ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලකගේ සේවය ජුලි 20දා සිට අවසන්

(2009 ජුලි 18) එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහි යුද්ධයේදී විශේෂයෙන්ම ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික සටන ජයගැනීම සඳහා සුවච, කීකරු රාජපාක්ෂිකයකු ලෙස දරදිය ඇද්ද පුද්ගලයකු වූ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලකගේ සේවය ජුලි 20දා සිට අවසන් කර ඇති බව රජය ඔහුට ෆැක්ස් මගින් දන්වා යවා ඇත.‍


දක්ෂ විද්‍යාර්ථියකු ලෙස හිඳ පසුව රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස රජයේ බටහිර විරෝධී ස්ථාවරය ජයගැනීම සදහා සුවිශාල බුද්ධිමය දායකත්වයක් සැපයූ දයාන් ජයතිලකව නෙරපා හැරීමට හේතුව වන්නේ ඔහු පසුගිය දිනවල 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ශක්තිමත් ලෙස කරුණු දැක්වීම බව පැවසේ. 

හොඳින් වැඩ ගැනීමෙන් පසු ඔහු මේ අන්දමින් නෙරපා හැරීමට විශේෂයෙන් හේතු වූයේ රජයේ සිටින සිංහල ජාතිවාදීන්ගේ බලපෑම බව වාර්තා වේ.

Comments

  1. දයාන් ට පුලුවන් ආපහු කැම්පස් එකේ උගන්නන්න යන්න. හැබැයි එතකොට සාමන්‍ය මිනිස්සු හම්බවෙනවා. ඔයා කවදාවත්ම හම්බවෙන්න කැමති නැති මිනිස්සු තාම ලංකාවේ ඉන්නවා. ඒ අය හම්බවෙන කොට මොනව කියයිද දන්නෙ නෑ. මොනව වුනත් ඔයාට වෙච්චි යහපතක් මේක. මිනිහෙක් වෙන්න උත්සාහ කරන්න.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා