ධනවාදය හලාල් වීම හා සමාජවාදය හරාම් වීම

අධ්‍යතන සිංහල ජාතිකවාදයට සුළුතර ජාතීන් කෙරෙහි වෛරය පැතිරවීමෙන් තොරව පැවැත්මක් නැත.එයට හේතුව සිංහල ජාතිකවාදයේ මූලික පදනමම ප්‍රතිගාමී ස්වෝත්තමවාදී එකක් වීමයි. රාජ්‍යය තුළ සිංහල ජාතික ආධිපත්‍යය තහවුරු කරගැනීමෙන් පසුව පවා ජාතිවාදීන්ට සැනසීමක් නැත. සෙසු ජාතීන් වඩාත් පරාධීන කිරීමේ නොතිත් ආශාවෙන් පෙළෙන සිංහල ජාතිවාදියෝ සිය කාලය හා ශ්‍රමය යොදන්නේ සුළුතර ජාතීන්ට එරෙහිව සිංහල සමාජය තුළ බිය හා වෛරය පැතිරවීමටයි. 

සිංහල ජාතිවාදී ශ්‍රී ලංකාව වෙනුවට වඩා පුළුල් දේශපාලන ප්‍රජා අනන්‍යතාවක් වන, සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර්, වැදි ආදී සියලු වාර්ගික ප්‍රජාවන්ට සමතැන් හිමි ලාංකීය අනන්‍යතාවක් වෙනුවෙන් අප අරගල කළයුතුබව අප කියන්මෙම සංදර්භය තුළයි. ඉතා පැහැදිලිවම එය ආරම්භ කළ හැක්කේ රාජ්‍ය ප්‍රතිසංස්කරණ ඔස්සේය. ජනතාව අතට බලය ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඔස්සේය. 

පෙරේදා ජවිපෙද ජාතිවාදයට එරෙහිව පිටකොටුවේ පත්‍රිකා බෙදාහැරියේය. ජාතිවාදයට උඩගෙඩි දෙමින් දෙමළ සංහාරයක ලේ දෑත්වල තවරාගත් ව්‍යාපාරයක් එවැනි තැනකට තල්ලුවීම නරක නැත. එහෙත් ගැටලුවක් තිබේ. ජවිපෙ කියන්නේ මේ සියලු ප්‍රශ්න විසඳීම සඳහා තමන් ළඟ සමාජවාදය නම් රහස්, ප්‍රාතිහාර්යයක් ඇති බවත්, එය කිරීම සඳහා තමන්ගේ පක්ෂය බලයට පත්කිරීම සඳහා සියලුදෙනා වැඩ කළයුතුබවත්ය. 

මෙම තර්ක හරය ජාතිවාදය ලෝක විනාශය දක්වාම මෙසේ පැවතිය යුතු බවය. මන්ද, අප දන්නා තරමින්නම් සමාජවාදය ගැන ජවිපෙට තිබෙන්නේ සුරංගනා කතාවක් මිස විග්‍රහයක් නොවන නිසාය. සමාජවාදය යනු දැන් සිටම ක්‍රියාත්මක කළයුතු දෙයක් මිස බලය ලැබුණාට පසු කරන ප්‍රාතිහාර්යයක් නොවේ. සමාජවාදය යාවජීව අරගලයකි. සමාජවාදය ගොඩනැඟීම ඔබෙන් පටන්ගත හැකිය. 

නිදසුනක් ලෙස මේ දිනවල තිබෙන හලාල් විරෝධී උද්ඝෝෂණය සලකා බලමු. හලාල් සහතිකය නිකුත්කිරීම සඳහා මුස්ලිම් ප්‍රභූ සංවිධානයක් වූ ජමියතුල් උලමා විශාල මුදලක් අයකරයි. හලාල් සහතිකය නැති ආහාර මුස්ලිම් ජනතාවට හරාම් නිසා, මුස්ලිම් වෙළඳපොළ වෙනුවෙන් ධේශ්වර කර්මාන්තකරුවෝ සිය නිෂ්පාදන වෙනුවෙන් හලාල් සහතිකය ලබාගනිති. ඒ සඳහා වැයවන මුදල් නිෂ්පාදකයෝ භාණ්ඩයේ වෙළඳ මිළට එකතු කරති. ජමියතුල් උලමා මෙසේ උපයන මුදලින් ඉස්ලාම් ආගමේ උන්නතිය වෙනුවෙන් වැඩකරනබව කියති.

අපේ මුස්ලිම් සහෝදරයකු කීවේ ජමියතුල් උලමා කියන පරිදි මේ මුදල් ඉස්ලාම් ආගමේ උන්නතියටවත් යොදවන්නේ නැති බවයි. හලාල් කමිටුව ඉතා දූෂිත එකක් බව කී ඔහු හෙළි කළ කරුණක් වන්නේ එහි දූෂණ සඟවා ගැනීම සඳහා පසුගිය දිනෙක එයින් අස්වූවෙකුට රුපියල් මිලියනයක් දුන් බවයි. ඔහුගේ තර්කය වන්නේ නබිතුමාගේ ඉගැන්වීම් වෙනුවෙන් කොපිරයිට් අයකිරීමට ජමියතුල් උලමාට අයිතියක් නැති බවයි. 

මුස්ලිම් නොවන වෙනත් පාරිභෝගිකයන්ට හලාල් සහතිකය වෙනුවෙන් මුදල් ගෙවන්නට සිදුවීම අසාධාරණය. එය හරියට දෙමළ ජනතාව මර්දනය කිරීම සඳහා හමුදා නඩත්තුකිරීම වෙනුවෙන් දෙමළ ජනතාව බදු ගෙවීම වැනි කරුණකි. 

මෙවැනි ප්‍රශ්නවලදී ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් සිදුවන්නේ සියලු සිංහලයන් හලාල් විරෝධීන් වීම හා සියලු මුස්ලිමුන් හලාල්වලට පක්ෂව පෙනී සිටීමයි. මේ ප්‍රශ්නය විසඳීමටත් අර අද්භූත සමාජවාදය ගොඩනඟනතෙක් බලා සිටිය යුතුද? නැත්නම් ඇතැම් වාමාංශික කණ්ඩායම් තර්ක කරන්නා ේ මුස්ලිම් ජාතිය පීඩිත ජාතියකය යන පදනමින් හලාල්වලට පක්ෂව පෙනී සිටීමද? (මෙවැනි වාමාංශික කණ්ඩායම්වලටද පීඩිත ජාතිය වන්දෙමළ පමණි.)

නැත. මෙතැන සමාජවාදය වන්නේ හලාල් සහතිකය මුවාවෙන් ජමියතුල් උලමා කරන සූරාකෑමට එරෙහිව මෙන්ම සිංහල ජාතිවාදීන්ගේ මුස්ලිම් විරෝධයට එරෙහිවද සටන් කිරීමයි. මුස්ලිමුන් 2050 වනවිට ලංකාවේ ආධිපත්‍යය පිහිටුවනු ඇතැයි භීතිකාවක් සිංහල සමාජය තුළ ඇති කරමින් පතුරුවන මුස්ලිම් විරෝධී මතවාදයන්ට එරෙහිව පෙනී සිටිමින් මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අප පෙනී සිටිය යුතුය. 

පීඩිත මුස්ලිම් ජනතාව හලාල් සහතිකය වෙනුවෙන් ජමියතුල් උලමා අසාධාරණ අන්දමින් මුදල් අයකිරීම වෙනුවෙන් පෙනී සිටියයුතු නැත. ජමියතුල් උලමා මේ මුදල්වලින් මුස්ලිම් ජනතාවට කළ සේවය කුමක්ද යන්න ප්‍රශ්න කළයුතුය. හලාල් කමිටුවේ පාරදෘෂ්‍යභාවය ප්‍රශ්න කළයුතුය. නබිතුමාගේ ඉගැන්වීම් ඔස්සේ කරන සූරාකෑම්වලට එරෙහි විය යුතුය. මුස්ලිම් සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වෙනුවෙන් සටන් කළ යුතුය.

මෙතැනදී පරිස්සම් වියයුතු අනෙක් කරුණ වන්නේ ආණ්ඩුව මේ මැදට පැන හලාල් සහතිකයෙන් තමන්ටද ගානක් ලැබෙන අන්දමින් මේ වැඩේ තමන් අතට ගැනීමට ඇති ඉඩයි. ආගම රාජ්‍යයෙන් ස්වාධීනව පැවතීමද අප අගය කළයුතුය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. As a race Muslims and as a religion Islam both are non practical and extreme. They need to be more civilised and developed.

    I dont find this primitiveness in any other race/religion..

    Thats why most people hate Muslims/Islam...

    ReplyDelete
  2. Well balanced post.

    ReplyDelete
  3. “ හලාල් “ ගැටළුවේ මා මෙතෙක් නොදුටු පැත්තක් විවරණය කර දීම පිළිබඳව ස්තූති වන්ත වෙමි.ඒත් කවදාක මේ දේවල් අපේ අය තේරුම් ගනීවිදැයි සිතන විට නම් කණගාටුක් දැනේ.

    ජාතිය , ආගම වැනි දෙයින් බෙදී කෑගසනවා මිසක නුවණින් විමසා අඩුම තරමේ සාධාරණ අසාධාරණය වෙනුවෙන් වත් බෙදී මෙලෙස කෑගසනවා නම්......!!!!

    ReplyDelete
  4. සහෝදරයිනි, ජාතිවාදය පතුරුවන්නෙ නූගත් මිනිස්සු කියන එක හලාල් විරෝධී post වලින් ඔප්පු වෙනවා, මොකද කිසියම් නිශ්පාදනයක් හරි හලාල් සහතිකේ අයින් කර ගත්තොත් වෙන්නේ ඒ නිෂ්පාදනයේ මිල අඩු වෙන එක නෙවෙයි වැඩි වෙන එක, හේතුව මුස්ලිම් ප්රජාව ඒ නිශ්පාදනය ගන්න එක නැවැත්තුවොත් 9% කින් ඒ නිශ්පාදනය අලෙවි වෙන එක අඩු වෙනවා, එතකොට නිෂ්පාදන පිරිවැය පියවා ගන්ඩ නිෂ්පාදනයේ මිල වැඩි කර ගන්නම වෙනවා... මේක ආර්ථික විද්යාව දෙකේ පන්තියේ දැනුම තියෙන ඕනම මෝඩයෙක්ට තේරෙනව... උදාහරනෙකට කිව්වොත් ලකී යෝගට් කෝප්ප 100ක් නිපදවන්න රු: 2000 ක පිරිවැයක් යනව නම් යෝගට් කෝප්ප 200ක් නිපදවන්න යන්නෙ රු: දෙදාහෙ දෙගුණය වන රු: 4000 නෙවෙයි, ඊට වඩා අඩු ගානක් ( රු:3000ක් වගේ). එතකොට යොගට් කෝප්ප 100ක් නිපදවව්වොත් එක යෝගට් කෝප්පයක අවම මිල රු: 20ක් විය යුතුයි පිරිවැය පියව ගන්ඩ විතරක් ( 2000 / 100 = 20). ඒත් යෝගට් කෝප්ප 200ක් නිපදවව්වොත් ඒකකයක අවම මිල රු: 15 යි වෙන්නෙ ( 3000 / 200 = 15)... අන්තිමට බැලුවාම හලල් සහතිකය තියෙන එකේ වාසිය තියෙන්නෙ හම්බයාට නෙවෙයි, රටේ බහුතරය වෙච්ච සින්හලයාටමයි, මොකද පොකැට්ටුවට තට්ටු වෙනව අඩුයි... මේ ව්යාපරික උපක්රමය නිසා තමයි KFC, McDONALDS වගේ ඉස්ලාම් විරෝදී ඇමරිකානු ආයතන උනත් හලල් සහතිකේ අරගෙන තියෙන්නේ, නැතුව ඒ අයට මුස්ලිම් ප්රජාව ගැන තියෙන අනුකම්පාවකට වත් ඔය කියන විදිහෙ කවුරුහරි බල කරන නිසාවත් නෙවෙයි... සරලව කිව්වොත් පාරිබෝගිකයන් ගනන වැඩි වෙද්දි නිශ්පාදනය අඩු මිලකට දෙන්ඩ පුලුවන්, මුස්ලිම් බහුතරය ගන්නේ හලල් අනුමත ඒව විතරයි, එතකොට පාරිබෝගිකයන් ගනන ල0කාව තුල විතරක් 9% කින් වැඩිවෙනව හලල් සහතිකේ ලබා ගැනීම තුලින්... අනෙක් අතට මැලිබන්, මන්චි වගේ ගොඩක් සමාගම් වලට මැද පෙර දිග ලොකු අපනයන වෙළද පොළක් තියෙන්නෙත් එවා වලට හලාල් සහතිකේ තියෙන නිසා, එතකොට පරිබෝගිකයන් ගනන 9% කින් නෙවෙයි, ඊට වඩා ගොඩාක් ලොකු අගයකින් වැඩි වෙනව හලාල් සහතිකෙ තියෙන එකෙන්... ඒ විතරක් නෙවෙයි මේ හේතු නිසා තරගකාරි වෙළද පොලේ මුස්ලිම් නොවන පාරිබෝගිකයන් උනත් යොමු වෙන්නෙ මිල අඩු නිශ්පාදනයට, කළින් ගත්තු උදාහරණය අනුව සින්හලයා උනත් ගන්නේ රු: 20ට තියෙන යෝගට් එක නෙවෙයි රු: 15ට තියෙන යෝගට් එක, එතකොට ඒ බාන්ඩයේ අලෙවිය තවත් වැඩි වෙන නිසා ඒකකයක මිල තවත් අඩු වෙනව... අන්තිමට වාසිය පොදුවේ රටට මිසක් හම්බයන්ට නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. ජාතිවාදය ඉස්මතුවන්නෙ හලාල් විරෝධී ප්‍රකාශ හරහා පමනක් නොවේ.අනෙක නූගත්,උගත් බේදයක් මේකට ගාව ගන්න ඕන නැහැ.ඔයාගේ උදාහරණයේ අඩු පාඩු ‍රැසක් තියෙනවා.
      මුස්ලිම් ජනතාව පරිභෝජනය නොකර ඉතිරි වෙන භාණ්ඩ සංඛ්‍යාව නොවිකිණී ඉතිරි වන බව සැලකීම.
      නිෂ්පාදන පිරිවැය ගණනය කිරීමේදී හලාල් සහතිකය ගැනීමට යන වියදම නොසලකා හැරීම සහ හරාම් ලෙස ඉදිරිපත් කිරීම තුලින් අඩු වන හලාල් වියදම මුලු නිෂ්පාදන පිරිවැයට නොගැලපීම.
      යම් නිෂ්පාදිතයක් හලාල් ලෙස 9% හා හරාම් ලෙස 91% ලෙස වෙළඳපළට ඉදිරිපත් කරන්නේ නම් පිරිවැය ඉහළ යන්නේ කුමන නිෂ්පාදිතයේදැයි අමතක කිරීම
      ආයතන සිය පිරිවැය වක්‍රයේ මුල කොටසේ සිටින බව උපකල්පනය කරන්නේ කෙසේ දැයි දක්වා නැත.

      Delete
    2. @THE truth
      අම්මට අප්පට කෙලවුණත් වැඩේ ලාබයි නම් ඒක පස්සේ යන අවජාතක (අ)සිංහළු ඔහොම කතා කරනවා.

      ගණන් ගත යුතු නැහැ.

      Delete
  5. //මෙතැනදී පරිස්සම් වියයුතු අනෙක් කරුණ වන්නේ ආණ්ඩුව මේ මැදට පැන හලාල් සහතිකයෙන් තමන්ටද ගානක් ලැබෙන අන්දමින් මේ වැඩේ තමන් අතට ගැනීමට ඇති ඉඩයි.//
    මේක නොවෙන්න තියෙන ඉඩ නම් බොහොම අඩුයි..

    ReplyDelete
  6. //මුස්ලිම් නොවන වෙනත් පාරිභෝගිකයන්ට හලාල් සහතිකය වෙනුවෙන් මුදල් ගෙවන්නට සිදුවීම අසාධාරණය. එය හරියට දෙමළ ජනතාව මර්දනය කිරීම සඳහා හමුදා නඩත්තුකිරීම වෙනුවෙන් දෙමළ ජනතාව බදු ගෙවීම වැනි කරුණකි. //

    nice one?

    ReplyDelete
  7. //එය හරියට දෙමළ ජනතාව මර්දනය කිරීම සඳහා හමුදා නඩත්තුකිරීම වෙනුවෙන් දෙමළ ජනතාව බදු ගෙවීම වැනි කරුණකි. //

    මටනම් මේ මිනිහට මේක තෙරුන් කරන එක එපා වෙල. මේකා හිතන්නෙ උට සල්ලි එන තැන් වලට ඕනෙ දේ කිව්වම හරි කියල. මේක හොඳට මතක තියා ගන්න, "දෙමළ ජනතාව" සහ "දෙමළ කොටි" දෙකක්. කොටින්ට සපොර්ට් නම්, රට බෙදන්න දත කනවනම්, උන් අයිති වෙන්නෙ "සිංහල" වත්, "දෙමළ" වත් ගොඩට නෙවෙයි, ත්‍රස්තවාදී ගොඩට. උන්ව මර්ධනය හරි මරන එක හරි කරන්න ඕනෙ දෙයක්.

    ReplyDelete
    Replies

    1. What I dont understand is
      Why do we kill them or suppress them simply they just act on and about separation?
      Then what is the meaning of Confrontational politics?

      Clement peris
      calgary

      Delete
    2. You may have beautiful words, But top most is the Law of the country not political theories. if separation is prohibited by the law, then who ever fighting for separation must eliminate some how. And persons like you never understand the value of the unity and sovereignty of the country. You guys left the mother land and now just living on another country but never feel that Canada is your own place, coz you are second class citizens, that's the bitter truth, that's what you always feel but afraid to show it. (I was there time to time for business matters and I know how SL Sinhala ppl behaving in there)

      And one question for you, what you think if Quebec start terrorist-war for separation? Does Canadian gov will give it to them?

      So, still my above comment is valid, if terrorists, then should kill or defeat.

      Delete
  8. සමාජවාදය නොවෙයි මේ වගේ ප්‍රශ්න විසඳන්නේ -- වෙළඳපොලයි. පාරිභොගිකයා ගන්නේ එක හා සමාන දෙකින් අඩු මිළ දෙයයි. මැක්ඩොනල්ඩ් කාරයා මස් සහතික කරලා ඔවුන්ගේ කෑම ඉහල යැව්වත් ඒකෙන් වෙන්නේ වෙන දෙකක්. ඒ තැන්වලට කන්න යන්නේ තමන්ගේ හිත තුල අඩුවක් පිරිමහගන්න අවශ්‍ය අයයි. (ඔවුන් හිතේ මවා ගන්නවා තමනුත් 'දියුනු' ඇමරිකන්කාරයෝ ය කියා). එහෙව් අය ඒ අඩුව පුරවන්න මුදල් වැය කරනවා නම් ඒක පුළුල් වෙළඳපොලෙන් පිට දෙයක්.

    දෙමළ ජනයා පීඩිත වග කියන කොමියුනිස්ට් කාරයා අනුකරණය කරන්න හදන්නේ බටහිර සිදුවුන විප්ලවය කුඩා ලංකාවට ආදේශ කරන්නයි. බටහිර වුනේ දුප්පත් මිනිසුන් කර්‍මාන්ත ශාලාවල වහලුන් බවට පත් වීමයි. රදළයනුත් පල්ලියත් දුගී ජනයා වහලුන් බවට පත් කළ නිසා කොමියුනිස්ට විප්ලවය දියත් වුනා. අපි දන්නවා රුසියාවත් චීනයත් අද කොහෙද ඉන්නේ කියා. කියුබාව තවමත් සුදුවාර්‍ගිකයාගේ ඒකාධිපති ක්‍රමයක්.

    අපේ පොතේ ගුරාලා හදන්නේ නායකයන් වී තමන්ගේ සැපය ලබාගන්න මිසක් ජනයාගේ අභිවෘද්ධිය තකා වැඩ කිරීම නොවෙයි.

    ReplyDelete
  9. තම ජාතිය වෙනුවෙන් කෑ ගසනා ..සිංහලයින් ජාතිවාදීන්ය..අනිත් වුන්ට මේ රටේ කෑ මොනා කලත් කමක් නැත..මේ කියනා නපුංසකයන් රාවණා සමයේම සිට සිටියේය..රාමාට රට පාවා දෙන්නේද රාවණගේ සහෝදරයාමය..අපේ රටේ ජාතික විරුවන්ගේ නිදහස් සටන් පාවදුන්නේද මේ පරපුරේම කාලකන්නියන්ය.. අනගාරික ධර්මපාලතුමා මොවුන් ගැන කලු සුද්දන් යැයි කියන්නේ ඒ නිසාමය..අවාසනාවකි දැන් මෙවන් කළු සුද්දන් මේ රට විනාශ කරමින් සිටී..
    අප මුස්ලිම් සහෝදරයින්ට විරුද්ධ නැත..එහෙත් අපේ රටට ඉන්දුනීසියාවට ඇෆ්ගනිතානයට වූ දේ බලා සිටින්නට තරම් නිවට නොවෙමු..

    ReplyDelete
  10. ඉස්කෝලෙදී එක එකාට නම් හදලා නිග්‍රහ කරලා උන්ගේ ක්‍රියාවන් යටපත් කරනවා වගේ එක එක ජන කොටස් වලට නිග්‍රහවෙන නම් හදන එක තව කොමියුනිස්ට් ප්‍රයෝගයක්. 'සිංහලයා ජාතිවාදියා' ලු. යම් ජාතියකට තමන් ඇතුලත්‌ය යන්න ජාතිවාදියයි. අන් ජාතීන් දීනය කියන එක නූගත් කමයි. සිංහලයින් කියන්නේ නෑ දමිළයන් හෝ මුසොල්මන්වරු පහත් කියා. ඔවුන් කියන්නේ සුළු ජාතීන් මහ ජාතියේ අයිතීන්ට ඉහලින් තම අයිතීන් ගන්නවා කියායි. මේක වරද සෝල්බරි කොමිසමත් පෙන්වා දුන්නා.

    කියන්න තර්‍ක නැති වුනාම 'රාවණ පරපුරේ' පාරම්පරික දුර්‍වලකමක් හෙළයාට ඇතැයි කියනවා. කොයි 'ජාතික විරුවරුන්'වද පාවා දුන්නේ කියා නොකියා අපිට හිටියේ එකම එක එවැන්නන් සේ මැත දොඩවනවා. 'ධර්‍මපාල' ගේ හොඳ කියන්නේ චාටුවෙන් ජාති හිතෛශීන්ගේ හිත දිනාගන්නයි. 'කළු සුද්දන්' ගැන සුසුම් හෙලන කොමියුනිස්ට් කාරයා කියන්නේ නෑ තමනුත් කරන්නේ සුද්දාගේ (සමාජ)වාද අපේ රටට දාන එකම තමයි කියා.

    මුස්ලිම් සහෝදරයාට එරෙහි වෙන්න ඕනේ නෑ. හලාල් මස් වල ගණන් වැඩිනම් අඩු ගණනට මස් විකිණෙයි. ඒක වෙනකම් මාළු කත හැකියි.

    ReplyDelete
  11. 2013.01.01 dina palavunu Divaina paththare dhaala thibba halal certificate register karanna ganna salli tika Al qaida, Hamas vage jaathayanthra aayathanavalata yavanava kiyala. egollan ape thuttu deka balaaporuththuvela da meva digatama karagena yanne? ei Divaina me vage moda adahas pala karanne?

    ReplyDelete
  12. මම නම් ජාතිවාදයට විරැද්දධයි .. නමුත් මගේ මතය ආගමික මතවාද මත ආහාර වලට එක් එක් සහතික ගැනීම අනවශ්‍ය බවයි..හලාල් යනු මස් වර්ග වලට පමණක් යොදාගත් සහතිකයකි.. ඉතින් ඇයි මේ සියලුම පාරිභෝගක භාණ්ඩ හලාල් කල යුත්තේ.??

    ReplyDelete
  13. මේකේ මාර ඇනෝලා ටිකක්නේ ඉන්නේ. නමුත් මේකෙන් මං නොදත් දේ දැන ගත්තා

    ReplyDelete
  14. සෑහෙන්ට try කොරලා හිතලා හිතලා ලියපු එකක්.. ඕකට උලමගෙන් කීයක් හම්බුනාද දන්නෑ..
    අනේ අපොයි රටට ගිය කල!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා