දෝෂාභියෝගයේ අලුත්ම ඩීල්එකද මේ?

අගවිනිසුරු ශිරානි බංඩාරනායකට එරෙහි චෝදනා විමර්ශනය පිණිස පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කමිටුව ජනාධිපතිවරයා විසින් දෙකේ කොළේට දමා තිබේ.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ නව බහු මහල් ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කිරීම නිමිත්තෙන් ඊයේ (11) පැවැති උත්සවය අමතමින් ජනාධිපතිවරයා කළ කරුණු දැක්වීමෙන් පෙනී යන්නේ ඔහු සිය මුල් සැලැස්ම වෙනස්කරන්නට සැරසෙන බවකි.

දෝෂාභියෝග වාර්තාව සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීම සඳහා ස්වාධීන කමිටුවක් පත්කිරීමට පියවර ගන්නා බව දැන් ඔහු පවසයි.

එවැනි කමිටුවක් ගැන පොතක පතක ලියවී නොමැති බවද, නීතියක් නොමැති නමුත් එය තමා සෑහීමට පත්වීම සඳහා කරන්නක් බවද මේ උතුම් මහතා කීයා සිටී.

මේ පිළිබඳ එතුමා හරිහැටි නොදැන සිටි බවද, අර එතුමාගේ හොඳකම නිසා මෙය කරගෙන ගිය නසරානින්ට එය කරන්නට බුරුල දුන් බවද එතුමාග් ප්‍රකාශයෙන් පෙනේ.

අල්ලස් කොමිසම වෙත ගොස් පැමිණිලි කොට දෝෂාභියෝගයක් රැගෙන එන බවට ප්‍රචාරය කළ බවත්, පසුව අදාළ දෝෂාභියෝගයට අත්සන් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ බවත්, කමිටුවක් පත්කොට වාර්තාවක් නිකුත් කිරීම සිදුවූ බවත් දැන් එය පාර්ලිමේන්තුවේ පවතින බවත් සඳහන් කරන එතුමාණෝ "වෘත්තියෙන් නීතීඥයකු වශයෙන් මේ පිළිබඳව කණගාටුවන බව සඳහන් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අධිකරණය හෑල්ලුවට ලක් කිරීම සම්බන්ධයෙන් තමා විරුද්ධ වන බවද යම් පුද්ගලයකුගෙන් වරදක් සිදුවී නම් එය ප්‍රසිද්ධ නොවිය යුතු බවද පැවැසීය." (දිනමිණ)

අනේ මේ මානව දයාව මොකද? විරෝධය නිසාද?

අනෙක යම් පුද්ගලයකුගෙන් වරදක් සිදුවී නම් එය ප්‍රසිද්ධ නොවිය යුතුය කියා එකක් තිබෙන්නේ කොහේද? අගවිනිසුරුවරිය විෂමාචාරවල යෙදුණිනම් ඒක ප්‍රසිද්ධ නොකර තබාගතයුතු එකක්ද?

මේගොල්ලෝ ඩීල් එකක් දාගෙනද? 

නැතිනම් අධිකරණය හෑල්ලුවට ලක්කිරීේ අරමුණ දැන් සම්පූර්ණ නිසා ේ කියන්ේ දැන් ඉතින් අල්ලලා දාලා අපඕනැ හැටියට නටවන්න තියාගමු කියාද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. අන්තිමට ඉතින්, කොහොම හරි එතුමා හොඳ වෙනවා..

    කොස් ඇට බාපු බළල්ලු ටික නරක් වෙනවා..

    ආශ්චර්යය... බොලව්... ආශ්චර්යය...!!

    ReplyDelete
  2. මෙතුමට ඉන්න දීලා නැත්තේ අර කාළකන්නි 117 දෙනානේ. නැත්තන් ලොක්කා හොඳ මනුස්සයා.

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා බලන්න මේ අහිංසක මනුස්සයව විනාස කරන්නෙම අර පාරිලිමෙන්තුවේ ඉන්න බුරු හැත්තනේ

      Delete
  3. http://andhabinduwa.blogspot.com/2012/12/blog-post_12.html

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා