දිවයිනෙන් ලංකා‍දීපෙන් "කාමුක" වෙබ් අඩවිවලට ප්‍රචාරය

(2009 ජුලි 25 - W3Lanka) දිවයින හා ලංකාදීප පුවත්පත් අසභ්‍ය වෙබ් අඩවි 12කට පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබේ. ඒ ළමයින්ගේ හා වැඩිහිටියන්ගේ අසභ්‍ය ලිංගික දර්ශන අන්තර් ජාලය හරහා ප්‍රචාරය කළ වෙබ් අඩවි 12 ක්‌ වහාම අත්හිටුවන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් නිශාන්ත හපුආරච්චි මහතා ඊයේ (24 දා) ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා වෙත නිකුත් කළ නියෝගය පිළිබඳ පුවත වාර්තා කළ සදාචාර විරෝධී ස්වරූපයෙනි.


මෙම වෙබ් අඩවි ක්‍රියාත්මක වීම 1983 අංක 22 දරන ප්‍රකාශන ආයතන (සංශෝධන) පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්‌ බවද පෙන්වා සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අදාළ වෙබ් අඩවි තහනම් කරන ලෙසට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාට නියෝගයක්‌ නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.


දිවයින හා ලංකාදීප පුවත්පත් මෙම වෙබ් අඩවිවල ලැයිස්තුවක් පළ කර තිබේ. මෙම වෙබ් අඩවි කිසිවක් මේ දක්වා තහනම් කර නොමැති අතර, ඒවාට පිවිසෙන සංඛ්‍යාව වේගයෙන් ඉහළ ගොස් තිබේ. උදෑසන 7.30ට පමණ මෙම එක් වෙබ් අඩවියකට 130ක් පමණ පිරිසක් පිවිස සිටියහ.


වෙබ් අඩවි වාරණය කළත්, ඒවා බැලිය හැකි ක්‍රම පිළිබඳව දන්නෝ දනිති.


අන්තර්ජාලය පුළුල් අන්දමින් පරිහරණය කරන බොහෝදෙනෙකු අප සමග පැවසුවේ තමන් මෙම බොහොමයක් වෙබ් අඩවි ගැන දැන ගත්තේ මෙම පුවත්පත්වලින් බවයි.

Comments

  1. ඔව් මාත් ගොඩක් ඒවා දැනගත්තේ මේ News එකෙන්

    ReplyDelete
  2. මේ අන්තර්ජාලයේ හැසිරීම ගැන එම වාර්තාකරැවන් අතර වූ අනවබෝධය නිසා සිදු වූ දෙයක් විය හැකියි.

    වෙබ් අඩවි වල ට්‍රැෆික් විද්‍යාව ගැන මේ පුවත් වාර්තා කරන මහත්වරැ නොදැන සිටීම මෙබඳු දේ සිදු වන්නට හේතු වන්නේය යන්න මගේ අදහසයි.

    නොදැනුම හේතුවෙන් සිදුවන ව්‍යසන ව්‍යාප්තිය, සුළුකොට තැකිය නොහැක.

    ReplyDelete
  3. දැන් නම් ඒ අය බලන අයට හොඳ උදව්වක් කරලා ඉවරයි ගොන්කමට, දැන් කරන්න දෙයකුත් නෑ, දිවයින අත්තර්ජාල එකේත් දාලා තියෙන්නේ Link ටික Save කරන්න ලේසි විදිහට.

    ReplyDelete
  4. දිවයින ලංකාදීප කොහොමත් කරන්නේ මේ මජර ක්‍රමය පවත්වාගන යන්න උදව් කරන එකනෙ. දේශීයත්වය ගැන කතා කර කර රටේ ම ඉන්න හොරු ගැනයි, මිනීමැරුම් ගැනයි, ස්ත්‍රී දූෂණ ගැනයි රහ කර කර ලියන්නෙ මේවායේ ඉන්න මහත්වරු නෝනලාම තමයි. මේ වෙබ් සයිටි තහනම් කරන එක හොදයි. හැබැයි ළමයින්ව ලිංගික බලහත්කාරයට ලක්කෙරෙන මේ ක්‍රමය තහනම් කරන්න අපිට බැරි වෙයිද? ප්‍රශ්ණය තියෙන්නේ ක්‍රමය වෙනස් කිරීමේ අරමුණ වෙනුවට අපි ක්‍රමය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ ක්‍රමයේ නරක වෙනුවට හොද යෝජනා කරනවා. අපිත් මේ ක්‍රමයේ පැවැත්මේ කොටසක් නේද එහෙම වුනොත්. අපි මොකද කරන්නේ?????????????????????????????????? තව දුරටත් Comments දාල පාඩුවෙ ඉන්නවද? අභියෝගය බාර අරගන්නවද?

    ReplyDelete
  5. ඔය සිද්දිය මම මෙවන තෙක් දැනගන හිටියේ නැ මමත් ගිහින් බලන්න ඔනි W3Lanka ඔබට ස්තුතියි ලින්ක් ටික තියන තැන කිවුවාට

    ReplyDelete
  6. ගොනුං ‍ගොං වැඩ නොකර වෙන මොනව කොරන්නද?

    ReplyDelete
  7. බලාගෙන ගියාම W3lanකා දිවයින ලංකාදීප දෙකටම දෙවෙනි නැහැවගේනෙ

    මම ‍මේ පත්තර දෙකේම මේ ලින්ක් දාලා තියෙනවා කියලා දැනගත්තෙ මේ බ්ලොග් එකෙන් නෙව.

    ReplyDelete
  8. නරකද මාතෘකාව වෙනස් කලොත් w3lanka එකෙන් දිවයිනෙන් සහ ලංකා‍දීපෙන් "කාමුක" වෙබ් අඩවිවලට ප්‍රචාරය කියලා

    ReplyDelete
  9. මමත් ඔය පත්තර දෙකේ ලින්ක්ස් තියෙනවා කියල දැන ගත්තේ මේ W3lanකා බ්ලොග් එක බලලා තමයි . . . !

    ReplyDelete
  10. හ්ම්ම් කියන්න තියෙන ඔක්කොම කියලා

    ReplyDelete
  11. ඈත්ත නේන්නම් ...

    ReplyDelete
  12. අරුන්ට මුන්ට කිව්වට w3 lanka කොරලා තියෙන්නෙත් ඒ වෑඩේම නේ.

    ReplyDelete
  13. මන් නන් කියන්නෙ මොනම විඩියකින් හරි ඉන්ටෙර්නෙට් වාරණය කරන එක වැරදියි. 18+ අයට ඔනෙ දෙයක් බලන්න අයිතියක් ටියෙන්න ඔනෙ. පොඩි උන්ව ආරක්ෂා කරන එක පවුල් වලින් වෙන්න ඔනෙ. මන් නන් කියන්නෙ 18+ නෙවෙ 16+ කට්ටියට ඔනෙ දෙයක් බලන්න පුලුවන් වෙන්න ඔනෙ කියලා.මොකො උන්ට මෙ ලොකේ ගැන තෙරුමක් තියේ.මේ විදියට මානව නීඩහස නැති කරන්න යනව නන් අපි නන් යනවා වෙන රටකට. ලන්කවේ පොලීසිය අමු අමුවේ මිනිස්සුන්ට හිරි හැර කරනවා සීයාලාගේ කාලෙ ඉදලම. එවා නවත්තන්න ,අනිත් රට වල වගේ අඩු ගානේ කැමරා වත් හයි කරන වැඩ පිලිවෙලක් දාන්නේ නැතුව මෙ වගෙ නිදහස සීමා කරන එක අපි නම් අනු මත කරන් නැ

    ReplyDelete
  14. මම මචන් ගින්දර, Nuwan's Lane,
    පට්ට ලොජික් එකක් නේ ඒක. වැරැද්ද පෙන්නුවමත් වැරැද්දමයි. හරියට නිකන් ෆන්ක්ෂනල් ප්‍රෝග්‍රැමින් වගේ. රිකර්සිව් වැරැද්ද.

    ReplyDelete
  15. මටත් හිතෙන්නෙ ඩෝසන් කියපු අදහස නිවැරදියි.
    මෙම පුවත් වර්තාකරුවන්ට අන්තර්ජාලය හා සබැඳි තාක්ෂණික කාරණා පිලිබඳ තියෙන අඩු අවබෝධය නිසා තමයි මෙහෙම වෙන්න එක හෙතුවක් විදියට පෙනෙන්නෙ.
    මෙම වෙබ් අඩවි තහනම් කරා කිව්වම නැවත එය වෙත පිවිසෙන්න වෙනත් මාර්ග තිබෙන බව ඔවුන්ට අවබෝධයක් තිබිල නෑ.
    කෙසේ නමුත් සිදුවෙලා තියෙන්නේ බරපතල වරදක්. . . .

    මේ ලොකේ ගැන අවබෝධයක් නැති අයට ලොකේ ගැන අවබෝධයක් ලබා ගන්න මෙම වෙබ් අඩවිවලින් පුලුවන් කියල හිතනවනම් ඔවුන්ගේ සිහි බුද්ධියේ තරම කොතරම් ද කියල පැහැදිලි වෙනව.
    මෙම වාරණය නිදහස නැති කිරීමක් ලෙස දකිනවනම් prashan ට වෙන රටකට යාමම තමයි කරන්න තියෙන හොඳම් වැඩේ........

    ReplyDelete
  16. කැලුම්, පොඩ්ඩක් හිතන්න ලංකවෙ කෙනෙක්ට සෙx ගැන දැනගන්න හරි එවා බලන්න ඔනෙ උනා හරි කියලා . එක වැරැද්දක්ද. එහෙමනන් ලංකාවේ 16+ අයගෙන් 90% විතර එ වැරැද්ද කරල තියෙන්නෙ. එක වැරැදක් නෙවෙ. සෙx කියන්නෙ මිනිස්සුන්ගෙ ජිවිතෙ වැදගත්ම දෙයක්. ලන්කවෙ සෙx ගැන තියෙන වැරදි ආකල්ප තමයි වෙනස් වෙන්න ඔනෙ. එත් ලන්කාවෙ නීතියට අනුව ලිංගික දර්ශන අතුලත් කිසිවක් ලග තබා ගන්න බෑ.මන් කියන්නෙ මේ නීති වෙනස් වෙන්න ඔනෙ කියලා. ඔය මොනව කිව්වත් අලුත් පරම්පරාවට ඔය ගැන හොද අවබොදයක් තියෙනවා. 16- ලමයි ඔවගෙන් ඈත් කරාට කමක් නෑ.එයාලට තව කල් තියෙ ඕවා දැන ගන්න. එයාලව නවත්තන එක පවුල් මට්ටමෙන් වෙන්න ඔනෙ. සෙx වලට අදාල සයිට් බ්ලොක් කරන එක ගෙදර කොම්පියුටර් එකට සෙx වෝල් එකක් දාලා කරන්න පුලුවන්. එවා දැනටමත් තියෙනවා. 16+ අයව ඔහම බ්ලොක් කරලා නවත්තන්න බෑ.උන් දාන්නවා proxy වගෙ එව use කරල බ්ලොcක් කරපු site වලට යන්න. අවශ්යතා වලට අනුව නීති වෙනස් වෙන එක වෙන්න ඔනෙ. එත් කරන්න හදන්නේ, ලේසීම විසදුමට යන්න හදන එක. එත් වෙන්න ඔනෙ නිවැරදි විසදුමකට යන එක.මගෙ අදහස් වල වැරැදි තියෙ නම් බැන්නට කමක් නැ. එත් මන් දන්නව මගෙ අදහස තියෙන අයත් ගොඩක් ඉන්නවා. එත් මෙ වගෙ තැනක එයාල අදහස් ප්‍රකශ කරන් නෑ.

    ReplyDelete
  17. මේ ලංකාවේ වෙන බොහොම සාමන්‍ය සිද්දියක් ගැන කතාබහක් දුකාගේ බ්ලොග් එකේ මන් දැක්කා.එකෙන් තෙරේවි ඔය කියන දේ වැරදි නම් ලංකවේ 18+ 90% (or හැමෝම) වැරදි බව. එත් එහෙම නෑ.පවතින නීතියයි ගැලපෙන්නේ නැත්තේ.
    දුකාගේ ලිපියේ උපුටා ගැනීමක් එක්ක එකේ යොමුව මෙතන තියෙනවා. එකට ගිහින් කියවල්ලා බලලා අයේ පොඩ්ඩක් හිතන්න.
    "........අනික තමයි ගැහැනු පිරිමි හැමෝම දැන ගන්න ඕනා තමන් සාන්තුවරයින් කියලා අනිත් කෙනා හිතන්නෙ නැති බව . . . (එහෙම සාන්තුවරයෙක් නම් ඉතිං විවාහ වෙන්නෙ නැහැනේ) ගැහැනුත් පිරිමින් වගේ අවස්තාවක් ලැබුනු විට නිල් චිත්‍රපට බලන බව, වැඩිහිටියන්ට පමනක් වෙන්වූ පුවත්පත් බලන බව පිරිමින් දන්නා බව ගැහැනුන් දන්නවානම් ඒ ලෙසටම පිරිමින් ගැන ගැහැනු දන්න බව පිරිමිත් දන්නවානම්....."
    http://dukaa.blogspot.com/search/label/%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%20%E0%B7%83%E0%B7%84%20%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%A7

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා