Posts

Showing posts with the label රෝහිත භාෂණ

විදෙස්ගත අනතුරට පත් සැබෑ මාධ්‍යකරුවන් වෙනුවෙන් කුමක් කරමු ද?

Image
මේ වන විට සරණාගතයන් ලෙස නේපාලය හා තවත් රටවල ජීවත් වන ශාන්ත විජේසූරිය, ජයම්පතී බුුලත්සිංහල වැනි මාධ්‍යකරුවන්ට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බිඳවැටීමෙන් පසු ලංකාවට පැමිණීමට අවශ්‍යතාව තිබුණත් ආපසු පැමිණීමට නො හැකි වී තිබේ. එයට හේතුව වී තිබෙන්නේ ඔවුන් ආපසු එන්නට නම් නේපාලයේ වීසා නොමැතිව සරණාගතයන් ලෙස රැඳී සිටි කාලය වෙනුවෙන් දඩ ගෙවීමට ඔවුන්ට සිදු වී තිබීමයි. මේ අනුව, වසර තුනකට ආසන්න කාලයක් නේපාලයේ සරණාගතයකු ලෙස රැඳී සිටින ශාන්ත විජේසූරිය ආපසු එන්නට නම් නේපාල රජයට රුපියල් ලක්ෂ හතක දඩ මුදලක් ගෙවීමට සිදු වී ඇති බව ඔහු විවර ඊ නිව්ස් වෙබ් අඩවියට පැවසුවේ ය. මෙවැනි මුදලක් ගෙවීමේ හැකියාවක් දීර්ඝකාලීන දේශපාලන ක්‍රියාධරයකු හා මාධ්‍යකරුවකු වන ශාන්ත විජේසූරියට නැත. ශාන්ත විජේසූරියට ලංකාවට එන්නට ඇත්තෙන් ම උවමනාවක් තිබේ ද නැද්ද යන්න මම නො දනිමි. එහෙත්, ජයම්පතී බුලත්සිංහලට නම් එවැනි උවමනාවක් ඇති බව ඔහු ප්‍රසිද්ධියේ පැවසුවේ ය. ‍ශාන්ත ජයසූරිය එඩිතර මාධ්‍යකරුවෙකි. ප්‍රභාකරන් මරා දැමීමෙන් පසු රජය විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී එම ඝාතන සිදු කළ ආකාරයේ නෛතිකභාවය පිළිබඳ ප්‍රශ්න කරන්නට ඔහුට ධෛර්යය තිබිණි. ඒ ව...

බාහුගේ අසරණකම හා වමේ අසරණකම

Image
මව්බිම පුවත්ප‍තේ අරුණඩේල් විජේරත්න විසින් දුරකථනයෙන් කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී බාහු සහෝදරයා ඉතා අසරණ තත්වයට පත් වනු නිරීක්ෂණය කළෙමි.  එවැනි වාම පතාක යෝධයන් සාමාන්‍ය මාධ්‍යකරුවන් අතින් එතරම් අවමානයට ලක් වීම ඇත්තෙන් ම කණගාටුදායක ය.  ගම්පහ නාම යෝජනා ප්‍රශ්නයේදී වික්‍රමබාහු සහෝදරයා අසරණ වී ඇත. ඔහුගේ පක්ෂයේ අය හෝ ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. නව සමසමාජ පක්ෂය දැන් නම් ඇත්තෙන් ම ඔහු පමණක් වී ඇති සෙයකි. පක්ෂයේ නායකයාත්, මහ ලේකමුත් දෙදෙනා ම ඔහු ය.  කිසියම් ජයනෙත්ති කෙනෙකු ඔහු පාවා දුන් බව ඔහු කියයි. වාසුදේව ද තමන් පාවා දුන් අයකු බව ඔහු කියයි. මේ ජයනෙත්ති වනාහි ඔහු සිය නෑ සබඳකම් ඔස්සේ පක්ෂයට ගෙන ආ චමිල් ජයනෙත්තිගේ අවතාරයක් විය හැකි ය. මොවුහු මේ වියපත්, හුදකලා මිනිසාගේ කාංසාවන් විය හැකි ය.  තම පක්ෂයට යම් දිස්ත්‍රික්කයක නාම යෝජනා භාර දීමට අවශ්‍ය තරම් අපේක්ෂකයන් සංඛ්‍යාවක් සොයා ගත නො හැකි නම්, තරග කරන්නට යන්නේ කුමට ද? කාට වැඩ පෙන්නන්නට ද?  වික්‍රමබාහු සහෝදරයාගේ අනන්‍යතාව විකුණාගෙන කන කීපදෙනෙකු පමණක් ඔහු වටා ඉතිරි වෙමින් අනන්‍යතාවක් ගොඩ නගා ගත් සියලු දෙනා ඔහු හැ...

හඳගමගේ හොලිවුඩ් ත්‍රිලර්එක හා දිමිත්‍රි‍‍ගේ කොලිවුඩ් කමෙන්ට්එක

Image
දෙමළ ජාතික විමුක්ති අරගලය දෙමළ ජාතිවාදයෙන් වෙන් කරගන්න බැරිවුණ එක ලංකාවේ වාමාංශිකයන් අතින් වුණ බරපතල වරදක්. සිංහල ජාතිවාදී මහා ආඛ්‍යානය තුළ දෙමළ විරෝධය මුල්බැසගෙන තිබෙන්නා වගේම දෙමළ ජාතික විමුක්ති අරගලය තුළත් ජාතිවාදය මහා ආඛ්‍යානයක්. රොමැන්තික අනුරාගය විසින් සිංහල වාමාංශිකයන්ගේ දෑස් මේ කරුණ ඉදිරියේ අන්ධ කළා. පුදුවෛ රත්නදුරෛ වගේ මාඕවාදී රොමැන්තික කවියන් කෙසේ වෙතත් ඊරෝස් සංවිධානයේ සිට කොටි සංවිධානයට එක්වූ බාලකුමාර් වැනි දෙමළ වාමාංශිකයන් ට වෙනස් උපායමාර්ගයක් තිබුණා කියා අනුමාන කරන්න පුළුවන්. ඒත්, කෙතරම් උපාශීලීව කටයුතු කළත්, ඔවුන්ටවත් මේ දෙමළ ජාතිවාදී මහා ආඛ්‍යානය වෙනස් කරන්න බැරිවුණා. සමහරවිට, එයට හේතුව අරගලයේ පදනමම එය වූ නිසා වෙන්න ඇති. දෙමළ වාමාංශිකයන් දෙමළ ජාතිවාදය හමුවේ මුහුණදීපු අර්බුදයට සිංහල වාමාංශිකයන් මුහුණ දුන්නේ නැහැ. ඔවුන්ට මෙය හඳුනාගන්න පුළුවන්කම තිබුණා, රොමැන්තිකවාදී අනුරාගයෙන් මිදී යථාර්ථවාදී වුණානනම්. මේ රොමැන්තිකවාදී අනුරාගයත් හරියට වාමාංශික ව්‍යාපාරයේ මහා ආඛ්‍යානයක් වගේ. සමාජවාදය සඳහා නොනිමි (සන්තත - continuous) අරගලයේ එක් වගකීමක් තමයි මේවාට එරෙහිව සටන් කිරීම. කොහොම...

සරෝජා, මහින්ද (චන්ද්‍රසේකර), දීපිකා, රත්තරං, රෝහිත භාෂණ හා ජාතීන්ගේ ප්‍රශ්නය

Image
මහින්ද චන්ද්‍රසේකර 'මාතොටින් එන උතුරු සුළ‍ඟේ - ගිනි සිඹින මඩු පල්ලියේ - දෑස් අග නෙතු කඳුළු රන්දන සරෝජා මගෙ දෝනියේ' ගීය රචනා කළ සමයේ ඔහු ජාතිවාදයට විරුද්ධ ස්ථාවරයක් දැරුවෙකි. කලක් හේ ජයතිලක බංඩාර සමග 'සාදුජනරාව' සංගීතමය සාම වැඩසටහන කරගෙන ගියේය.  1994දී චන්ද්‍රිකාගේ බලයට පැමිණීම බොහෝ ශුද්ධ වූ දේ කෙළෙසීමේ ආරම්භය වූ අතර 2009දී මහින්ද රාජපක්ෂ දෙමළ අරගලය ලෙයින් යකඩින් මර්දනය කරනවිට මහින්ද චන්ද්‍රසේකර මෙන්ම රජරටින් බිහිවූ තවත් රැඩිකල් කලාකරුවන් වන කරුණාරත්න දිවුල්ගනේ වැනි අයද මහින්ද පසුපසින් වැටී සිටියහ. ඔවුන්ගේ හදවත්වල කෙසේ වෙතත් දෑත්වලනම් දෙමළ ලේ තැවරී ඇතැයි මට සිතේ. ( ම ේ පරපු ර ේ අය අතරින ් සුවි ශ ේ ෂ මිනිසා ජයති ලක බංඩාර බව ග ෞරව යෙන් යුතුව සටහන් කරමු .) කෙසේවෙතත්, මහින්ද චන්ද්‍රසේකර සොඳුරු මිනිසෙකි. මහඟු මිතුරෙකි. වරක් මෙම සටහන තබන ලේඛකයා ස්ථානමාරුවක් නිසා අතිශය දුෂ්කර තත්වයක සිටියදී මහින්ද ඔහුගේ මිතුරකු මගින් ‍එම ගැටලුව විසඳා දුන්නේ උණුසුම් මිත්‍රශීලී හැඟීමකිනි. එදා ඔහු මා සමග අනුරාධපුරයේ රාජ්‍ය නිලධාරියකුගේ නිවසට යන්නට පැමිණියේ ඔහුට කිසියම් ගුවන්විදුලි වැඩසටහනකට ...

විමල් වීරවංශ, රෝහිත භාෂණ: සිංහල, දෙමළ ජාතිවාදයන්ට වමෙන් දන් දුන් පුද්ගල සම්පත් දෙකක්

Image
(2010 ජුනි 08,  W3Lanka )  පසුගිය දිනෙක රාමචන්ද්‍ර සහෝදරයා විසින් පළ කර තිබුණු අදහසක් මෙසේයි:  දැන් රාජපක්ෂ රෙජිමය නව ලිබරල් මාදිලිය දෙස හැරිල ඉන්න බව පැහැදිලියි.මේ සංවර්ධන මාදිලිය දකුණු අමෙරිකානු රටවල පට්ට ගහපු එකක් බවත් ඒවා ඇතුලෙ ඒ රටවල සිදුවුන ආශ්චර්ය කොයිවගේ එකක්ද කියලත් අපි දන්නව.මෙය දිලින්දන් හා පීඩිතයන් තවදුරටත් සමාජ කවයේ මුල්ලකට තල්ලු කරල දාන සුළුතරයකගේ මනදොල පිනවන මාදිලියක්ය යන්න ගැන ( කවර නිකායකට අයත් වුවත්) වාමාංශිකයන් අතර පොදු එකගතාවක් තියනව කියල මම හිතනව. මගේ ප්‍රශ්නය - රාජපක්ෂගේ මේ දේශපාලන ව්‍යාපෘතිය ඉදිරියේ වාමාංශික කොටස් ( මෙතන මම වම කියන වචනය ඉතාම ලිහිල් තේරුමකින් යොදාගන්නෙ) ගන්න ඕ‍නෙ කියල ඔබ කල්පනා කරන ප්‍රායෝගික ආස්ථානය මොකක්ද? උදා-ජලය බහුජාතික සමාගම් වලට විකුණන්න යනවා නම් සමහරු කියන විදිහට ඒක ධනවාදී "ප්‍රගතිශීලි" පියවරක්ය කියල පිලිගැනීමද?නැත්නම් ඒකට එරෙහිව ඉන් පීඩාවට පත්වන කොටස් වෙනුවෙන් පෙනී සිටීමද? මේවා ධනවාදී ප්‍රගතිශීලි පියවර නම් "ප්‍රගතිශීලි" වැඩවලට වාමාංශිකයන් විරුද්ධ විය යුත්තේ ඇයි? මේකෙ තර්කානුකූල අන්තය වෙන්නෙ ධනේශ්වර ප්‍ර...