ඉනි අවන් - හඳගමගේ කුරිරු අපගමනයකි
හඳගම හොඳ සිනමාකරුවකුමුත් හොඳ කතාකරුවකු නොවේ යයි කියන මේ කියමන මගේ පෞද්ගලික අදහසකැයි ඔබට ඕනෑනම් කීමට නිදහස තිබේ. සිනමාකරුවකු කතාකරුවකු වීම අනිවාර්ය අවශ්‍යතාවක්ද නැද්ද යන්න ගැන මට තිබෙන්නේ විවෘත පිළිතුරකි.
කතාවක් සියුම් ලෙස ගොඩනැගීම අතිශය නිර්මානාත්මක කටයුත්තකි. හඳගම කතා ගොතන්නට එවැනි සුරුබුහුටිකමක් කිසිදා නොපෙන්වයි. චන්දකින්නරී චිත්‍රපටයේදී ඩී. එච්. ලෝරන්ස්ගේ 'ඕඩර් ඔෆ් ක්‍රිසැන්තමම්ස්' නම් කෙටිකතාව ස්පර්ශ කරන හඳගම පසුකලෙක කතාකරුවන්ට වඩා පුවත්පත් වාර්තාකරුවන්ට ලොල් කරයි. ඔහුගේ 'තනි තටුවෙන් පියාඹන්න' කතාවේ සූප්පු උරන බොස්, ගැහැනියක සමග පවුල් කෑ ගැහැනිය ආදීන් පිළිබඳ පුවත්පත් වාර්තා මම චිත්‍රපටයට කලින් පුවත්පත් වාර්තා ලෙස කියවා ඇත්තෙමි. හඳගම ඒ චරිත හා ප්‍රස්තුතයන් පුවත්පත් වාර්තාකරුවකුට එහා යමින් විවරණය කිරීමට අසමත් වූයේය.
ඉනි අවන්ද එවැනිම වාර්තාවකි. එහි ඔහු අපට හඳුන්වා දෙන චරිත ඇත්තෙන්ම අපූරුය. මුලදී සියුම් ලෙස විවරණය වන ඒ චරිත හිටි හැටියේ බිඳවැටෙයි. නැතිනම් හඳගම ඒවා පොළොවේ ගසා කුඩුකර දමයි. හඳගමගේ විකාරරූපී ශෛලිය තුළ ඒවා ගිලී රස කලාපයෙන් මෙන්ම යථාර්ථයෙන්ද පළා ගොස් වාර්තාරූපි රූකඩ බවට පත්වෙයි. බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට්ට හෝ වෙන යම් කෙනෙකුට හෝ වසන් වී ගැලවීමට නොහැකි හිස්කමක් වෙත හඳගම අප රැගෙන යයි.
තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටයේ රූප රාමුවට මුහුණ දෙන්නා දෙබස් නොකියන අතර, දෙබස් කියන්නේ රූප රාමුවට පිටතින් සිටින තැනැත්තාය. එය හඳගමගේ නව හඳුන්වාදීමක් ලෙස මෙන්ම, මේ පිළිබඳ මා සමග කතා කළ සිනමා තාක්ෂණවේදියකු කී පරිදි හඬකැවීම් පහසු කරගැනීමේ උපායක්ද වන්නට පුළුවන.
හඳගමගේ විකාරරූපී ශෛලිය ඔහුගේ අනන්‍යතාව මෙන්ම කතාවක් සියුම් ලෙස ගොඩනඟාගැනීමේ නොහැකියාව හෝ යථාර්ථය පරාවර්තනය කිරීමේ නොවුවමනාවද වන්නට පුළුවන. මම හඳගමට කැමැත්තෙමි. ඒ ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන අදහස් නිසා මිස සිනමාකරුවකු ලෙස ඔහු කර ඇති ප්‍රකාශනයන් නිසා නොවේ. ඇත්තෙන්ම ඔහු සිය නිර්මාන ඔස්සේ ඔහුව ප්‍රකාශ කර නැත. ඔබට කරන්නට ප්‍රකාශනයක් නැතිනම් ඔබ කිසියම් නිර්මානයක් කරන්නේ කුමටද? සිනමාකරුවකු ලෙස පැවතීම පිළිබඳ හඳගම කතා කර තිබේ. එසේ පැවැත්ම සඳහා චිත්‍රපට කරන ඕනෑතරම් මිනිස්සු සිටිති. අපි ඔවුන්ගේ නිර්මාන ගැන කතා කරන්නට කාලය මිඩංගු කරන්නේ නැත. හඳගමට අද වනවිට එවැනි චිත්‍රපට කර සතුටු විය හැකිනම් එය අප බියට පත් කරන තත්වයකි.
ඉනි අවන් චිත්‍රපටයේ මුල් හරියේදී හඳගම පශ්චාත් යුද සමයේ සටන්කරුවකුගේ දිවිය කේන්ද්‍ර කරගෙන පශ්චාත්යුද සමාජයක ජීවිත සියුම් ලෙස ස්පර්ශ කිරීම මුලපුරයි. එහෙත්, චිත්‍රපටයේ අවසානයේදී ඔහු තමන් පත්තරවලින් කියවා ඇති, ඇත්තද බොරුද කියා තහවුරු කරගන්නට වෙහෙසක්ද නොදරමින් සත්‍ය වන්නට ඇතැයි ඔහු අනුමාන කරන, අප මීට පෙර ඕනෑතරම් ක්‍රියාදාම චිත්‍රපටවලින් දැක එපා වීද තිබෙන මාෆියා පන්නයේ ජවනිකා පෙළකින් අපේ බලාපොරොත්තු සුන් කර දමයි.
ඔහු යුද හා පශ්චාත් යුද සමාජය පිළිබඳ ඉදිරිපත් කරන විකාරරූපී අතිශයෝක්ති චිත්‍රය රස ජනනය කරන එකක් නොවේ. එසේම, එයින් අප තුළ ඇති කරන සංවාදයද ගැඹුරු කතිකාවන්ට මග නොපෙන්වයි.
සටන්කරුවන්ගේ ග්‍රහනයට හසුවීම වැළැක්වීම පිණිස, පියාගේ උවමනාව පරිදි දෙමළ මධ්‍යම පංතික තරුණියක් විවාහ කරගන්නා ඇගේ පියාටත් වඩා වයසින් වැඩි මනාලයා කාලතුවක්කු පත්තු වන මංගල රාත්‍රියේ ඇගේ කුස තුළ දරු කළලයක් තබා මංගල යහනේම මියඇදෙයි. ඇගේ පැරණි පෙම්වතා යුද්ධයෙන් පසුව නිදහස්ව පැමිණ ඇය දරුවාත් සමග ඔහුගේ නිවසට රැගෙන යයි. නිදහස ලද දෙමළ සටන්කරුවකු වූ ඔහු ජීවත්වනු දැක සාප කරන සටන්කරුවන් වූ දරුවන් තිදෙනෙකු අහිමි වූ පියකුගේ මිනිය කිසියම් පිරිසක් උදෑසනක ඔහුගේ නිවස ඉදිරිපිට දමා යති. පශ්චාත් යුදකාලීන සමාජයේ හිස ඔසවන ධනවාදී ආර්ථිකය තුළ අතිවිශාල ලාභ ලබන ගුප්ත ව්‍යාපාරයක අත්උදව්කරුවකු වන මේ තරුණයා ඒ නිසා පාතාල කල්ලියක තර්ජනයට ලක්වෙයි. ඔහු සඟවා තැබූ අවියක් ගොඩ ගෙන ඒ කල්ලියට එරෙහිව සටන් කිරීමට සැරසෙයි. එහෙත්, ඔහු වෙනුවෙන් ඔහුගේ බිරිඳ ඒ අවිය නාස්ති කරයි. ඔහුගේ ජීවිතයට සම්බන්ධ වන යුද්ධයෙන් පීඩිත තවත් දිළිඳු ගැහැනියක වෙනුවෙන් ඔහු සටන් කරයි. දෙමළ ඩයස්පෝරා සාමාජිකයෝ ආපසු පැමිණ මේ කල්ලිය සමග සම්බන්ධ වී හොරබඩු ජාවාරම් කරති.
මේ විස්තරය චිත්‍රපට ටොරන්ට් සඳහා ලින්ක් සපයන බයිස්කෝප් එල්කේ වෙබ් අඩවියේ චිත්‍රපට ගැන ඇති විස්තර වැනි එකකි. මෙවැනි විස්තරයක් කලින් කියවන්න ලැබුණානම් මම නම් මේ චිත්‍රපටය නොබලන්නට තිබිණි.
"අපේ අතට තුවක්කු දීලා, උඹලා පාස්පෝට් හදාගත්තා," යයි පුනරුත්ථාපිත තරුණයා ලවා කියවා ජාතීන්ගේ ප්‍රශ්නය පිළිබඳ ගැඹුරු දේශපාලන සංවාදයකට මුල පුරන හඳගම අන්තිමේදී ඒ ඩයස්පෝරා නියෝජිතයා හිස් පාතාලයකු බවට පත් කර සියලු සංවාද අවසන් කරයි. අපට තිබෙන්නේ පරණ ජීවිතම අලුත් විධියකට ගත කරන්නැයි ඩයස්පෝරා තරුණයා පුනරුත්ථාපිත තරුණයාට පවසයි. සහෝදර ජනයාට රටක් දිනාදෙන්නට සටන් කළ තරුණයා ඉන්පසු පැවැත්ම වෙනුවෙන් වෘත්තීය අපරාධකරුවකු බවට පත්විය යුතුය. ඔහුට එසේ වන්නට සිදුවන සංදර්භය පශ්චාත් යුද සමාජයේ සුසමාදර්ශීය වෙනස සමග සංයුක්ත වන්නේ කුමන විද්‍යාවකින්ද?
හමුදා පොලිසිවලින් තොර, හොරබඩු ජාවාරමට පවා පූර්ණ නිදහස ඇති හඳගමගේ පශ්චාත් යුද සමාජය ඔහුගේම මනෝවිකාරයකි. ඔහුට සැබෑ පශ්චාත් යුද සමාජයක හා යුද්ධයෙන් බැට කෑ මිනිස් ජීවිතවල සියුම් චලනයන්ගේ නාඩි හසුවන්නේ නැත. නැතිනම් ඔහු ඒ නාඩි අල්ලන්නට අකැමැතිය. බයය. එයින් එහාට ඉනි අවන් පසුබිම් කරගෙන මේ විෂය ගැන කතා කරන්නටද දෙයක් ඉතිරි නොවේ.
පුනරුත්ථාපිත තරුණයා ඊළඟට කුමක් කළ යුතුදැයි හඳගම අපෙන් අසයි. ඔහු කවුරුද? ඔහු සැබෑ පශ්චාත් යුද සමාජයක පොළවේ පය ගසා සිටින සැබෑ මිනිසෙක්ද? එවැනි මිනිසුන්ගේ සංකේතයක්ද? නැත. ඔහු හඳගමගේ මනෝවිකාරයකි. ඔහු කළ යුතු දේ හඳගම අපෙන් ඇසිය යුතු නැත. හඳගමට ඕනෑ දෙයක් ඔහුට කරගැනීමේ නිදහස ඔහුට තිබේ.
ජාතීන්ගේ ප්‍රශ්නය පැත්තකින් තබමු. හඳගමට අති භයානක ලෙස ජීවිතය මගහැරෙමින් තිබේ. මේ වනාහි කුරිරු අපගමනයකි.
-අජිත් පැරකුම් ජයසිංහ
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න

"නිර්මානය බිහිවූ සංදර්භීය යථාර්ථයන් නොදත් මිනිසුන්ගේ කියවීම් මත පදනම් වූ සහතික රැගෙනවිත් දේශීය සිනමා රසිකයාට තොරොම්බල් කිරීම ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ කාලයේ සිටම තිබුණු දෙයකි" ඔවුනට අපි මාක්ස්වාදීන් යයි කියමු.
ReplyDeleteප්‍රාග්ධනයට මෙලෝ සම්බන්දයක් නැතිමුත්, කවදා හෝ ධනපතියෙක් වෙම්යයි ඇට, මස්, නහර වාෂ්ප වෙනතෙක් මොකෙක් හෝ ධනපතියෙකුට කබුරමින්, දියසේන කුමාරයා පහළවී ලංකාව ගලවගන්නතෙක් බ්ලොග්වල කොමෙන්ට්ස් කොටමින්, මිතුරෙකුට දුන් ණය මුදලක් නිසා උගේ මුළු චරිතයම කෙලසමින් සිටින්නාට අපි ඉන්දික උපශාන්ත යයි කියමු.
Deleteඔබට උත්තරය මගේ අඩවියේ ලිපියක් ලෙස අද හෙටම ලියන්නම්. මේ දිනවල ටිකක් කාර්‍යබහුලයි..
Deleteඅජිත් මෙම චිත්‍රපටියේ මුඛ්‍ය තේමාව ගැන අවධානය යොමු කරල නැහැ.මේක උතුර ගැන සිංහල මනස තුළ වගේම දෙමළ මනස තුළත් තිබෙන ෆැන්ටසියට එල්ල කරන අභියෝගයක්.ධනවාදය උතුරට ඇතුලු වීමත් එක්ක උතුරේ අලුතින් පංති රේඛා ඇදෙන ආකාරය එක පැත්තකින් නිරූපණය වෙනව.ඒ වගේම උතුරේ සමාජයේ තිබුණු පසුගාමීකම් මේ ඇතුලෙ තිරයට ගෙනත් තියෙනව.ධනවාදයේ ව්‍යාප්තිය විසින් ඉස්සරහට උතුරේත් දකුණේත පීඩාවට පත්වෙන ජන ප්‍රජාවන් අතර පළල් එක්සත් කමක් සදහා සම්භාවිතාවයක් හදා දෙනවා.මොකද දකුණට වගේම උතුරටත් දැන් අභිමුඛ වී තියෙන්නෙ ධනවාදය
ReplyDelete"මේක උතුර ගැන සිංහල මනස තුළ වගේම දෙමළ මනස තුළත් තිබෙන ෆැන්ටසියට එල්ල කරන අභියෝගයක්."
Deleteනැහැ. මේක පශ්චාත් යුදකාලීන උතුර ගැන හඳගමගේ ෆැන්ටසිය.
"ධනවාදය උතුරට ඇතුලු වීමත් එක්ක උතුරේ අලුතින් පංති රේඛා ඇදෙන ආකාරය එක පැත්තකින් නිරූපණය වෙනව."
කොහෙද එහෙම එකක් නිරූපණය වෙන්නෙ? ගොඩනැගිලි ටිකක් හැදෙනවා පෙන්වනවා. ග්‍රොසරියක බඩු පෙන්වනවා. උකස්බඩු සාප්පුකරුවකු කුඩු හෝ වෙනත් හොරබඩු ජාවාරම්කරුවකු බව කියනවා. කැනඩාවේ ඉඳන් ආපු ඩයස්පෝරා තරුණයෝ හා පුනරුත්ථාපිත කොටි තරුණයෝ ඒ හා සම්බන්ධ වෙනවා. ගැහැනු ඇඟ විකුණනවා.
මේත් හඳගමගේ ෆැන්ටසිය. මේක හරියට උතුරට සංචාරකයකු ලෙස ගිහින් ෆොටෝ ටිකක් අරගෙන ඇවිත් ඒ ඔස්සේ උතුර ගැන විවරණය කරනවා වගේ වැඩක්. ජීවිතය මීට වඩා කොතරම් සියුම්ද? සංකීර්ණද?
"ධනවාදයේ ව්‍යාප්තිය විසින් ඉස්සරහට උතුරේත් දකුණේත පීඩාවට පත්වෙන ජන ප්‍රජාවන් අතර පළල් එක්සත් කමක් සදහා සම්භාවිතාවයක් හදා දෙනවා.මොකද දකුණට වගේම උතුරටත් දැන් අභිමුඛ වී තියෙන්නෙ ධනවාදය."
මේ වගේ චිත්‍රපටයකින් ඔය වගේ උතුම් අරමුණක් වෙනුවෙන් සිදුවන කිසිදු දෙයක් නැහැ. හේතුව මෙහි කිසිදු තේමාවක් සියුම්ව ස්පර්ශ කරලා නැහැ.
බොරුවට බොරුව කියන්න බයවෙලා සමාජවාදය හදන්න බැහැ සහෝදරයා. මේ විවේචනය තමයි අපේ සමාජවාදය. සමාජවාදය නොනවතින අරගලයක්.
මම හිතන විදියට නම්, දෙමල භාෂාව කතා කරන අය ගැන දකුනේ සින්හල කෙනෙකු විසින් චිත්‍රපටියක් කරන එකමත් අශීලාචාර වැඩක්. දෙමල මනස තුල තිබෙන ෆැන්ටසිය ගැන අභියෝග කරන්න, දෙමල ශිෂ්ටාචාරය විනාශ කරමින් ඉන්න සිoහල ජනතාව අතර ඉන්න කෙනෙකුට කිසිම අයිතියක් නැහැ. දෙමල ජනතාවගෙ ස්වයන් නීර්න අයිතිය පිලිගන්න කෙනෙකුට උනත් එහෙම කරන්න කිසිම අයිතියක් නැහැ. ඔවුන් තුල ඇතැයි කියන කුලවාද හෝ ඕනෑම වාදයක් ගැන අභියෝග කරන්න කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ.
Deleteමේ චිත්‍රපටියේ විදියට 'ඔහුට, ඉනික්බිතිව' මූලිකව විසඳාගැනීමට ඇත්තේ 'ධනවාදය උතුරට ඇතුලුවීමත් සමග' පැනනගින, තමාතුලම වන - තමාගේම ප්‍රශ්නයක් මිස, මහා ජාතියේ දේශපාලනික අවශ්‍යතාවන් මත මුදාහැරෙන භෞතික, සමාජයීය සහ සoස්කෘතික ආක්‍රමනය පිලිබඳ ප්‍රශ්නය නොවේ.
- Dimithri
දිමිත්‍රි, මෙය වැරදි අදහසක්. මෙය අවසානයේදී සේවය කරන්නේ දෙමළ ජාතිවාදයට. ඇත්තම කීවොත් මේ වනාහි දෙමළ ජාතිවාදයේ සිංහල ප්‍රකාශනය.
Deleteදෙමළ විමුක්ති අරගලයේ ගැටලු සම්බන්ධයෙන් හිරු කණ්ඩායමත් ප්‍රවර්ධනය කළ අදහසක් තමයි මේ. දෙමළ විමුක්ති ව්‍යාපාරයේ ගැටලු එළිපිට කතා කළොත් එහි වාසිය සිංහල ජාතිවාදීන්ට අත්වන නිසා එයින් වැළකියයුතු බවට තර්කයක් තිබුණා. ඒවුණත්, එවැනි අයගේ මිතුරු විවේචනයකට හෝ සවන්දීමේ උවමනාවක් දෙමළ විමුක්ති අරගලයේ නායකයන්ට තිබුණේ නැහැ.
ඊටත් වඩා භයානක කරුණ වන්නේ මෙවැනි අදහස් හේතුවෙන් වාමාංශිකයන් සිය ස්වාධීනත්වය නැති කරගෙන සුළුතර ජාතිවාදයේ ගොදුරු බවට පත්වීමයි. දීප්තිමත් වාමාංශිකයකු වූ රෝහිත භාෂණට අත්වුණේ මේ ඉරණම.
අමතක නොකළයුතු කාරණයක් තමයි, දෙමළ ඩයස්පෝරාව කියා අප සාමාන්‍යයෙන් හඳුනාගන්නා දෙයත් ධනවාදයේම ස්වරූපයක් බව. වාමාංශිකයන් මෙය ප්‍රතික්ෂේප කළයුතුවා පමණක් නොවෙයි, ඔවුන්ගේ ආදරය ප්‍රකාශ නොවන අන්දමින් ජීවත්වීමත් කළ යුතුයි. මන්ද, එය එතරම් විෂකුරු බලවේගයක්. වාමාංශිකයන් මුදල්, දේශපාලන රැකවරණ, සල්ලි පොඩ්ඩක් වෙනුවෙන් වරිගෙ නහගත් හැටි ගැන ප්‍රායෝගික උදාහරණ ඕනෑතරම් පෙන්වන්න පුළුවන්.
හඳගම සිංහල ජාතිවාදයට එරෙහිව සටන් කළ කෙනෙක්. සිංහල ජාතිවාදය මහා ආඛ්‍යානයක්. එයින් සහමුලින් මිදීම පුරුෂාධිපත්‍යයට එරෙහි පිරිමින්ට පුරුෂාධිපත්‍යවාදී ජීවන භාවිතාවන්ගෙන් ඈත්වෙන්න තිබෙන අමාරුකම වගේ දෙයක්. නිදසුනක් ලෙස මෙය ලියන මේ මොහොතේ උදේ 4ට මගේ බිරිඳ කුස්සියේ උයනවා. මම බ්ලොග් ලියනවා. මම බ්ලොග් ලිවිල්ල අතෑරලා කුස්සියේ උයන්න යන එකත් සමස්ත ප්‍රශ්නයේදී විසඳුමක් නොවෙයි.
ස්වයං නිර්ණ අයිතිය සඳහා වූ අරගලය සමාජවාදය සඳහා වූ නොනිමි අරගලයේ කොටසක් මිස එය අරගලයට විකල්පයක් නොවෙයි.
හඳගමට මෙවැනි ප්‍රස්තුතයක් ගන සංවාද කරන්න අයිතියක් නැහැ කියනඑක දෙමළ ජාතිවාදී ප්‍රකාශනයක්.
අපට හඳගම එක්ක තිබෙන ප්‍රශ්නය ඒක නොවෙයි, හඳගම ගැඹුරු සංවාදයක් වෙනුවට හොලිවුඩ් ත්‍රිලර් එකක් අරගෙන ඒමයි.
ඒක හඳගම සිංහල ජාතිවාදයට යටවීම කියා කියනවාට වඩා ධනවාදයට ගොදුරුවීම කියා කියනඑක සාධාරණයි.
//"ධනවාදය උතුරට ඇතුලු වීමත් එක්ක උතුරේ අලුතින් පංති රේඛා ඇදෙන ආකාරය එක පැත්තකින් නිරූපණය වෙනව."
Delete//
හොර බඩු ජාවාරම් කරන ව්‍යාපාරිකයා + ඩයස්පෝරා සාමාජිකයා ඇතුලු පිරිස = උතුරේ නැගී එමින් සිටින නව ව්‍යාපාරික පංතිය.ලංකාවේ ධනවාදයේ හැටි එක්ක ගත්තම මුං ලුම්පන් සෙට් එකක්.මීට වඩා ක්ලැසික් එවුන් ධනපතියො විදිහට බිහිවෙන්නෙ නැහැ.
සිංහල හමුදාවට විරුද්ධව යුද්ධ කරල දැන් ආපහු උතුරට යන එල්ටීටීඊ තරුණයාට මුණ ගැහෙන්නෙ මේ සෙට් එක ( හමුදාවට අමතරව ) දෙමළ ගෑණු දැන් යූස් කරන්නෙ හමුදාව විතරක් නෙමෙයි ඊට වඩා නරක විදිහට මේ නැගී එමින් සිටින නව පැලැන්තිය.දෙමළ තරුණයාට කලින් යුද්ධය නිසා යටපත්ව තිබුණු පංති සටන අභිමුඛ වෙලයි තියෙන්නෙ.
මා ඉනි අවන් බැලුවේ නැත. එත් පැරකුම් කියන මේ කතාවේ සාරාංශය ඇත්තනම් මේ චිත්‍රපටිය හඳගම ගේ වමත් සමග ඇති සම්බන්ධය පෙකනිවැලෙන් කඩා දමන මොහොත සනිටුහන් කරයි. පිළිගන්න මහ බැංකුවේ වැඩ කරන ඇත්ත ලිබරල් ධනවාදී හඳගම මහතා දැන් ඔබ ඉදිරියේ පෙනී සිටි. මමත් ඔහු සමග එක පෙලට හිට ගනිමි.
ReplyDelete"හඳගම ගේ වමත් සමග ඇති සම්බන්ධය පෙකනිවැලෙන් කඩා දමන මොහොත සනිටුහන් කරයි" මහා යුග පෙරළියකට හේතු බුත වියහැකි මේමහා සොයාගැනීම ඔයා කලේ පරකුම්ගේ ලියවිල්ලේ මොන කැල්ල දැකලද? චිත්‍ර පටිය නොබලා චේද කීපයක ලිපියක් හරිය නොකියව ඔහේට මේ සිතුවිල්ල පහලුනේ ඉබේටමද,?එහෙම නැත්නම් වැල අදින ගමන්ද? බඩු ගහන ගමන්ද? අනික හදගමත් එක්ක පෙලට හිටගත්තම ඔහේව හොයන්න අන්වීක්ෂ ඕනෑවෙයි. ඔහේ එච්චර පුංචි විකුර්තියක්.
Deleteමෙම පිළිතුර ඉහත අන්වීක්ෂයෙන් මගේ විකෘතිය බලන තමන් ඉතා ප්‍රකෘති මාර පොර මානසිකත්වය ඇති ඇනෝනිමස් ට පිළිතුරු දීම නොව මේ වෙබ් අඩවිය කියවන අනෙක් වැදගත් පාඨකයන්ටය. ඔහේ කියල කතා කරන සමාජ ස්ථරයේ අය අපි ගිය පාසල් වලවත් අපි ආශ්‍රය කර නැත. වැල අදින එක බඩු ගහන එක හැම මොහොතකම මේ සමාජ ස්ථරයේ අයගේ ඔලුවේ තියන එක බැවින් ඔවුන් සිතන්නේ අනෙක් අයගේ ජීවිතයත් එයම කියාය.
Deleteඔබගේ අව මානසිකත්වය අමතක කොට අන් අයට වැදගත් නිසා අසා ඇති ප්‍රශ්නයට පිළිතුරු දෙමි.
//ඔහේට මේ සිතුවිල්ල පහලුනේ ඉබේටමද,?//
මට ඉබේ සිතුවිලි පහල වෙනවා යයි මා නොසිතමි මෙතෙක් කල් මා පරිශීලනය කරන ලද පොත්පත් ජීවන අත්දැකීම් අභාෂයෙන් දැන් ඇතිවන සිතුවිලි පහල වේ.
//මේමහා සොයාගැනීම ඔයා කලේ පරකුම්ගේ ලියවිල්ලේ මොන කැල්ල දැකලද?//
මෙය මහා සොයාගැනීමක් නොව ඕනෑම සිහිකල්පනාව ඇති හඳගමව දේශපාලනිකව දන්නා කෙනෙකුට වැටහෙන දෙයකි.
වැඩිදුරටත් අවශ්‍ය නම කලින් කලට හඳගම ගේ නිර්මාණ තුල දේශපාලනය කණ්ඩනය වන තැන් මෙසේ මගේ කුඩා විකෘතියට අනුව මෙසේ නම් කල හැක.
1. රෝහණ විජේවීර - ජ. වී. පෙ දේශපාලනය හඳගම ගේ දුන්හිද අද්දර
2. රොහාන් පෙරේරා/දීප්ති කුමාර ගුණරත්න- පශ්චාත් නුතන නව වාමාංශික අදහස් - හඳගම ගේ සින්තටික් සිහින
3. රනිල් වික්‍රමසිංහ/මහා බැකුවේ කවුරුහරි(වෙන මෙම ස්ථානයට දාන්නට නමක් සිතට පහල නොවේ)- ලිබරල් ධනවාදී දේශපාලනය - හඳගම ගේ ඉනි අවන්
පැරකුම් කියන රෝහිත භාෂණ වාමාංශික දේශපාලනය ගැන සහ ඒවා කළා නිර්මාණ ලෙස හඳගම තුලින් ප්‍රකාශ වෙන්නේ මොන නිර්මාණ වලින් වලින්ද කියන එක මම දන්නේ නෑ මෙය පැරකුම් පැහැදිලි කල යුතුයි. දන්නේ නැති දෙයට මම දන්නේ නැතැයි කියමි.
@ උදිත - හදගමගෙ ෆිල්ම් එකේ ලිබරල් ධනවාදය ගැන තියෙන්නෙ ක්රිටික් එකක් මචං.ෆිල්ම් එක බලලම ඒ ගැන කථා කරපං හදිස්සි නොවී
Delete@AnonymousDecember 31, 2012 12:48 PM
Deleteඉරිදා බැලුවා මට සිතෙන දෙයයි මම කිව්වේ සමහරවිට වැරදි ඇති මම. මට තේරෙන විදියට ඉනි අවන් ලිබරල් ධනවාදය ගැන විවේචනයක් නොවෙයි ලංකාවේ දැන් ක්‍රිරියාත්මක වෙන ධනවාදය යැයි කියන වෙන මොකක්ද එක ගැන ලිබරල් විවේචනයක්. මේ විදියට ගියොත් ලංකාව නැතිවෙනවා කියන එක මේකේ කියනවා නමුත් මේකට විකල්පය වම තුල තියනවා කියල කියන්නේ නැති එකට වමේ හිත රිදිලා.
සකල දේශ වාසී ශ්‍රී ලාංකිකයන්ට ඇති හැට හුටමාරක් වූ වියදිවලට මුල ඔවුන්ගේ සමාජවාදී සිතුවිලියයි කල්පිතයක් ගොඩ නගාගනිමින් ( මෙහෙම අදහසක් එමටම කෙනෙකුගේ හිස තදින් කොහේහෝ හැප්පිය යුතුය!) එවන්වූ වියාදියකින් ශ්‍රී ලාංකීය ජනතාව බේරා ගැනුමට තමන්ම ස්වේච්චාවෙන් පත්වී, පුර්ණ ධනවාදී අදහස් වලින් සකල දේශවාසී ශ්‍රී ලාංකිකයා සන්නද්ධ කිරීමේ මහා තැටවුමක (ඇමෙරිකාවේ සිට කොමෙන්ට් කොටමින්!) සිටිනා අපේ එළකිරි ධනවදියට පෙලට සිට ගැනුමට අශෝක හදගම හමුවී ඇතිලු!!!! අනේ වාසනාවන්!!!!! ( මේ නිසාම ලංකාවේ සියලුම වාමාංශික පක්ෂ කොන්දේසි විරහිතව විසුරුවාහැරීමට කටයුතු කරමින් සිටි).
Deleteමෙතන ගැටලුව තියෙන්නේ ඔහේ අනිකුත් සියලුම ධනපතියන් මෙන්ම සියල්ල තවකෙකුගෙන් සොරකම් කරගෙන තමන්ගේ සේ දෙසාබාන පාදඩ තක්කඩියෙකු වීමයි. නමුත් කරුමේ කියන්නේ ඔහේට හොරකමක්වත් හරියට කරගත නොහැකි වීමයි. හදගමගේ දෘෂ්ටි වාදී වෙනස්කම් වලට අදාල ලිපිය ඉහත උදාහරණ සහිතවම 90 දශකයේ සිතිජය සගරාවේ පලවිය (දේශපාලනය කණ්ඩනය වන තැන් නොවේ!, එය වැරදි අර්ථකථනයකි, දුන්හිද අද්දර තුල වාමාංශික අදහස් වලින් කණ්ඩනය වීමක් ????!!, හඳගම ගේ සින්තටික් සිහින පශ්චාත් නුතනවාදී අදහස් වලින් කණ්ඩනය වීමක් ????!!!! අනේ බන්!!). නිර්මල්ගේ සාලයේ කට ඇරන් බලාසිටි සමයේ උඩින් පල්ලෙන් කියවූ ලිපියේ තිබු යමක් යමක් කොට දමා හදගම පිළිබද A to z හදාරා ඇති ලෙස කොමෙන්ට් කොටා දැමීම ඔහේගේ නරුම කමද ?අමන කමද? දෙවනුව සින්තටික් සිහින වලට පසුව කරන ලද ටෙලි නාට්‍ය (Take This Road, East is Calling) හා චිත්‍රපට (Me Mage Sanda,Flying With One Wing, Aksharaya A Letter of Fire, Vidu) අයිති වන්නේ මොන ගොන්නටද? ඒවා බලන කොට හදාගම සමග පෙලට හිටගන්න හිතෙන්නේ නැද්ද??
තෙවනුව, අපගේ කලින් ගැටලුවම ඔහෙගෙන් නැවත අහනවා මොකද කලින් ගැටලුවට පිළිතුරු නොදී වංචා කර ඇතිනිසා, //"හඳගම ගේ වමත් සමග ඇති සම්බන්ධය පෙකනිවැලෙන් කඩා දමන මොහොත සනිටුහන් කරයි" මහා යුග පෙරළියකට හේතු බුත වියහැකි මේමහා සොයාගැනීම ඔයා කලේ පරකුම්ගේ ලියවිල්ලේ මොන කැල්ල දැකලද? චිත්‍ර පටිය නොබලා චේද කීපයක ලිපියක් හරිය නොකියව ඔහේට මේ සිතුවිල්ල පහලුනේ ඉබේටමද,?එහෙම නැත්නම් වැල අදින ගමන්ද? බඩු ගහන ගමන්ද?//
අපිට අන්තිමට කියන්න තියෙන්නෙත්, "හදගමත් එක්ක පෙලට හිටගත්තම ඔහේව හොයන්න අන්වීක්ෂ ඕනෑවෙයි. ඔහේ එච්චර පුංචි විකෘතියක්.
"ඕඩර් ඔෆ් ක්‍රිසෙන්තමම්ස්" ඩී එච් ලෝරන්ස් ලියූ කෙටි කතාවකි.
ReplyDeleteතාරක දේවගේ
ස්තුතියි, නිවාරදි කළා
Delete