Posts

Showing posts with the label කොටස් වෙළඳපළ

අයහපත් ආර්ථික කළමනාකරණය නිසා විදෙස් ආයෝජකයෝ කොටස් විකුණා රටින් යති. | Foreign investors leave Sri Lanka due to mismanagement of economy

Image
(2010 මාර්තු 05- W3Lanka )  රජයේ අයහපත් ආර්ථික කළමනාකරණය හේතුවෙන් ලංකාවේ කොටස් වෙළඳපොළේ මුදල් ආයෝජනය කළ විදෙස් ආයෝජකයන් සිය කොටස් විකුණා දමමින් ඉවත් වෙමින් ඇති බව වාර්තා වේ.  පසුගිය බදාදා දක්වා මේ වසරේ වෙළඳ සැසි 39කින් 31කදී ම ප්‍රධාන විකුණුම්කරුවන් වූයේ විදෙස් ආයෝජකයන් බව රොයිටර් පෙන්වා දෙයි.  විදෙස් ආයෝජකයන් විසින් මේ වසරේ විකුණා තිබෙන කොටස්වල වටිනාකම ඩොලර් මිලියන 44ක් වේ. ජනාධිපතිවරණයේ සිට බදාදා දක්වා විදෙස් ආයෝජකයන් විසින් විකුණා දමා තිබෙන කොටස් වටිනාකම ඩොලර් මිලියන 23කි.  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් විදේශ සංචිත ශක්තිමත් කර ගැනීම සඳහා ලංකාවට ලබා දෙන ලද ණය මුදලේ ඉදිරි වාරිකය පමා වීම තත්වය තවත් නරක අතට හැරවීමට හේතු වන බව ආර්ථික විශේෂඥයෝ පවසති. ලංකාවේ ආර්ථිකය පිළිබඳ විශ්වාසය නැති වී යාම එයට හේතුවයි. 

යාපනයට යන ධනවාදය

Image
Image via Wikipedia (2009 ජුලි 10) දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කරමින් මුදා ගන්නා ලද උතුරු පළාතට ධනවාදය ව්‍යාප්ත කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටියි.  එහි එක් පියවරක් ලෙස කොළඹ කොටස් වෙළඳපළේ ශාඛාවක් යාපනයේ පිහිටුවීමට කටයුතු සූදානම් කෙරෙමින් ඇති අතර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයද එහි කාර්යාලයක් විවෘත කිරීම සඳහා කටයුතු කරමින් සිටියි. ආයෝජන ක්‍රියාත්මක කිරීමට සුදුසු ප්‍රදේශ සහ උචිත ඉඩම් හඳුනා ගැනීම යාපනය මහ දිසාපතිතුමන් මාර්ගයෙන් සිදු කෙරෙන බවත් යෝජිත නව වැඩසටහන් යටතේ පාසල්, වෛද්‍ය විද්‍යාල, විශ්වවිද්‍යාල සහ රෝහල් ඉදිකිරීම සඳහා ආයෝජන මණ්‌ඩලය දැනටමත් ආයෝජකයන් සමග සාකච්ඡා කර ඇති බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය වැඩිදුරටත් පවසයි.