අවුරුදු දෙකක් ඇතුළත පුපුරණ ද්‍රව්‍ය කිලෝ 3900ක් පොලිස් අත්අඩංගුවට

(2009 ජුලි 17) අවුරුදු දෙකක් ඇතුළත පුපුරණ ද්‍රව්‍ය කිලෝ 3900ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූ බව ද, ඒවා අත් අඩංගුවට නොගත්තේ නම් එයින් ජීවිත රැසක් විනාශ කිරීමේ හැකියාව ත්‍රස්තවාදීන්ට තිබුණු බව ද පොලිස්පති ජයන්ත වික්‍රමරත්න පවසයි. 


ලංකාවේ පොලිස් ස්ථාන 413ක නිලධාරීන් 73,000ක් මේ වෙනුවෙන් කැප වී කටයුතු කළ බව ද පොලිස්පතිතුමා පෙන්වා දෙයි. 

මෙසේ සොයා ගන්නා ලද පුපුරන ද්‍රව්‍ය අතරින් අති බහුතරය එල්.ටී.ටී.ඊ. සංවිධානයට හිමි ඒවා වන අතර වැඩි ප්‍රමාණයක් සී-4 වර්ගයේ ප්ලාස්ටික් ඇලවුම් ද්‍රව්‍ය මිශ්‍රිත පුපුරන ද්‍රව්‍ය බව තතු දත් ආරංචි මාර්ග පවසයි. මේවා ඉතා ප්‍රබල පුපුරන ද්‍රව්‍ය වන අතර කිලෝ භාගයක් පමණ ප්‍රමාණයකින් ට්‍රක් රථයක් වුව පුපුරවා හැරිය හැකි බව ද, අඟල් අටක් දිග පළල ඇති වානේ කුළුණක් පහසුවෙන් බිඳ දැමීම සඳහා අවශ්‍ය වන්නේ සී-4 කිලෝ හතරක් පමණ ප්‍රමාණයක් බව ද howstuffworks.com වෙබ් අඩවිය පවසයි.



Reblog this post [with Zemanta]

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා