ඩයස්පෝරා එක සල්ලි බෙදන ගැනක් දන්නවානම් අපටත් කියන්න

යකෝ මේ ඩයස්පෝරා එකනම් මාර සල්ලි කඳක්නේ. මර්වින් සිල්වා කියන විදියට ඩයස්පෝරා එක අග්‍ර විනිශ්චයකාරිටත් සල්ලි දීලා. 

තව ඔය එන්ජීඕවලට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට, අන්තරේට, පෙරටුගාමී සමාජවාදී පක්ෂයට, එජාපට එහෙමත් කාලෙන් කාලෙට සල්ලි දුන් බව කියනවානේ. 

මං හිතන්නේ ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන කණුවක් වෙන්නේ මේ ඩොලර්. ඩොලර් කියන්නේ විදේශ විනිමයනේ. අපට මාර විදියට ඒවා ඕනෑ කරලානේ තියෙන්නෙත්. 

හැබෑටම කවුරුහරි දන්නවද ඔය ඩයස්පෝරා එක සල්ලි බෙදන්නේ කොහේ ඉඳලද කියලා. අපිත් කීයක්හරි ඉල්ලගන්න. අපි ඔය දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ගැන මේ බ්ලොග් පඩංගුවේ ලියලා, ලියලාම සෑහෙන්න කතන්දරත් අහගෙන ඉන්න එකේ මේ නැතිබැරි කාලෙ අපේ පොඩිවුන්ට පාන් කෑල්ලක් අරන් දෙන්න බැරිද ඩයස්පෝරා එකට අපටත් කීයක් හරි දෙන්න. 

ඩයස්ෝරා එක සල්ලි දෙනවා, සල්ලි දෙනවා කියලා කියලාම ආණ්ඩුවටත් හිතෙයිද දන්නෙ නැහැ, අර නස්රුදීන්ට වේ සල්ලි ඉල්ලගන්න යන්න. 

මේ ළඟදි මරු අත්දැකීමක් ලැබුණා. අපේ කාර්යමණ්ඩලයේ ඉන්නවා තරමක සිවිල් හයියක් තියෙන හාදයෙක්. මිනිහා ප්‍රසිද්ධියේම දෙමළ කතාකැන මිනිස්සු ගැන කතා කරන්නේ පර දෙමළු, ගෙරි තම්බි ආදී වශයෙන්. මේ ලියන්නා (ලේඛකයා කියන වචනය පාවිච්චි කළාම සමහරු කියනවා ඒක මානසික ලෙඩක්ය කියලා) ඉතින් කවදාවත් සිය ජීවිතේදී ඔය වගේ වචන පාවිච්චි කරලා නැතිවා වගේම, ජාතිවාදයට විරුද්ධව වැඩකරලා පොඩි, පොඩි පරිප්පුත් කාලා තියෙනවා, ඔය රට හැර යන්නවීම, රස්සාව නැතිවී හිඟමනට වැටීම වගේ. 

මේ ළඟදි අපි වැඩකරනතැන දෙමළ මුස්ලිම් අයගේ උත්සවයක් තිබුණා. මේ ලියන්නාත් ඉඳිද්දිම ඒඅය ඇවිත් ආරාධනා කළා අර පට්ට ජාතිවාදී ොරට විතරක්. ජාතිවාදයට එරෙහිවීමට වඩා සිවිල් හයිය කොච්චර වැදගත්ද සුළුජාතීන්ට? ඌ ගියේවත් නැහැ, මං හිතන්නෙ. ඌ ඔය පර දෙමළුන්ගෙ, ගෙරි තම්බින්ගෙ ඒව කන එකෙක් නෙවෙයි. නියම වීර සිංහල කොල්ලෙක්.

ජාතිවාදෙට විරුද්ධව පෙනීහිටියයි කියල වැඩල්ලෑ ඕයි, ේ ඩයස්ොරලාවත් අපි ගැන බලන්නෙ නැහැ. උනුත් හරියට දෙයිො ව, බලන්නෙම ොකු ොකුවුන් දිහා විතරයි.

ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. කවුරු හරි සෙට් උනොත් අපි ගැනත් කියපන්....

    ReplyDelete
  2. රත්නසිරිDecember 6, 2012 at 6:32 PM

    අපිට දෙමළ ඩයස්පෝරාවෙන් සල්ලි එපා,දෙනවා නම් මරා-පෝරාවෙන් දෙන්න.ඒතකොට ගන්නම්,විඳවලා මැරෙන්න බැරියෑ ඒවා අරං.

    ReplyDelete
  3. ඩයස් පෝරා කියන්නේ අර සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස්, ෆීලික්ස් ඩයස් වගේ අයගේ එකක්ද?

    ReplyDelete
  4. අනේ පරා මං කොහොමත් ධනවාදිය නේ උඹට උන්ව සෙට් උනොත් අපිටත් සෙට් කරලා දීපන්. ඩොලර් මිටි බෙදන එන් ජී ඕ හරි කමක් නෑ.

    ReplyDelete
  5. නහින දෙහින කාලෙ ඩොලර් ටිකක් හොයාගන්න තියෙනවනම් මොන පෝරා එකෙන් හරි කමක් නැහැ අපටත් ටිකක් අරන් දෙන්න බලමු.

    ReplyDelete
  6. මාත් මේ හොය හොයා ඉන්නේ එහෙම එකක් තමා. සෙට් උනොත් අපිටත් ඈ...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා