එජාප හා ජවිපෙ මුදු මාරු කරති; මඟුල මහ මැතිවරණයේදී; සාමාජිකයෝ හනිමූන් එකට පාන අල්ලන්න අදි මදි කරති


(2009 නොවැම්බර් 24 - W3Lanka) ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඉදිරිපත් කිරීම සඳහා පැවති බොහෝ බාධක ඉවත් කරමින් එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ඓතිහාසික එකඟතාවකට පැමිණ තිබේ. 

ඒ අනුව, ෆොන්සේකා පක්ෂ දෙකට ම අයත් නො වන පොදු ලකුණකින් තරග කරන අතර, ඔහු ජය ගතහොත් පත් කරනු ලබන භාරකාර රජයක අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ භාර ගැනීමට ද ජවිපෙ එකඟ වී තිබේ. 

මෙම එකඟතාවලට එළඹී ඇත්තේ වික්‍රමසිංහ, මංගල සමරවීර, තිස්ස අත්තනායක සහ අනුර කුමාර දිසානායක අතර පැවති රහසිගත සාකච්ඡාවකින් අනතුරුවයි. 



ජවිපෙ සහ එජාප අතර මෙම එකඟතාව ජවිපෙ අභ්‍යන්තරයේ ගැටළු රාශියක් ඇති කරමින් තිබෙන බව ද දීර්ඝ කාලයක් තිස්සේ ජවිපෙ විසින් නඩත්තු කරන ලද එජාප විරෝධී පිළිවෙත වෙනස් වීම ජවිපෙ පහළ සාමාජිකයන් කම්පනය කිරීමට හේතු වී ඇති බව ද ජවිපෙ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. 

කෙසේ වෙතත්, මෙම නව එජාප - ජවිපෙ දීගය ඉදිරි මහ මැතිවරණයකදී සන්ධානයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බව ජවිපෙ නායකත්වයට සමීප ආරංචි මාර්ග පවසයි. 


මේ අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන ගැසට් පත්‍රයට අත්සන් තබා තිබෙන්නේ ජවිපෙ සහ එජාපය අතර එකඟතාවක් ඇති නො වනු ඇතැයි හා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි සිතා බව ද වාර්තා වේ.

Comments

  1. ජවිපෙ පහළ සාමාජිකයන් කම්පනය වෙලා ඉන්නෙ කියල ජවිපෙ අභ්‍යන්තර ආරංචි මාර්ග හොයාගන ඇවිල්ල කිව්වද?
    නැත්නම් මේ දෙගොල්ල එකතුවෙනවට ඔයාල කැමැති නැද්ද?
    මට නිකමට කියන්න.....
    සරත් පොන්සේකා ඇවිත් හදන්න යන රටට වැඩිය හොද රටකද අපි දැන් ඉන්නෙ?

    ReplyDelete
  2. අනේ පැතුම් කවුරු කා එක්ක එකතු වුණා ම අපට මොකද? අපි කියන්නේ ඉතින් ඒ දවස්වල කතා කරපු හැටියට මේ වගේ දේවල් නො වෙයි කියලා විශ්වාස කළේ අපි නොවෙයි, ජවිපෙ සාමාජිකයො‍නේ. පව්! ඒගොල්ලේ ඉතින් කියන කියන පදේට නටනවා. මහින්දත් එක්ක දීග කන්න ගිහින් කැඩිල ගිය කට්ටියක් දැන් මාළිගා හදනවා. තවත් අය වලව්වල ඉඳුල් පිඟන් හෝදනවා. මේ අලුත් දී‍ගෙ රහ බලන්න පුළුවන් තව අවුරුදු දෙක තුනකින්. අපට දුක මේ ඔක්කොම කරන්නේ අර අතන මෙතන කඹුරලා හොයා ගන්න තුට්ටු දෙක මේ පක්ෂයට පුදන, පෝස්ටර් ගහන, රැස්වීම්වල වේලෙන, පෙළපාලි යන, පොලිසියෙන් ගුටි කන, මැරුම් කන අහිංසක මෝඩයන් ගැන. මේ නොවැම්බර් මාසයනේ. පිළිම නෙළා නැති විරුවෝ වලවල්වල ඇඹරෙනවා ඇති නේද මේ වැඩ දැකලා.

    ReplyDelete
  3. JVP kiyanne UNP wirodaye icon ekak. ehema party ekak oya wage wedak karoth ithin oya danata kelawela thiyena pramaane wage 10-15 gunayak kelawenaawa unta...

    ReplyDelete
  4. JVP never have come to any agreement with UNP or UNF nor a support for Ranil as caretaker premier.it is clearly said to the media also.I'm sorry to say this blog article is a distorted freak where the blogger has just picked some rubbish and made a story himself to upgrade his blog.
    http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=4619:2009-11-24-06-48-59&catid=35:2008-10-13-08-30-14&itemid=27

    http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=articles&id=4618:2009-11-24-06-33-10&catid=35:2008-10-13-08-30-14&itemid=27

    ReplyDelete
  5. MALLI ME BORU PAT DANNA EPA HPDADA. JVP UNP EKATH EKKA KAWADAWATH EKATHU WENNAHA. MODA KATHA KIYANNA EPA. ANIKA JVP NADU DAMMOTH OYATA PULUWANDA OYA KATHAWA OPPU KARANNA. OWATA KIYANNE KUNUHARAPA KIYANAWA KIYALAI

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා