Posts

Showing posts with the label අග්‍ර විනිශ්චයකාර

දෝෂාභියෝගයේ අලුත්ම ඩීල්එකද මේ?

Image
අගවිනිසුරු ශිරානි බංඩාරනායකට එරෙහි චෝදනා විමර්ශනය පිණිස පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කමිටුව ජනාධිපතිවරයා විසින් දෙකේ කොළේට දමා තිබේ. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ නව බහු මහල් ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කිරීම නිමිත්තෙන් ඊයේ (11) පැවැති උත්සවය අමතමින් ජනාධිපතිවරයා කළ කරුණු දැක්වීමෙන් පෙනී යන්නේ ඔහු සිය මුල් සැලැස්ම වෙනස්කරන්නට සැරසෙන බවකි. දෝෂාභියෝග වාර්තාව සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීම සඳහා ස්වාධීන කමිටුවක් පත්කිරීමට පියවර ගන්නා බව දැන් ඔහු පවසයි. එවැනි කමිටුවක් ගැන පොතක පතක ලියවී නොමැති බවද, නීතියක් නොමැති නමුත් එය තමා සෑහීමට පත්වීම සඳහා කරන්නක් බවද මේ උතුම් මහතා කීයා සිටී. මේ පිළිබඳ එතුමා හරිහැටි නොදැන සිටි බවද, අර එතුමාගේ හොඳකම නිසා මෙය කරගෙන ගිය නසරානින්ට එය කරන්නට බුරුල දුන් බවද එතුමාග් ප්‍රකාශයෙන් පෙනේ. අල්ලස් කොමිසම වෙත ගොස් පැමිණිලි කොට දෝෂාභියෝගයක් රැගෙන එන බවට ප්‍රචාරය කළ බවත්, පසුව අදාළ දෝෂාභියෝගයට අත්සන් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ බවත්, කමිටුවක් පත්කොට වාර්තාවක් නිකුත් කිරීම සිදුවූ බවත් දැන් එය පාර්ලිමේන්තුවේ පවතින බවත් සඳහන් කරන එතුමාණෝ "වෘත්තියෙන...

අගවිනිසුරු යෝජනාකරන්න ඔබටත් අවස්ථාවක්

Image
අගවිනිසුරුට එරෙහිව දෝෂාභියෝගයෙන් මතු කර තිබෙන චෝදනා විමර්ශනය කිරීම පිණිස පත් කරනු ලබන කමිටුව හමුවට අගවිනිසුරු කැඳවා ප්‍රශ්න කළ හැකිය. සාක්කි විමසිය හැකිය.  මේ නම් සිදුවන්නට යන්නේ මරුම මරු නාට්ටියකි. හුණුවටයේ කතාව වැනි  නාට්ටියකි.  ඇත්තටම පවතින සංදර්භය තුළ අපට මේවා බල බලා මුන්ට සහ අප අපටම පස ් ස පැත්තෙන් හිනාවෙමින් බදු ගෙව ගෙවා පව් ගෙවනවා ඇරෙන්නට වෙනත් විසඳුමක් නැත. පට්ට දූෂිත ජනතාවක් වෙසෙන රටක මේවා සාමාන්‍ය සිදුවීම්ය.  හුණුවටයේ අසඩක් කියන පරිදි මෙතෙක් කල් නඩුකාරයන් හොරු වූමුත්, හොරකු නඩුකාරයකු වූ පළමු වතාව අසඩක් නඩුකාරයා වීමයි.  ලංකාවේ තත්වය කොහොමද? කොහොමද ආතල්එක නිමල් සිරිපාල, අනුර ප්‍රියදර්ශන, සුසිල් ප්‍රේමජයන්ත, රාජිත සේනාරත්න, ඩිලාන් පෙරේරා, විමල් වීරවංශ, නියෝමාල් පෙරේරා වැනි නඩුකාර හාමුදුරුවරු ඔලුවට අර කොණ්ඩෙ වගේ කෑල්ල දාලා උස මේසෙක වාඩි වෙලා අගවිනිසුරු ශිරානි බංඩාරනායකව විත්තිකූඩුවට දාලා ප්‍රශ්න කරනකොට.  එක අතකට උඩ ඉඳන්ම පහළ බලලා විතරක් පුරුදු අයට පහළ ඉඳලා උඩ බලන්න අවස්ථාවක් ලබාදෙනඑකත් නරක නැහැ.  දැන් ජනාධිපතිතුමා වැඩබලන අගවිනිසුරු...