ස්වීඩනය ලංකාවේ තානාපති කාර්යාලය වසා දමයි

(ජුලි 25, 2009 - W3Lanka) 1980 දශකයේදී ලංකාවේ ප්‍රධානතම සංවර්ධන ආධාරකරුවකු වූ ස්වීඩනය ලංකාවේ සිය තානාපති කාර්යාලය වසා දැමීමට තීරණය කර තිබේ.


ඒ අනුව 2010 මාර්තු 31දා සිට එම තානාපති කාර්යාලය වසා දැමීමට නියමිත ය. 

පසුගිය අප්‍රේල් මාසයේදී ලංකාව දෙමළ කැරැළිකරුවන්ට එරෙහිව අවසන් සටන දියත් කරමින් සිටියදී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ ප්‍රංශ විදේශ ඇමති බර්නාඩ් කවුච්නර් සමග එක්වීමට අපේක්ෂා කළ ස්වීඩන් විදේශ ඇමති කාල් බ්ලිඩට් හට ලංකාව විසින් වීසා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික විරසකයක් ඇති විය.

ලංකාව බ්ලිඩ්ට් හට වෙනම චාරිකාවක් සදහා ඇරැයුම් කළත් එය භාර ගැනුණේ නැත. වර්තමානයේදී යුරෝපා සංගමයේ සභාපතිත්වය හොබවන්නේ ස්වීඩනයයි.

Comments

  1. අනිත් එවුනුත් ඔය වගේ අකුලන් ගියා නම් තමයි හොඳ !

    ReplyDelete
  2. මුල් පේළිය මේ ආකාරයට වෙනස් උනානම් තවත් ලස්සනයි.

    1980 දශකයේදී ලංකාවේ ප්‍රධානතම සංවර්ධන ආධාරකරුවකු වූද, ඉන් පසු එල් ටී ටී ඊ ත්‍රස්ථ සංවිධානය වෙත සිය රට තුලදී ක්‍රියාකාරකම් කැමති පරිදි කරගැනීමට ඉඩ සැලසුවා වූද, එල් ටී ටී ඊ ත්‍රස්ථ නායකයාගේ ජීවිතය රැක ගැනීම වෙනුවෙන් පසුගියදා ලංකාවට විදේශ ඇමතිවරයා එවන්නට උනන්දු වූද, ස්වීඩනය ලංකාවේ සිය තානාපති කාර්යාලය වසා දැමීමට තීරණය කර තිබේ.

    ReplyDelete
  3. දැන් තියෙන්නෙ සොමාලියාවෙනුයි ඉතියොපියාවෙනුයි අයොජකයො ගෙන්න වැඩපිලිවෙලක් සකස් කරන එක තමා.

    ReplyDelete
  4. අනිත් උනුත් අකුලන් ගියොත් ඉතින් පොලොව කොටලා තමා ජීවත් වෙන්න වෙන්නේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා