ලංකාවේ ජනගහණයෙන් 10%ක් ආබාධිතයෝ

(2009 ජුලි 31, W3Lanka) ලංකාවේ ජනගහණයෙන් 10%ක් හෙවත් සෑම දසදෙනෙකුගෙන්ම එක් අයෙක් ආබාධිතයන් බව ආබාධිත පුද්ගලයන් සඳහා මධ්‍යස්ථානයක් බත්තරමුල්ලේ  විවෘත කරමින් කම්කරු සබඳතා සහ මිනිස් බල උපයෝගිතා ඇමති ආතාවුද සෙනෙවිරත්න පැවසීය. 


ඔවුන් ඵලදායී පුරවැසියන් බවට පත් කිරීම පිණිස රජයේ තනතුරුවලින් 3%ක් ආබාධිතයන් සදහා වෙන් කිරීමට තීරණය කර ඇති බව ද ඇමතිවරයා පැවසීය. 


ලංකාවේ ආබාධිතයන් සංඛ්‍යාව මෙතරම් වැඩි වීමට යුද්ධය ද හේතු වන්නට ඇත.මෙම ආබාධිතයන්ගෙන් වැඩි දෙනෙක් අන්ත දිළින්දන් බවට ද පත් වෙති.


කෙසේ වෙතත්, ලංකාවේ සමාජ-ආර්ථික කටයුතුවලදී ආබාධිතයන්ගේ ප්‍රශ්න ගැන දක්වන අඩු අවධානය වෙනස් කිරීමට මෙම සංඛ්‍යාලේඛන පදනම් කර ගත යුතුව තිබේ
.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා