Posts

Showing posts with the label සර්ව පාක්ෂික නියෝජිත කමිටුව

වාර්තා තැබිය හැති වේබ් අඩවියක් හිමි ලංකා සමසමාජ පක්ෂය

Image
තවමත් පවතින ලංකාවේ පැරණි ම දේශපාලන පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂය අද ඇඹිලිපිටියේ ඩී.ඒ. රාජපක්ෂ ශ්‍රවණාගාරයේදී සිය 76වන සමරුව පවත්වයි.  ජනාධිපතිවරයා ගෙන්වා ගැනීමට තරම් ශක්තියක් නැති වීම නිසා සමසමාජ පක්ෂය සිය සංවත්සරය සඳහා කතානායක චමල් රාජපක්ෂ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි කර ගනියි.  ලංකා සමසමාජ පක්ෂය බිහි වන්නට පෙර මේ රටේ තවත් දේශපාලන පක්ෂ දෙකක් තිබිණි. ඒවා නම් 1919දී බිහි වූ ලංකා ජාතික කොංග්‍රසය හා 1929දී ඒ.ඊ. ගුණසිංහගේ නායකත්වයෙන් බිහි වූ ලංකා කම්කරු පක්ෂයයි. ඒවා දැන් නැත.  ලංකා සමසමාජ පක්ෂයට සන්ධානවාදයෙන් කිළිටු වූ කීර්තිමත් ඉතිහාසයක් ඇත. අදත් සමසමාජය සතුව පාර්ලිමේන්තු ආසන දෙකක් ඇත. ඉන් එකක් ඡන්දයෙන් දිනූ එකකි. ඒ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වයි.ජී. පද්මසිරි ය.  පළාත් සභා ආසන කීපයක් ද හිමි මෙම පක්ෂය සන්ධානවලින් තොරව තනිව ම තරග කර පළාත් පාලන ආයතන කීපයක ආසන දිනාගෙන ඇත.  දෙමළ අරගලයට එරෙහිව රජයේ යුද්ධය පැවති සමයේ මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කරගෙන මතු වූ ජාත්‍යන්තර විරෝධය මැඬ ගැනීමට මහෝපකාරී වූ ඊනියා සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ සභාපති ධුරය දරමින් ස...

බලය බෙදීම හා බාලගිරි අද නොවෙයි හෙට

Image
( 2011 ජනවාරි 18,  W3Lanka )   ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවට අදාළව ස්ථාවර දේශපාලන විසඳුමක් ඉදිරිපත් කරන බවත්; එම විසඳුම සියලු දේශපාලන පක්ෂවල එකඟතාවකින් යුතු දේශපාලන යෝජනාවලියක් ලෙස නිසියාකාරව නිර්මාණය කරගන්නා බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පසුගියදා කියා සිටී.අරලියගහ මන්දිරයේ දී පැවති විදේශීය වාර්තාකරුවන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය. දේශපාලන විසඳුම් යෝජනාවලියේ දී බලය බෙදීම පිළිබඳ සංකල්පය සාකච්ඡාවේ ප්‍රධාන තැනට එන බව ද පොලිස් බලතල ලබාදීම වැනි කරුණු සැලකිල්ලට නො ගන්නා බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. (දිනමිණ, 2011 ජනවාරි 15) 2005 වසරේදී ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සඳහා වූ දකුණේ එකඟත්වය ඇති කරගැනීම සඳහා බව කියමින් කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුවෙන් විසඳුම් යෝජනාවලියක් සැකසීමේ කාර්යය පැවරුණ සර්ව පාක්ෂික නියෝජිත කමිටුව රැස්වීම් 128කට වඩා පවත්වා යෝජනාවලියක් ඉදිරිපත් කරන ලදී. එම යෝජනාවලියේ බලය බෙදීම පිළිබඳ සඳහන් වන ආකාරය සමබිම වෙබ් අඩවියේ දක්වා ඇත්තේ මෙසේ ය: "බලය බෙදා හැරීම පිළිබඳ සර්ව පාක්ෂික නියෝජිත කමිටුව යෝජනා කරන්නේ ආණ්ඩු බලය මධ්‍යම ආණ්ඩුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයත...

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි ඉන්දීය පීඩනය වැඩි වෙයි

Image
(2009 නොවැම්බර් 15 - W3Lanka ) ජාතීන්ගේ ප්‍රශ්නය නිමිත්ත කරගෙන ලංකාවේ මහින්ද රාජපක්ෂ පාලනයට කරන බලපෑම වැඩි කිරීමට ඉන්දියාව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.  මෙම ක්‍රියාවලිය සිදු වෙමින් තිබෙන්නේ ලංකාවේ රජය හමුදා කුමන්ත්‍රණයක් සිදු වීමට ඉඩ ඇති බව කියා ඔක්තෝබර් මාසයේදී ඉන්දීය හමුදා සහාය ඉල්ලා ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් ඉල්ලා අස් වීමේ ලිපියෙහි ජනරාල් සරත් ෆොන්සේකා සඳහන් කර තිබියදී වීම සුවිශේෂ වේ. අද ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වන ඉන්දීය මුදල් ඇමති ප්‍රනාබ් මුඛර්ජි දේශපාලන විසඳුමක අවශ්‍යතාව හා අවතැන් වූවන් යළි පදිංචි කිරීම කඩිනම් හා විධිමත් කිරීමේ අවශ්‍යතාව  අවධාරණය කිරීමට නියමිත බව තානාපති ආරංච් මාර්ග පවසයි.  මහින්ද රාජපක්ෂ රජය මේ වන විට ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් දීම සිය න්‍යාය පත්‍රයෙන් මුළුමනින් ම ඉවත් කර තිබෙන අතර උතුරු පළාත් සභාව පිහිටුවීම පවා මහ මැතිවරණ හා ජනාධිපතිවරණ උණුසුමත් සමග යටපත් වී තිබේ.  ලංකාව සර්ව පාක්ෂික නියෝජිත කමිටුව හරහා ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන බව තොරොම්බල් කරමින් සිටි සමයේ ඉන්දියාවේ විදේශ ඇමති පදවිය හෙබවූයේ ප්‍රන...

දේශපාලන විසඳුම් යල් පැන ගිහින් - චම්පික රණවක නිහැඬියාව බිඳියි

Image
(2009 ජුලි 14) ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුම් යල් පැන ගොස් ඇති බවද, අද අවශ්‍ය වන්නේ යුද්ධයෙන් හානියට පත් වූ ප‍්‍රදේශ ප‍්‍රතිසංස්කරණය කිරීම සහ අවතැන් වූ ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම බවද, 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කරුණු දැක්වීමෙන් අනතුරුව සති කීපයක් නිහඬව සිටි ජාතික හෙළ උරුමය නියෝජනය කරන පරිසර හා ස්වාභාවික සම්පත් ඇමති චම්පික රණවක පවසයි. අද දිනමිණ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මෙසේ පවසයි. " අවුරුදු තිහක් තිබුණ යුද්ධය අපිට අවුරුදු තුනක් ඇතුළතදී ඉවර කරන්න පුළුවන් වුණා. යුද්ධය තියෙද්දී තමයි දේශපාලන විසඳුම් සහ සර්වපාක්ෂික කමිටු යෝජනා ගැන කතා කෙළේ. මේ වෙද්දී එදා තිබුණ තත්ත්වය හාත්පසින්ම වෙනස්. ඒ හින්දා දේශපාලන විසඳුම් වගේ දේවල් යල් පැනලා ගිය දේවල් විදිහටයි සලකන්න පුළුවන්. අද අවශ්‍ය වෙලා තියෙන්නේ යුද්ධයෙන් හානියට පත් වූ ප‍්‍රදේශ ප‍්‍රතිසංස්කරණය කිරීම සහ අවතැන් වූ ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමයි. අද රටේ මූලික අවශ්‍යතාව වෙලා තියෙන්නේ මේ දේ.  "එහෙම නැතිව දේශපාලන විසඳුම් සාමාන්‍ය දෙමළ ජනතාව ඉල්ලා සිටින්නේ නැහැ. දේශ...

ඉන්දියාව මෙල්ල කිරීමේ සෙල්ලම දිගටම කිරීමට සර්ව පාක්ෂික නියෝජිත කමිටුවට පුළුවන් වෙයිද?

Image
(2009 ජුලි 11) ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාපක්ෂ දෙපිටකාට්ටු ස්වරූපයකින් කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශ්වයේ නායක මංගල සමරවීර අල් ජසීරා රූපවාහිනියට පවසයි.  සර්ව පාක්ෂික සමුළුව ඉන්දීය බලපෑම හා ජාත්‍යන්තර පීඩනය මෙල්ල කිරීම සඳහා වූ හුදු රඟමඬලක් පමණක් බවද,  එහි තවම කිසිවක් සිදු වී නැති බවද ඔහු පවසයි.  "එල්.ටී.ටී.ඊ.ය පරාජය තර දැන් මාස දෙකයි. එහෙත් රජය තවමත් රටේ සුළුතර ජනයාට පිළිගත හැකි දේශපාලන විසඳුමක් ඉදිරිපත් කර නැහැ,"යි ඔහු වැඩිදුරටත් පවසයි. 2005 වසරේදී ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සඳහා වූ දකුණේ එකඟත්වය ඇති කරගැනීම සඳහා බව කියමින් කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුවෙන් විසඳුම් යෝජනාවලියක් සැකසීමේ කාර්යය පැවරුණ සර්ව පාක්ෂික නියෝජිත කමිටුව වසින් මේ වන විට රැස්වීම් සියයකට වඩා පවත්වා ඇතිමුත් තවමත් නිශ්චිත යෝජනාවලියක් ඉදිරිපත් කර නැත. යුද්ධය සමයේදී රජය ඉන්දීය හා ජාත්‍යන්තර පීඩනය පාලනය කිරීම සඳහා මෙම කම්ටු ක්‍රියාවලිය දක්ෂ ලෙස පාවිච්චි කළේය. එහෙත් යුද්ධය නොමැති වාතාවරනය තුළ රජය දැන් මෙම පාර්ශ්වයෙන් වඩාත් දුෂ්කර ත්වයකට පත් වී තිබෙන අතර ජනවාර්...