ජාතියේ අලුත්ම අවශ්‍යතාව පී.බී. ජයසුන්දර


(2009 ජුලි 15) ජාතියේ අවශ්‍යතාවක් සේ සලකා මුදල් හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් සහ භාණ්ඩාගාර ලේකම් ධුර යළිත් භාර ගන්නැයි ජනාධිපතිවරයා තමාට ඇරයුම් කර ඇති බව ආචාර්ය පී.බී. ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයටදැනුම් දී ඇත.


ඒ අනුව, හිටපු අග්‍ර විනිශ්චයකාර සරත් එන්. සිල්වා ප්‍රමුඛ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග වූ රජයේ ලංකා මැරීන් සර්විසස් සමාගමේ කොටස් ජෝන් කීල්ස් සමාගමට විකිණීම හා බ්ලූමැන්ඩල්හි රජයේ ඉඩමක් එම සමාගමට පැවරීම ජයසුන්දර සම්බන්ධ වූ දූෂිත ගනුදෙනු බවට තීන්දු කළ නඩුවට අදාළව රජයේ තනතුරක් මින් ඉදිරියට භාර නොගන්නා බවට දුන් දිවුරුම් පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට අවසර දෙන්නැයි ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි. 


අගවිනිසුරු අශෝක එන්. ද සිල්වා, ශිරානි තිලකවර්ධන හා එස්.අයි. ඉමාම් යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම ඊයේ සලකා බලන ලද අතර මෙම ඉල්ලීම සම්බන්ධ මූලික විභාගය අගෝස්තු 03දාට නියම කරන ලදී.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election