හඳගමගේ හොලිවුඩ් ත්‍රිලර්එක හා දිමිත්‍රි‍‍ගේ කොලිවුඩ් කමෙන්ට්එක

දෙමළ ජාතික විමුක්ති අරගලය දෙමළ ජාතිවාදයෙන් වෙන් කරගන්න බැරිවුණ එක ලංකාවේ වාමාංශිකයන් අතින් වුණ බරපතල වරදක්. සිංහල ජාතිවාදී මහා ආඛ්‍යානය තුළ දෙමළ විරෝධය මුල්බැසගෙන තිබෙන්නා වගේම දෙමළ ජාතික විමුක්ති අරගලය තුළත් ජාතිවාදය මහා ආඛ්‍යානයක්. රොමැන්තික අනුරාගය විසින් සිංහල වාමාංශිකයන්ගේ දෑස් මේ කරුණ ඉදිරියේ අන්ධ කළා. පුදුවෛ රත්නදුරෛ වගේ මාඕවාදී රොමැන්තික කවියන් කෙසේ වෙතත් ඊරෝස් සංවිධානයේ සිට කොටි සංවිධානයට එක්වූ බාලකුමාර් වැනි දෙමළ වාමාංශිකයන්ට වෙනස් උපායමාර්ගයක් තිබුණා කියා අනුමාන කරන්න පුළුවන්. ඒත්, කෙතරම් උපාශීලීව කටයුතු කළත්, ඔවුන්ටවත් මේ දෙමළ ජාතිවාදී මහා ආඛ්‍යානය වෙනස් කරන්න බැරිවුණා. සමහරවිට, එයට හේතුව අරගලයේ පදනමම එය වූ නිසා වෙන්න ඇති.

දෙමළ වාමාංශිකයන් දෙමළ ජාතිවාදය හමුවේ මුහුණදීපු අර්බුදයට සිංහල වාමාංශිකයන් මුහුණ දුන්නේ නැහැ. ඔවුන්ට මෙය හඳුනාගන්න පුළුවන්කම තිබුණා, රොමැන්තිකවාදී අනුරාගයෙන් මිදී යථාර්ථවාදී වුණානනම්. මේ රොමැන්තිකවාදී අනුරාගයත් හරියට වාමාංශික ව්‍යාපාරයේ මහා ආඛ්‍යානයක් වගේ. සමාජවාදය සඳහා නොනිමි (සන්තත - continuous) අරගලයේ එක් වගකීමක් තමයි මේවාට එරෙහිව සටන් කිරීම. කොහොමවුණත්, අවසානයේදී වාමාංශිකයෝ සිය දේශපාලන අනාගතයෙන් වන්දි ගෙව්වා. ලාංකීය සමාජය එයට වන්දි ගෙවන්නේ ඉතිහාසයෙන්.

අප කියන දෙය වඩා පැහැදිලි කරගන්න පුළුවන් සංවාදයක් අප ඉනි අවන් ගැන කළ විචාරයේ කමෙන්ටුවක දිමිත්‍රි විසින් තබන ලද සටහනකින් විවෘත‍වෙනවා. ඒ නිසා අප එය නැවත පළ කරනවා.


පුදුවෛ
ඔහු මෙහෙම කියනවා.

"මම හිතන විදියට නම්, දෙමල භාෂාව කතා කරන අය ගැන දකුනේ සිංහල කෙනෙකු විසින් චිත්‍රපටියක් කරන එකමත් අශීලාචාර වැඩක්. දෙමල මනස තුල තිබෙන ෆැන්ටසිය ගැන අභියෝග කරන්න, දෙමල ශිෂ්ටාචාරය විනාශ කරමින් ඉන්න සිංහල ජනතාව අතර ඉන්න කෙනෙකුට කිසිම අයිතියක් නැහැ. දෙමල ජනතාවගෙ ස්වයන් නීර්න අයිතිය පිලිගන්න කෙනෙකුට උනත් එහෙම කරන්න කිසිම අයිතියක් නැහැ. ඔවුන් තුල ඇතැයි කියන කුලවාද හෝ ඕනෑම වාදයක් ගැන අභියෝග කරන්න කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ.

මේ චිත්‍රපටියේ විදියට 'ඔහුට, ඉනික්බිතිව' මූලිකව විසඳාගැනීමට ඇත්තේ 'ධනවාදය උතුරට ඇතුලුවීමත් සමග' පැනනගින, තමාතුලම වන - තමාගේම ප්‍රශ්නයක් මිස, මහා ජාතියේ දේශපාලනික අවශ්‍යතාවන් මත මුදාහැරෙන භෞතික, සමාජයීය සහ සංස්කෘතික ආක්‍රමනය පිලිබඳ ප්‍රශ්නය නොවේ."
- Dimithri

අප පිළිතුරු ලිව්වේ මෙහෙමයි. "දිමිත්‍රි, මෙය වැරදි අදහසක්. මෙය අවසානයේදී සේවය කරන්නේ දෙමළ ජාතිවාදයට. ඇත්තම කීවොත් මේ වනාහි දෙමළ ජාතිවාදයේ සිංහල ප්‍රකාශනය.

දෙමළ විමුක්ති අරගලයේ ගැටලු සම්බන්ධයෙන් හිරු කණ්ඩායමත් ප්‍රවර්ධනය කළ අදහසක් තමයි මේ. දෙමළ විමුක්ති ව්‍යාපාරයේ ගැටලු එළිපිට කතා කළොත් එහි වාසිය සිංහල ජාතිවාදීන්ට අත්වන නිසා එයින් වැළකියයුතු බවට තර්කයක් තිබුණා. ඒවුණත්, එවැනි අයගේ මිතුරු විවේචනයකට හෝ සවන්දීමේ නිහතමානිත්වයක් දෙමළ විමුක්ති අරගලයේ නායකයන්ට තිබුණේ නැහැ.

ඊටත් වඩා භයානක කරුණ වන්නේ මෙවැනි අදහස් හේතුවෙන් වාමාංශිකයන් සිය ස්වාධීනත්වය නැති කරගෙන සුළුතර ජාතිවාදයේ ගොදුරු බවට පත්වීමයි. දීප්තිමත් වාමාංශිකයකු වූ රෝහිත භාෂණට අත්වුණේ මේ ඉරණම.

අමතක නොකළයුතු කාරණයක් තමයි, දෙමළ ඩයස්පෝරාව කියා අප සාමාන්‍යයෙන් හඳුනාගන්නා දෙයත් ධනවාදයේම ස්වරූපයක් බව. වාමාංශිකයන් මෙය ප්‍රතික්ෂේප කළයුතුවා පමණක් නොවෙයි, ඔවුන්ගේ ආදරය ප්‍රකාශ නොවන අන්දමින් ජීවත්වීමත් කළ යුතුයි. මන්ද, එය එතරම් විෂකුරු බලවේගයක්. වාමාංශිකයන් මුදල්, දේශපාලන රැකවරණ, සල්ලි පොඩ්ඩක් වෙනුවෙන් වරිගෙ නහගත් හැටි ගැන ප්‍රායෝගික උදාහරණ ඕනෑතරම් පෙන්වන්න පුළුවන්.

හඳගම සිංහල ජාතිවාදයට එරෙහිව සටන් කළ කෙනෙක්. සිංහල ජාතිවාදය මහා ආඛ්‍යානයක්. එයින් සහමුලින් මිදීම පුරුෂාධිපත්‍යයට එරෙහි පිරිමින්ට පුරුෂාධිපත්‍යවාදී ජීවන භාවිතාවන්ගෙන් ඈත්වෙන්න තිබෙන අමාරුකම ව‍ගේ දෙයක්. නිදසුනක් ලෙස මෙය ලියන මේ මොහොතේ උදේ 4ට මගේ බිරිඳ කුස්සියේ උයනවා. මම බ්ලොග් ලියනවා. මම බ්ලොග් ලිවිල්ල අතෑරලා කුස්සියේ උයන්න යන එකත් සමස්ත ප්‍රශ්නයේදී විසඳුමක් නොවෙයි.

ස්වයං නිර්ණ අයිතිය සඳහා වූ අරගලය සමාජවාදය සඳහා වූ නොනිමි අරගලයේ කොටසක් මිස එය අරගලයට විකල්පයක් නොවෙයි.

හඳගමට මෙවැනි ප්‍රස්තුතයක් ගැන සංවාද කරන්න අයිතියක් නැහැ කියනඑක දෙමළ ජාතිවාදී ප්‍රකාශනයක්.

අපට හඳගම එක්ක තිබෙන ප්‍රශ්නය ඒක නොවෙයි, හඳගම ගැඹුරු සංවාදයක් වෙනුවට හොලිවුඩ් ත්‍රිලර් එකක් අරගෙන ඒමයි.

ඒක හඳගම සිංහල ජාතිවාදයට යටවීම කියා කියනවාට වඩා ධනවාදයට ගොදුරුවීම කියා කියනඑක සාධාරණයි."

බාලකුමාර්
මෙයට තවත් කරුණු ටිකක් එකතු කරනවානම්, හඳගමගේ දේශපාලන චින්තනයට මා හිතන පරිදිනම් සෑහෙන බලපෑමක් කළ කෙනෙකු තමයි, රෝහිත භාෂණ. මේ කාරණය අපටත් අදාළයි. අපි වික්‍රමබාහු කරුණාරත්න ප්‍රශ්න නොකර රෝහිත භාෂණ ප්‍රශ්න කරන්නේ ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධ කතිකාව ඉදිරියට යායුත්තේ එතැනින් නිසායි. වීරයන් හොයන ළමයි මේ කාරණය තේරුම්ගන්නවානම් ඔවුන්ගේ වීරයන්ව තවදුරටත් සජීවී කරගන්න පුළුවන්. ඔවුන්ගේ වීරයන් වෙනුවට අප ආදේශ වියයුතුයි කියන කරුණ අපේ සමාජවාදය තුළ නැහැ. අපේ සමාජවාදය තුළ වීරයන්ට තැනක් නැතුව නොවෙයි. ඒත්, ඔවුන්ට අල්තාර නැහැ.

අප ලියන්නේ වම ගැන යළි සංවාදයක් මතු කරගන්නයි. පසුගිය වසර පහක, හයක දේශපාලන භාවිතාව තුළ අපි ඒ සඳහා පදනම හදගත්තා. පළමුවෙන්ම වාමාංශික මාධ්‍යකරුවකු ලෙස මම උත්සාහ ක ස්වාධීනත්වය සාපේක්ෂව වැඩියෙන් තහවුරු කරගන්න. අරයාගේ මෙයාගේ සල්ලිවලින්, සම්බන්ධකම්වලින්, මාධ්‍යවලින් ජීවත්වෙන්න, වැඩකරන්න ගියාම ස්වාධීනත්වය නැතිවෙනවා. මන්ද, හාම්පුතුන් බිහිවෙනවානේ. භයානකම කරුණ වන්ේ මනස තුළ ේ හාම්පුතුන් පැලපදියම්වීමයි. 

දැන් වාමාංශිකයන් ඉන්නේ මේ W3Lanka කියා දෙයක් ගැන අහලාවත් නැහැ වගේ. මේකට භාෂණ ඉස්සර කිව්වෙ හොරට නිදාගන්නවා කියලා. ඇත්තට නිදාගත්තවුන් අවදි කරන්න ලේසියි. හොරට නිදාගත්තවුන් අවදි කරන්න බැහැ. 

මේ සංවාදවලට නිර්නාමිකව මැදිහත්වන ‍කිරිදරුවෝ ටිකක් ඉන්නවා. ඒ අය ඉතිහාසය, අරගලය හා දෘෂ්ටිවාදය ගැන තව ටිකක් තමන්ගේ හාම්පුතුන්ගෙන් ඉගෙනගන්නවානම් හොඳයි. සංවාද කරන්න බැරි මට්ටමේ අය සමග සංවාදවලින් ඉවත්වුණාම ඒ අය අනෙක් පැත්තට "හූ, හූ ඇනගත්තා නේද කියා අසමින් කෝචොක් කරන හැටි අපි දැක්කා." පව්! බොහෝ අය සිය නමින් සංවාදවලට එළඹෙන්න බයයි. ඒ ඇවිල්ලා ඔලුවෙ ගූ තියෙනබව දන්න ඉස්සෝ. හැබැයි සහෝදරයා අපි සූදානම් හරවත් සංවාදයකට එළඹෙනවානම් අතීතය අමතක කරලා සහෝදරත්වයේ දෑත් දිගුකරන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. ඔබ ගේ දැක්ම නිවැරදියි....සැබැවින්ම වම පිළිබඳ නිවැරදි සංවාදයක් මතු කරගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. එය විටින් විට එක එකා අතින් දුෂණය වීමට ඉඩ නොදිය යුතුයි

    ReplyDelete
  2. @AnonymousDecember 30, 2012 7:10 PM
    //"හඳගම ගේ වමත් සමග ඇති සම්බන්ධය පෙකනිවැලෙන් කඩා දමන මොහොත සනිටුහන් කරයි" මහා යුග පෙරළියකට හේතු බුත වියහැකි මේමහා සොයාගැනීම ඔයා කලේ පරකුම්ගේ ලියවිල්ලේ මොන කැල්ල දැකලද? චිත්‍ර පටිය නොබලා චේද කීපයක ලිපියක් හරිය නොකියව ඔහේට මේ සිතුවිල්ල පහලුනේ ඉබේටමද,?එහෙම නැත්නම් වැල අදින ගමන්ද? බඩු ගහන ගමන්ද? අනික හදගමත් එක්ක පෙලට හිටගත්තම ඔහේව හොයන්න අන්වීක්ෂ ඕනෑවෙයි. ඔහේ එච්චර පුංචි විකුර්තියක්.//

    මගේ W3Lanka හි මිට සම්බන්ධ පෙර ලිපියක කොමෙන්ටුවකට ඇනෝනිමස් මහතෙකු ඉහත ජුම්පිටියේ අමරේ තග දමා තිබුණි.
    මෙම පිළිතුර ඉහත අන්වීක්ෂයෙන් මගේ විකෘතිය බලන තමන් ඉතා ප්‍රකෘති මාර පොර මානසිකත්වය ඇති ඇනෝනිමස් ට පිළිතුරු දීම නොව මේ වෙබ් අඩවිය කියවන අනෙක් වැදගත් පාඨකයන්ටය. ඔහේ කියල කතා කරන සමාජ ස්ථරයේ අය අපි ගිය පාසල් වලවත් අපි ආශ්‍රය කර නැත. වැල අදින එක බඩු ගහන එක හැම මොහොතකම මේ සමාජ ස්ථරයේ අයගේ ඔලුවේ තියන එක බැවින් ඔවුන් සිතන්නේ අනෙක් අයගේ ජීවිතයත් එයම කියාය.
    ඔබගේ අව මානසිකත්වය අමතක කොට අන් අයට වැදගත් නිසා අසා ඇති ප්‍රශ්නයට පිළිතුරු දෙමි.
    //ඔහේට මේ සිතුවිල්ල පහලුනේ ඉබේටමද,?//
    මට ඉබේ සිතුවිලි පහල වෙනවා යයි මා නොසිතමි මෙතෙක් කල් මා පරිශීලනය කරන ලද පොත්පත් ජීවන අත්දැකීම් අභාෂයෙන් දැන් ඇතිවන සිතුවිලි පහල වේ.
    //මේමහා සොයාගැනීම ඔයා කලේ පරකුම්ගේ ලියවිල්ලේ මොන කැල්ල දැකලද?//
    මෙය මහා සොයාගැනීමක් නොව ඕනෑම සිහිකල්පනාව ඇති හඳගමව දේශපාලනිකව දන්නා කෙනෙකුට වැටහෙන දෙයකි.
    වැඩිදුරටත් අවශ්‍ය නම කලින් කලට හඳගම ගේ නිර්මාණ තුල දේශපාලනය කණ්ඩනය වන තැන් මෙසේ මගේ කුඩා විකෘතියට අනුව මෙසේ නම් කල හැක.
    1. රෝහණ විජේවීර - ජ. වී. පෙ දේශපාලනය හඳගම ගේ දුන්හිද අද්දර
    2. රොහාන් පෙරේරා/දීප්ති කුමාර ගුණරත්න- පශ්චාත් නුතන නව වාමාංශික අදහස් - හඳගම ගේ සින්තටික් සිහින
    3. රනිල් වික්‍රමසිංහ/මහා බැකුවේ කවුරුහරි(වෙන මෙම ස්ථානයට දාන්නට නමක් සිතට පහල නොවේ)- ලිබරල් ධනවාදී දේශපාලනය - හඳගම ගේ ඉනි අවන්
    පැරකුම් කියන රෝහිත භාෂණ වාමාංශික දේශපාලනය ගැන සහ ඒවා කළා නිර්මාණ ලෙස හඳගම තුලින් ප්‍රකාශ වෙන්නේ මොන නිර්මාණ වලින් වලින්ද කියන එක මම දන්නේ නෑ මෙය පැරකුම් පැහැදිලි කල යුතුයි. දන්නේ නැති දෙයට මම දන්නේ නැතැයි කියමි.

    ReplyDelete
    Replies
    1. සකල දේශ වාසී ශ්‍රී ලාංකිකයන්ට ඇති හැට හුටමාරක් වූ වියදිවලට මුල ඔවුන්ගේ සමාජවාදී සිතුවිලියයි කල්පිතයක් ගොඩ නගාගනිමින් ( මෙහෙම අදහසක් එමටම කෙනෙකුගේ හිස තදින් කොහේහෝ හැප්පිය යුතුය!) එවන්වූ වියාදියකින් ශ්‍රී ලාංකීය ජනතාව බේරා ගැනුමට තමන්ම ස්වේච්චාවෙන් පත්වී, පුර්ණ ධනවාදී අදහස් වලින් සකල දේශවාසී ශ්‍රී ලාංකිකයා සන්නද්ධ කිරීමේ මහා තැටවුමක (ඇමෙරිකාවේ සිට කොමෙන්ට් කොටමින්!) සිටිනා අපේ එළකිරි ධනවදියට පෙලට සිට ගැනුමට අශෝක හදගම හමුවී ඇතිලු!!!! අනේ වාසනාවන්!!!!! ( මේ නිසාම ලංකාවේ සියලුම වාමාංශික පක්ෂ කොන්දේසි විරහිතව විසුරුවාහැරීමට කටයුතු කරමින් සිටි).

      මෙතන ගැටලුව තියෙන්නේ ඔහේ අනිකුත් සියලුම ධනපතියන් මෙන්ම සියල්ල තවකෙකුගෙන් සොරකම් කරගෙන තමන්ගේ සේ දෙසාබාන පාදඩ තක්කඩියෙකු වීමයි. නමුත් කරුමේ කියන්නේ ඔහේට හොරකමක්වත් හරියට කරගත නොහැකි වීමයි. හදගමගේ දෘෂ්ටි වාදී වෙනස්කම් වලට අදාල ලිපිය ඉහත උදාහරණ සහිතවම 90 දශකයේ සිතිජය සගරාවේ පලවිය (දේශපාලනය කණ්ඩනය වන තැන් නොවේ!, එය වැරදි අර්ථකථනයකි, දුන්හිද අද්දර තුල වාමාංශික අදහස් වලින් කණ්ඩනය වීමක් ????!!, හඳගම ගේ සින්තටික් සිහින පශ්චාත් නුතනවාදී අදහස් වලින් කණ්ඩනය වීමක් ????!!!! අනේ බන්!!). නිර්මල්ගේ සාලයේ කට ඇරන් බලාසිටි සමයේ උඩින් පල්ලෙන් කියවූ ලිපියේ තිබු යමක් යමක් කොට දමා හදගම පිළිබද A to z හදාරා ඇති ලෙස කොමෙන්ට් කොටා දැමීම ඔහේගේ නරුම කමද ?අමන කමද? දෙවනුව සින්තටික් සිහින වලට පසුව කරන ලද ටෙලි නාට්‍ය (Take This Road, East is Calling) හා චිත්‍රපට (Me Mage Sanda,Flying With One Wing, Aksharaya A Letter of Fire, Vidu) අයිති වන්නේ මොන ගොන්නටද? ඒවා බලන කොට හදාගම සමග පෙලට හිටගන්න හිතෙන්නේ නැද්ද??

      තෙවනුව, අපගේ කලින් ගැටලුවම ඔහෙගෙන් නැවත අහනවා මොකද කලින් ගැටලුවට පිළිතුරු නොදී වංචා කර ඇතිනිසා, //"හඳගම ගේ වමත් සමග ඇති සම්බන්ධය පෙකනිවැලෙන් කඩා දමන මොහොත සනිටුහන් කරයි" මහා යුග පෙරළියකට හේතු බුත වියහැකි මේමහා සොයාගැනීම ඔයා කලේ පරකුම්ගේ ලියවිල්ලේ මොන කැල්ල දැකලද? චිත්‍ර පටිය නොබලා චේද කීපයක ලිපියක් හරිය නොකියව ඔහේට මේ සිතුවිල්ල පහලුනේ ඉබේටමද,?එහෙම නැත්නම් වැල අදින ගමන්ද? බඩු ගහන ගමන්ද?//

      අපිට අන්තිමට කියන්න තියෙන්නෙත්, "හදගමත් එක්ක පෙලට හිටගත්තම ඔහේව හොයන්න අන්වීක්ෂ ඕනෑවෙයි. ඔහේ එච්චර පුංචි විකෘතියක්.

      Delete
    2. @AnonymousDecember 31, 2012 5:08 PM
      මාර ආතල් ඇනෝ....මම වගේ පුංචි විකෘතියක් බිත්තියක ඔලුව හැප්පිලා කියන දේවල් වලට ඔය තරම් සිරාවට මල පැනල මේවා ලියන්න යන ඔබගේ වටිනා කාලය අපරාදේ නේද? ලාංකීය ජනතාව බේරා ගැනුමට තමන්ම ස්වේච්චාවෙන් පත්වී නොවෙයි මම මගේ ආතල් එකට කාලේ කන්න කරන දේවල් සිරාවටම.

      Delete
    3. උදිත ඇනෝලා කියන දේවල් වලට සැලෙන්න එපා. එය දිරිමත් කිරිමක් ලෙස සිතමු.

      Delete
  3. //හඳගම සිංහල ජාතිවාදයට යටවීම කියා කියනවාට වඩා ධනවාදයට ගොදුරුවීම කියා කියනඑක සාධාරණයි//
    වමාන්ශික අනන්‍යතාවය රකින පැරකුම් මෙසේ කියන විට ඔහු 100% නිවරිදිය. මා මෙය කියන්නේ වෙනස් විදියකටය මහා බැංකුවේ වැඩකරන (ලිබරල් ධනවාදී ) අශෝක හඳගම මහතාගේ සිනමා නිර්මාණය.
    ඉරිදා මෙහි පිටපතක් මිතුරෙකුගෙන් සොයාගෙන නැරඹු පසු සිතුන දෙය නම් මෙම නිර්මාණය තුල වමට එල්ලෙන්නට කොක්කක් නැති වීම නිසා වාමාංශිකයන්ට හිත රිදුනද මෙහි ඔහු දෙන පණිවුඩය ඉතා පැහැදිලිය. එය ඉතා සරලය එනම් ධනවාදයේ අනෙකුත් මුලික කොන්දේසි වන පුද්ගලික දේපල අයිතිය, නීතියේ ආධිපත්‍යය, අදහස් ප්‍රකාශකිරීමේ නිදහස..,Etc වැනි දේත් ස්ථාපිත කලේ නැත්නම් ලංකාවේ අනාගතය ඉතා අඳුරු වෙන බවය

    ReplyDelete
    Replies
    1. //එය ඉතා සරලය එනම් ධනවාදයේ අනෙකුත් මුලික කොන්දේසි වන පුද්ගලික දේපල අයිතිය, නීතියේ ආධිපත්‍යය, අදහස් ප්‍රකාශකිරීමේ නිදහස..,Etc වැනි දේත් ස්ථාපිත කලේ නැත්නම් ලංකාවේ අනාගතය ඉතා අඳුරු වෙන බවය //

      ඔය මුකුත් කෙහෙල්මලක් ඕනෙ නැහැ බං ධනවාදය ක්‍රියාත්මක වෙන්ඩ.මැලේසියාවයි සිංගප්පූරුවයි ගනිං උදාහරණෙට.මොන කෙහෙල්මල් අදහස් ප්‍රකාශයක් වත් නැහැ ධනවාදය යසට තියෙන්නෙ.ලංකාවෙත් එච්චර තමයි.

      Delete
    2. ඉතිං බං ඔය ටික ඇනො විදියට නැතුව නමකිං කිව්වනං කොපමණ වටිනවද

      Delete
  4. අජිත්, මා ඔබගේ විචාරයටත්, මගේ පෙර කොමෙන්ට් එකට ඉහලින් වූ ඔබගේ පැහැදිලි කිරීමටත් සම්පූර්නයෙන් එකඟයි. මගේ කොමෙන්ට් එකෙන් මා උත්සාහ කලේ, දෙමල භාශාව කතා කරන අය ගැන දකුනේ හැදෙන චිත්‍රපටි වල ඇති පොදු අශීලාචාර කම තුල - සරෝජා සිට ගාමනී දක්වා - දකුනේ අවංක කලාකරුවකුගේ පිවිසුම කෙබඳු විය යුතුද කියන එකයි. කිසිදු ආකාරයක ප්‍රකාශනයට ඇති අයිතිය ගැන විරෝධයක් නොවෙයි. දකුනේ කලාකරුවකුගේ උතුරේ සමාජය ගැන වන අවංක උත්සාහයකදී මහ ජාතියේ ජාතිවාදය මගහැර යාමක් කිසිසේත් සිදුවිය නොහැකියි. ඒ වෙනුවට දෙමල කතාකරන්නන්ගේ සංස්කෘතික දේ ගැන අර්ථකතනයන් දීම (ඩයස්පෝරාව සමග ගනුදෙනුව , කුලභේදය වැනි ) වැනි දේ නොකල යුත්තක් (ඒ සඳහා සදාචාරමය අයිතියක් නැති ) බවයි මගේ නම් වැටහීම. එවැනි උත්සාහයන්, සාධනීය දෙමල - සිංහල කතිකාවකට තුඩු නොදෙනු ඇති අතර, දෙමල සමාජය තුල පිලිකුලට පත්වීම අනිවාර්ය වනු ඇත; ඒ දෙමල ජාතිවාදයක ප්‍රතිපලයක් නිසා නම් නොවේ. උදාහරනයකට මෙහෙම හිතමු. ජගත් වැල්ලවත්ත වගේ කෙනෙක් නිශ්පාදනය කරන, ඩයස්පෝරාව (හෝ උතුරේ කුල භේදය වගේ දෙයක් ගැන ) ගැන වන චිත්‍රපටියකින් දෙමල සමාජය සමග සංවාදයක් ඇති කල හැකියි ඔබ සිතනවාද? මේක හඳගම, උපුල් ශාන්ත සන්නස්ගල එක්ක තනිතටුවෙන් හෝ අක්ශරය වැනි සිනමාවක් කරන එක සමග සංසන්දනය කල නොහැකියි.

    හඳගම ජාතිවාදයට විරුද්ධව රූපවාහිනිය ඉදිරියේ හැමදාමත් කතා කරනු ඇති. නමුත් ඔහු එය ක්‍රියාවෙන් පෙන්විය යුත්තේ ඔහුගේ මාධ්‍යය වන සිනමාවේදීයි. විමුක්තිත් ජාතිවාදයට විරුද්ධයි, නමුත් ඒ ගාමනී එකේ රඟපාන තෙක් විතරයි. (වාසුදේවත් ඔහුගේ කතාවලදී ජාතිවාදයට විරුද්ධයි!) ඔවුන් එතැනට තල්ලු වුනේ කොහොමද, යට වුනාද, ගොදුරු වුනාද කියන්නේ වෙනම කාරනාවල්.

    ඉනියවන්: කුරිරු අපගමනයක් පමනක් නොවේ; සාහසික මගහැර යාමක් ද වේ.

    ඔබේ මේ ලිපියේ අන්තිම ඡේදය මා ඉලක්ක කරගෙන ලියුවක් නොවේ යැයි සිතනවා. එය මට අදාල ද නැහැ.

    - Dimithri

    ReplyDelete
    Replies
    1. ඉතා පැහැදිලිවම ඔබ නොවෙයි. මෙය ඔබ සම්බන්ධ නොවූ සංවාදයකදී වූ දෙයක්.

      Delete
  5. ටෙරල් අබේසිංහ

    මේහිදි පැරකුම් ගේ සමස්ත වාමාංශයම දේමළ ජාතික ප්‍රශ්ණය පිලිබදව රොමැනිතික අනුරාගයකින් පෙලුනාය යන අදහස පිලිබදව බැරැරුම්ව සලකා බැලිය යුතුය.

    මගේ අදහසනම් වම වශයෙන් පැවති දුර්වල, නියායික ප්‍රශ්ණ මුල් කරගනිමින් හා කට්ටිවාදය හා පුද්ගල වාදය මුල් කරගනිමින් සිසිකඩව පැවති බොහොමයක් සංවිධාන හා කන්ඩායම් මේ විශේෂිත කරුනේදි තනි තනිව අනුරාගයෙන් තොරව සිටියාය යන්නය.(ඔහුන් තුල ශක්තියක් තිබුනාද නැද්ද යන්න වෙනම කරුනකි )

    ඔබ විසින් රොමැන්තික අනුරාගයෙන් පෙලිම යනුවෙන් හදුන්වන කරුන මුලික වශයෙන් අදාල වන්නේ අප නියෝජනය කල හිරු කන්ඩායමට හා ඒ හා අනුරාගයෙන් හා අවස්ථාවාදී අර්තයෙන් සම්බන්දක්ම පැවැත්වු කුඩා කන්ඩායම් වලට හා පුද්ගලයන් හටය යන්නයි මගේ අදහස.

    හිරු කන්ඩායම වශයෙන් අප මේම අනුරාගයෙන් පෙලිමට අමතරව (මෙහි නිශ්චිත මොහොතකින් පසු ඔබ ඇතුලු හිරු කන්ඩායමෙන් ඉවත්වු සහොදරවරු මේයට වග කිවයුතු නැත )එය විප්ලවිය වටිනාකමක් වශයෙන් සමාජ ගත්කරමින් ඔබ්බට ද ගොසින් වාමාංශිකයන් අතර බේදයන් වර්දනය කරමින් දුරවලව පැවති වම තව තවත් දුර්වල කිරිමටද මැදිහත් විනි, ඒ සදහා නිදසුන් වශයෙන්,

    දියැස කන්ඩායම දෙකඩ කිරිම, වුර්තීය සමිති අතර සමගිය වර්දනය කරනවා වෙනුවට වාමාංශික බහු ජන මධ්‍යස්තානය යනුවෙන් පෙනුමට පමනක් පැවති සංවිධානයක් අටවා ඔහුන්ව බෙදා වෙන්කර පවත්වාගේන යැම, සිංහල දේමළ කලා උළලේන් පසු ඇති වු ප්‍රබොදය කුමන්ත්‍රනකාරිව දියකර හැරිම වැනිකරුනු දැක්විය හැක.

    මෙහිදි අප විසින් කල අනෙක් බයානකම වරද වශයෙන් මා දකිනුයේ;LTTE ය විසින් සිංහල ජාතිවාදි රාජ්‍යට එරෙහිව දියත් කල යුද්දයේ ජය වෙනුවෙන් වෙහේසිම හැර අන් සියලුම වාමාංශික දේශපාලන ක්‍රියා වැඩකට නැති දේ යනුවෙන් අර්ථ කතනය කිරිමයි. එම ක්‍රියාවෙදි ඔබ සදහන් කරනු ලබන රොමැන්තික කරනය තුල අප ගිලි ගිය අතර සාමාජයේ අනෙකුත් කොටසුත් ඒය තුල ගිල්විම සදහා අරගලය තුල අනිවාරයෙන්ම පැවතිය යුතුව තිබු නමුත් සැබවින් නොපැති බොහොමයක් කරුනු අතිශොක්තියෙන් කියා පැමයි.( මෙහි ඇති අනික් භායානක ලක්ෂනයනම්, යුද්දයේ ආරම්භය හා එහි පැවති ස්භාවය පිලිබදව දයලෙක්තික විග්ග්‍රාහයන් ඉදිරිපත් කල හිරු කන්ඩායමේ අවසන් කාලයේ සිටි කිසිම කෙනෙකු එහි පරාජය පිලිබදව කිසිම කතිකාවකට නොපැමනිමයි- ජයග්ග්‍රාහන සදහා ඔනැ තරම් පියවරු සිටියාට පරාජය හැම දාමත්
    අවජාතකයිනේ )

    මට අනුව පැවති යාථාර්තය පිලිබදව අපගේ අවබොදය විග්ග්‍රාහා කරගැනිමට ඇති හොදම උදාහරනය නම්, ප්ලෙටො යාථාරතය පිලිබදව දයලෙක්තික නියාය පැහැදිලි කිරිමෙදි යොදාගත් ගුහා තුල සිටින සිරකරුවන් පිලිබද්ව උදාහරනයයි. (Allegory of the Cave)

    අප අවසන් වශයෙන් ගුරු මැදුර නම් ගුහාව තුල අපගේම සෙවනැලි ද අපගේ හඩේ දොන්කාරය ද සැබැ යාථාරතය වශයෙන් දකිමින්ද අන් අයට ද එය ඒත්තු ගැන්විම සදහා පමනක් කාලය කා දැමුවා පමනක් නොව ගුහාවෙන් මිදි එලියෙ පැවති සැබැ යථාර්තය දැක ඒ පිලිබදව අපව දැනුවත් කිරිමට උත්සාහා කල සහොදරයන්ව පිලිකුලෙන් යුතුව ප්‍රථික්ශේපද කලේමු.

    ReplyDelete
    Replies
    1. හිරු කණ්ඩායමට ලංකාව පිළිබඳ සැබෑ දේශපාලන මැදිහත්වීමක් කිරීමේ උවමනාවක් තිබෙනවානම් මේ කරුණු ගැන සංවාදයකට ඔවුන් සූදානම් වියයුතුයි. එහෙම නැතිව තවදුරටත් එක එක ඉත්තන් අදිමින් ගේම්ගහමින් පවතින්න උත්සාහ කරනවානම් එය ඉතා නරක තත්වයක්.

      අනෙක සමාජවාදය සඳහා අරගලය කියන්නේ මිනිස් සාරයක් සොයා යන ගමනක්.

      අපි හැමෝම සූදානම් වියයුතුයි, අප අතින් සිදුවූ වැරදි හදාගෙන ඉදිරියට යන්න.

      අදත් විවිධ සමාජ, දේශපාලන ධාරා එක්ක ගනුදෙනු කරද්දී හමුවන මිනිසුන් කුළ ‍දකින්න නැති පුළුල් මිනිස්භාවයක් හිරු කණ්ඩායමේ ඇතැම් නිර්ව්‍යාජ කුයුතුවලදී අප අතර තිබුණා. එය එක්තරා අන්දමක සොඳුරු සහෝදරත්වයක්, මිත්‍රත්වයක් පිළිබඳ මතකයක්.

      ඒත්, හිරු කණ්ඩායමේ අභ්‍යන්තර කටයුතු ප්‍රශ්න කළ අය දේශපාලනිකව විනාශ කරන්න ගත් උත්සාහය ඇතුළේ අපි හිරු තුළ තිබුණු සොඳුරු ගුණ සියල්ල නැතිකරගත්තා.

      අනාගත පරම්පරා සමග බෙදාගතයුතු අත්දැකීම් සමුදායක් පයට පෑගෙමින් තිබෙද්දී හඳගමලා මේ කරන කලාව මොන සමාජ නාස්තියක්ද?

      දකුණේ කලාකාරයන්ගේත්, සිංහල වාමාංශිකයන්ගේත් කුහකකම නිසායි මෙච්චර ගැඹුරු අත්දැකීම් සමුදායක් මධ්‍යයේ පවා මේ පොළවේ සැබෑ නිර්මාන බිහිවන්නේ නැත්තේ.

      උදාහරණයක් ලෙස, හිරු කණ්ඩායම මේ මගේ සඳයි ගැන කළ සම්මන්ත්‍රණය /න්න පුළුවන්. මේ ගැන පසුව ලියන්නම්.

      Delete
  6. Where is this "Hiru" group ?

    Still it alive ?

    ReplyDelete
  7. ඇත්තට නිදාගත්තවුන් අවදි කරන්න ලේසියි. හොරට නිදාගත්තවුන් අවදි කරන්න බැහැ.
    ෙම්ක චීන පිරුලක්..භාශණෙග් කියමනක් ෙනාෙව්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා