Posts

Showing posts with the label ඩයස්පෝරා

දෙමළ සන්ධානයේ වලිය

දෙමළ ජාතික සන්ධානයේ වලියකි. මම නම් දකින පරිදි යා දෙක රත නො රත - එකට පෑහීමක් නැත යන කියමන මෙහිදී අදාළ ය. ඒ අනුව, දෙමළ ජාතිවාදී ප්‍රවණතාව නියෝජනය කරන එම්.කේ.සිවාජිලිංගම් වැනි ඩයස්පෝරා ඉත්තන්ට හා විග්නේශ්වරන් වැනි දෙමළ ලිබරල්වාදීන්ට එක ගෙයි කෑම අසීරු ය. වෙන් වීම සිකුරු ය. එසේම, දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධන්ගේ නායකත්වයෙන් යුත් ෆෙඩරල් (දෙමළ රාජ්‍ය) පක්ෂ ආධිපත්‍යයට එරෙහිව කැරළි ගසන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ නායකත්වයෙන් යුත් ඊපීආර්එල්එෆ්, සිද්ධාර්ථන්ගේ නායකත්වයෙන් යුත් ප්ලොට් හා සිවාජිලිංගම් අයත් වන ‍ටෙලෝ කියන්නේත් එකට සිටිය හැකි පක්ෂ නො වේ. එහෙත්, මහින්ද රාජපක්ෂ පාලනය යනු මේ කියමන බොරු කළ එකකි. එහි නම් පට්ට ජාතිවාදී විමල් වීරවංශ හා ෆෙඩරල්වාදී ඩිලාන් පෙරේරා එක ලෙස රාජපක්ෂ පවුලට කඩේ යති. එම සාර්ථකත්වයේ රහස අන් කිසිවක් නොව, උපයෝගිතාවාදයයි. උතුරේ ඒක පාක්ෂික උපයෝගිතාවාදී සන්ධානයක් හා ඒකාධිපති පාලනයක් බිහි වනවාට වඩා මේ දේශපාලන පක්ෂ වෙන් වී බහු පක්ෂ ක්‍රමයක් බිහි වීම හොඳ ය. මුල් අදියරේදී ලිබරල් හා ජාතිකවාදී ආකාරයෙන් බෙදීම සිදු විය හැකි ය. ජාතිකවාදී එක ද පසුව එක ම රාමුවක් තුළ කටයුතු කරන්න...

ඩයස්පෝරා එක සල්ලි බෙදන ගැනක් දන්නවානම් අපටත් කියන්න

යකෝ මේ ඩයස්පෝරා එකනම් මාර සල්ලි කඳක්නේ. මර්වින් සිල්වා කියන විදියට ඩයස්පෝරා එක අග්‍ර විනිශ්චයකාරිටත් සල්ලි දීලා.  තව ඔය එන්ජීඕවලට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට, අන්තරේට, පෙරටුගාමී සමාජවාදී පක්ෂයට, එජාපට එහෙමත් කාලෙන් කාලෙට සල්ලි දුන් බව කියනවානේ.  මං හිතන්නේ ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන කණුවක් වෙන්නේ මේ ඩොලර්. ඩොලර් කියන්නේ විදේශ විනිමයනේ. අපට මාර විදියට ඒවා ඕනෑ කරලානේ තියෙන්නෙත්.  හැබෑටම කවුරුහරි දන්නවද ඔය ඩයස්පෝරා එක සල්ලි බෙදන්නේ කොහේ ඉඳලද කියලා. අපිත් කීයක්හරි ඉල්ලගන්න. අපි ඔය දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ගැන මේ බ්ලොග් පඩංගුවේ ලියලා, ලියලාම සෑහෙන්න කතන්දරත් අහගෙන ඉන්න එකේ මේ නැතිබැරි කාලෙ අපේ පොඩිවුන්ට පාන් කෑල්ලක් අරන් දෙන්න බැරිද ඩයස්පෝරා එකට අපටත් කීයක් හරි දෙන්න.  ඩයස් ප ෝරා එක සල්ලි දෙනවා, සල්ලි දෙනවා කියලා කියලාම ආණ්ඩුවටත් හි තෙයිද දන් නෙ නැහැ, අර නස්රුදීන්ට ව ග ේ සල්ලි ඉල්ලගන්න යන්න.  මේ ළඟදි මරු අත්දැකීමක් ලැබුණා. අපේ කාර්යමණ්ඩලයේ ඉන්නවා තරමක සිවිල් හයියක් තියෙන හාදයෙක්. මිනිහා ප්‍රසිද්ධියේම දෙමළ කතාකැන මිනිස්සු ගැන කතා කරන්නේ පර දෙමළු, ගෙරි තම්බි ආ...

ආණ්ඩුව හා ඩයස්(පෝරා) අතර සාකච්ඡා මෙන්න මෙහෙමයි

ආණ්ඩුව දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කරන්නට යයි.  ඒ අතර ආණ්ඩුව නම් අද්භූත සත්වයාගේ වලිග වන විමල් වීරවංශ පක්ෂයට සම්බන්ධ කොටස් හා ජාතික හෙළ උරුමයට සම්බන්ධ පිරිස්ද, තවත් විවිධ බහුබූතයෝද ඉල්ලමින් සිටින්නේ පළාත් සභාවලට බලය විමධ්‍යගත කළ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන ලෙසයි.  අඩසියවසකට වැඩි කාලයක් දෙමළ ජාතිකවාදී ව්‍යාපාර අරගල කළේද, කොටි සංවිධානය දශක තුනක යුද්ධයක් දියත් කළේද, දෙමළ ඩයස්පෝරාව ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික තලයේ අරගලයක් කරන්නේද බලය වෙනුවෙනි. දෙමළ ජාතියට ජාතියක් ලෙස රාජ්‍ය බලය ලබාගැනීම වෙනුවෙනි.  ශ්‍රී ලංකාවේ පවත්නා සංදර්භය තුළ ජාතික පදනමින් බලය වෙනුවෙන් අරගල කිරීම ප්‍රමාණාත්මකව සුළුතර ජාතීන්ගේ පැත්තෙන් සාධාරණය.  එතකොට මේ සාකච්ඡා සිදුවිය යුත්තේ බලය බෙදාගැනීම සම්බන්ධයෙන් මිස අන් කරුණක් පිණිස නොවේ.  එහෙම නොවෙයි නම් සාකච්ඡා සිදු වනු ඇත්තේ මෙසේය: "හායි, ඩයස්(පෝරා) කොහොමද?" යි ආණ්ඩුව අසනු ඇත.  "ඔහෙ ඉන්නවා මෙයා,"යි ඩයස් කියනු ඇත.  "ඉතින් ඩයස්, මේ දවස්වල එහෙට වහිනවද?" "දැන් මෙහෙ ඕටම්. ට්කක් හීතලයි." "මේ පැත්තට නම් වහ...