බලය බෙදීමට ලංකාව සහතික වූ බව ඉන්දීය විදේශ ඇමති පාර්ලිමේන්තුවට කියයි

(2009 ජුලි 11) සියලු දෙනා සහභාගි කරගන්නා දේශපාලන සංවාදයක් සහ දෙමළ ජනයා සමග පුළුල් අන්දමින් බලය බෙදාගැනීමේ වැඩපිළිවෙලක් සඳහා මෑතදී ඉන්දියාව බලා ගිය රජයේ ඉහළ පෙළේ දූත පිරිස එරට රජයට එකඟ වී ඇති බවට පළ වන වාර්තා ඉන්දීය විදේශ ඇමති එස්. එම්. ක්‍රිෂ්ණා විසින් තහවුරු කර තිබේ. 

ජනාධිපතිවරයා ජුනි මාසයේ ඉන්දියාව බලා යන බව මුලදී කියැවුණමුත් එය සිදු වූයේ නැත. ඒ වෙනුවට අවස්ථාව ලැබුණේ ඉහළ පෙළේ නියෝජිත පිරිසකටයි.


"සියලු පක්ෂ සමග පුළුල් සංවාදයක් ඇති කර ගැනීමට, 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ අන්දමින් ක්‍රියාත්මක කිරීමට හා අරුත්බර බලය බෙදීමක් සඳහා එය ඉක්මවා යාමට දේශපාලන ක්‍රියාවලියක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව සහතික වී ඇති බව" ඉන්දීය විදේශ ඇමතිවරයා එරට පාර්ලිමේන්තුව අමතා පැවසීය. 

සටන් නතර වීමත් සමග ශ්‍රී ලංකාවට අලුත් ඇරඹුමක් සඳහා සහ තම ජනයා වෙනුවෙන් මෙන්ම කලාපයම වෙනුවෙන් වඩා යහපත් අනාගතයක් ඇති කිරීමට ලංකාවට අවස්ථාවක් ඇති බවද ඇමතිවරයා වැඩිදුරටත් කීවේය. 


ඉන්දීය රුපියල් කෝටි 500ක් වෙන් කරමින් ඉන්දියාව උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමේ හා ජනයා යළි පදිංචි කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නැංවීමේ කටයුතු සඳහා උදව් කරයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා