Posts

Showing posts with the label යාපනය

උතුරේ ජාතිවාදී ඌරන් කැකුණ තලන විට දකුණේ හබන් කුකුළන්ට රජ මගුල් ය

Image
කයිට්ස් පාසල් ශිෂ්‍යාව දූෂණය කළ බව කියන සැකකරුවන් මරා දැමීම සඳහා ඉල්ලා සිටිමින් අධිකරණයට අභියෝග කරමින් යාපනයේ අයුතු ජන රාශි විසින් කරන ලද හැසිරීම ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබේ.  මෙම ඝාතනයට ආරක්ෂක අංශ‍ හෝ වෙනත් ජන වර්ගයක පුද්ගලයන් සම්බන්ධ බවක් හෙළි වී නැත. එසේම, අදාළ විමර්ශන ද නිසි ආකාරයෙන් සිදු වී, සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ද ඉදිරිපත් කර තිබියදී, අධිකරණයට අභියෝග කරමින්, රාජ්‍ය දේපලවලට හානි කරමින් දක්වන ලද ප්‍රචණ්ඩත්වය ඉතා පැහැදිලිව ම සීමාව ඉක්මවා යාමකි.  ඇති වන ඕනෑම තත්වයකින් දේශපාලන වාසි ලබා ගැනීමට බලා සිටින, ප්‍රචණ්ඩත්වයට හා ජාතිවාදයට නැඹුරු දේශපාලන බලවේග මෙම කලහය පිටුපස සිටි බවට සැක කළ හැකි ය.  ඔවුන්ගේ ප්‍රතිපාර්ශ්වීය හවුල්කරුවන් වන දකුණේ ජාතිවාදීහු ද මෙම සිද්ධියෙන් අමන්දානන්දයට පත් වී තිබෙන බව දැකිය හැකි ය. ඔවුහු මෙසේ කියති. "අපි කිව්වා. මහින්ද පරදවනකොට ඔය දේ වෙන බව අපි දැනගත්තා. ඔය තමයි ඊළඟ ඊලාම් සටනේ ආරම්භය. තව ඉදිරියට බලාගන්න පුළුවන් රටට මොනවද වෙන්නේ කියලා." උතුරේ ජාතිවාදී ඌරන් කැකුණ තලන විට දකුණේ හබන් කුකුළන්ට රජ මගුල් ය.  තත්වය ...

නැවත සම්ප්‍රදායික යුද්ධයක් විය නො හැකි උතුරේ ඉඩම් හමුදාවට කුමට ද?

Image
අධි ආරක්ෂක කලාප ලෙස නම් කර හමුදාව විසින් අත්පත් කරගෙන තිබූ උතුරේ ඉඩම් අක්කර දහසක් ජනතාවට යළි පවරා දීමට රජය තීරණය කර තිබේ. එහි සංකේතාත්මක මුල් පියවර ලෙස ඉඩම් අක්කර 425ක් ජනතාවට භාර දීම සඳහා යාපනයේ උත්සවයක් පැවැත්විණි. මෙම සංකේතාත්මක මොහොතට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ හා චන්ද්‍රිකා බණ්ඩාරනායක යන තිදෙනා ම සහභාගි වූයේ ආණ්ඩුව ඒ කෙරෙහි දක්වන සැලකිල්ල සංකේතවත් කරමිනි. පසුගිය සමයේ හිටි හැටියේ උග්‍ර දෙමළ ජාතිවාදියකු ලෙස හැසිරුණු උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේශ්වරන් මෙම උත්සවයේ කැපී පෙනුණු අනෙක් අමුත්තා ය. මේ ඉඩම්වල නීත්‍යානුකූල හිමිකරුවෝ ඇතැමෙක් පරම්පරාවක කාලයක් සරණාගත කඳවුරුවල ජීවත් වෙති. විග්නේශ්වරන් කියන පරිදි ඔවුන් ජීවත් වන සරණාගත කඳවුරු 16ක් වසා දැමීමෙන් රජයට වටිනා ඉඩම් විශාල ප්‍රමාණයක් ආපසු ලබා ගත හැකි ය. ජනතාවගේ ඉඩම් ආපසු ජනතාවට ලබා දීම පිළිබඳ අකැමැති වන දෙකොටසක් සිටිති. ඒ වනාහි සිංහල හා දෙමළ ජාතිවාදියෝ ය. සිංහල ජාතිවාදීන්ට අවශ්‍ය මුළු යාපනය ම හමුදා ජනපදයක් කරන්නට ය.‍ දෙමළ ජාතිවාදීන් කරන්නේ හමුදාව විසින් අත්පත් කර ගන්නා ලද සියලු ඉඩම් වහා ආපසු දෙනු ...

උතුරට යාල්දේවිය යන්නා සේ ප්‍රජාතන්ත්‍රවාදය ද ඉදිරියට චලනය විය යුතු ය

Image
යාල් දේවි අද සිට නැවත යාපනයට ධාවනය වේ.  ඒ හරියට ම වසර 24කට පසුවයි. ඊලාම් රාජ්‍යයක් වෙනුවෙන් කොටි සංවිධානය කළ යුද්ධය අවසන් වී පස් වසරකට පසුවයි. දුම්රිය මාර්ගය නැවත ඉදි කෙරුණේ ඉන්දීය රජයේ උපකාරයෙනි.  කෙටි සංවිධානය මෙම දුම්රිය මාර්ගය ගලවා එහි යකඩ හා ලී යුද කටයුතු වෙනුවෙන් භාවිතා කළේ ය. සටන් විරාම සමයේ උතුරු ප්‍රදේශයේ සංචාරය කරමින් සිටියදී දුම්රිය මාර්ගය දිස් වූයේ තවත් ගුරු පාරක් ලෙසයි.  “අපරාදෙ!" මම කීවෙමි.  “ඊලාම් රාජ්‍යය පුංචියි. ඒකට කෝච්චි ඕනැ නැහැ," යි දැන් විදේශගත වි සිටින සිංහල ඊලාම්වාදියෙක් මට පිළිතුරු දුන්නේ ය.  ලෝකයේ කොතැනක හෝ දේශ සීමාවක් සලකුණු වී වැටක් බැඳීම පීඩිත පංතික ජනයාට ප්‍රීති වීමට කරුණක් නො වේ. පීඩිත ජාතීන්ගේ හිමිකම් වෙනුවෙන් අප පෙනී සිටිය යුතු ය. එහෙත්, පීඩිතයන් තමන්ගේ අවකාශය වෙන් කර ගත් පමණින් පීඩනය අවසන් වන්නේ නැත. එයින් සිදු වන්නේ තවත් එක් සිර ගෙයක් නිර්මානය වීම පමණි.  ජාතික ප්‍රශ්නයට විසඳුම ජාතීන් වශයෙන් රාජ්‍ය වෙන් කර ගැනීම නො වන බව අපි දිගින් දිගට ම අවධාරණය කළෙමු. ජාතික සීමාවන් අතික්‍රමණය කරන නව සංදර්භයක් තුළ දේශපාලන ප්...

යාපනයේ අධි ආරක්ෂක කලාප: මර්දනයෙන් ආරක්ෂාව තහවුරු කළ හැකිද?

Image
යුද්ධය අවසන් වූ පසු යාපනයේ අධි ආරක්ෂක කලාප යාපනය ආරක්‌ෂක සේනා මූලස්‌ථානය විසින් අධිආරක්‌ෂිත කලාප ලෙස නම් කර දශක ගණනාවක සිට ජනතාවගේ පෞද්ගලික ගම්බිම් මත පවත්වාගෙන යන ඉඩම් හෙක්‌ටයාර 6381 ක්‌ වන්දි ගෙවා හමුදා කටයුතු වෙනුවෙන් නැවත 'නීත්‍යානුකූලව' පවරා ගැනීම සඳහා දැනුම් දෙමින් නිවේදන යාපනයේ අධි ආරක්ෂක කලාප ඇති ප්‍රදේශවල ගස් ගල්වල අලවා ඇති බව යාපනයෙන් ලැබෙන වාර්තා පවසයි. "මෙම නිවේදනයට අනුව ඉඩම්වල නීත්‍යානුකූල හිමිකරුවන්ට තමන්ගේ ඉඩම්වල අයිතිය නීත්‍යනුකූල ලෙස තහවුරු කිරීමෙන් පසු අධිආරක්‌ෂිත කලාපය තුළට පිවිස තමන්ගේ ඉඩම් කොටස හඳුනා ගැනීමටත්, මායිම් ලකුණු කොට ඉඩමට අයත් ප්‍රමාණය වෙන්කර ගැනීමටත් හැකිවේ," යි මේ පිළිබඳව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්‌ඩාර තෙන්නකෝන් ජනමාධ්‍යවලට පවසයි. ඉන්පසු රජය විසින් ඉඩම්වල හිමිකරුවන්ට වන්දි ගෙවා එම ඉඩම් නැවත රජයට පවරා ගැනීමට කටයුතු යොදා ඇති බවද මේ සඳහා රුපියල් මිලියන 400ක මුදලක්‌ රජය දැනටමත් වෙන්කර ඇතැයි ද ඇමතිවරයා පවසයි. මේ අතර උතුරු පළාතේ ඉඩම් අත්පත් කර ගැනීම හමුදා කඳවුරු ඉදිකිරීම සඳහා නොව එම පළාතේ සිවිල් ජනතාවගේ සුබසිද්ධිය හා සංවර...

උදයන්ට මෙතරම් ගහන්නේ ඇයි? උදයන්ට ගහනකොට ඩයස්පෝරා අඬන්නේ ඇයි?

Image
යාපනය නගරය ක ේ න් ද්‍ර කර ගෙන පළවන උදයන් පුවත්පතට නැවතත් ප්‍රහාරයක් එල්ල කර තිබේ. මේ එම පුවත්පතට එල්ල කරන ලද කෙළවරක් නැති ප්‍රහර මාලාවක තවත් එකකි.  තුන්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද උදේ පහට පමණ පුවත්පත් කාර්යාලයේ මුද්‍රණ අංශයට බලහත්කාරයෙන් ඇතුළු වී සේවකයන්ට අවි පෙන්වා මරණ තර්ජන කර, යන්ත්‍රවලට වෙඩි තබා, අනතුරුව ගිනි තබා තිබේ. ප්‍රධාන මුද්‍රණ යන්ත්‍රය ඇතුළු යන්ත්‍රවලට අලාභ හානි වී තිබේ. පුද්ගලයෝ කිසිවෙක් තුවාල ලබා නැත. මෙය සිදුවන්නේ දසදහස් ගණනින් හමුදා යොදවා 'ආරක්ෂා' කර තිබෙන යාපනය නගරය මැදයි. අප්‍රේල් 3දා උදයන් පුවත්පතේ කිලිනොච්චි කාර ් යාලයටද පහර දෙන ලදී. කිලිනොච්චි වනාහි හමුදා අධිආරක්ෂක කලාපයක් වැනි නගරයකි.  උදයන් පුවත්පතට එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් මේ වන විට මාධ්‍යකරුවන් ගණනාවක් ඇතුළු සේවකයෝ රැසක් මිය ගොස් හා තුවාල ලබා තිබේ. මේ ප්‍රහාරවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී තිබෙන්නේ ඉතා අවම වශයෙනි. කිසිවෙක් නීතිය හමුවේ වරදකරුවෝ වී ඇති බව කි වාර්තා වී නැත.  උදයන් පුවත්පත යුද්ධය මැද වාර්තාකරණය සිදු කළ ආකාරය සුවිශේෂය. කොටි සංවිධානය විසින් යාපනය නගරය පාලනය කරන ලද, දැඩි ආ...

යාපනයේ තරුණ මර්දනය ඇයි?

Image
දකුණේ ඉල්මහ විරු සමරුවක් ආණ්ඩුව මේ වනවිට යාපනයේදී ජාතීන්ගේ ප්‍රශ්නයට 'විසඳුම්' දෙමින් සිටි‍යි.  පසුගිය 'මහවිරු දිනයේදී' මියගිය සිය නෑ මිතුරන් වෙනුවෙන් පහන් දැල්වූ 'වරදට' සරසවි සිසුන් ප්‍රමුඛ යාපනයේ මිනිසුන් අත්අඩංගුවට ගෙන  සිරගත කරනු ලබමින් තිබේ.  ලංකාවේ සිංහල තරුණයෝ 1971දී හා 1989දී කැරැලි ගැසූ අතර ඒ කැරැලිවලින් මියගිය අය අවුරුදු පතා සැමරීම සඳහා මහා උත්සව පැවැත්වීම සඳහා කිසිදු බාධාවක් නැත. මියගිය මිනිසුන් වෙනුවෙන් පහන් දැල්වූ පළියට ඔවුන් නැගී සිටිනු ඇතැයි ඝාතකයින් බිය විය යුතු නැත. අනෙක් පැත්තෙන් ඝාතකයින්ට දේශීය මහජන හා රාජ්‍ය ආරක්ෂාවද ජාත්‍යන්තර නීතියේ දුබලතාවල රැකවරණයද ලැබී, අපරාධ සම්බන්ධයෙන් මුක්තිය තහවුරු වී තිබෙන සංදර්භය තුළ කුමට බිය වන්නද?  මෙතරම් බිය හෘදය සාක්ෂියටද? එය නම් පිළිගත නොහැකිය. ඔවුන්ට හෘදය සාක්ෂියක අංශුමාත්‍රයක්වත් තිබේ යයි මෙතරම් කලක්නම් පෙනෙන්නට තිබුණේ නැත. එසේනම් ආගමට බයද? මොවුන් වනාහි ගස් ගල් වඳින ප්‍රාථමික ආගම් අදහන්නෝය. ඔවුන්ගේ ආගම් දියුණු ආගම් නොවන ඔවුන්ට සැනසීම ලබාගැනීම සඳහා ඕනෑ ආකාරයකට විග්‍රහ කරගතහැකි ආගම් වේ.  මේ ඔවු...

මහජනයා භීෂණයට පත් කර පන්නා දමා පාර්ලිමේන්තු නියෝජිතයන් ගණන අඩු කිරීමේ විසඳුම

Image
(2011 අගෝස්තු 01   W3Lanka )  යාපනයේ උදයන් පුවත්පත් කාර්යාලයට නුදුරේදී මෝටර් සයිකලයකින් පැමිණි මුහුණු ආවර්ණය කරන ලද පිරිසක් විසින් පහර දෙනු ලැබූ උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ තවමත් රෝහලේ ය. පහර දීම ගැන පරීක්ෂණ පවත්වන්නැයි ජනාධිපතිතුමා පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්ට උප‍දෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය උපදේශක බන්දුල ජයසේකර පවසයි. මෙවැනි සිද්ධියක් වුණා ම පරීක්ෂණ පවත්වන්නැයි ජනාධිපති පොලිසියට උපදෙස් දෙන්නේ කුමට ද? පොලිසිය අනිවාර්යයෙන් ම ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු නො වේ ද? වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු නො වේ ද? එසේ නො කරන්නේ නම්, මේ රටේ මහජන මුදලින් පොලිසියක් නඩත්තු කරන්නේ තුමට ද?  එහෙත්, යාපනයේ එහෙම නැති වීම එයට හේතුව වන්නට පුළුවන. යාපනයේ අපරාධ කරන්නෝ පොලිසියට වඩා ශක්තිමත් පිරිසකි. එහෙත් එම අර්ධද්වීපය ම හමුදා බලකොටුවකි. මීට පෙර ද දෙමළ ජාතික සන්ධානයේ පළාත් පාලන මැතිවරණ රැස්වීමකට හමුදාව බවට සැක කරන පිරිසක් පහර දුන් විට ද පරීක්ෂණ පවත්වන බව හා වැරදිකරුවන්ට දඬුවම් කරන බව ලොකු කටවලින් කියැවිණි. එහෙත් කිසිවෙක් මේ කතා සීරියස් ගන්නේ නැත. ඒ නිසා ඒ පරීක්ෂණවල ප්‍රතිඵල...

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට යාපනය හොද නැද්ද?

Image
නම: බාලසිංහම් සත්ගුණනාදන් වයස: අවුරුදු 32යි රැකියාව: වෙළඳාම. කලින් කොටි සංවිධානයේ සාමාජිකයකුව හිඳ පසුව රජය විසින් නිදහස් කරනු ලැබූවෙකි. මරා දමන ලද දිනය: 2011 ජුනි 26 මරා දමන ලද ආකාරය: පහර දීමෙන් මිනිය හමු වූ ස්ථානය: පූතූර් ක්‍රීඩාංගනයේ ගෝල් කණුවක එල්ලා තිබියදී. ඔහුගේ මෝටර් සයිකලය ද අසල තිබිණි. මේ යාපනයයි. එහි සාමයයි. ආරක්ෂාවයි. අපේ රටේ ක්‍රීඩාවයි. අපට හරි ආඩම්බරයි.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

යාපනයේ සිදු වෙන්නට යන ‍ඓතිහාසික සිදුවීම

Image
(2011 ජුනි 20,   W3Lanka )   යාපනයේ ඓතිහාසික සිදුවීමක් සිදු වන්නට යයි. ඒ අනුව අලවෙඩ්ඩි ප්‍රදේශයේදී දෙමළ ජාතික සන්ධානය විසින් පවත්වන ලද මහජන රැස්වීමකට පහර දුන් හමුදා ඇඳුම් ඇඳ සිටි බව කියන හෝ හමුදාවේ විය හැකි හෝ පිරිසට කෙළ වෙන්නට යයි. ප්‍රහාරය ගැන විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමටද ඊට සම්බන්ධ අපරාධකරුවන් වහාම අත්අඩංගුවට ගැනීමටද වරදකරුවනට උපරිම දඬුවම් ලබාදීමටද පියවර ගන්නැ’යි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනය ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතාට උපදෙස් දී ඇති බව අද දිනමිණ වාර්තා කරයි. මෙම ප්‍රහාරය අතිශය සාර්ථක එකකි. මන්ද, එමගින් බලාපොරොත්තු වෙන ලද භීෂණය ඇති වූ බැවිනි. කොටින් ම කියනවා නම්, මෙම පහර දීම සිදු වූ අවස්ථාවේ එහි සිට පහර දෙන්නන් හඳුනා ගත් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන් පවා ඒ අය කවුරුදැයි කියා කියන්නට කට අරින්නට බිය වී ඇත. ලක්බිම නිව්ස් පුවත්පත වාර්තා කරන පරිදි මෙම පහරදීමේදී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන්ගේ ආරක්ෂකයන් ලෙස කටයුතු කරන සිංහල පොලිස් නිලධාරීන්ට ද ඔවුන් තමන් කවුරුන්දියි හඳුන්වා දීමෙන් පසු පහර දී තිබේ. මාවෛ සේනාධිරාජා හා ඊ. සරවනපවන් යන දෙමළ ජාතික සන...

මාළුන්ට නැති දේශ සීමා වෙනුවෙන් කෙළ ගන්නා ලංකාවේ හා තමිල්නාඩුවේ ධීවරයෝ

Image
(2011 පෙබරවාරි 22,  W3Lanka )  යාපනයේ ධීවරයන් හා දකුණු ඉන්දීය ධීවරයන් අතර මුහුදු සම්පත් බෙදා ගැනීම පිණිස ඇති වී තිබෙන ගැටුම මේ වන විට දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් වී තිබේ.  තමිල්නාඩු ධීවරයන්ගේ ප්‍රශ්නය එරට දේශපාලන පක්ෂ විසින් මැකිවරණයේදී වාසි ලැබීම සඳහා භාවිතා කරන බව ලංකාවේ ආණ්ඩුව චෝදනා කරයි. යාපනයේ ද පළාත් පාලන ඡන්ද පැවැත්වේ. ධීවර ගැටුම්වලින් වාසි ලැබීමට සූදානම් දේශපාලන පක්ෂ මෙහි ද ඇත. නීතිය අතට ගෙන, ලංකාවේ මුහුදි සීමාවට පැමිණි බෝට්ටු අත්අඩංගුවට ගෙන, යාපනයට ගෙන ආ, එම බෝට්ටු නාවික හමුදාවට භාර දීම මුලදී ප්‍රතික්ෂේප කළ, දිගින් දිගට ම උද්ඝෝෂණයේ යෙදෙන යාපනයේ ධීවර සමිති කොටින්ට සම්බන්ධ යයි ආණ්ඩුව පැත්තෙන් චෝදනා ද නැ‍ඟේ. ආණ්ඩුව සාමාන්‍යයෙන් තමන්ගේ පාලනයට හසු නො වන ඕනෑම දෙයක් කොටින් පිට පටවයි.  උතුරේ කොටි සංවිධානය බලවත්ව සිටියදී පවා වරක් ‍යාපනයේ ධීවර සමිති මේ අන්දමින් ම ඉන්දීය ධීවර බෝට්ටුවලට ප්‍රහාරයක් එල්ල කළ හ.  කෙසේ වෙතත්, අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කර තිබුණු ඉන්දීය ධීවරයන්  ඉන්දීය රජයේ දැඩි බලපෑම් හේතුවෙන් නිදහස් කර යැවීමට ලංකා...

ජවිපෙ ධෛර්යය හා විලි ලජ්ජා නැතිකම | Courage and the shamelessness of JVP

Image
( 2010 නොවැම්බර් 18,  W3Lanka )   සුනිල් හඳුන්නෙත්ති ඇතුළු ජවිපෙ සහෝදරවරුන් පිරිසකට යාපනයේදී ගුටි කන්නට සිදු විය. ගුටි කෑවේ යාපනයේ හිටපු මන්ත්‍රිනී පද්මිනී සිදම්බරනාදන්ගේ ගෙදරදී ය.  මේ පද්මිනී එදා ජවිපෙට කොටි දෙනකි. මන්ද, ඇය කොටි සංවිධානයේ බහුජන අංශයක් වූ පොංගු තමිල් සංස්කෘතික කණ්ඩායමේ නායිකාවක වූ නිසා ය. කොටින්ට ද ඒ දිනවල ප්‍රධාන සතුරා වූයේ ජවිපෙ ය.  මේ දෙගොල්ලන් එදාත් යැපුණේ එකිනෙකාගෙනි. ඒ එකිනෙකා සතුරා කරගෙන ය. දැන් දෙගොල්ලෝ ම හාන්සි ය. ඒ නිසා උතුරේත්, දකුණේත් (සුළු ධනේශ්වර) පංති සමගිය සඳහා පසුබිම දැන් හැදී ඇති බව පෙනේ.  ජවිපෙ උද්ඝෝෂණය කරන්නේ යුද සමයේ අතුරුදහන් වූවන්ගේ නම් හෙළි කරන්නැයි කියා ය.  කාලයක් ජවිපෙ පෙනී සිටියේ කොටි සංවිධානය සමතලා කර දැමීම වෙනුවෙනි. ජවිපෙ තමන් විසින් ම ගොඩනඟන ලද ආණ්ඩුවට මුලින් විරුද්ධ වුණේ ආණ්ඩුව යුද්ධය හරියට නො කරන බව කියමිනි. අන්තිමේදී ආණ්ඩුව යුද්ධය ජවිපෙ බලාපොරොත්තු වූ අන්දමින් කළේ ය. අතුරුදහන් වීම් එහි අතුරු ඵල වේ. මේ අන්දමින් දෙමළ අරගලය මර්දනය කරන්නැයි ඉල්ලා සිටි අය අතුරුදහන් වූවන්ගේ නම් හෙළිදරව් කරන්නැයි කියා අතුර...

යාපනයේ සිංහලයන්ගේ අවතැන් වීම හා වාර්ගික සහජීවනය | Sinhalese displaced from Jaffna and reconciliation

Image
( 2010 ඔක්තෝබර් 15,  W3Lanka )  සටන් විරාම කාලයේ යාපනය පසුබිම් කරගෙන දෙමළ - සිංහල සබඳතා හා ජාතීන්ගේ ගැටුම පිළිබඳ සාකච්ඡා කරන ටෙලි නාට්‍යයක් අශෝක හඳගම නිර්මාණය කර ඉදිරිපත් කළේ ය. එහි නම 'මේ පාරෙන් එන්න' නම් විය. පශ්චාත් යුද සමයේ දැන් එම ජවනිකා වෙනත් තලයක සැබැවින් රඟ දැක්වෙමින් ඇත.  යුද්ධය ආරම්භයට පෙර යාපනයේ පදිංචිව සිට අවතැන් වූ සිංහල පවුල් 150කට පමණ අයත් 300ක පමණ පිරිසක් මේ දිනවල යාපනයට පැමිණ. පිරිසක් යාපනය දුම්රියපොළේ වාඩි ලා ගනිමින්, යළි පදිංචි වීම සඳහා ඉඩම් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් දිස්ත්‍රික් ලේකම් ඇතුළු යළි පදිංචි කිරීම භාර නිලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බව පසුගිය දිනවල පුවත්පත්වල වාර්තා විය. යාපනය දුම්රියපොළේ රැඳී සිටි පිරිසට හමුදාව විසින් ආරක්ෂාව සලසා තිබිණි.  මනා ලෙස සංවිධානය වී සිටි මෙම පිරිස පසුපස ක්‍රියාත්මක වූයේ කවුරුද යන්න එකවර ම හෙළිදරව් වූයේ නැත. එහෙත්, දැන්  ත්‍රස්‌තවාදී තර්ජන හේතුවෙන් උන්හිටිතැන් අහිමි වූ උතුරු නැගෙනහිර සිංහල ජනතාව නැවත ඔවුන්ගේ මුල් පදිංචි ස්‌ථානයන්හි පදිංචි කරවීම සඳහා රජය කඩිනමින් කටයුතු නොකළහොත් ජාතික හෙළ උරුමය එ...

උතුරු නැගෙනහිර ඡන්දවලින් දිනුවේ කවුරුද? | Who won elections in north and east

(2010 අප්‍රේල් 12 -  W3Lanka )  යාපනයේ වලංගු ඡන්ද 721,359කින් ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ 148,503ක් පමණි.  21%ක් පමණ වන මෙම ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය දිවයිනේ සෙසු ප්‍රදේශවල සාමාන්‍යයටත් වඩා අඩු ය. මෙය විශේෂයක් වන්නේ යාපනය 1995 සිට ම හමුදා පාලනය යටතේ පවතින 'නිදහසේ' කේන්ද්‍රස්ථානය නිසා ය.  ඡන්දය දුන් දෙමළ ජනයා ද දෙමළ ජාතික සන්ධානයට හෙවත් ඉලංකෙයි තමිල් අරසු කච්චි හට ඉතා හොද ප්‍රතිචාරයක් දක්වා නැත. එම පක්ෂය මෙම මැතිවරණය සඳහා ෆෙඩරල් මූලධර්ම මත පිහිටි බලය බෙදීමක් පිළිබඳ කියැවෙන ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කළේය.  දෙමළ ජාතික සන්ධානයෙන් කැඩී ගිය වඩා ජාතිකවාදී ප්‍රවණතාවක් වන, කොටි සංවිධානයට වඩාත් සමීපව සිටි කුමාර් පොන්නම්බලම්, කේ. ගජේන්ද්‍රන් හා පද්මිනී සිදම්බරනාදන් යන හිටපු මන්ත්‍රීන් නියෝජනය කළ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයට ලැබුණේ 5%ටත් අඩු ඡන්ද ප්‍රතිශතයකි. ඔවුන්ගෙන් කිසිවෙකු පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ නැත.  ආනන්ද සංගරී නායකත්වය දෙන දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ද, මඩකලපු දිස්ත්‍රික්කයට වෙනම තරග කළ පිල්ලෛයන්ගේ නායකත්වයෙන් යුත් ටී.එම්.වී.පී. පක්ෂය ද වන...