ඔබත් පාර්ලිමේන්තු සිහිවටනයක් මිළදීගන්න

ලංකාවට එන විදේශ සංචාරකයන්ට සිහිවටනයක්‌ ලෙස විකිණීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ ආකෘතියක්‌ ඇමැති ඩග්ලස්‌ දේවානන්දාගේ උපදෙසින් නිර්මාණය කර තිබෙන බව අද දිවයින පුවත්පතේ දැක්වේ.

ලංකාවට එන විදේශ සංචාරකයන් මේ දැවැන්ත සිහිවටනය රැගෙන යනු ඇතැයි දේවානන්දා බලාපොරොත්තු වනු ඇත.

මේ සිහිවටනය නිකම් විකිණෙන්නේ නැ. එය අලෙවි කළ යුතුය. ඒ සඳහා ලංකාවේ පාර්ලිමේන්තුවේ ඇති වැදගත්කම පැහැදිලි කර දිය යුතුය.

දේවානන්දා වැනි ත්‍රස්තවාදීන් අවි අත දරාගෙනම ඡන්ද විස්සෙන් තිහෙන් තේරී පත්වී දිගු ගමනක් පැමිණි පාර්ලිමේන්තුව මෙයයි.

ලංකාවේ කළු සල්ලිවලින් සුදු වූ රෙදි ඇඳගත් ලජ්ජා රහිතම මිනිසුන් සිටින තැන මෙයයි.

ජනතාව බලවත්ම පල් හොරුන්, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, මහජන දේපල සොරකම් කරන්නන් ආදීන් තෝරා පත් කර එවන ස්ථානය මෙයයි. 

මෙහි නිෝජිතයකු වීමට මුවාවී මහජන මුදලින් අසීමිත සැප සම්පත් විඳින මිනිසුන් සිටින පාර්ලිේන්තුව මෙයි. 

මේ ලැයිස්තුවට ඔබේ අදහසුත් එක්කරන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. කාල්ටන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් (Carlton Motor Sports Club) ආයතනය ලක්ෂ දාහකට (93,366,272.00) ආසන්න මුදලක් වියදම් කොට ලැම්බෝගිනි වර්ගයේ රේසිං කාර් ඇතුළුව මෝටර් රථ 19ක් ගෙන්වා ඇතැයි වාර්තාවේ. මෙම රේසිං කාර් රේගුවෙන් නිදහස් කොට රැගෙන ගොස් ඇත්තේ කිසිදු බදු මුදලක් නොගෙවාය.


    මෙසේ ලැම්බෝගිනි රේසිං කාර් 2යි (රු. 13,672,565.00) ,පෝෂේ රේසිං කාර් 1යි (රු. 6,120,100.00) ,ඇස්ටන් මාර්ටින්, නිසාන් ෆෙයාර්ලේඩි සහ හොන්ඩා සිවික් රථය බැගින් (රු. 25,782,550.00) ඉටියෝස් රේසිං කාර් 13යි. (රු. 47,791,057.00) ගෙන්වා ඇත.

    භාණ්ඩ ආනයනයේදී වරාය හා ගුවන් තොටුපළ ගාස්තු, රේගු ආනයන බදු, නිෂ්පාදන බදු, වැට් බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු අයකරයි. මෙම බදු කිසිවක් නොගෙවා ඇති අතර ඒ හේතුවෙන් රටට අහිමිව ඇති මුදල රුපියල් ලක්ෂ දෙදාස් විසිදෙකකට (202,231,439.00) අධිකය. රේසින් කාර් බදු මුදලින් නිදහස් කළත් රේගුවට අනිවාර්යයෙන්ම මෙම බදු මුදල ගෙවිය යුතුය. පසුගිය අය-වැයෙන් රේසිං කාර් ගෙන්වීමේදී ගෙවිය යුතු බදු මුදල ජනාධිපතිවරයා විසින් ඉවත් කළේය. ගෙන්වා ඇති රේසිං කාර් 19න් 13ක් සඳහා සේවා ගාස්තු මුදල් ලෙස රුපියල් 2,500/= ගෙවා දෙසැම්බර් 11 වැනි දින නිදහස් කොට ගෙන රැගෙන ගොස් ඇත.

    ජපානයෙන් එන්ජින් ධාරිතාව 3900 යේ පෙට‍්‍රල් පොෂේ (Porsche - 3900 CC) රථයක්ද, මලයාසියාවෙන් එන්ජින් ධාරිතාව 3,500 යේ ඇස්ටන් මාර්ටින් රථයක් (Aston Martin - 3500 CC), නිසාන් ෆෙයාලේඩි රථයක් (Nissan Fairlady - 3500 CC) සහ හොන්ඩා සිවික් රථයක් (Honda Civic - 3500 CC) ගෙන්වා ඇත. ලැම්බෝගිනි රථ දෙකක් (Lamborghini Callardo - 4961 CC) ගෙන්වා ඇත්තේ හොංකොං සහ මැකා ඕ රටවලිනි. ඉතිරි රථ 13ම ගෙන්වා ඇත්තේ ඉන්දියානු මෝටර් රථ (Toyota Kirloskar Motor Private Limited) සමාගමකිනි.

    එම සියලූම රේසින් කාර් නවීනතම මෝටර් රථ වන අතර (Brand New Etios Motor Racing Car) එන්ජින් ධාරිතාව 1496 රථ 08ක්ද එන්ජින් ධාරිතාව 1197 රථ 05ක්ද ඊට ඇතුළත්ය.

    කාල්ටන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් වෙනුවෙන් මෙම රේසිං කාර් ගෙන්වීමේ කාර්යයේ යෙදී සිටින්නේ ගැක් ලොජිස්ටික් (Gac Logistics ltd) ආයතනයයි.

    පාවිච්චිකර ආපසු යැවීමේ පදනම මත (Car Net) මෙම වාහන ආනයනය කරනු ලැබ ඇත. මෙම නීතිමය හිඩැසෙන් රිංගා කාල්ටන් ස්පෝර්ට් ක්ලබ් ආයතනය කිසිදු බදු මුදලක් නොගෙවා රේසිං කාර් ගෙන්වුවද රේගු නිලධාරීන් පවසා සිටින්නේ ඒවා නැවත යැවීම පිළිබඳව ඇත්තේ ගැටලූ සහගත තත්වයක් බවයි. භාවිතයෙන් පසු ආපසු යැවීමේ කාලය මාස පහක් වුවත් එම කාලය අවශ්‍ය පරිදි දික්කරගත හැකිය. මොහොතින් මොහොත රේගු නිලධාරීන් දේශපාලන බලපෑම් මත මාරු කරන්නේද මෙම මහා පරිමාණ වංචාවන් සඟවා තැබීමේ අරමුණෙන් බවද ඔවුහු පවසති.

    ReplyDelete
  2. ලාබම කෑම තියෙන රෙස්ටෝරන්ට් එක තියෙන්නේත් ඔතන නේද?

    ReplyDelete
  3. බඩ නෙරාගත්ත,සුදු ඇදගත්ත මගෝඩිස්ලාගේ රුප එක එක සයිස් එකෙන් හදල 10/=,20/=,50/=,75/=,100/=ට වික්කනම් සංචාරකයො විතරක් නෙමෙ,චන්ද කාලෙට අපේ එව්වනුත් ගනියි පෝලිමේ ගිහිල්ල.

    ReplyDelete
  4. Loke inna elakirima gonbadu deshapaalanayakaranneth okemaneda?

    ReplyDelete
  5. ගිරිය පුප්පං කෑගහල ඕනි ගොන් කතාවක් මහාහරබර දේශනයක් වගේ පේන්න කියල “පොර“ වෙන කාර්ඩ්බෝර්ඩ් වීරයෝ රොත්තක්ම ඉන්නේ මෙතනයි.

    ReplyDelete
  6. mema sthanaya uththreetharaya,namuth dan ballata gihinya.

    ReplyDelete
  7. කියන්න දෙයක් නෑහෑ අයියෙ ඔයා ලුනු ඈබුල් අතුව කියල ඉවරයි.. බහුතරය මොලේ හිරි වෑටිච්ච මන්ද බුද්ධිකයො ටිකක්.. නීති සන්ගමෙ රෑස්වීම දෑක්කා නේද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා