සරෝජා, මහින්ද (චන්ද්‍රසේකර), දීපිකා, රත්තරං, රෝහිත භාෂණ හා ජාතීන්ගේ ප්‍රශ්නය

මහින්ද චන්ද්‍රසේකර 'මාතොටින් එන උතුරු සුළ‍ඟේ - ගිනි සිඹින මඩු පල්ලියේ - දෑස් අග නෙතු කඳුළු රන්දන සරෝජා මගෙ දෝනියේ' ගීය රචනා කළ සමයේ ඔහු ජාතිවාදයට විරුද්ධ ස්ථාවරයක් දැරුවෙකි. කලක් හේ ජයතිලක බංඩාර සමග 'සාදුජනරාව' සංගීතමය සාම වැඩසටහන කරගෙන ගියේය. 

1994දී චන්ද්‍රිකාගේ බලයට පැමිණීම බොහෝ ශුද්ධ වූ දේ කෙළෙසීමේ ආරම්භය වූ අතර 2009දී මහින්ද රාජපක්ෂ දෙමළ අරගලය ලෙයින් යකඩින් මර්දනය කරනවිට මහින්ද චන්ද්‍රසේකර මෙන්ම රජරටින් බිහිවූ තවත් රැඩිකල් කලාකරුවන් වන කරුණාරත්න දිවුල්ගනේ වැනි අයද මහින්ද පසුපසින් වැටී සිටියහ. ඔවුන්ගේ හදවත්වල කෙසේ වෙතත් දෑත්වලනම් දෙමළ ලේ තැවරී ඇතැයි මට සිතේ. (ේ පරපුේ අය අතරින් සුවිෂ මිනිසා ජයතිලක බංඩාර බව ෞරවයෙන් යුතුව සටහන් කරමු.)

කෙසේවෙතත්, මහින්ද චන්ද්‍රසේකර සොඳුරු මිනිසෙකි. මහඟු මිතුරෙකි. වරක් මෙම සටහන තබන ලේඛකයා ස්ථානමාරුවක් නිසා අතිශය දුෂ්කර තත්වයක සිටියදී මහින්ද ඔහුගේ මිතුරකු මගින් ‍එම ගැටලුව විසඳා දුන්නේ උණුසුම් මිත්‍රශීලී හැඟීමකිනි. එදා ඔහු මා සමග අනුරාධපුරයේ රාජ්‍ය නිලධාරියකුගේ නිවසට යන්නට පැමිණියේ ඔහුට කිසියම් ගුවන්විදුලි වැඩසටහනකට සවන් දීමට තිබියදීය. එකී රාජ්‍ය නිලධාරියාගේ නිවසේදී අපි එම ගුවන්විදුලි වැඩසටහන ඇසීමු. සරෝජා චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹී තිබුණු ඒ දිනවල එම වැඩසටහනට සහභාගිවී සිටියේ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායකයි. මහින්ද චන්ද්‍රසේකර උනන්දුවුණේ එම චිත්‍රපටයට නම තැබීමේදී ඔහු‍ගේ ගීතය බලපෑවාද යන්න දැනගැනීමටයි. එය එසේ වූ බව සෝමරත්න දිසානායක කීවේය. 

සරෝජා ගීතය මෙන් නොව නරක දෙමළ සටන්කරුවන් හා හොඳ සිංහල සොල්දාදුවන් ගැන කියැවුණු සරෝජා චිත්‍රපටය සිංහල ස්වෝත්තමවාදී කතිකාවේම කොටසක් විය.

සාදුජනරාව තුළින් යුද විරෝධී සංස්කෘතික ව්‍යාපාරයේ ප්‍රබල චරිතයක් වී සිටි මහින්ද චන්ද්‍රසේකර එතැනින් ඈත්වන්නට යුද විරෝධී සංස්කෘතික ව්‍යාපාරයේ ඇතැම් අඩුපාඩුද ඉවහල් විය. යුද විරෝධී සංස්කෘතික ව්‍යාපාරය අර්බුදයට ලක්වුණේ දෙමළ අරගලයේ සාධාරණත්වය පිළිගැනීමේ පදනමින් දෙමළ සටන්කාමීන් පිළිබඳ අවිවේචනාත්මක ස්ථාවරයක් වෙත තල්ලුවීමත් සමගයි. දෙමළ සටන්කාමිත්වය ප්‍රතිරෝධය ලෙස පමණක් සැලකිය හැකිද යන්න ප්‍රශ්නයකි. දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය පැහැදිලිවම දෙමළ ජාතිවාදී ව්‍යාපාරයක් වූ අතර ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයන්ගේ පදනම ප්‍රතිරෝධයට වඩා දෙමළ ස්වෝත්තමවාදය විය.

මහජාතිවාදයට එරෙහිව සුළුතර ජාතීන් විසින්ද ඔසවා තබනු ලබන්නේ ජාතිවාදයම නම්, මහජාතිවාදයට එරෙහිව පීඩිත ජාතීන්ගේ ප්‍රතිරෝධය සාධාරණ වන්නේ නැත. එවැනි සංදර්භයක් තුළ ප්‍රගතිශීලීන් විසින් කළයුතුව තිබුණේ සුළුතර ජාතිවාදය ප්‍රවර්ධනය කිරීම නොවේ. වඩා පුළුල් පොදු අනන්‍යතාවක් ප්‍රවර්ධනය කිරීමයි. විශේෂයෙන්ම මහ ජාතියට අයත් ප්‍රගතිශීලීන්ගේ වගකීම එය විය. 

මහින්ද චන්ද්‍රසේකර යුදවිරෝධී සංස්කෘතික ව්‍යාපාරයෙන් ඈත්වීමට හේතු වූ දේශපාලන සංදර්භය මෙයයි. ඔහු වැනි ආධිපත්‍යවාදී නොවන සිංහල අනන්‍යතාවක් අගය කළ මිනිසුන්ට‍ සාදුජනරාවට බලපෑ හිරු කණ්ඩායමේ මතවාදය විසින් බලපෑම් කළේ දෙමළ ජාතිවාදය වැළඳගැනීමටයි. සිංහල මිනිසුන් දෙමළ ජාතිවාදය වැළඳගතයුත්තේ කුමකටද? 

ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය හා සම්බන්ධ කතිකාවට හිරු කණ්ඩායම හෙවත් රෝහිත භාෂණ කළ මැදිහත්වීම සම්බන්ධයෙන් මතු කරගත යුතු සංවාදය එයයි. සිංහල සමාජය තුළ ජාතික ප්‍රශ්නය විෂයෙහි වූ ඔහුගේ සාධනීය මැදිහත්වීම නිශේධනීය එකක් බවට පත් වන්නේ මේ සීමාසහිතකම නිසාය. (ඇමති රත්තරං ලියූ පොත් දොරට වැඩීමේ උත්සවයට රෝහිත භාෂණ කියා නම දැමීමෙන් පෙනෙන්නේ සැබෑ රෝහිත භාෂණව ලංකාවේ සමාජයට අමතකවී ඇති තරමයි. මේ නම රත්තරංට යෝජනා කළේ භාෂණගේ පැරණි මිතුරකු වූ විමල් වීරවංශ වන්නට පුළුවන)

හිරු කණ්ඩායමේ දේශපාලන මතවාදය කැටිකරගත්විට ඉන් කියැවුණේ පීඩිත දෙමළ ජාතියේ විමුක්ති අරගල මාදිලියද ස්වයංනිර්ණ හිමිකමේම කොටසක් බැවින් ප්‍රගතිශීලීන් විසින් කළයුතුව තිබෙන්නේ දෙමළ අරගලය ඒහැටියෙන්ම භාරගෙන එයට මැදිහත්වීම බවයි.  

හිරු කණ්ඩායමේ ගැටලුව වන්නේ ඔවුන් දෙමළ ජාතිවාදය ඉදිරියේ යටත්වීමයි. දෙමළ අරගලයට බලපෑමක් සහිතව සාධනීය මැදිහත්වීමක් කරනවා වෙනුවට දෙමළ ජාතිවාදය කරේ තබාගෙන නටන  තත්වයට පත්වීමයි. දෙමළ දේශපාලන ප්‍රජාවේ විශ්වාසය දිනාගත් සිංහල සිවිල් සමාජ කණ්ඩායමක් ලෙස දෙමළ අරගලයට තමන්ට කළ හැකිව තිබුණු සාධනීය මැදිහත්වීම නොකළ හිරු කණ්ඩායමද දෙමළ අරගලයේ පරාජයට හා එයින් සමස්ත ලාංකීය දේශපාලන ප්‍රජාවටම අත්වූ විනාශයට වගකිවයුතුය. 

කලක් හිරු කණ්ඩායමේ ක්‍රියාකාරිකයකුව සිටි මෙම ලේඛකයා විසින් ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි මෙම කාරණා දිගින් දිගටම මතු කර තිබේ. ඔහු සිතන අන්දමින් ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි සංවාදය ඉදිරියට යා යුතුව තිබෙන්නේ ප්‍රායෝගික මැදිහත්වීම් පිළිබඳ සංවාද ඔස්සේය. 

ආරක්ෂිත බටහිර හරිත තණබිම්වල සිටිමින් 'මල්වැවීම, මුද්දර එකතුකිරීම හා අවංක මිතුරු ඇසුර' වැනි විනෝදාංශද ෆේස්බුක්වල බොළඳ කෙළිකවටකම්ද කරන පැරණි සහෝදරයින්ට අප කියන්නේ ේවාලවලින් බිමට බසින්නට කියාය. 

මේ සටහන තබන්නට හේතුවුණේ දිවුල්ගනේගේ බලපෑම නිසා සරෝජා ගීතය අකැමැත්තෙන් ගැයූ, පසුව එයට හිලව් වන්නට යුද්ධය වෙනුවෙන් ඇතිතරම් ගීත ගැයූ දීපිකා ප්‍රියදර්ශනීට ගුසී නම්වූ ජාත්‍යන්තර සාම සම්මානයක් ලැබීමයි. එහි අපට තිබෙන එකම වැදගත්කම එම ගීයේ සංකල්පමය නිර්මාතෘවරයා වන මහින්ද චන්ද්‍රසේකර ඔස්සේ ජාතික ප්‍රශ්නය ගැන කතාකරන්නට අවස්ථාවක් ලැබීමයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. ඔය සින්දු කියන අය ඒවා කියන්නේ හදවතින් නොවේ. අහන අයත් එහෙමමයි, කරන්නේ තනිකර බොරුව. මා ගණිකාවන් ගැන ලියු ලිපියෙන් එය මනාව ඔප්පු වූවා. අමරසිරි පීරීස් ගායනා කරන රංබන්ඩා සෙනෙවිරත්නයන් ලියු ළඳුනේ ගීතයට සමාජය දක්වන අනුකම්පාව ඒ ගීයේ ප්‍රස්තුතයටත් දක්වනවානම් ළෝකය කොතරම් සොඳුරුද පැරා. සරෝජා ගැනත් එසේමයි.

    ReplyDelete
    Replies
    1. මාතලන්, හැමෝම ගැන එහෙමමයි කියන්න බෑ නේද? සමහරක් මවා ගත්තු දේවල් ගැන ගීත ලියනකොට ගයන කොට එහෙම වෙන්න පුළුවන් වුනත්, හදවතින්ම එන හැගීමක් ගීතයකට පෙරලන මිනිස්සු එහෙම වෙයි කියලා හිතන්න අමාරුයි.

      Delete
  2. " ආරක්ෂිත බටහිර හරිත තණබිම්වල සිටිමින් 'මල්වැවීම, මුද්දර එකතුකිරීම හා අවංක මිතුරු ඇසුර' වැනි විනෝදාංශද ෆේස්බුක්වල බොළඳ කෙළිකවටකම්ද කරන පැරණි සහෝදරයින්ට අප කියන්නේ දේවාලවලින් බිමට බසින්නට කියාය. "

    අජිත් පරකුම්ට කියන්නට ඇත්තේ අන්තර්ජාල ස්ව්‍යං​​මෛයිත්‍රන්‍ය ආතල් නොගෙන සමාජයට අවම වැඩක් කරන්න කියාය.

    තමන්ට කැමති කැමති ලෙස ඉතිහාසයේ චෙස්බෝඩ් ඇදීමට රිසියෙකු වන අජිත් පැරතුම් යනු වෙබ් හිස්ටිරකයේ සැබෑ පිළිබුවකි....

    පැරා පොළව තබ බො​හෝදුරය...

    ReplyDelete
    Replies
    1. සමහර විට ඔය මල් වැවීම, මුද්දර එකතුව, හා මිතුරු මිතුරියන් ඇසුර වැනි දේවල් වල නිරත වෙන්නේ, පොඩි කාලේ කරන්න බැරි උන එවැනි සරල හා අසාමාන්‍ය නොවන ජිවන කාර්යයන් ගැන තියන පසුතැවීම නැති කර ගන්න වෙන්න ඕනේ. ඒකෙ වරදක් කියන්න බැහැ. අනික පැරකුම් කියනවා වගේ, එහෙ ඉඳන් ලංකාවේ "පුර්ණ සමාජවාදය" පිහිටුවීමට අන්තර්ජාලයෙන් විප්ලව කිරීම ඔය කරන මිතුරු මිතුරියන් ඇසුරට වඩා කුහක දෙයක් නේද? සමාජයේ අනික් පුද්ගලයන්ගෙන් වියුක්ත (මුද්දර එකතු නොකරන, මල් නොවවන ....) මේ "විප්ලවවාදියා" වයස අවුරුදු හතලිහ වන විට නතර වන තැන අප අවුරුදු පනහක් පමණ තිස්සේ දැකලා තියනවා. පැරකුම් පවා එයට උදාහරණයක් නේද?

      Delete
    2. අප සිටින පොළව ඔබට නොපෙනෙන්නේ ඔබ සිටින්නේ පොළවේ නොව පොළව මතුපිට තනාගත් වේදිකාවක නිසාය. මේ බ්ලොග් ලිවීම හැර මෙම ලේඛකයාට වෙනම සමාජ ජීවිතයක් තිබේ. එහි දේශපාලනය ඔබ දන්නා එක නොවේ. මන්ද, ඒ වනාහි දේශපාලනය කරනවා යයි කියන උපකුලක සමග කරන එකක් නොවේ.

      Delete
    3. පැරකුම් කෑල්ල දාන්නේ නැත්තේ රනිල් ඒක පාවිච්චි කරන නිසාද....?

      Delete
    4. මේ වගේ වැදගත් සභාවක විහිළු කරන්න එපා මාතලන්

      Delete
    5. අප කවුරුත් ඉන්නේ වේදිකාවල කෙසේ වෙතත් තනා ගත් අට්ටාල වල තමා පැරකුම්. මා අන්තර්ජාලයේ විප්ලව කරනවා යයි කියුවේ ඔබට නොවේ. මා ඔබේ ජීවිතය හෝ දේශපාලන ජීවිතය දන්නේ නැහැ. නමුත් ඔබේ දේශපාලන මතාන්තර වෙනස් වුන ආකාරය ඔබගේ බ්ලොගයම කියා පානවා. ඒ ගැනයි මා කියුවේ. මා ඉන්න අට්ටාලයේ ඉඳන් බලන විට එයින් එපිටට මට පෙන්නේ වත්, සොයා යන්න අවශ්‍යතාවයක් වත් නැහැ. මා කියුව දෙයින් ඔබ පැනලා ගිහින් වෙන දෙයක් ගැනයි කතා කරන්නේ. ලංකාවේ ඉන්න තරුණ විප්ලව වාදීන්, ඔවුනගේ වයස අවුරුදු හතලිහ පනින කොට මතුවන අනික් මිනිහා ගැනයි මා කියුවේ. ඔවුන් බොහෝ වෙලාවට, අර තරුණ කාලේ මල් වවපු, මුද්දර එකතු කරපු, මිතුරුමිතුරියන් ඇසුරු කරපු, "සාමාන්‍ය මිනිසාටත්" වඩා එක අතකින් "ප්‍රතිගාමී" හා අනෙක් අතින් සමාජ විරෝධී කෙනෙක් බවට පත් වෙනවා. මෙයට උදාහරණ එම දේශපාලනය කල ඉහලම ඇවරියේ අය අතර මෙන්ම, කැනේ කන්න බැරි පහලම ඇවරි වලත් ඉන්න බව අට්ටාලයක ඉන්න මට වඩා, පෞද්ගලිකව ඔවුන් හඳුනන ඔබ දන්නවා ඇති. මෙයින් පිරිසක් ගැන තමා ඔබ කියන්නේ බටහිර තණ කමින් ඉන්නවා කියා. මා කියුවේ ඒ තණ කන පිරිසෙන් ඔය මිතුරු මිතුරියන් ඇසුරු කරමින් මුද්දර එකතු කරන පිරිස් වඩාත් අවංකයි, එහෙ තමනුත් ධනවාදයේ තණ කමින්, දරුවන්ටත් කවමින්, ලංකාවේ පුර්ණ සමාජවාදය පිහිටු වීමට අන්තර්ජාලයේ විප්ලව කරන කුමාර මහත්තයලට වඩා. කුමාර මහත්තයලා පවා මේ මෑතක් වෙනතුරු ගෙන ගිය අරගලයත්, අද පවා ඔවුන් පෙනී සිටින මතවාදයනුත් අට්ටාල වල ඉන්න අපට දැනෙන පරිදි මනුෂ්‍යත්වයට වඩා ලං වන්නේ ජාති වාදී පැසිස්ට් වාදයටයි.

      Delete
    6. සමාවන්න, ඔබ උත්තර දීලා තියෙන්නේ පළමු වන අනෝට මිසක් දෙවෙනියට ලියුව එකාට නොවන නිසා ඉහත ප්‍රති උත්තරය අදාළ නොවන එකක් බවට පත්වෙනවා!

      Delete
  3. අපේ රටේ කලාකරුවන් නැත.තමන් කලාකරුවන් යයි කියාගන්න ගෝත්‍රිකයන් පිරිසක් පමණක් සිටියි.

    ReplyDelete
  4. පැරකුම්​ට ඇති රෝගය හඳුනා ගැනීමට ඉඟ කීපයක් ලබාදෙමි- ලේඛකයා විසින්ද
    ලේඛකයාට , ලේඛකයාගේ ,ලේඛකයා ලේඛකයා ලේඛකයා.... මේ තමා පැරකුම්ගේ රෝගය.

    පැරකුම්ට ඉන්දියාවට ගොස් නැවත පැමිණීමට සිදුවීමත් භාෂණ ජර්මනියේ සිට තවමත් සිය දේශපාලන ස්ථාවරය දරාගනිම් සිටීමත් පැරකුම් ඇතුළ තවත හිටපු හිරුක්‍රියාකාරීන්ට ජීර්ණය කරගන්න බැරිවී තිබේ

    හිටපු එක්ස් ක්‍රියාකාරීන්ද පෙසප පසුපස යන අතර හිටපු හිරු ක්‍රියාකාරීන්ද පෙසප පසුපස යෑම අපට අනුවනම් මූණ පුක තුළ ඔබාගැනීමේ ලැජ්ජාවකි. පැරකුම් ද පෙසප පසුපස යන බව දැනගන්නට ලැබීතිබේ. ජනරල ප්‍රියන්තර සහෝදරයා මේ කපුකම කරන බව ආරංචිය. තවත් හිටපු හිරු ක්‍රියාකාරිකයෙකු පෙසපට ආදා ගැනී​මේ සිදුකල අනිල් සහෝදරයාද මේදිනවල තම වැරවීරය යෙදමින් සිටින්නේ හිටපු හිරු ක්‍රියාකාරිකයන් පෙසපට ආදා ගැනීමටය.

    මාගේ පෙම්වතියට අපුරූ මේලයක් ලැබුණි. ඇය දෙමළය. එයට පෙසපට සම්බන්ධ පුද්ගලයෙකුගෙනි. එහි වන්නේ සහෝදරී ඔයා කැමති නැද්ද අපේ පක්ෂය එකක් වැඩ කරන්න. ' මම ඈයට කීවේ පිළිතුර ලෙස දෙමළ ජනයාගේ ස්ව්‍යංතීරණ අයිතිය ඔයාලා පිළිගන්නවාද කියා අසා මේලයක් යවන ලෙසයි.

    තව එකක් දැන් මතක් වුනේ හිටපු හිරු ක්‍රියාකාරීන්ගේ දැන් විලාසිතාව (භාෂණ සහ තවත් සහෝදරවරු කීපදෙනෙක් ඇරෙන්නට) අපේ භාවිතාවෙන් සිංහල ජානතාව අපෙන් ඇත්වුනා යනුවෙන්.

    ඒ අයට කියන්න ඇත්තේ විමල් වීරවංශ අනුගමන කරන ලෙසයි. සිංහල ජනතාව ඔහුය හරි කැමතිය...

    ReplyDelete
    Replies
    1. කිසි තාර්කික අදහසක් ඔබේ පිළිතුරේ නැත.

      බටහිර රටක නන්නත්තාර වී ලංකාව දෙස බලාගෙන විරවනවාට වඩා අප දන්නා හොඳ හෝ නරක හෝ මිනිසුන් සමග මෙහි ජීවිතය විඳීම ගැන අපට දුකක් නැත. එසේම එහි වැදගත්කමක්ද නැත.

      අප මතු කරන්නේ හිරු කණ්ඩායමේ දේශපාලන භාවිතාවේ ගැටලුවක් මිස භාෂණගේ හෝ මගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ කාර්නාවක් නොවේ.

      සැබෑ දේශපාලන ස්ථාවරයන් යනු සංවාදයට භාජනය කර අවශ්‍යනම් වෙනස් කළයුතු දේ මිස කැපුවත් රතු කියා කියන ජාතියේ මෝඩකම් නොවේ. සංවාදයෙන් පරීක්ෂා කරගන්නට සූදානම් නැති ස්ථාවර රැකගැනීම වීරකම්ක් නොව මෝඩකමකි.

      හැකි නම්, අප ඉදිරිපත් කළ දේශපාලන කාරණා විවේචනය කරමින් සංවාදයට පිවිසෙන්න. අප කී කරුණු වෙනුවෙන් අප පෙනී සිටිනවා, කුමන අනතුරක් මධ්‍යයේ හෝ.

      අනෙක මේ කාරණා නින්දෙන් අවදි වූවා සේ හිටිගමන් කියන කාරණා නොවෙයි. අප මේවා කීවේ දෙමළ අරගලය පරාජය වන්නත් ඉස්සර.

      අවසන් වශයෙන් කිවයුත්තේ එක් ජාතික ස්වෝත්තමවාදයකට එරෙහි වෙමින් තවත් ජාතික ස්වෝත්තමවාදයක් වන්දනා කිරීම ප්‍රතිගාමී ක්‍රියාවක් බවයි.

      Delete
  5. කිසි තාර්කික අදහසක් ඔබේ පිළිතුරේ නෑ- පැරකුම් මගේ කරුණු දැක්වීමට ඔහුගේ ප්‍රවේශය ගන්නේ එතැනනි. ඒ ඔහුට අනුවය. ඔහුගේ දැනුමට අනුවය සහ ඔහු විශ්වාස කරන දේට අනුවය.

    හිරුකණ්ඩායම කලේ කුමක්ද ?
    මහ ජාතියක් විසින් සුළු ජාතියක් මත හෙළන පීඩනයට එරෙහිව සිය දේශපාලනය මෙහෙයවීමයි. අජිත් අට අනු එය එක් ජාතික ස්වෝත්තමාවාදයකට එරෙහි වෙමින් තවත ජාතික ස්වෝත්තමවාදයක් වන්දමා මාන කිරීමක් වූවද දේශපාලනයට අනුව එය සුළුතරය වෙනුවෙන් දේශපාලනයේ යෙදීමකි.

    පැරකුම් මතුකරන අදහසේ අවසානය යළිත් සිංහල ස්​වොත්තමවාදයට නැවත වටයකින් ඔක්සිජන සපයයි.

    පැරකුම් සහ විමල් වීරවංශ වෙනස් වන්නේ කොතැනින්ද?

    ReplyDelete
    Replies
    1. පැරකුම් සහ විමල් වීරවංශ වෙනස් වන්නේ මෙසේය: විමල් වීරවංශ සිංහල ජාතිවාදයට එරෙහිව මතු වුණ දෙමළ ජාතිවාදයට වැරගන්වන ලද සිංහල ජාතික ස්වෝත්තමවාදයකින් මිලිටරි විසඳුමක් යෝජනා කරයි. පැරකුම් යෝජනා කරන්නේ සිංහල, දෙමළ දෙජාතියට එක් දේශපාලන ප්‍රජාවක් බවට පත්වියහැකි ලාංකික අනන්‍යතාවක් වෙනුවෙන් වම සටන් කළයුතු බවයි.

      එක් ජාතික ස්වෝත්තමාවාදයකට එරෙහි වෙමින් තවත ජාතික ස්වෝත්තමවාදයක් වන්දනාමාන කිරීම දේශපාලනයට අනුව සුළුතරය වෙනුවෙන් දේශපාලනයේ යෙදීම යයි ඔබ තර්ක කරයි. එසේ නම්, ගොවිගම කලෝත්තමවාදයට එරෙහිව අප දේශපාලනය කළ යුත්තේ කරාව කුලෝත්තමවාදය සමග විය යුතුය. පුරුෂෝත්තමවාදයට එරෙහිව දේශපාලනය ඇත්තේ ස්ත්‍රී ස්වෝත්තමවාදය තුළ විය යුතුය.

      මෙතන ඇති අනෙක් ප්‍රශ්නය පුරුෂෝත්තමවාදයට එරෙහිව සටන් කරන පිරිමියාට කොහොම කළත් ස්ත්‍රී ස්වෝත්තමවාදියකු විය නොහැකි වීමයි. දෙමළ ටිකක් කටගාගෙන, නළලේ පොට්ටුවක් තබාගෙන දෙමළ වෙන්නට උත්සාහ කිරීමනම් පුරුෂ ලිංගය වෑයෙන් සැහැගෙන පොරොවෙන් පළා ස්ත්‍රී ලිංගයක් හදාගන්නට උත්සාහ කරනවාට වඩා ලෙහෙසිය.

      භාෂණ සිංහල සමාජයට යෝජනා කළේ වෑයේ හා පො‍රවේ විසඳුමයි.

      අප යෝජනා කරන්නේ එවැනි ප්‍රායෝගික නැති, පරිකල්පනීය, මනෝවිකාරයක් නොවේ.

      අප යෝජනා කරන්නේ ඉතිහාසය විසින් දුන් විසඳුමයි. මඩකලපු, වන්නි, මන්නාරම්, යාපන, කිලිනොච්ච්, වැදි ආදී ප්‍රාදේශීය දෙමළ කතාකරන සමාජයන් එක් දෙමළ ජාකියක් බවට පත් වුණේද, උඩරට - පහතරට, මුහුදුබඩ හා විවිධ කුල සිංහලයන් එක් සිංහල ජාතියක් බවට පත් වුණේද ඉතිහාසය විසින් යෝජනා කරන ලද මේ විසඳුම ඔස්සේය. ඒ පුළුල් දේශපාලන අනන්‍යතා ගොඩනඟාගැනීමයි.

      වාමාංශිකයාගේ කාර්යභාරය ඉතිහාසය සමග සිටගැනීම මිස, පුහු සෝබනවලට වශීවී කම අනන්‍යතවෙ නැතිකරගැනීම නොවේ.

      භාෂණ හෙවත් හිරු කණ්ඩායම කරගත්තේ එයයි. අපි එයින් ගැලවුණෙමු. පුහු ආඩම්බරය නැති කරගෙන සංවාදය ඔස්සේ ශුද්ධ වන්නැයි අපි ඔබෙන් සහේදරත්වයෙන් ඉල්ලා සිටිමු.

      සිංහල ස්​වොත්තමවාදයට ඔක්සිජන් සපයන්නේ දෙමළ ස්වෝත්තමවාදය මිස අන් යමක් නොවේ. මෙය අනෙක් පැත්තටද සිදු‍වේ.

      ඔබ කිකිළිද, බිත්තරේද යන ප්‍රශ්නයට විසඳුම් සෙවීම අතහැර කුකුළ් පැටියගේ පරිණාමය ගැන හිතන්න.

      Delete
  6. ප්‍රශ්ණ්‍ය භාෂණ සිය සුලුතරය වෙනුවෙන් තවදුටත් පෙනීසිටිද්දී පැරකුම් සහ අජිත් විසින් අපි යනුවෙන් හඳුන්නවන හිටපු හිරු ක්‍රියාකාරීන් කර ඇත්තේ කුමක්ක?

    ඒවා කෙතරම් දුරට වාමාංශිකද?

    පැරකුම් මේ නිශ්චිත මොහොතේ කරමින් සිටින්නේ කුමක්ද? අපි මේවා සංවාද ගතකරමු.

    ReplyDelete
    Replies
    1. භාෂණ කුමක් කළේද යන්න අපි නොදනිමු. ඔහු කුමක් කළත්, ඔහු කළ දෙයින් දෙමළ අරගලයේ විනාශයට හා එයින් අත් වූ සමාජ ප්‍රතිඵලයට වෙනසක් වූයේ නැත.

      ජාතීන්ගේ ප්‍රශ්නය වෙනුවෙන් අප දිගින් දිගටම මැදිහත් වූ අන්දම මේ බ්ලොගය හාරා සොයාගන්න.

      අන් අය ගැන මම නොදනිමි. මම තනි පුද්ගලයෙක් පමණි.

      Delete
  7. පැරකුම් භාෂණට ගෙනෙන දේශපාලන විවේචනය සහ ඉන්පසුව භාවිතාව අතර බරපතල පරස්පරයක් තිබෙනවා... වඩාත් පැහැදිළිව කියනවානම් ​දේශපාලන විවෙචනයයේ කෙතරම් බලසම්පන්නද යන්න තීරණය වන්නේ ඉන්පසුව එලබෙන මොහොතෙදී භාවිතය ඔස්සේ. පැරකුම් තම සිතින් මවාගත් යුතෝපියන් වමක් ගැන ලිබරට් සිහින දකිමින් සිටිනවා විනා ඒ වෙනුවෙන් කරන මැදිහත් වීමක් නැත.

    භෂණගේ දෙමළ ජනයා සඳහා වූ මැදිහත් වී තියුණු දේශපාලනික වටිනාකමක් ගන්නේ එතැනිනි!!

    ReplyDelete
    Replies
    1. ඔබ කියන යුටෝපියානු වම වෙනුවෙන් අප කරන මැදිහත්වීම වනාහි නව විප්ලවීය ජීවිතයක් සොයා යාමට දරන උත්සාහයයි. මැදිහත්වීම් යනු සංදර්ශන නම්, අප ඒ වෙනුවෙන් සංදර්ශන පවත්වා නැති නිසා අප මැදිහත්වීම් කර නැතැයි කියන ඔබගේ කතාව ඇත්තය. එහෙත්, අප ඒ ගැන කොතෙකුත් ලියා ඇත. අප ලියූ දේ සුළු පිරිසක් හෝ කියවා ඇත. තනි පුද්ගලයකු ලෙස කළ හැකි ප්‍රමාණයට අප මැදිහත් වී ඇත.

      අපට කිසිවකු උදව් කර නැති බවද අධ්‍යයනය කර බැලුවොත් ඔබට වැටහෙනු ඇත. එයට හේතුව කුමක්ද යන්නද සොයා බලන්න. අප කාගේවත් සාක්කුවල නැත. ඔබ අගයන වාමාංශික භාවිතාව තුළ එක්කෝ ඔබ කාගේ හෝ සාක්කුවක සිටිය යුතුය. නැතිනම් ඔබ සාක්කුව විය යුතුය. අපි සාක්කුද නොවී, කාගේවත් සාක්කුවල බසින්නේද නැතිව පැවතුනෙමු. ඔබට අප ඊට වඩා මහා මැදිහත්වීම් කරන්නට අවශ්‍යනම් අපට උදව් කරන්න. කාගේවත් අනුග්‍රහය, සහයෝගය, ආදරය වෙනුවෙන් සාක්කුවලට නොබැස ස්වාධීනත්වය රැකගනිමින් තමන්ගේ මතය වෙනුවෙන් පෙනීසිටීමද අප හඳුන්වාදෙන නව විප්ලවීය ජීවිතයේ අංගයකි.

      අපි කම්කරුවෝය. සුළු ධනේශ්වර රාජ්‍ය නොවන සංවිධාන පරපෝෂිතයෝ නොවෙමු. ජීවත්වීම සඳහා අපි වැඩ කළ යුතුය. දේශපාලනය සඳහා කාලය සොයාගන්නට සිදුවන්නේ ජීවත්වීමට වැඩ කරන අතරය.

      අප කරන‍ දේ හෝ භාෂණ කරන දේ හෝ සන්සන්දනය කරන්නට යාම මුග්ධකමකි. අප එකිනෙකා කටයුතු කරන්නේ වෙන වෙනම සංදර්භයන් තුළය.

      අප කළේ භාෂණගේ දේශපාලන මැදිහත්වීම පිළිබඳ දේශපාලන විවේචනයක් මිස පෞද්ගලික විවේචනයක් නොවේ.

      භාෂණගේ දේශපාලන ස්ථාවරය විවේචනය කිරීම ඔබ වැනි අන්ධ භක්තිකයන්ට කෙසේ වෙතත් ඔහුට තම ස්ථාවරයන් පිළිබඳ යළි සිතන්නට ඉවහල් වනු ඇතැයි සිතමි.

      අප මතු කළ දේශපාලන ප්‍රශ්න පිළිබඳ සංවාද කරන්න. මෙවැනි මුග්ධ සන්සන්දන කාටවත් ප්‍රයෝජනවත් නොවේ.

      Delete
  8. ටෙරල් අබේසිංහ

    Anonymous,ඔබ හා පැරකුම් අතර පැවැත්වෙන සංවාදයට මැදිහත් විමට අදහස් කල මා හට,මුලිකව ඔබෙන් අසා විසදා ගත යුතු ප්‍රශ්ණ කිපයක් ඇත, ඒවානම්, ඔබට අනුව;

    භාෂණ යනු තනි පුද්ගලයෙකුද ?

    ඔහු විසින් නියොජනය කරනු ලැබුවේ ඔහුගේ තනි මතයක්ද ?

    "හිරු" කන්ඩායම යනු භාෂණ පමනක්ද ?

    ඔහු පෙනිසිටි මතය කුමක්ද ?

    ඉහත සදහන් ප්‍රශ්ණ වලට ඔබගේ පිලිතුරත් සමග අපි මේ සංවාදය පුලුල්ව පවත්වාගෙන යමු.

    තවත් එක් ඉල්ලිමක් කිරිමට කැමත්යි,එනම් මේ අනුවර්ත නාමය වෙනුවට ඔබේ සැබැ නමින්ම සංවාදය පවත්වාගෙන යමුයි කියායි.

    ReplyDelete
  9. පැරකුම් -

    පැරකුම් නැවත වතාවක් ඔයාගේ සුපුරුදු භීතිකාවන් ටිත නැවත නැවත මතුකර ඇත. මගේ තර්කය වනුයේ ඔබ ඔයකියන දේශපාලන විවේචනය සහ ඊළගට එළබෙන මෙහොතේදී ඔබගේ දේශපාලනය අතර මහා පරස්පරයක් ඇත.

    පැරකුම් වම ජීවන භාවිතාවක් වූ මිනිසුන්ට වම යනු යුතෝපියවක් නොවේ. මගේ සැසදීම මුග්ධද තැතිය යනන්න තීරණය වන්නේ ඔබගේ දේශපාලන භාෂණවෙත ​ගෙනඑන විවිචෙනය සහ ඊළග මොහොතේදීම එම දේශපාලන විචෙනවයට අදාළ ක්‍රියාකාරීත්වයවත් පෙන්නුම් කර නොමැති බැවිනි.

    සක්කු මැසීම හෝ සක්කුවට බැසීම දෙකම නොක දේශපාලනය ජිවිතයට ආදාගැනීම තුළ කටයුතු කරන ගැහැණුන් සහ මිනිසුන් අප ඕනෑතරම් දැක ඇත්තෙමු. මගේ යෝජනාව ඔබ ලියූ අකුරකු අකුරක් පාසා ඔබ නැවත කියවන්න. නැවත සිතා බලන්න ඔයාගේ දේශපාලන විවේචනය සහ ක්‍රියාකාරීත්ව කෙතරම් පරස්පරද කියා...

    ටෙරල් අබේසිංහ -

    භාෂණ කියන්නේ තනි පුද්ගලයෙක්. නමුත් මතවාදයක්. ඔහු විසින් නියොජනය කරනු ලැබු මතය තනි මතයක් නොවෙයි. ඔබ පවා එයට අදාළව සිටි කෙනෙක්. නමුත් එය සිදුවන්​න් භාෂණ විසින් අලුත් දේශපාලන භාවිතාවන් ලංකාවේ දේශපාලනයට හඳුන්වාදීම තුළ. 1995 දෙසැම්බර් මාසසයෙන් පස්සේ හිරු පත්තරේ අවසන් කොම්පියුටරයත් දැන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉන්න අය උස්සගෙන ගියාට පස්සේ ජාතිවාදී ප්‍රධාන ධාරාවේ දේශපාලනය එපිටින් තවත් පීඩිතයන් වෙනුවෙන් ජීවන දේශපාලන පැවැත්මක් පැවතිය හැකි බවට භාෂණ තමයි ලංකාවට හඳුන්වාදුන්නේ.

    නම අනවශ්‍යයි. මන්ද පුද්ගලික මඩගැසීම නැතිනිසා -

    ReplyDelete
  10. ටෙරල් අබේසිංහ -

    බොහොම කනගාටුයි Anonymous සහොදරයා මෙසේ කියන්න සිදුවීම ගැන, ඔබ අඩුම තරමේ ලංකාවේ දේශපාලන ඉතිහාසය ගැන මුකුත්ම දන්නේ නැති බව මොනවට පැහැදිලි වෙනවා. ඒ නිසා තමයි, භාෂණ දේශපාලන භාවිතාවක් නිර්මානය කලා කියල මැරෙන්න යන්නේ.
    (භාෂණගේ දේශපාලන භාවිතාව හා කැපකිරිම් පිලිබදව ගවුරවයක් මා තුල ද පවතින අතර, ඔහු පිලිබදව ඇති දේශපාලනික විවේචනයක් සදහා එය කිසිම බාදාවක් නොවන අතර එහිදි මාහට කිසිම දේශපාලනික කොන්දෙසියක්ද නැත)

    විකල්ප ජිවන පැවැත්මක් සහිත දේශපාලන භාවිතාවක් ලංකාව තුල භාවිතාවට නගනුයේ අපි දේශපාලනිකව එකග වුවද නැතිද රොහන විජේවිර විසිනි.ඔබ වැනි පිලිම වන්දනාව දේශපාලනය යනුවෙන් පටලවාගෙන සිටිනු කෙනෙකු මිස අනිත් ඔනැම කෙනෙකු විසින් පිලිගනු ලබන සත්‍යකි එය, ඔබට එය විස්වාස කල නොහැකි නම් ඔබගේ සුරුවම් කුඩුවේ බහා තබන්නට වලි කන භෂණ ගෙන් මේ පිලිබදව අසා දැන ගන්න.

    අනිත් කාරනාව නම්, ඔබ කිසිම දේශපාලන නියායක් හෝ විද්‍යාවක් නොදන්නවා යැයි හොදින් පැහැදිලියි, ඒ නිසා තමයි, භාෂණ කියන්නෙ තනි පුද්ගලයෙක්ය, ඔහු යනු මතවාදයක්ය (Ideology ) වැනි යන්නෙ කොහෙද මල්ලෙ පොල් කාතා කියන්නේ.

    ඔබ මින් අදහස් කරනුයේ කුමක්ද, ඔබ භාෂණ යනු මතවාදයක්ය යනුවෙන් අදහස් කරනුයේ කුමක්ද යන්න අනිවාරයෙන්ම දේශපාලනිකව පැහැදිලි කල යුතු කරුනකි.( මතවාදයක් යනු කුමක්ද ? වාමාංශයක් ගැන දොඩ මලු වන ඔබට අනුව මතවාදයන් පිලිබදව මාක්ස්වාදී ආස්තානය කුමක්ද?)

    ඔබගෙන් මා කල ඉල්ලිම වන සැබැ නමින් ලියන්න යන්නට ඔබගේ උත්තරය මරේ මරුය. මඩ ගැසිම් නැති නිසා නමින් ලියන්ඩ අවශ්‍ය නැතිලු. නමුත් ඔබ පැරකුමගේ භාවිතාව ප්‍රශ්ණ කරමින කරන්නේ ඔහු මතු කරනු ලබන දේශපාලනික කරුනට පිලිතුරු දිමද ?

    නිර්නාමිකව ලියමින් පැරකුම්ගේ භාවිතාව ප්‍රශ්න කරන ඔබේ භාවිතාව අපි කෙසෙද ලකුනු කරගන්නේ, අපි කෙසෙද දන්නේ පැරකුමගේ භාවිතාව ප්‍රශ්ණ කරන ඔබ කම්බ තක්කඩියෙක්ද කියා.

    උදාහරනයක් වශයෙන්; ඔබගේ සුරුවමක් බවට පත්වි සිටින භාෂණ නායකත්වය දරන JDS එක ගනිමු. එහි තවත් විශාල නායකයකු වන BBC සිංහල සේවයේ මාධ්‍ය වේදි බන්ඩාර භාෂණට හා දේමළ මල මිනි වලට මුවා වී කරන ලද වන්චාවන් ඔබ දන්නවා ඇති ( නොදන්නවා නම් භාෂණ ගෙන් අසා දැන ගන්න )...අපි දන්නේ නැහැනේ භාෂණ වෙනුවෙන් දේශපාලනිකව රෙදි නැතිව කඩේ යන ඔබ අර බන්ඩද කියා. තමන්ගේ අනන්‍යතාවය වසන් කරමින් අනුන්ගේ භාවිතාවන් ප්‍රශ්ණ කිරිමට ඔබට දේශපාලනික සාදාචාරාත්මක අයිතියක් කොහෙත්ම නැත.

    දේශපාලන කරලිය තුල කිසියම් හෝ පොරක් නොවන මා, ඔබේ දේශපාලනය පිලිබදව ඇති උවමනාවට විශේෂයෙන් පිඩිත දේමළ ජාතියේ ප්‍රශ්ණය වෙනුවෙන් ඇති කැක්කුමට ගරු කරන අතර,නොදන්නා දේමළ නිසා වරිගේ නාසා ගන්නේ නැතිව අදාල දේශපලන කාරනාව සම්බන්දව හරවත් සංවාදයක් අරම්බ කරමු යැයි අරාදනා කිරිමට කැමැත්තෙමි.

    ඒ සදහා, පහත සදහන් ප්‍රශ්ණ වලට ඔබගේ පිලිතුරු මත සංවාදය ගොඩ නගමු,

    1) පිඩිත දේමළ ජාතියේ ප්‍රශ්ණය හමුවේ සිංහල වාමාන්ශයේ අතිත භාවිතාව පිලිබදව ඔබේ විග්‍රහාය කුමක්ද ?

    2) ඔබ විසින් භාෂණ යන්නට උනනය කර ඇති "හිරු" කන්ඩායමේ දේශපාලන භාවිතාව පිලිබදව ඔබේ විග්‍රාහය කුමක්ද ?

    ReplyDelete
  11. ටෙරල් අබේසිංහ

    ඔබේ සටහනේ අවසාන ප්‍රශ්ණ 2කට හැර ඉතිරි ඒවාය දෙන්න තිබෙනේ සරල උත්තරයක්. අපි දන්නව ඔබ ​ලංකාවේ දේශපාලන සමබන්ධව මහා ප්‍රඥයෙකු බව.
    හරියේ.

    ඔබ 1996 දි හිරු එකට එකතු වෙන්නේ ​දන්න දේශපාලන මගුලක් නිසා නෙවෙයි. ජවිපෙන් කළුතර කණ්ඩායම කැඩිලා ගියාට පස්සේ යන්න එන මං නැතිව ගිහින්. නැතිව ජවිපෙත් එක්ක තිබුණු න්‍යායත්මක හෝ වෙනයම් අවුලකින් නොවෙයි. හිරු කණ්ඩායම එකතු වීමේන පසුවත් ඔබට අවශ්‍යවෙන්නේ ඔබේ වෘත්තිය කරන ගමන් ඇගේ පතේ අමාරුවට දේශපාලනය කරන්න. ඒක වරදක් නෙවෙයි. එහිදීත් ඔබට ස්ව්‍යං කියවීමක්වත තැබුණේ නැති බව අපි දනිමු. භාෂණ හිරු තුළට ආරෝපණය කළ දැනුම විනා ඔබලා අවම තරමින් අලුත් දැනුමක් ලංකාවේ දේශපාලනයට තියා හිරුතුළටවත් නොගෙන ආ බව අපි දන්නෙමු.

    ඉන්පසුව කාලය ගතවිය. ඔබ දේශපාලනය කියා කලේ භාෂණ සමග බයිසිකලයේ පිටුපස යාමකි. එයට අපට කරන්නට දෙයක් නැත. භාෂණට කරන්නද දෙයක් නැත.

    තවත් කාලය ගතවිය. භාෂණ රටින් පිටවිය. ඔබද රටින් පිටවිය. භාෂත තමන්ගේ දේශපාලනයේ තවමත් නිරත වෙයි. ඔබ JDS එකට ගත්තානම්, අද ද ඔයා පරණ ටෙරල් අබේසිංහය.

    නමුත් නැවතත් දේශපාලනිකව නන්නත්තාර වී සිටන ඔබට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අනිල් සහෝදරයා (ලාල්) හමුවෙයි. ඔබ වහා ඔවුන් සමග එකතු වන්නේ භාෂණට කෙලින්නට උත්සහ කරන්නට විනා ​වෙනත් දේශපාලන කරණා මත නොවේ.

    එම නිස දේශපාලන මතවාද (Ideology ) ගැන ඔයාගේ විශාරද කතා ගැන තවත් උදාහරණ ගෙනහර දැක්විය හැකිය.

    දැන් ඔබේ ප්‍රශ්ණ දෙකට පිවිසෙන්නෙමු.

    මම මුලින්හ කිව්වේ ඒකය ඔබට දේශපාලනයේ ඉතාසරල තැන්ගැන පවා එහෙන් මෙහෙන් අහුලාගත් අදහසක් ඇරෙන්නට සංයුක්ත අදහසක් හෝ මතවාදයක් නැත.

    වීජේවීම හඳුන්වාදුන් දේශපාලන භාවිතාව යම් විකල්ප භාවිතාවක් බව සත්‍යකි. එම භාවිතාවෙන සිංහල මූලික භාවිතාවන් වූ අතරම භාෂණට විජේවීර සහෝදරයා සිරවූ තැන ඉක්මවා යාමට හැකිවිය. ඒ භාෂණ සිංහල ජාතාවිදයෙන් මිදීමයි.

    රෝහණ සහෝදරයාට එය සිය ජීවන භාවිතාවෙන් හෝ ලේඛණතුලවත් ප්‍රයෝගික පෙන්වීමට නොහැකිවයි.


    සිංහල වාමාංශිකවන් ගෙන් පීඩිත දෙමළ ජාතිය හමුවේ සිය භාවිතාව පෙන්නුවේ විකොස ( න්‍යායිකව පමණක්) සහ හිරු කණ්ඩායම් පමණයි. වමාශිකයන්යැයි ලේබන අලවාගත් සියලු දෙනා දෙමළ විශයෙහි අසමත්. විකොස විසින් ඉදිරිපත් කළ න්‍යායත්ම ප්‍රවේශයේ යම් අඩුපාඩු සහිත වුවත් එය විශිෂ්ඨයි. හිරු කණ්ඩායම විසින් යම් යම් අඩුපාඩු සහිත වුවත් එම භාවිතය විශිෂ්ඨයි. භාෂණ සම්බන්ධව විප්ලවීය ආචාරය හිමිවන්නේ එතැනින් මිස කාලෙන් කාලෙට ඔබට වැනි සුරුවම් ලෙඩක් මට නැත.

    සිංහල වාමාංශිකයන් අතීතයේ සහ තවමත් තරමින් සිටින වරද ඔවුන් සිතනවා දෙමළ ජනයාගේ විමුක්තිය රැඳීති​බෙන්නේ සිංහල ජනයා මත කියා. එයද ධනේෂ්ව සිංහල රාජ්‍ය දෙමළ ජනයා මත පිහිටවූ පීඩනය තරම්ම පීඩනයක්. උදාහරණලෙස ඔබ නියෝජනය කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවා දෙමළ ජනයාට තමන්සමග දේශපාලනය කරනන පැමිණෙන ලෙස.
    එම1965 සිටම වාමාංශිකයන් සිදුකරනු ලැබුවා.

    මගේ පලමු ප්‍රශ්ණය ඔබට- දෙමළ ජනතාව අකමැතිනම් සිංහල වාමාංශික පක්ෂ සමග හෝ වනෙත් සිහල කණ්ඩායාම් සමඟ දේශපාලනයේ නිරතවීමට ඔබගේ මොකද කියන්නේ ඒ ගැන?




    ReplyDelete

  12. ටෙරල් අබේසිංහ

    අහෝ කේදයකි මොහු විප්ලව වාදියකි,

    මම මුලින්ම සදහන් කලේ මේ කාරනාව තමයි, එනම් නිර්නාමිකව සිටිමේ විරත්වය;
    ඔබට තමන්ගේ නමින්වත් පෙනි සිටිමට තර්ම් දේශපාලනික කොන්දක් ( කොන්ඩය නොවේ )නොමැති කොට මම මොකටද මම ගැන ලියා ඇති දේ වලට පිලිතුරු දෙන්නේ.
    ඔබ නම සදහන් කිරිමට ඇති බිය මටනම් හොදින් පැහැදිලියි...මොකද නම සදහන් කල පමනින් භාෂණට මුවා වෙන්ඩ වලිකන මේ දේශපාලන නිකමා කවුදකියා මොනවට පැහැදිලි වන නිසා.

    ඔබ වැනි දේශපාලන නරුමයන්ට වඩා මර්වින් සිලවාට කොන්දක් ඇති බව ඔබගේ භාවිතාවෙන් මොනවට පැහැදිලි වෙනවා.

    ඔබට ඔබේ නම සදහාන් කිරිමට කොහෙත්ම හැකියාවක් නැති නිසා මම ඔබව හදුන් වන්නට KR (KP නොවේ මොකද KP යනු මේ කුරුම්බැට්ටි අසලකින් වත් තැබිය නොහැකි වැඩ කරුවෙකි )යනුවෙන් හදුන්වන්නම්, මොකද මෙවැනි නරුමයන් හට සමාන නමක තෙරුම මෙහි තිබෙන නිසා.

    KR ඔබගේ දේශපාලනයේ දිග පලළ මේ පිලිතුරෙන් හොදටම පැහැදිලියි.එබැවින් මේතෙක් කල් කරමින් ආ ආකාරයට දිගටම කරගේන යන්න...මොකද ඔබ කරන්නේ කුමකද කියා බොහො අය හොදින්ම දන්න නිසා

    නිරනාමිකව චන්ඩිපාට් දමන වාචාලයන් සමග මොන දේශපාලන සංවාදද.

    අවසන් වශයෙන්, සියලු විප්ලව වාදී දෙවි දේවතාවුන් ගේ අරක්ෂාවද පිහිටද ලබා, හැකි ඉක්මනින් ඔබ ප්‍රාර්ථනා කරන රටකට ගොස්, විප්ලවීය දිවුය ලොකයේ ඔබ ගේ දෙවි වරුන්ට අවතේව කම් කරමින් සිටිමට ලැබේවා කියා ප්‍රාර්තනා කරන අතර...එවිටවත් මිනිසුන් රවටන්නේ නැතිව සිටිමට ශක්තියද ලැබේවයි කියාද ප්‍රාර්තනා කරමි.

    ReplyDelete

  13. ටෙරල් අබේසිංහ

    KR ඔබේ ජිවන විලාසයට ගැලෙපෙන ගියකට මෙතනින් යනන.

    http://www.youtube.com/watch?v=cWQAxlkbQmc

    ReplyDelete
  14. ටෙරල් අබේසිංහ නියමුවාණනි!ඔබගේ ෆැන්ටසිය සහ ස්වයංවින්දනයේ සීමාවන් ඔබ මේ අයුරින් සටහන් කොට තිබේ. ඔබට යමෙකු වීම අවශයය. එහෙත් ඒ සදහා ගේම් ගැසීම හැර ඔබට කිසිදු නිර්මාණාත්මක යමක් කළ නොහැකිය.
    https://www.youtube.com/watch?v=nbIRPmBAwrs&feature=plcp

    ReplyDelete
  15. ටෙරල් ආබේසිංහ... හරියේ...(තදින් සිනා)

    ReplyDelete
  16. ayyo tero nagaththa neda?

    ReplyDelete
  17. ado tero umba nidida?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා