ඉන්දියාව මෙල්ල කිරීමේ සෙල්ලම දිගටම කිරීමට සර්ව පාක්ෂික නියෝජිත කමිටුවට පුළුවන් වෙයිද?

(2009 ජුලි 11) ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාපක්ෂ දෙපිටකාට්ටු ස්වරූපයකින් කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශ්වයේ නායක මංගල සමරවීර අල් ජසීරා රූපවාහිනියට පවසයි. 

සර්ව පාක්ෂික සමුළුව ඉන්දීය බලපෑම හා ජාත්‍යන්තර පීඩනය මෙල්ල කිරීම සඳහා වූ හුදු රඟමඬලක් පමණක් බවද,  එහි තවම කිසිවක් සිදු වී නැති බවද ඔහු පවසයි. 


"එල්.ටී.ටී.ඊ.ය පරාජය තර දැන් මාස දෙකයි. එහෙත් රජය තවමත් රටේ සුළුතර ජනයාට පිළිගත හැකි දේශපාලන විසඳුමක් ඉදිරිපත් කර නැහැ,"යි ඔහු වැඩිදුරටත් පවසයි.


2005 වසරේදී
ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සඳහා වූ දකුණේ එකඟත්වය ඇති කරගැනීම සඳහා බව කියමින් කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුවෙන් විසඳුම් යෝජනාවලියක් සැකසීමේ කාර්යය පැවරුණ සර්ව පාක්ෂික නියෝජිත කමිටුව වසින් මේ වන විට රැස්වීම් සියයකට වඩා පවත්වා ඇතිමුත් තවමත් නිශ්චිත යෝජනාවලියක් ඉදිරිපත් කර නැත. යුද්ධය සමයේදී රජය ඉන්දීය හා ජාත්‍යන්තර පීඩනය පාලනය කිරීම සඳහා මෙම කම්ටු ක්‍රියාවලිය දක්ෂ ලෙස පාවිච්චි කළේය. එහෙත් යුද්ධය නොමැති වාතාවරනය තුළ රජය දැන් මෙම පාර්ශ්වයෙන් වඩාත් දුෂ්කර ත්වයකට පත් වී තිබෙන අතර ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් ලෙස රජය බලය බෙදීමේ ක්‍රියාවලියකට යාමට ඉඩ ඇති බව විශ්ලේෂකයෝ පවසති.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා