යාපනයට යන ධනවාදය
Image via Wikipedia
(2009 ජුලි 10) දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කරමින් මුදා ගන්නා ලද උතුරු පළාතට ධනවාදය ව්‍යාප්ත කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටියි. එහි එක් පියවරක් ලෙස කොළඹ කොටස් වෙළඳපළේ ශාඛාවක් යාපනයේ පිහිටුවීමට කටයුතු සූදානම් කෙරෙමින් ඇති අතර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයද එහි කාර්යාලයක් විවෘත කිරීම සඳහා කටයුතු කරමින් සිටියි.
ආයෝජන ක්‍රියාත්මක කිරීමට සුදුසු ප්‍රදේශ සහ උචිත ඉඩම් හඳුනා ගැනීම යාපනය මහ දිසාපතිතුමන් මාර්ගයෙන් සිදු කෙරෙන බවත් යෝජිත නව වැඩසටහන් යටතේ පාසල්, වෛද්‍ය විද්‍යාල, විශ්වවිද්‍යාල සහ රෝහල් ඉදිකිරීම සඳහා ආයෝජන මණ්‌ඩලය දැනටමත් ආයෝජකයන් සමග සාකච්ඡා කර ඇති බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය වැඩිදුරටත් පවසයි.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.