ගැනීම වැදගත් බව ද, ඕස්ට්‍රේලියාව අව්‍යාජ අනාථයන් භාර ගන්නා බව ද පවසන ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති ජුලියා ගිලාඩ් ප්‍රශ්නයට හොඳ ම විසඳුම රට ...

ඕස්ට්‍රේලියාවට පළා යද්දී අසු වූ ලාංකික සරණාගතයෝ ඉන්දුනීසියාවට ගොඩබැසීම ප්‍රතික්ෂේප කරති

Image
(2009 ඔස්තෝබර් 31 - W3Lanka )  ඕස්ට්‍රේලියාව බලා යාත්‍රා කරමින් සිටියදී එරට නාවික හමුදාව විසින් සුමාත්‍රා දිවයින අසලදී දින 10කට පෙර අත්අඩංගුවට ගෙන ඉන්දුනීසියාව වෙත එවා තිබෙන ශ්‍රී ලාංකික සරණාගතයන් 78දෙනා ඔවුන් දැනට සිටින Oceanic Viking ඕස්ට්‍රේලියානු රේගු නෞකාවෙන් බැසීම ප්‍රතික්ෂේප කර වෛද්‍ය ප්‍රතිකාර පවා එපා කියමින් තමන් ඉන්දුනීසියාවේ රැඳවීමට ගෙන ඇති තීරණයට විරෝධය පාති. මෙම සරණාගත පිරිස දැන් ඉන්දුනීසියාව හා ඕස්ට්‍රේලියාව අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් වී තිබේ. ඕස්ට්‍රේලියානු අගමැති කෙවින් රඩ් හා ඉන්දුනීසියානු ජනාධිපති සුසිලෝ බැන්බැන් අතර ගිවිසුමක් අනුව මෙම පිරිස ඉන්දුනීසියාවේ රඳවා ඔවුන්ගේ රැකවරණ ඉල්ලීම් සලකා බැලීමට ඕස්ට්‍රේලියාව පියවර ගෙන ඇත්තේ ඒ හරහා ඉන්දුනීසියාවේ සිරගෙවල්වල කටුක තත්වයන් හේතුවෙන් මෙවැනි සංක්‍රමණ අධෛර්යය කිරීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් දැන් ඉන්දුනීසියාවෙන් ද මෙම පිරිස භාර ගැනීම ප්‍රතික්ෂේප වෙමින් ඇති අතර ඔවුන් භාර ගැනීමට එරෙහිව එරට උද්ඝෝෂණ ද පවතී.