ධනවාදය හලාල් වීම හා සමාජවාදය හරාම් වීම
අධ්‍යතන සිංහල ජාතිකවාදයට සුළුතර ජාතීන් කෙරෙහි වෛරය පැතිරවීමෙන් තොරව පැවැත්මක් නැත.එයට හේතුව සිංහල ජාතිකවාදයේ මූලික පදනමම ප්‍රතිගාමී ස්වෝත්තමවාදී එකක් වීමයි. රාජ්‍යය තුළ සිංහල ජාතික ආධිපත්‍යය තහවුරු කරගැනීමෙන් පසුව පවා ජාතිවාදීන්ට සැනසීමක් නැත. සෙසු ජාතීන් වඩාත් පරාධීන කිරීමේ නොතිත් ආශාවෙන් පෙළෙන සිංහල ජාතිවාදියෝ සිය කාලය හා ශ්‍රමය යොදන්නේ සුළුතර ජාතීන්ට එරෙහිව සිංහල සමාජය තුළ බිය හා වෛරය පැතිරවීමටයි. සිංහල ජාතිවාදී ශ්‍රී ලංකාව වෙනුවට වඩා පුළුල් දේශපාලන ප්‍රජා අනන්‍යතාවක් වන, සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර්, වැදි ආදී සියලු වාර්ගික ප්‍රජාවන්ට සමතැන් හිමි ලාංකීය අනන්‍යතාවක් වෙනුවෙන් අප අරගල කළයුතුබව අප කියන් න ේ මෙම සංදර්භය තුළයි . ඉතා පැහැදිලිවම එය ආරම්භ කළ හැක්කේ රාජ්‍ය ප්‍රතිසංස්කරණ ඔස්සේය. ජනතාව අතට බලය ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඔස්සේය. පෙරේදා ජවිපෙද ජාතිවාදයට එරෙහිව පිටකොටුවේ පත්‍රිකා බෙදාහැරියේය. ජාතිවාදයට උඩගෙඩි දෙමින් දෙමළ සංහාරයක ලේ දෑත්වල තවරාගත් ව්‍යාපාරයක් එවැනි තැනකට තල්ලුවීම නරක නැත. එහෙත් ගැටලුවක් තිබේ. ජවිපෙ කියන්නේ මේ සියලු ප්‍රශ්න විසඳීම ...