Posts

Showing posts with the label අනුරුද්ධ රත්වත්ත

උඩතලවින්නේ නීතිය හා හතරෙ කොලනියේ කැළෑ නීතිය

Image
(2009 ජුලි 25- W3Lanka) පහත කොළ පාටින් පළ වන්නේ 2001 වසරේ දෙසැම්බර් මස 05 වැනි දින මහ මැතිවරණ දිනයේ දී මහනුවර උඩතලවින්න ප‍්‍රදේශයේ දී මුස්ලිම් තරුණයන් දස දෙනකු මරාදැමීම පිළිබඳ මරණ දඬුවමට ලක්ව සිටි වරදකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කිරීම පිළිබඳවයි. රතු පාටින් දැක්වෙන්නේ අම්පාර මධ්‍යම කඳවුර 4 කොලනියේදී දොළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක වධ දී දූෂ්‍යකර ඝාතනය කළ සැකකරුවකු ප‍්‍රදේශවාසීන් විසින් පොලුමුගුරුවලින් පහරදී මරාදැමීම පිළිබඳවයි. මෙම වාර්තා දෙකම අද දිනමිණ පුවත්පතෙනි. කොළ පාටින් දැක්වෙන්නේ නීතිය ක්‍රියාත්මක වන හැටි ය. රතු පාටින් දැක්වෙන්නේ කැළෑ නීතිය ක්‍රියාත්මක වන හැටි ය. ලංකාවේ මේ දෙකම ක්‍රියාත්මක වේ. කොයි එක වඩා හොඳදැයි තීරණය කිරීම අපහසු ය. ඉකුත් 22 වැනිදා මධ්‍යම කඳවුර හතර කොලනියේදී වී මෝලක් පිටුපස වේලීගිය වගුරු බිමක ළඳු කැලෑවකදී දැරිය දූෂ්‍ය කර දසවධ දී පිහියෙන් ඇන බෙල්ල කපා මරාදමා තිබියදී සොයාගෙන තිබේ . මහාධිකරණය සිය තීන්දුව දීමේදී ඇසින් දුටු සාක්කි සලකා බලා ඇත. එම ඇසින් දුටු සාක්කි පරස්පරතාවෙන් යුතු අතර පිළිගත නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ති...