Posts

Showing posts with the label හලාල්

හලාල් අවුලෙන් කූරගල ආක්‍රමණයට

Image
බොදු බල සේනාව හලාල් සහතික ඉවත් කිරීම ආරක්ෂක ලේකම්වරයා හරහා පොලිසියට භාර දී  දැන් අලුත් දිශාවකට යොමු වෙමින් සිටියි. මාර්තු 17දා මහනුවරදී පැවැත්වුණු බොදු බල සේනා රැළියේදී ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව පැවසූ පරිදි ඔවුන් මීළඟට අත ගසන්නට යන්නේ කූරගලින් මුස්ලිම් පල්ලියක් ඉවත් කිරීමේ ව්‍යාපෘතියකටයි. බලහත්කාරයෙන්, හිංසාවෙන් එය ඉවත් කර අවිහිංසාවාදී බුදු හිමියන්ගේ තෙමඟුල යෙදෙන දින කූරගල වන්දනාවේ යන්නට මෙම භික්ෂුව බෞද්ධයන්ට ආරාධනා කළේය.  කූරගල වනාහි බලංගොඩ පැත්තේ වන මැද පිහිටි ගල්ලෙනක පිහිටුවන ලද පැරණි මුස්ලිම් පල්ලියකි. මෙම පල්ලිය බොහෝ ඈත කලක සිට පවතින එකක් බවට සාක්ෂි තිබේ. ඒ හා ආශ්‍රිත අභිචාර හා පුරාවෘත්ත රැසක් තිබේ. ශ්‍රීපාදය දක්වා ගමන් මාර්ගයක් ආසන්නයේ පිහිටා තිබෙන්නට ඇතැයි සිතිය හැකි මෙම ස්ථානයට වසර දහසකට පමණ පෙර ඉස්ලාම් ශාන්තුවරයකු වන ජයිලානි පැමිණි බවට ඇති විශ්වාසය මත මෙම පල්ලිය ඔහුගේ නමින් නම් කර තිබේ. එසේම මුස්ලිම් වෙළෙන්දෝ ක්‍රිස්තු පූර්ව සමයේ සිටම මැණික් සොයා සබරගමුවට එන්නට ඇතැයි සිතිය හැකිය. ‍දහවන සියවසට අයත් මුස්ලිම් ජාතිකයකුගේ සෙහොන් ගලක් 1922දී මෙතැනින් සොයාගෙන ඇති බව වාර...

මුසල්මානයන් දනගැස්වීම හා ප්‍රජාතන්ත්‍රවාදය

Image
හලාල් නිෂ්පාදන පරිභෝජනය කිරීම හෝ මුස්ලිම් ජනතාවගේ අනුල්ලංඝනීය අයිතියකි. වෙළඳපොළේ ඇති භාණ්ඩ හලාල්ද නැද්ද යන්න විමසීමේ අයිතියක් මුස්ලිම් ජනයාට තිබේ. හලාල් අධීක්ෂණය සඳහා ලංකාවේ ක්‍රියාත්මක වැඩපිළිවෙලක් තිබිණි. එහි යම් ගැටලු තිබිණි. හලාල් සහතිකය නිකුත් කිරීම සඳහා මුදල් අයකිරීම හේතුවෙන් හලාල් සහතිකය අවශ්‍ය නොවන අයටත් ඒ වෙනුවෙන් මුදල් ගෙවීමට සිදුවීම මෙහිදී ප්‍රශ්න කෙරිණි. මෙම ප්‍රශ්න කිරීම තුළ ඇති මූලධර්මය ප්‍රජාතන්ත්‍රවාදයයි. එහෙත්, මුස්ලිම් ජනතාවට තමන් පරිභෝජනය කරන භාණ්ඩ හලාල්ද නැද්ද යන්න දැනගැනීමට ඇති අයිතිය ද ප්‍රජාතන්ත්‍රවාදයේම කොටසකි. බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් කියනවානම් නිර්මාංශාහාර පමණක් පරිභෝජනය කරන අයට තමන් පරිභෝජනය කරන කෑමවල සත්ව කොටස් අඩංගුද නැද්ද යන්න දැනගැනීමට තිබෙන අයිතියද මෙවැනි එකකි. දැන් ජමියතුල් උලමා සංවිධානය ලංකාවේ භාවිතා කරන නිෂ්පාදනවලින් හලාල් ලකුණ ඉවත් කිරීමට තීරණය කර තිබේ. එම තීරණය ගැනීමේදී හලාල් නිෂ්පාදන පරිභෝජනය කිරීමට මුස්ලිම් ජනතාවට තිබෙන අයිතියට ඔවුන් කෙතරම් ගරු කර තිබේද යන්න අපට සැක සහිතය. ජමියතුල් උලමා සංවිධානයේ අභිප්‍රායන් පිළිබඳ අප මුල සිටම මතු කළ සැක සංක...

බොදු බල සේනාව බඩු මිළ අඩු කරයි

Image
හලාල් ප්‍රශ්නය සම්බන්ධයෙන් ජමියතුල් උලමා සංවිධානය කර තිබෙන අලුත් යෝජනාව සාකච්ඡාවට භාජනය කළ යුතුය. හලාල් සහතිකය ලබාගත් භාණ්ඩ මුස්ලිම් පාරිභෝගිකයන්ට පමණක් විකුණන්නැයි ජමියතුල් උ ල මා සංවිධානය ඉල්ලා සිටියි.  දැන් බෝලය ඇත්තේ නිෂ්පාදකයන් අතේය. නිෂ්පාදන හලාල් කිරීම සඳහා ගිය වියදම හලාල් ලකුණ සහිත නිෂ්පාදනවලට එකතු කළ හැකිය. මෙතෙක් ඒ වියදම සියලු භාණ්ඩ අතර බෙදී ගිය නිසා දැන් හලාල් සහතිකය නැති භාණ්ඩ අනිවාර්යයෙන්ම මිළ අඩු විය යුතුය.  මේ ලාභය මුස්ලිම් නොවන පාරිභෝගිකයන්ට ලැබෙන්නේ බොදු බල සේනා සංවිධානයට පිං සිදු වන්නටය.  බොදු බල සේනාවට බඩු මිළ අඩු කිරීමේ පුණ්‍යකර්මය දිගටම කරගෙන යාම සඳහා තවත් යෝජනාවක් ඉදිරිපත් කරමු. දැන් මේ ඇතැම් භාණ්ඩවල මිළට වෙළඳ ප්‍රචාරණය සඳහා ගිය වියදම්ද ඇතුළත්ය. බොහෝ බෞද්ධයෝ වෙළඳ දැන්වීම් බලන්නට කැමති නැත. එහෙත් ඔවුන් මතද මේ වෙළඳ දැන්වීම්වල පිරිවැය පටවා තිබේ. දැන් බොදු බල සේනාවට පුළුවන්නම් මේ වෙළඳ දැන්වීම් සඳහා යන වියදම ඒවා බලන අය මත පමණක් පැටවෙන ක්‍රමයක් හදන්නට ඒවා නොබලන අයට අඩු මිළට භාණ්ඩ දෙන්නට පුළුවන. ඒ කියන්නේ වෙළඳ දැන්වීම් බලන අය මිළ දී ගන්නා භාණ්ඩවලට...

හලාල් ප්‍රශ්නය: දේශපාලන සායනික ප්‍රතිකාර අවශ්‍ය දේශපාලන උමතු

විදුලිබල හා බලශක්ති ඇමතිකමේ සිට පහත වැටුණු ‍චම්පික රණවකගේ කට කලකට පසු ඇරී තිබේ. ඒ හලාල් සහතිකයට එරෙහිව අද පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකදීය.  පසුගිය කාලයේ බත් කන්නට හා දත් මදින්නට පමණක් කට ඇරිය, වෙන අය ලවා තමන්ට කියගන්නට බැරි කතා කිය වා ගන්නට ත තනමින් සිටි චම්පික රණවක මෙසේ විපිරියාස වන්නට එකම හේතුව තනතුරෙන් පහත දැමීම පමණක් නොවේ.  ජාතික හෙළ උරුමය ආණ්ඩුව හමුවේ දන නැමීමත් සමගම ආන්තික සිංහල බෞද්ධ ජාති ආගම්වාදී ව්‍යාපාරය තුළ ගලගොඩඅත්තේ රතනසාර භික්ෂුව ඇතුළු බොද ු බල සේනා සංවිධානය නැඟී ඒම සමග චම්පික හා අතුරලියේ රතන හිමි කලබල වී ඇති බව පෙනෙන්නට තිබේ.  ඒ නිසා දැන් චම්පිකම බැස හලාල් සටන අතට ගන්නට අමුඩ ගසමින් සිටියි. අද පැවැත්වුණු පුවත්පත් සකච්ඡාවේදී හලාල් සහතිකය සිංහල අවුරුද්දට පෙර ඉවත් නොකළොත් බහුජන සටනක් අරඹන බවට ජමියතුල් උලමා සංවිධානයටත්, හලාල් සහතිකය ලබාගන්නා නිෂ්පාදකයින්ටත් චම්පික හා රතන  හිමි අනතුරු ඇඟවූහ.  මේ අතර හලාල් සහතිකය නිකුත් කිරීම සඳහා බලය ඇති සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයට විකල්ප සංවිධානයක් ලෙස පෙනී සිටින ශ්‍රී ලංකා ජමියතුල් උලමා නම් සංවිධානයක් ...

පිට්ටනියේදී හමු වූ දේශප්‍රේමියා

Image
මං කරන ගුරු රස්සාව තරමක් ක්‍රීඩාවට සම්බන්ධයි. ඒ ගැන මං සතුටු වෙනවා. ඒක මට දේශපාලනිකයි. ඒ නිසා මම ඒ වෙනු වෙන් කරදර වෙද්දි මට ගෙවන පඩිය ගැන හිතන් න ේ නැහැ. 2050 වෙනකොට ලංකාවේ ජනගහණයෙන් 50%ක් දියවැඩියා රෝගීන් වෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවලා තිබෙනවා. දැනටත් ළමයින්ගෙන් 10%ක් 15%ක් පමණ දියවැඩියාවෙන් පෙළෙනවාලු.  මම මේ ළඟදි නැවතිලා තිබෙන ෆුට්බෝල් ක්‍රීඩාව පාසලේ යළි පටන් ගන්න මුලපිරුවා. පුහුණුකරුවන්‍ට ගෙවන්න මුදල් නැහැනේ. මුස්ලිම් තරුණයෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා ස්වේච්ඡාවෙන් පුහුණු කරන්න. තවම බැරිවුණා හරියට සම්බන්ධීකරණය කරගන්න.  ළඟදි ක්‍රිකට් මැච් එකකට ගියවෙලාවෙ අපූරු බුවෙක් හමුවුණා. කලින් දුරකථනයෙන් කතා කර තිබුණත්, ඔහු මට හමුවුණේ මුල්වතාවට. ඔහු කතාව මුලපිරුවේම මට පරණ විස්කෝතු දවටනයක් පෙන්වලා. "මම මේක දැනගත්තෙ ළඟදි. දන්නවද මේක මොකක්ද කියලා?" ඔහු මගෙන‍් ඇහුවා. ඒක හලාල් සහතිකයක්. "මම මේකට විරුද්ධව ලොකු කචල් එකක් අදිනවා. මේක අපේ රට. අපි මොකටද තම්බින්ට සල්ලි දෙන්නෙ." ඒ වෙලාවෙ ළමයෙකුගෙ අම්මා කෙනෙක් මැලිබන් විස්කෝතු පැකට්ටුවක් හා බීම බෝතලයක් එතැනට ගෙනාවා. ඔහු එය බල...

ධනවාදය හලාල් වීම හා සමාජවාදය හරාම් වීම

Image
අධ්‍යතන සිංහල ජාතිකවාදයට සුළුතර ජාතීන් කෙරෙහි වෛරය පැතිරවීමෙන් තොරව පැවැත්මක් නැත.එයට හේතුව සිංහල ජාතිකවාදයේ මූලික පදනමම ප්‍රතිගාමී ස්වෝත්තමවාදී එකක් වීමයි. රාජ්‍යය තුළ සිංහල ජාතික ආධිපත්‍යය තහවුරු කරගැනීමෙන් පසුව පවා ජාතිවාදීන්ට සැනසීමක් නැත. සෙසු ජාතීන් වඩාත් පරාධීන කිරීමේ නොතිත් ආශාවෙන් පෙළෙන සිංහල ජාතිවාදියෝ සිය කාලය හා ශ්‍රමය යොදන්නේ සුළුතර ජාතීන්ට එරෙහිව සිංහල සමාජය තුළ බිය හා වෛරය පැතිරවීමටයි.  සිංහල ජාතිවාදී ශ්‍රී ලංකාව වෙනුවට වඩා පුළුල් දේශපාලන ප්‍රජා අනන්‍යතාවක් වන, සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර්, වැදි ආදී සියලු වාර්ගික ප්‍රජාවන්ට සමතැන් හිමි ලාංකීය අනන්‍යතාවක් වෙනුවෙන් අප අරගල කළයුතුබව අප කියන් න ේ මෙම සංදර්භය තුළයි . ඉතා පැහැදිලිවම එය ආරම්භ කළ හැක්කේ රාජ්‍ය ප්‍රතිසංස්කරණ ඔස්සේය. ජනතාව අතට බලය ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඔස්සේය.  පෙරේදා ජවිපෙද ජාතිවාදයට එරෙහිව පිටකොටුවේ පත්‍රිකා බෙදාහැරියේය. ජාතිවාදයට උඩගෙඩි දෙමින් දෙමළ සංහාරයක ලේ දෑත්වල තවරාගත් ව්‍යාපාරයක් එවැනි තැනකට තල්ලුවීම නරක නැත. එහෙත් ගැටලුවක් තිබේ. ජවිපෙ කියන්නේ මේ සියලු ප්‍රශ්න විසඳීම ...