මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි ඉන්දීය පීඩනය වැඩි වෙයි

(2009 නොවැම්බර් 15 - W3Lanka) ජාතීන්ගේ ප්‍රශ්නය නිමිත්ත කරගෙන ලංකාවේ මහින්ද රාජපක්ෂ පාලනයට කරන බලපෑම වැඩි කිරීමට ඉන්දියාව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. 

මෙම ක්‍රියාවලිය සිදු වෙමින් තිබෙන්නේ ලංකාවේ රජය හමුදා කුමන්ත්‍රණයක් සිදු වීමට ඉඩ ඇති බව කියා ඔක්තෝබර් මාසයේදී ඉන්දීය හමුදා සහාය ඉල්ලා ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් ඉල්ලා අස් වීමේ ලිපියෙහි ජනරාල් සරත් ෆොන්සේකා සඳහන් කර තිබියදී වීම සුවිශේෂ වේ.


අද ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වන ඉන්දීය මුදල් ඇමති ප්‍රනාබ් මුඛර්ජි දේශපාලන විසඳුමක අවශ්‍යතාව හා අවතැන් වූවන් යළි පදිංචි කිරීම කඩිනම් හා විධිමත් කිරීමේ අවශ්‍යතාව  අවධාරණය කිරීමට නියමිත බව තානාපති ආරංච් මාර්ග පවසයි. 


මහින්ද රාජපක්ෂ රජය මේ වන විට ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් දීම සිය න්‍යාය පත්‍රයෙන් මුළුමනින් ම ඉවත් කර තිබෙන අතර උතුරු පළාත් සභාව පිහිටුවීම පවා මහ මැතිවරණ හා ජනාධිපතිවරණ උණුසුමත් සමග යටපත් වී තිබේ. 


ලංකාව සර්ව පාක්ෂික නියෝජිත කමිටුව හරහා ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන බව තොරොම්බල් කරමින් සිටි සමයේ ඉන්දියාවේ විදේශ ඇමති පදවිය හෙබවූයේ ප්‍රනාබ් මුඛර්ජි ය. 

දෙමළ සටනට එරෙහි යුද්ධයේදී යුදමය අවශ්‍යතා වෙනුවෙන් ජාත්‍යන්තර පීඩනය මඟහරවා තබා ගැනීම පිණිස සර්ව පාක්ෂිත නියෝජිත කමිටුව මහෝපකාරී විය. එය මෙහෙයවනු ලැබුවේ සමසමාජ පක්ෂයෙන් පත් වූ ඇමති තිස්ස විතාරණ විසින් ය. 



යුද්ධයෙන් පසු සර්ව පාක්ෂික නියෝජිත කමිටුව ද වාර්තාවක් ඉදිරිපත් කරමින් සිය කටයුතු නිමා කළ අතර එහි සභාපති තිස්ස විතාරණ දැන් ඒ පිළිබඳව ජනමාධ්‍යවලට කතා නො කරයි.




Comments

  1. when are you going to admit that indians told that fonseka's claim about indian army was placed on alert bc of coup rumors here was basically a lie.

    ReplyDelete
  2. here is the link
    http://timesofindia.indiatimes.com/india/Fonsekas-claim-without-substance-Tharoor/articleshow/5230907.cms

    shortened
    http://bit.ly/1kmYQ7

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා