මුසල්මානයන් දනගැස්වීම හා ප්‍රජාතන්ත්‍රවාදය

හලාල් නිෂ්පාදන පරිභෝජනය කිරීම හෝ මුස්ලිම් ජනතාවගේ අනුල්ලංඝනීය අයිතියකි. වෙළඳපොළේ ඇති භාණ්ඩ හලාල්ද නැද්ද යන්න විමසීමේ අයිතියක් මුස්ලිම් ජනයාට තිබේ. හලාල් අධීක්ෂණය සඳහා ලංකාවේ ක්‍රියාත්මක වැඩපිළිවෙලක් තිබිණි. එහි යම් ගැටලු තිබිණි. හලාල් සහතිකය නිකුත් කිරීම සඳහා මුදල් අයකිරීම හේතුවෙන් හලාල් සහතිකය අවශ්‍ය නොවන අයටත් ඒ වෙනුවෙන් මුදල් ගෙවීමට සිදුවීම මෙහිදී ප්‍රශ්න කෙරිණි.

මෙම ප්‍රශ්න කිරීම තුළ ඇති මූලධර්මය ප්‍රජාතන්ත්‍රවාදයයි. එහෙත්, මුස්ලිම් ජනතාවට තමන් පරිභෝජනය කරන භාණ්ඩ හලාල්ද නැද්ද යන්න දැනගැනීමට ඇති අයිතිය ද ප්‍රජාතන්ත්‍රවාදයේම කොටසකි. බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් කියනවානම් නිර්මාංශාහාර පමණක් පරිභෝජනය කරන අයට තමන් පරිභෝජනය කරන කෑමවල සත්ව කොටස් අඩංගුද නැද්ද යන්න දැනගැනීමට තිබෙන අයිතියද මෙවැනි එකකි.

දැන් ජමියතුල් උලමා සංවිධානය ලංකාවේ භාවිතා කරන නිෂ්පාදනවලින් හලාල් ලකුණ ඉවත් කිරීමට තීරණය කර තිබේ. එම තීරණය ගැනීමේදී හලාල් නිෂ්පාදන පරිභෝජනය කිරීමට මුස්ලිම් ජනතාවට තිබෙන අයිතියට ඔවුන් කෙතරම් ගරු කර තිබේද යන්න අපට සැක සහිතය. ජමියතුල් උලමා සංවිධානයේ අභිප්‍රායන් පිළිබඳ අප මුල සිටම මතු කළ සැක සංකා මේ ඔස්සේ තහවුරු වේ. ඔවුන් කියන තරම් මුස්ලිම් ජනතාව ගැන සිතනවානම්, ජාතික හා ආගමික ස්වෝත්තමාදී, ත්‍රස්ත ව්‍යාපාරයක් වන බොදු බල සේනා හමුවේ තම ජනතාව මෙසේ අතරමං කර දමන්නේ නැත. ජමියතුල් උලමා සංවිධානය හලාල් ප්‍රශ්නයට විවිධ විසඳුම් ඉදිරිපත් කළමුත් කිසි දිනෙක ස්වේච්ඡා සේවාවක් ලෙස මුදල් අය නොකර හලාල් අධීක්ෂණය සඳහා ඉදිරිපත් වුණේ නැත. තමන්ට මුදල් නොලැබේනම් මුස්ලිම් ජනතාව හලාල් භාණ්ඩ පරිභෝජනය නොකළාට ඔවුන්ට ප්‍රශ්නයක් නැති බවක් පෙනේ.

කෙසේ වෙතත්, අවසානයේදී සිංහල ජාතිවාදීහු මුස්ලිම් ජනතාව බිම දනගස්වා තිබේ. ප්‍රශ්නය මෙතෙකින් අවසන් යයි යමෙක් සිතන්නේනම් එය මුළාවකි. ජාතිවාදයෙන්ම සිය පැවැත්ම හා උන්නතිය බලාපොරොත්තු වන සිංහල ජාතිවාදීන්ට අද සිටම වෙනත් ආකාරයක ලේ අවශ්‍ය වනු නිසැකය.

මෙම තීරණය මුස්ලිම් ජනතාවගේ පොදු තීරණයකැයි අපි මොහොතකට සිතමු. ඒ හා සමානව කටයුතු කිරීමට සිංහල බෞද්ධ ජනතාවගේ නායකයෝ සූදානම්ද? නිදසුනක් ලෙස හන්දියක්, හන්දියක් ගානේ බුදුන්ට නිගරු වන අන්දමින් අපිළිවෙලට තබා ඇති බුදු රූ ඉවත් කරන්නැයි යෝජනා කළොත් එසේ කරන්නට බෞද්ධ නායකයෝ සූදානම්ද?

අනෙක් පැත්තෙන් හලාල් සම්බන්ධ තීරණය ලංකාවේ මුස්ලිම් අන්තවාදය පෝෂණය කිරීමට දායක නොවේ යයි කියන්නට පුළුවන් කාටද? එවැනි මුස්ලිම් අන්තවාදයක් ලංකාවේ දැනට ඇති බව බොදු බල සේනාවම පවසයි. 

මේ තීරණය ප්‍රජාතන්ත්‍රවාදී එකක් නොවේ. ගත යුතුව තිබුණු තීරණය වන්නේ හලාල් සහතිකය වෙනුවෙන් ලාභ ලැබීමේ අරමුණින් මුදල් අයකිරීම නැවැත්වීමයි. 

තවත් ප්‍රශ්නයක් තිබේ. දැන් හලාල් සහතිකය ඉවත් කළාම ඒ සහතිකය සහිතව වෙළඳපොළට නිකුත් කළ භාණ්ඩවල මිළ සුළු මුදලකින් හෝ අඩු විය යුතු නේද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. මින්පසු හලාල් සඳහා මුදල් අය නොකරයි . ජනතාවට සත්‍යය ප්‍රකාශ කරන්න .

    ReplyDelete
  2. ACJU have told that they will not charge any amount for halal here after. if any one wants they can get halal certificate for their product. all this time printing the logo of halal was necessary . but right now they have said if manufacture wants they can or else they can leave it,

    well as a Muslim(minority) i believe and i stand and support for the decision ACJU took behalf of us. Because if it was not withdrawn i guess BBS or any other extremist organizations could make a big unhealthy environment in this country. so for that i believe this will be a very healthy decision as a Muslim. and as you mentioned well they have not let us down. we know its our right to consume halal food. but that doesnt need we need a logo to be printed.

    well yet again as u have mentioned, there is a possibilities at both ends extremist can cause issues or this news might feed both side extremist. but well its time for religions and political leaders to unite as once and the guide to all.(only if they love the country) well yesterdays press conference was promising and fruitful. as a Muslim we are happy and as a sri lankan we are so proud :)

    ReplyDelete
  3. ඔබ පඳුර වටේ තලන බව පෙනේ.හලාල් සහතිකය සම්බන්ද ඔබේ මතය මෙතනදී හරිහැටි එලිනොදැක්වේ.ඔබට අනුව හලාල් සහතිකය නොමිලයේ ලබා දුන්නානම් ගැටලුව අවසන් වේ.ඒ අදහස නිවැරදිද?මුස්ලිම් වරුන්ට අකැප ආහාර හෝ ආහාර සංඝටක මට අකැප නැත.උදාහරණයකට ගතහොත් මද්‍යසාර මුසු කේක් කෑමට මා කැමතිය එය වෙළඳ පොලෙන් මිලදී ගැනීමට නොහැකි නම් එය මට සිදුවන අසාධාරණයකි.මේ ගැන ඔබේ අදහස කුමක්ද?

    ReplyDelete
    Replies
    1. කේක් නැත්නම් පාන් කාපන් මෝඩයෝ

      Delete
    2. මම පාන් කන්නම්,විචාරයක් නැති ඔබ හොඳ පිදුරු ගොඩක් කන්න.

      Delete
    3. ඔබ බෞද්ධ හෝ හින්දු ආගම අදහන්නෙක් නම් මද්‍යසාර මුසු නොවූ කේක් මිලට ගත යුතුය.

      ඔබ බෞද්ධ නොවන එනම්, කතෝලික නම්, ඔබ සුද්ද්දන්ට අපේ රට පවා දුන් පරපුරෙන් එන කෙනෙක් විය යුතුය.

      Delete
    4. මධ්‍යසාර මුසු කේක් කෑමට කැමති අයට ලංකාවේදී ඒවා මිල දී ගැනීමට හැකිය. සියලු ආහාර හලාල් ක්‍රමයට නිෂ්පාදනය කරනු නොලැබේ. අවශ්‍යම නම් මධ්‍යසාර බෝතලයක් මිල දී ගෙන තේ හැඳි දෙක බැගින් කේක් වලට මිශ්‍ර කරගෙන අනුභව කිරීමටද හැකිය.
      ලංකාව තුළ මධ්‍යසාර තහනම් කිරීමට ඉඩ නොදෙමු.

      Delete

    5. ඔබේ නගරයේ වෙළද සල් වල විකුනන්නේ හලාල් කේක් පමණක් නම් .. ඔබට නත්තල් කේක් (මද්‍යසාර සහිත) කෑමට අවශ්‍යනම් එය ඔබගේ ප්ජත්රනතවාදී අයිතිය කඩවීමක් නෙවේ ද ? (මෙහිදී හලාල් අවශ්‍ය සුළුතරයකට සහ බහුතරයකට අවශ්‍ය නැති බව මතක තබා ගන්න)

      Delete
    6. බහුතරයෙත් බහුතරයකට මෙ හලාල් ප්‍රශ්නයක් උනෙත් නැත ඔබලාවගෙ බහුතරයේ සිටින සුලුතර ජාතිවාදීන් බහුතරයන්ගෙ අයිතිවාසිකම් ගැන කතාකරන්නෙ සුලුතරයින්ගෙ අයින්තීන්ට පයින් ගසා මිස එවාට විසදුම් සෙවිමෙ කිසිම උවමනාවකින් නොවන් වග අපට පැහැදිලියි

      Delete
    7. ඔයා ගිහින් ගණන් කරා ද ?

      Delete
    8. මෝඩ අන්තවාදියෙකුගේ ගොං තර්කයකි!!!

      වෙලඳපලේ විකිනිය හැක්කේ හලාල් භාණ්ඩ පමණක් බව කොහේද කිව්වේ? දැනට වෙළඳපලේ ඔබේ ප්‍රියතම නත්තල් කේක් නැද්ද??? එතකොට දැන් හලාල් තිබුනා කියා නත්තල් කේක් නැතිවී නැහැනේ... සිදුවී ඇත්තේ ඒ කේක් වලට හලාල් සහතිකය නොමැතිවීම පමණනේ... ඉතින් මුස්ලිම්වරු එය නොකා සිටීවි, ඔබට හිතේ හැටියට එය කත හැකි!!! මොකක්ද ගැටළුව???

      ඔබේ පහත් අවශ්‍යතාවය නම් මද්‍යසාර භාවිතා නොකරණ මුස්ලිම්වරුන්ට, නොදැනුවත්ව හෝ මද්‍යසාර මුසු කේක් කැවීමෙන්, කාළකන්ණි සතුටක් ලැබීමයි!!!

      ගොනෙක් වීම සහ ගොංකම ප්‍රදර්ශනය කිරීම දෙකකි! ඔබ සාර්ථකව මේ දෙකම කර තිබේ!!

      Delete
    9. මිනිස් ආහාර ජීරණ පද්ධතිය සැකසී ඇත්තේ ඔය එකක් වත් අනුගමනය සඳහා නොවන බව මානවවිද්‍යාව කියනවා නෙවද? එක එකා ගේ මෝඩ විස්වාස නිසා වෙන්නේ ලෝකෙ සම්පත් ටික පරම්පරා කීපයක් ඇතුලේ විනාස වෙලා යන එක විතරයි. එව්වාට කෑ ගහපියව් කො. අර දැයට කිරුල කියලා කැලේ කපන එකට විරුද්ද වෙයව් කො බවුද්දයෝ, සංවර්දනේ කියල ඉඩං කොල්ල කන එකට විරුද්ද වෙයව්කො තම්බි, කොළඹ ඉඩං චීනෙට විකුනන එකට විරුද්ද වෙයවුකො දෙමෙල්ලු, තොපි ඔක්කොම අනුන්ගෙ ලනු කන ගොං හැත්ත.

      Delete
  4. හලාල් ගැන විකිපීඩියා සටහනට අනුව මුස්ලිම් අයට හලාල් සොයා ගැනීමට නැත්නම් වෙන කරන්න දෙයක් නැත්නම් හලාල් පව් නැත.
    If there is no other food available, then a Muslim is allowed to eat non-halal food.[3] Surah 2:173 states:
    If one is forced because there is no other choice, neither craving nor transgressing, there is no sin on him.
    ඉතින් මේ අනුව මුස්ලිම් අයට හලාල් නොමැතිවීම මුස්ලිම් ජනතාවගේ අනුල්ලංඝනීය දෙයක් ලෙස මෙම ලිපියේ ඇති කීම වැරදියි.

    ReplyDelete
    Replies
    1. අනුලංඝනීය අයිතියක් යනු විකල්පයක් නොමැති දෙයක් නොවේ.
      දිනපතා පන්සිල් ගැනිම මගේ අනුලංඝනීය අයිතියකි.
      පන්සිල් ගැනීමට ඉස්පාසුවක් නැති වූ දිනකදී මම පන්සිල් නොගනිමි. එයින් මට පාපයක් සිදු නොවේ. ඒත් පන්සිල් ගැනීම සඳහා මා සකසාගන ඇති ක්‍රමවේදයන් (නිවසේ ඇති බුදු පිළිමය, පොල්තෙල්, මල් ගස්) ඉවත් කිරීමට කිසිවකුට අයිතියක් නැත.

      Delete
  5. දෙවියන් අනුමත කියන්නෙ හලාල් කියල නම් හලාල් ලකුණ තියන ලොකුම තැන බ්ලූමැන්ඩල් කුණු කන්ද ඕනා හොට්ටෙක් ගිහින් හලාල් කාපිය ඒකෙන්....

    W3 ගොනෝ මුස්ලිම් එවුන්ටත් ඕනානැති හලාලක් තොට ඕන තෝ වගේ ජාතිවාදී අමන වාදී බ්ලොග් පෝස්ට් එකකට පුකදෙන පොන්නයොන්ට විතරයි!!!!!!!!!!!

    ReplyDelete
  6. මහත්වරුනි සමාවන්න. ලංකාවෙන් පිට විදේශයක දැන් කලකසිට ජීවත්වන මට ලංකාවේ හලාල් ප්‍රශ්ණය දැනගන්න ලැබුනේ අන්තර්ජාලයේ නොයෙකුත් වෙබ් අඩවි මගිනුත්, මෙවන් බ්ලොග් වලිනුත් සහ මුහුණු පොතේ පළවන විවිධාකාරවූ අදහස් මගිනි.

    මුලින්ම මට ඇතිවූ ප්‍රශ්නයනම් එක්වරම මෙසේ හලාල් ප්‍රශ්නයක් ලංකාවේ පැනනැගුනේ කෙසේද යන්නය. මුස්ලිම් මිනිසුන් ලංකාවේ කාලයක් ජීවත්වූ බොහෝ සාමකාමී ජාතියකි. එසේම ඔවුන් හලාල් අනුමත ආහාර ගන්නාබව අපි දනිමු. එසේනම් මෙතරම් කල් හලාල් අනුමැතිය ලබාදුන්නේ කවුද?

    මැදපෙරදිග රටවල් කිහිපයක සේවය කර ඇති මම එංගලන්තයේ සහ දැනට ඕස්ට්‍රේලියාවේ ජීවත්වන්නෙමි. මේ හැම රටකම හලාල් සහතික දෙන ආයතන තිබේ. අන්තර්ජාතික වෙළදාමේ යෙදෙන බොහෝ බහුජාතික සමාගම්, විශේෂයෙන් අහර වර්ග අලෙවි කිරීමේදී හලාල් අනුමැතිය ලබාගැනීම සුලබ දෙයකි. උදාහරණයක් ලෙස මැක්ඩොනල්ඩ් සහ කේ එෆ් සී හලාල් අනුමැතියලත් ආහාරය. ලංකාවෙත් මෙම ආයතන හලාල් ලේබලය යොදාගන්න බව මම විශ්වාස කරමි.
    නමුත් මෙහිදී හලාල් ලේබලයෙන් එහාගිය ප්‍රශ්නයක් මම දකිමි. මැදපෙරදිග ප්‍රශ්නය වටා විහිදුනු ජිහාඩ් ආගමික අන්තවාදී ව්‍යාපාරයක් ලොවපුරා ශිග්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතී. අල්කයිඩා සහ තලේබාන් මෙහි පෙරමුණ ගනිති. නිව්යෝර්ක්හි 9/11 ප්‍රහාරය ඔවුන්ගේ ජයග්‍රාහී සැමරුමකි. එම සිද්ධියට පසුව ලන්ඩනය, ඉන්දුනීසියාවේ බාලි, ඇතුලු ප්‍රහාරයන් තවත් නිදසුන්ය. ලංකාවේ හිජාබ් අඳින මුළුමනින්ම ආවරණය කරගත් ගැහැනුන් මා මුලින්ම දුටුවේ මීට වසර 20කට පමණ ඉහත මා කොළඹ සරසවියේ සිසුවකුව සිටි කාලයේ එවකට නැගෙනහිර සරසවියෙන් කොළඹට මාරුවී ආ ශිෂ්‍යාවන් කිහිපදෙනේකුගෙනි. නමුත් පසුගිය වසරේ ලංකාවට නිවාඩුවකට පැමිණි ම දුටුවේ මෙය විශාල වශයෙන් ව්‍යාප්තවී ඇති බවකි. මිනිසුන් කුමක් ඇන්දත් අපට ප්‍රශ්නයක් නැත. නමුත් මෙහිදී වන්නේ ඇඳුම මගින් සිය කල්ලිවාදය ප්‍රදර්ශනය කිරීමක් ලෙස මම සිතමි. මෙය දැනට ම ජීවත්වන ඔස්ට්‍රලියාව වැනි නිදහස් අදහස් දරන මිනිසුන් සුලබ විවුර්ත සමාජයන්හි පවා දැඩි විවේචනයන්ට බදුන්වී තිබේ. අධිකරණය සහ පොලිසිය වැනි ආයතන වලදී සිය මුහුණු ආවරණ ඉවත්කලයුතු බවට මෑතකදී ඕස්ට්‍රේලියාවේ නීති පනවනු ලැබුණි. ප්‍රංශයේ සහ තවත් යුරෝපීය රටවල් කිහිපයක මෙවන් නීති පැනවීමට සාකච්ජා වෙමින් පවතින බවද මම දනිමි. මෙයට හේතුව ලංකාවේ මෙන්ම ලෝකයේ අනෙකුත් රටවලද මෙම ආගමික අන්තවාදයට එරෙහිව ජනතා විරෝධයන් පැනනගීමයි.

    එසේනම් ලංකාවේ මේ ඉස්මතුවී ඇති හලාල් විරෝධය උක්ත කරුණු හා සමගාමීවූ සිද්ධියක් බව මට සිතේ. මුස්ලිම්, බොවුද්ධ හෝ වෙනත් ආගමික අන්තවාදයන් මම දැඩිලෙස හෙළාදකිමි. සෑම රටකටම ආවේනිකවූ සංස්කෘතියක් තිබේ. ලංකාවේ මුස්ලිම්වරුන් වෙනත් රටවල මුස්ලිම්වරුන්ට වඩා වෙනස්බව අපි දනිමු. නමුත් ඉහත කී අන්තවාදීන්ගේ අරමුණ මෙම සංස්කෘතියෙන් එහා ගිය ආගමික සංස්කෘතියක් බිහිකිරීමයි.

    එයට එරෙහිවීමට ලංකාවේ මිනිසුන්ට අයිතියක් ඇත. නමුත් එසේ විරෝධය පෑමේදී බොදු බල සේනාවන්ට වඩා බුද්ධිමත් නායකත්වයක් අවශ්‍ය බවද මම විශ්වාස කරමි.

    ReplyDelete
  7. නිර්මාංශිකයෙක් වූ මගේ සීයා උම්බලකඩ දැමූ පරිප්සු, සම්බෝලවත් නොකෑවා විතරක් නොවේ ඒ වගේ හොද්දක් ලිපේ තියෙන විට ගින්දරට දර කෑල්ලක් දැමීමත් ප්‍රතික්‍ෂේප කලා.

    ආගමික ඇදහිලි උමතුවක් වුනත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඒවා ඉවසන්නත් වෙනවා.

    ReplyDelete
    Replies
    1. පරිප්පු උයද්දි උම්බලකඩ දාන්නේ මොන රටේද යෝදයෝ? හැම පුකම දන්නවා වගේ පෙන්නන්ට ගිහින් රෙද්ද පල්ලෙ පෙරා ගන්ට එපා. හාමින්ගේ ගෙන් අහලා බලනවා බොරු නම්.

      Delete
    2. නෑවා නෑවා... දන්න දෙයකට කට දාපන් බං!

      දැං කාලේ තියෙන ආර්ථික සංවර්ධනේට පිං සිද්ධවෙන්න උම්බලකඩ සම්බෝලෙකටවත් උම්බලකඩ දාන එක අමාරු උනාට, අපි පොඩි කාලේ අම්මලා පරිප්පු හොද්දට උම්බලකඩ දැම්මා...

      ඔබ දන්නා සියල්ල පමණක් සත්‍යයැයි සිතීම රෝගයකි :)

      Delete
    3. පරිප්පු හොද්ද කරෝල ගඳ ගහනවා යෝදයෝ. ඒකෙ තියෙන පරිප්පු සුවඳ යනවා. උයලා නැති කකා නිකන් කොර ටෝක් දෙනවා. උම්බලකඩ දාන හොදි තියෙනවා. පරිප්පු වලට උම්බලකඩ දාන ගෑනියෙක් මම තාම දැකලා නෑ.සමහර විට රටෙන් ගිහින් උයන්ට නොදන්න ගෑනු එහෙම දානවා ඇති.

      Delete
    4. අපේ ආච්චිනම් කරෝල උයනකොට පවා උම්බලකඩ දැම්මා. හොද්දට දාන්නේ මොනවද නොදාන්නේ මොනවද කියන එක තීරණය කරන්නේ උයන කෙනා. උම්බලකඩ නැති පරිප්පු හොදි මමවත් මගේ ගෑනි වත් හදන්නේ නැහැ. අපිනම් හොඳට ලියාගත් කොත්තමල්ලි කොළ ටිකකුත් උයා ඉවරවුණු පසු එක කරනවා. ඒ අපිට ඕන රසය ගන්න මිසක් කාගේවත් රෙසිපි අනුගමනය කරන්න නෙමෙයි.

      Delete
    5. සීයට කියන්න දැන් මිරිස් කුඩු පවා නිර්මාංශ නොවනබව (දැන් මිරිස්කුඩු වලට කොචිනිල් නැමැති කෘමියා තලා වර්ණ ගන්වනු ලැබේ) අලුත් ලෝකයක වෙනස

      Delete
  8. Muslims can do anything as per their resire (as per holy Quran) in any country in the world. But buddhists can't practise their religion openly in any Muslim countries. Sri Lankan women should ware abaya in Saudi. How can we justify these discriminations.

    ReplyDelete
    Replies
    1. You cannot justify those discrimination s in a Kingdom such as Saudi Arabia. They are not democratic and are not civilized like us.

      Delete
    2. ගැමුණුMarch 14, 2013 at 7:07 PM

      Very pathetic. Sri Lankan muslims also has same blind faith like Saudi for quran & always Sri Lankan muslims take soudi as one of their ideal country but now?

      Delete
  9. පැරා, උඹ පල්ලියේ ක්‍රියාකාරීත්වය දන්නේ නෑ. ඒ නිසා මම මෙතන මුකුත් කියන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මා ඔබේ කමෙන්ට් ගණනාවක් දැක තිබෙනවා මෙවැනි අදහසක් සහිත. ඔබ කියා තිබුනා ඔබ ජීවත් වන්නේ මුස්ලිම් ජනගහණය වැඩි ප්‍රදේශයක බව. ඔබ නොකියන එහෙත් අත්දකින අන්තවාදය කුමක්ද?

      Delete
    2. @ මාතලන්
      දෙමළ මිනිස්සු දහ දොළොස් දාහක් එකවර වාෂ්ප කරනකන් දෙමළාගේ රීරි මාංශය ඉල්ලුව, දැන් මුසල්මනුවගේ මාංශය රටේ නැති විලම්බීත කුමන්ත්‍රණ උලුප්පා දක්වමින් දඩයම් කරන්න හදනවා. ඔයගොල්ලන්ගේ මේ අධම ලේ පිපාසය ඉවරවෙන්න තව ජාති වාදී යුද්ධ කීයක් කරන්න ඕනද?

      Delete
    3. @ මාතලන්,
      දැන් ඉතින් සනිපයිනේ දැන්වත් නිදගනිකෝ යකෝ වද දෙන්නතුව.

      Delete
    4. මගේ කිසිම ලේ පිපාසයක් නෑ. මම එවන් දෑ හෙලා දකිනවා. එමෙන්ම ඔවුන්ගේ ආගමික නිදහසත් අගය කරනවා. ඔබලා කුලප්පු වෙන්නෙ ඒක කුමක්ද කියා ඔබලා දන්නා නිසා. ඇනෝ එන්නේ නැතුව, ප්‍රෝෆයිල් වලින් එන්න, එතකොට කියලා දෙන්නම්.

      Delete
    5. පල්ලියේ වැරදි ක්‍රියාකාරීත්වයන්ට විරුද්ධව ක්‍රියාකිරීමට තමා රටේ නීතියක් තියෙන්නේ. කොටි ත්‍රස්තවාදය මුළුමනින්ම අතුගා දමා, කේපී පිටරටකදී අත් අඩංගුවට ගත් අපේ බුද්ධි අංශවලට මේ ගැන ක්‍රියාකල නොහැකිද???

      කළයුත්ත නොකොට සාමාන්‍ය මුසල්මානුවාගේ ආගමානුකූලව ජීවත්වීමේ අයිතියට පහර ගැසීම පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමකි!

      Delete
    6. කලබල වෙන්න එපා. ආන්ඩුව ඒවා නිසි ලෙස කරයි.

      Delete
    7. අර දෙමල මිනිස්සු දහදොළොස් දාහක් දිවියලෝකේ යවපු පිලිවලටද? ලැජ්ජාවක් කියල දෙයක් තියනවනම් ලජ්ජා වියන්.

      Delete
    8. දෙමළ මිනිස්සු නම් යැව්වේ නෑ. ත්‍රස්තවාදින්ට නම් ඒ ඉරනම අත්වුනා. යුද්ධයකදී සිවිල් ජ්නයාත් ගොදුරු වෙනවා. එහිදි සිංහල, දෙමළ, මුස්ලිම් බේදයකින් තොරව ඔවුන්ද පීඩාවට පත් උනා.

      Delete
    9. ත්‍රස්තවාදින් කියන එක ඔයා දන්නා විදියට නිර්වචනය කරන්න කෝ සුදා ,

      Delete
  10. මුස්ලිම් තරම දරුණු ජාතිවාදයක් තවත් මේ ලෝකේ නෑ

    ReplyDelete
    Replies
    1. කවුරුහරි කිව්වොත් සිංහලයෝ තරම් ජාතිවාදියෝ කොහෙවත් නෑ කියල ඔබ ඒක පිළිගන්නවද?

      Delete
  11. බටහිර අධිරාජ්‍යවාදීන් හා උන්ගේ ගූ කන එන් ජී ඕ කාරයන් හා මාක්ස්වාදීන් මේ තීරණැයෙන් වැටුනේ අලි අමාරුවකය.මේ රටේ ජනකොටස් එකිනෙකා ගැටෙන විට සාම ව්‍යාපෘතිවාලට එන් ජී ඕ සල්ලි ලැබේ.මුන් අපේක්ෂ කළේ මෙවැනි විසදුමක් නොව ගැටුමකි.කෙසේ වෙතත් සංවිධානාත්මක බටහිර ගූ කන බ්ලොග්කරුවන් සමහරෙක් මුස්ලිම් විරෝධය නිසා හලාල් වලට එරෙහිය

    ReplyDelete
  12. අර අ.මනතුංග කරා වගේ ඔහෙත් පී.අක්රම් කියල නම මාරු කරොත් මොකද

    ReplyDelete
  13. හලාල් යනු ඉස්ලාම් ආගමට අයිති දෙයක් වන අතර, මුස්ලිම් යනු ජන වර්ගයකි. එතකොට ආගම අවශ්‍ය නැතැයි කියන සමාජවාදී පැරා ආගමක අංගයක් වෙනුවෙන් කෑගසන්නෙ ඇයි.

    (ඉස්ලාම් සියල්ලෝම මුස්ලිම් වැනි බොලඳ තර්ක දාන්න එපා, )

    ReplyDelete
    Replies
    1. පැරා ගැන මම කිසිත් නොදනිමි.

      නමුත් 'ඉස්ලාම්' ආගම අදහන සියල්ලෝ 'මුස්ලිම්' වෙති... මුස්ලිම්වරුන් අතර විවිධ ජනකොටස් සිටිති. උදා: යෝනක, මැලේ, බෝරා...

      Delete
  14. ගැමුණුMarch 14, 2013 at 6:57 PM

    අපි මුස්ලිම් අන්තාවදයටත්, දෙමළ කොටි ත්‍රස්තවාදයටත් වඩා පරිස්සම් වෙන්න ඕනි මේ පැරා වගේ අයගෙන්. මේ වගේ යල් පැනගිය සමාජවාදීන්ට අවශ්‍ය මොකක්ද කියල මෙතන හොඳට කියල තියෙනවා.

    අතිශය භයංකර හෙළිදරවු කිරීමක්

    ReplyDelete
  15. බලාගෙන ඉමු. හෙට අනිද්දා බඩු මිල අඩු වෙයි කියා. බඩු මිල අඩුවීම බාලගිරි දෝශයකි. අඩුම ගානේ ශක්ක්‍රයාගේ මල්ලි වයිමටවත් බැරිලු. මම නොවේ එය කියුවේ. බන්දුල මහත්තයා යි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා