Posts

Showing posts with the label ඉනියවන්

හඳගමගේ හොලිවුඩ් ත්‍රිලර්එක හා දිමිත්‍රි‍‍ගේ කොලිවුඩ් කමෙන්ට්එක

Image
දෙමළ ජාතික විමුක්ති අරගලය දෙමළ ජාතිවාදයෙන් වෙන් කරගන්න බැරිවුණ එක ලංකාවේ වාමාංශිකයන් අතින් වුණ බරපතල වරදක්. සිංහල ජාතිවාදී මහා ආඛ්‍යානය තුළ දෙමළ විරෝධය මුල්බැසගෙන තිබෙන්නා වගේම දෙමළ ජාතික විමුක්ති අරගලය තුළත් ජාතිවාදය මහා ආඛ්‍යානයක්. රොමැන්තික අනුරාගය විසින් සිංහල වාමාංශිකයන්ගේ දෑස් මේ කරුණ ඉදිරියේ අන්ධ කළා. පුදුවෛ රත්නදුරෛ වගේ මාඕවාදී රොමැන්තික කවියන් කෙසේ වෙතත් ඊරෝස් සංවිධානයේ සිට කොටි සංවිධානයට එක්වූ බාලකුමාර් වැනි දෙමළ වාමාංශිකයන් ට වෙනස් උපායමාර්ගයක් තිබුණා කියා අනුමාන කරන්න පුළුවන්. ඒත්, කෙතරම් උපාශීලීව කටයුතු කළත්, ඔවුන්ටවත් මේ දෙමළ ජාතිවාදී මහා ආඛ්‍යානය වෙනස් කරන්න බැරිවුණා. සමහරවිට, එයට හේතුව අරගලයේ පදනමම එය වූ නිසා වෙන්න ඇති. දෙමළ වාමාංශිකයන් දෙමළ ජාතිවාදය හමුවේ මුහුණදීපු අර්බුදයට සිංහල වාමාංශිකයන් මුහුණ දුන්නේ නැහැ. ඔවුන්ට මෙය හඳුනාගන්න පුළුවන්කම තිබුණා, රොමැන්තිකවාදී අනුරාගයෙන් මිදී යථාර්ථවාදී වුණානනම්. මේ රොමැන්තිකවාදී අනුරාගයත් හරියට වාමාංශික ව්‍යාපාරයේ මහා ආඛ්‍යානයක් වගේ. සමාජවාදය සඳහා නොනිමි (සන්තත - continuous) අරගලයේ එක් වගකීමක් තමයි මේවාට එරෙහිව සටන් කිරීම. කොහොම...

ඉනි අවන් - හඳගමගේ කුරිරු අපගමනයකි

Image
(හඳගම ටොරොන්ටෝ ජාත්‍යන්තර සිනමා උළෙලේදී - නිර්මානය බිහිවූ සංදර්භීය යථාර්ථයන් නොදත් මිනිසුන්ගේ කියවීම් මත පදනම් වූ සහතික රැගෙනවිත් දේශීය සිනමා රසිකයාට තොරොම්බල් කිරීම ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ කාලයේ සිටම තිබුණු දෙයකි.) හඳගම හොඳ සිනමාකරුවකුමුත් හොඳ කතාකරුවකු නොවේ යයි කියන මේ කියමන මගේ පෞද්ගලික අදහසකැයි ඔබට ඕනෑනම් කීමට නිදහස තිබේ. සිනමාකරුවකු කතාකරුවකු වීම අනිවාර්ය අවශ්‍යතාවක්ද නැද්ද යන්න ගැන මට තිබෙන්නේ විවෘත පිළිතුරකි. කතාවක් සියුම්‍ ලෙස ගොඩනැගීම අතිශය නිර්මානාත්මක කටයුත්තකි. හඳගම කතා ගොතන්නට එවැනි සුරුබුහුටිකමක් කිසිදා නොපෙන්වයි. චන්දකින්නරී චිත්‍රපටයේදී ඩ ී . එච්. ල ෝරන්ස් ගේ 'ඕඩර් ඔෆ් ක්‍රිසැන්තමම්ස්' නම් කෙටිකතාව ස්පර්ශ කරන හඳගම පසුකලෙක කතාකරුවන්ට වඩා පුවත්පත් වාර්තාකරුවන්ට ලොල් කරයි. ඔහුගේ 'තනි තටුවෙන් පියාඹන්න' කතාවේ සූප්පු උරන බොස්, ගැහැනියක සමග පවුල් කෑ ගැහැනිය ආදීන් පිළිබඳ පුවත්පත් වාර්තා මම චිත්‍රපටයට කලින් පුවත්පත් වාර්තා ලෙස කියවා ඇත්තෙමි. හඳගම ඒ චරිත හා ප්‍රස්තුතයන් පුවත්පත් වාර්තාකරුවකුට එහා යමින් විවරණය කි රීමට අසමත් වූයේය.  ඉනි අවන්ද එවැනිම වාර්තාවක...