උඩතලවින්නේ නීතිය හා හතරෙ කොලනියේ කැළෑ නීතිය

(2009 ජුලි 25- W3Lanka) පහත කොළ පාටින් පළ වන්නේ 2001 වසරේ දෙසැම්බර් මස 05 වැනි දින මහ මැතිවරණ දිනයේ දී මහනුවර උඩතලවින්න ප‍්‍රදේශයේ දී මුස්ලිම් තරුණයන් දස දෙනකු මරාදැමීම පිළිබඳ මරණ දඬුවමට ලක්ව සිටි වරදකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කිරීම පිළිබඳවයි.


රතු පාටින් දැක්වෙන්නේ අම්පාර මධ්‍යම කඳවුර 4 කොලනියේදී දොළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක වධ දී දූෂ්‍යකර ඝාතනය කළ සැකකරුවකු ප‍්‍රදේශවාසීන් විසින් පොලුමුගුරුවලින් පහරදී මරාදැමීම පිළිබඳවයි. මෙම වාර්තා දෙකම අද දිනමිණ පුවත්පතෙනි.


කොළ පාටින් දැක්වෙන්නේ නීතිය ක්‍රියාත්මක වන හැටි ය. රතු පාටින් දැක්වෙන්නේ කැළෑ නීතිය ක්‍රියාත්මක වන හැටි ය. ලංකාවේ මේ දෙකම ක්‍රියාත්මක වේ. කොයි එක වඩා හොඳදැයි තීරණය කිරීම අපහසු ය.


ඉකුත් 22 වැනිදා මධ්‍යම කඳවුර හතර කොලනියේදී වී මෝලක් පිටුපස වේලීගිය වගුරු බිමක ළඳු කැලෑවකදී දැරිය දූෂ්‍ය කර දසවධ දී පිහියෙන් ඇන බෙල්ල කපා මරාදමා තිබියදී සොයාගෙන තිබේ.


මහාධිකරණය සිය තීන්දුව දීමේදී ඇසින් දුටු සාක්කි සලකා බලා ඇත. එම ඇසින් දුටු සාක්කි පරස්පරතාවෙන් යුතු අතර පිළිගත නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
එසේම අපරාධය සිදු වූ ස්ථානයෙහි විත්තිකරුවන් සිටි බවට පැහැදිලි සාක්කි ඉදිරිපත්ව නැතැයි පෙන්වා දෙන ශ්‍රේෂ්ඨාධිකරණය ඒ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනත් ස්ථානවල සිටි බවට කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කර ඇත.
ප‍්‍රදේශවාසීන් විසින් සැකකරු වෙල්යායක සැඟවී සිටියදී අල්ලාගෙන පහරදී මරා දමා ඇති බව පොලීසිය කියයි. ගම්වැසියන් සියගණනක් එක්ව සැකකරුට පහරදී ඇති බව පැවසේ. 


එසේම මහාධිකරණය දඬුවම් නියම කිරීමේ දී හඳුනා ගැනීමේ පෙරට්ටුව සැලකිල්ලට ගෙන ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරන්නේ හඳුනා ගැනීමේ පෙරට්ටුවකදී හඳුනා ගත් පමණින් විත්තිකරුවන් වරදකරුවන් කොට දඬුවම් නියම කළ නොහැකි බවයි. 


අපරාධකරු හිටපු කොටි සාමාජිකයකු වන කනගරත්නම් සිරියන්ද රාජා හෙවත් මැරෑටියා නොහොත් බාවා නමැති 28 හැවිරිදි අයකු බවට හඳුනාගෙන තිබේ. 


මෙලෙස නිදහස් කරනු ලැබුයේ ඩී. එම්. බුද්ධි සාරංග දිසානායක, ජී. එච්. ජී. කමල් විජයරත්න, ඩබ්ලිව්. එම්. රංජිත් බණ්ඩාර විජයරත්න, ඊ. එම්. අනුර කුමාර හා එච්. එම් චන්ද්‍රසිරි ද සිල්වා හමුදා නිලධාරීහුය.
අදාළ නඩුවේ විත්තිකරුවන්ව සිටි ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතා, ලොහාන් රත්වත්තේ සහ චානුක රත්වත්තේ අධිකරණය විසින් මීට පෙර නිදහස් කරන ලදී. 

Comments

  1. ජය වේවා! මැරවින්ට සෙට් වුණේ නැති එකයි අඩු!

    ReplyDelete
  2. නිදහස් කලේ දෙමළෙක් නම් හා පහරදි මරා දැමුයේ සිංහලයෙක් නම් මේ ගැන මොනම සටහනට්ක් වත් මේ අඩවියේ නොතියෙනු ඇත. කැලෑවේ මාධ්‍ය නීතිය මේකද?

    ReplyDelete
  3. සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රශ්නයකට වඩා මෙහි තිබෙන්නේ රටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ගැටළුවකි. හැම දෙයක් දෙසම ජාතිවාදී කන්නාඩියෙන් බලන විට අපේ දෙපතුල් යටන් සිදු වන මෙබඳු සෝදාපාළුවීම් අපට නොපෙනේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා