යාපනයේ තරුණ මර්දනය ඇයි?

දකුණේ ඉල්මහ විරු සමරුවක්
ආණ්ඩුව මේ වනවිට යාපනයේදී ජාතීන්ගේ ප්‍රශ්නයට 'විසඳුම්' දෙමින් සිටි‍යි. 

පසුගිය 'මහවිරු දිනයේදී' මියගිය සිය නෑ මිතුරන් වෙනුවෙන් පහන් දැල්වූ 'වරදට' සරසවි සිසුන් ප්‍රමුඛ යාපනයේ මිනිසුන් අත්අඩංගුවට ගෙන  සිරගත කරනු ලබමින් තිබේ. 

ලංකාවේ සිංහල තරුණයෝ 1971දී හා 1989දී කැරැලි ගැසූ අතර ඒ කැරැලිවලින් මියගිය අය අවුරුදු පතා සැමරීම සඳහා මහා උත්සව පැවැත්වීම සඳහා කිසිදු බාධාවක් නැත.

මියගිය මිනිසුන් වෙනුවෙන් පහන් දැල්වූ පළියට ඔවුන් නැගී සිටිනු ඇතැයි ඝාතකයින් බිය විය යුතු නැත. අනෙක් පැත්තෙන් ඝාතකයින්ට දේශීය මහජන හා රාජ්‍ය ආරක්ෂාවද ජාත්‍යන්තර නීතියේ දුබලතාවල රැකවරණයද ලැබී, අපරාධ සම්බන්ධයෙන් මුක්තිය තහවුරු වී තිබෙන සංදර්භය තුළ කුමට බිය වන්නද? 

මෙතරම් බිය හෘදය සාක්ෂියටද? එය නම් පිළිගත නොහැකිය. ඔවුන්ට හෘදය සාක්ෂියක අංශුමාත්‍රයක්වත් තිබේ යයි මෙතරම් කලක්නම් පෙනෙන්නට තිබුණේ නැත.

එසේනම් ආගමට බයද? මොවුන් වනාහි ගස් ගල් වඳින ප්‍රාථමික ආගම් අදහන්නෝය. ඔවුන්ගේ ආගම් දියුණු ආගම් නොවන ඔවුන්ට සැනසීම ලබාගැනීම සඳහා ඕනෑ ආකාරයකට විග්‍රහ කරගතහැකි ආගම් වේ. 

මේ ඔවුන් දන්නා දේශපාලනයයි. ඔවුන් දන්නා දේශපාලනය ජාතිවාදය හා මර්දනයයි. ඔවුන් බලාපොරොත්තු වන අන්දමට දෙමළ මිනිසුන් සිතන එකත් නතර කළ යුතුය.

මේ වනාහි පාලකයන්ේ ජාතිවාදී මුග්ධකේ තරමයි. මර්දනයෙන් මිනිසුන්ේ සිතුවිලි පවා පාලනය කළ හැකි යයි ඔවුහු සිතති. 

ලංකාේ ජාතීන්ේ ප්‍රශ්නයට ේ විසඳුම කිසිදා සාර්ථක ොවන එකකි. මෙයින් සිදුවන්ජාතිවාදයට බර වූ රැඩිකල් දෙමළ ේශපාලනය නැවතත් ත්‍රස්තවාදය වෙත තල්ලුවීම පමණකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. මොකද අද කස්ටිය කොමෙන්ට් නොකර ඉන්නේ.... බය වෙලාද?

    ReplyDelete
  2. මර්ධනයේ ආතල් තාවකාලිකයි. උතුරෙ උන් ගැන කවර කතාද. දකුණේ මිනිහෙකුටවත් නිදහසක් නැති කොට....

    ReplyDelete
  3. මෙහෙම හිතෙන්නෙ නැද්ද පරා?....ආණ්ඩුවට මේ උත්සාහ කරන්නෙ ආයෙම සිවිල් යුද්ධයක් නිර්මාණය කරගන්ට වෙන්ට බැරිද?....

    මොකද මේ කරන දේවල් ඔක්කොම ඉතාම තර්කානුකූලයි ඒ ඉලක්කයට ළඟාවෙන්ටයි මේ උත්සාහය කියල හිතල ඒ ඔස්සෙ බැලුවම..අනික මෙයාල හරියට කලෙත් ( ඒ ගැන වෙනත් නොයෙක් විවේචන තිබියදී වුව ) යුද්දෙ විතරයි.මට පේන්නෙ දන්නෙත් එච්චරම තමයි..

    ඉතිං අනික් ඔක්කොම හත් පලේ ගා ගත්තට පස්සෙ ඉතුරු වෙල තියෙන්න එකම විකල්පයයි. මොකක්ද?.....දන්න වැඩේ කරන්ට ආයෙම පාරක් පොට පාදගන්න එක...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා