රාජපක්ෂ පාලනයේ වසන්තය නිමාවෙමින් තිබේ

කරුණු කීපයක් නිසා මහින්ද රාජපක්ෂ පාලනය අර්බුදයට ගොස් තිබේ. ඉන් පළමුවැන්න ආර්ථික කළමනාකරණයේ අසමතුලනයයි. ඔවුන් විසින් ලංකාවේ ප්‍රවර්ධනය කරමින් සිටින සංචාරක කර්මාන්තය (හා විදේශ රැකියා) මූලික කරගත් ආර්ථිකය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඔවුන් දරන පිරිවැය මේ වනවිට ලංකාවේ ජනතාව මත සුවිසල් බදුබරක් පටවා ඇත.

මෑතදීම කරන ලද පෙට්‍රල් මිළ වැඩිකිරීම මේ බදුබරේ අලුත්ම පියවරයි. සියලු බර දරා සිටින මහජන බූරුවාගේ කොන්ද කැඩෙන පිදුරු ගස කොයි මොහොතේ හෝ පටවන්නට ඉඩ තිබේ.

දෙවැන්න, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කාරණයයි. ස්වභාවිකවම ප්‍රජාතන්ත්‍රවාදයට නැඹුරුවක් නැති ග්‍රාම්‍ය මානසිකත්වයක් සහිත පාලක පවුල තමන් විසින්ම පත් කරගන්නා ලද දූෂිත අගවිනිසුරුවරියට එරෙහිව මතු කරගෙන ඇති දෝෂාභියෝග අර්බුදය සියතින්ම කරගන්නා ලද හානියකි.

දුර්වල පෞරුෂයක් වන අගවිනිසුරුවරිය පාලනය කරගැනීම සඳහා ඇය විසින්ම ඇද දී තිබුණු රැහැන් පාවිච්චි නොකර, ඒකාධිපතිවාදී සංදර්ශනයක් පවත්වන්නට යාමෙන් මේ වනවිට පාලක‍ රෙජිම පස්ස බිම ඇනගෙන ඇත.

බටහිරට ලෝක ආධිපත්‍යය අහිමි වෙමින් තිබෙන වත්මන් සංදර්භය තුළ බටහිරට ගැලවුම ඇත්තේද ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම තුළය. එසේම ලෝක බලතුලනය වෙනස්වීම මහින්ද රාජපක්ෂ පාලනය බලාපොරොත්තු වනතරම් ඉක්මණින් සිදුවන්නේ හෝ ඔවුන් බලාපොරොත්තුවන අන්දමින් ප්‍රජාතන්ත්‍රවාදයේ සිට රාජ්‍ය ඒකාධිපතිවාදය දෙසට සිදුවන්නේ හෝ නැත. එබැවින් මෙවැනි අර්බුද ඇති කරගැනීම රාජපක්ෂ පාලනයේ යහපතට හේතු වන්නේ නැත. රාජපක්ෂ පාලනය සිය දහසකුත් එකක් ෂ අතරට ෝෂාභිෝග ෝෂයත් එකතු කරගෙන බටහිරින් ේම ඉල්ලමින් සිටියි.

ලංකාවට ආසන්නයෙන්ම පිහිටි කලාපීය බලවතා වන ඉන්දියාව මෙහිදී ඉතා වැදගත්ය. මන්ද ඉන්දියාව තනි බලයක් නොව බටහිර ආශිර්වාදලත් බලයද වන බැවිනි. චීනය සමග එක්වී ඉන්දියාවට ගේම දෙන්නට ලංකාව දරන වෑයම මුග්ධකමකි. ඇත්තෙන්ම, මෙය චීනය විසින් බලාපොරොත්තු වන තත්වයක්ද නොවේ. එහෙත් ලංකාව පැනලා දෙනවිට චීනයට එය නොගෙන සිටීමට හේතුවක්ද නැත.

නිදසුනක් ලෙස ලංකාවේ වාහන ආනයන බදු මේ වනවිට ඉන්දියාවේ වාහන කර්මාන්තයට දැඩිලෙස බලපා තිබේ. ලංකාව ඒ අතරේ චීනයේ ගීලි කාර් කොම්පැනියේ එකලස්කිරීමේ කම්හලක් හම්බන්තොට පිහිටුවීමට උත්සාහ කරමින් සිටින්නේ ඉන්දියාවේ වාහන කර්මාන්තයේ මිනී පෙට්ටියට ඇණය ගසන්නාක් මෙන් සතුටිනි. එහෙත්, ලංකාවේ ආණ්ඩුව තේරුම් නොගන්නා කරුණ වන්නේ චීනයට මෙය තවත් එක් බිස්නස්එකක් පමණක් බවයි.

තීරණාත්මක අවස්ථාවකදී චීනය ලංකාවට කියනු ඇත්තේ ඉන්දියාව කියන විදියට කරන්න කියන කරුණයි. නැතිව වත්මන් චීනය කියන්නේ ලංකාව වෙනුවෙන් ඉන්දියාව සමග යුද වදින රාජ්‍යයක් නොවේ.

ඉන්දියාව අවුස්සාගැනීමේ ආදීනව විඳින්නට සිදුවනු ඇත්තේ ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව හැසිරෙන ආකාරයට ප්‍රතිචාර ලෙසයි. මන් මෝහන් සිං පාලනය හැමදාම පවතී යයි බලාපොරොත්තු විය නොහැකිය. 2014දී පැවැත්වීමට ඉඩ ඇති මහමැතිවරණයකදී ලංකා විරෝධය ලොකු බලපෑමක් වනු ඇත.

දෙමළ ජනයාගේ දේශපාලන බලය පිළිබඳ ඉල්ලීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය වන්නේ කිසිවක් නොදීමයි. තම පවුලෙන් හා එහි අන්තේවාසිකයන්ගෙන් පිට කිසිවකු සමග බලය බෙදාගැනීමට සූදානම් නැති ඒකාධිපති පාලනයකින් ජාතීන්ගේ ප්‍රශ්නය හෝ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීම විෂයෙහි තීරණාත්මක මැදිහත්වීමක් අපේක්ෂා කිරීම ඉබ්බන්ගේන් පිහාටු පැතීම වැනි දෙයකි.

දැන් නැවතත් දෙමළ ජාතිකවාදය හිස ඔසවමින් තිබේ. ආණ්ඩුව සුපුරුදු මර්දනය මුදාහැර තිබේ. තත්වය ත්‍රස්තවාදයට යළි දළුලන්නට පස සකසා තිබේ. මෙය සිංහල ජාතිවාදීන්ටද යළි අවස්ථාවක් උදා කරදෙනු ඇත.

කෙසේ වෙතත්, රාජපක්ෂ පාලනයේ වසන්තය නිමාවෙමින් තිබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. I have to agree with you on this...

    ReplyDelete
  2. වසන්තය,හේමන්තය,සිසිරය ගැන දිනමිණයි,ලක්හඩයි කියවන/අහන එව්වන්ට ඔබ ලියන දේවල් තේරෙනවද මන්ද?එඋන් හිතන්නෙ ඔය නම තියන එව්වො ලොක්කට කෙලවන්න එන අය කියලයි එඋන් හිතන්නෙ.විපක්ෂයේ එව්වෝ මේ කස්ටිය ඉස්සරහට ගේන්නයි ඕන.

    ReplyDelete
  3. ඇත්ත තත්වය මෙහෙම වුනාට බොහෝ සාමාන්්‍ය ජනයාට තවම දැනී නැත.

    ReplyDelete
  4. බොහෝ දුරට එකඟ මුත් එකඟ වියි නොහැකි තැන් ද වේ. මේ ආණ්ඩුව අමෙරිකාව ප්‍රමුඛ ""බටහිරින්" ""ගේමක් ඉල්ලමින්" සිටින බවක් අප තේරුම් ගන්නේ නම් එය මුළාවකි. එය කිසිම ගේමක් ඉල්ලන්නේ නැති අතර ඒ පිළිබඳ අවබෝධයක් චීනයට මෙන්ම ඉන්දියාවටද ඇත. අද වන විට ධනවාදී ප්‍රවාහය තුළ ඉන්නා චීනය, ඉන්දියාව මෙන්ම බටහිරද තරගයක මෙන්ම එකිනෙකාගේ සම්බන්ධයෙන් නිර්මාණය කරගත් සමස්ථ ආර්ථික බල ව්යුහය තුළ අනෙක් රටවල් කොල්ල කෑමේ සහයෝගී ව්‍යාපාරයකද නියැළී සිටිති. රාජපක්ෂ රෙජීමයද යූඇන්පී ලිබරල් කට්ටිය මෙන්ම හුරතල් වන්නේ ඒ ව්‍යාපාරය තුළය.
    ඒ නිසා වසන්තයේ වලිගය අප හිතනවාට වඩා ටිකක් දිගය. .......

    ReplyDelete
  5. උතුරේ මුදාහරින ප්‍රචණ්ඩත්වය සහ දකුණේ දේශපාලනය කියාපාන්නේ, අවශ්‍ය වුවහොත් ලංකාවේ දැනට රූකඩයක් සේ ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අතහැර, පැහැදිලි ඒකාධිපති වාදයකට යාමට පවා රාජපක්ෂ සමාගම පසුබට නොවනු ඇතිබවයි. ඔවුන්ගේ වසන්තය නිමාවන විට, මීට වඩා දරුණු විනාශයක් සිදුවී තිබෙනු ඇත. එයට කල්ගතවනු ඇත.

    ReplyDelete
  6. අහිංසක බලාපොරොත්තුවක් විතරයි නේද? ලොතරැයි ටිකට් එකක් ගත්තම හැමෝම හිතනවා මට ඇදෙයි කියල ඒ වගේ තමයි මේ වසන්තයත්.
    LOOPHOLES බ්ලොග් අඩවියේ ලිපියක මෙහෙම කියල තිබුන ප්‍රභාකරන් නැති පාඩුව කියල ලිපියක
    http://www.loopholesblog.org/2012/12/blog-post_18.html

    //කවදාද මේ රාජපක්ෂ කරුමෙන් ගැලවෙන්න කියන බලාපොරොත්තුවක් තියාගන්න මොකෙකුටවත් පුළුවන් කමක් නැහැ. ඒ වගේ නන්නත්තාර වෙලා ගිය අපේ හිතවතෙක් මෙහෙම කිව්වා.

    ‘ඉස්සරත් මෙහෙම කාලවල් තිබුණා බං ගැලවීමක් පේන තෙක්මානෙක වත් නැති. ඒත් මොකක්ම හරි බලාපොරොත්තුවක් තිබුණා මරාගෙන මැරෙන එකෙක්වත් ඇවිල්ල බදාගෙන මුංව වාශ්ප කරල දායි කියල. දැං ඉතිං හිටපියව් ඇටි කෙහෙල් කාපු එවුන් වගේ..... හාට් ඇටෑක් එකක් වත් වරෝ.....කියලා හිත හිත’//

    ReplyDelete
  7. ඔය කිසි දෙයක් හිතලා ප්ලෑන් කරලා කරන දේවල් නෙමෙයි. කිසිම දැක්මක් ප්‍රතිපත්තියක් නෑ. මැර බලය ගැන පමණමයි විශ්වාශය. ෆුල් පවර් එක පාවිච්චි කරලා ගෑනීව ගෙදර එලවන්නෙ නැතුව හත් පොලේ ගාගන්නවා. ඒ කියන්නෙ ඒ ගේම් වලත් ප්ලෑනක් නෑ. ඉන්දියාව සද්දෙ දාපු ගමන් ටැක්ස් එක අඩු කරනවා. ඊට පස්සෙ ගැල ආයෙත් යනවා. නමුත් යන්නෙ නම් පල්ලමකට....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා