සැබෑ ජාතිද්‍රෝහියෝ, බෙදුම්වාදියෝ කවුරුද?

ලංකාවේ ආණ්ඩුව හා සිංහල බෞද්ධයන්ගේ නායකයන් බව කියන පිරිසක් මේ වන වි‍ට එක්සත් ජාතීන්ට, ජාත්‍යන්තර ප්‍රජාවට, ඉන්දියාවට, තමිල්නාඩුවට ‍එරෙහිව යුද්ධ ප්‍රකාශ කර තිබේ. 

ලංකාවේ මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ලෝක ප්‍රජාවන් ප්‍රශ්න කිරීම වැරදි බව ඔවුන්ගේ මූලික තර්කයයි. ඇමරිකන් ආණ්ඩුවට ‍ඇෆ්ගනිස්තානයට, පකිස්තානයට පවඇතුල් වී තම විදේශික සතුරන් මරන්නට අයිතියක් තිබේනම් අපේ ආණ්ඩුව අපේ රටේ මිනිසුන් තමන්නෑ විධියට මරා ගත්තාම කාටවත් අමාරුද යන්න මෙතන තිබෙන තර්කයයි. ‍ලෝකය කළ යුතුව තිබෙන්නේ ලංකා‍වේ ආණ්ඩු‍වට සිය වංචා, දූෂණ හා සංවර්ධනය ලෙස හඳුන්වනු ලබන කටයුතු රිසි සේ කරගෙන යාමට ණය, ආධාර, ආයෝජන සැපයීම, සංචාරකයන් මෙහි එවීම හා මේ රටේ දුප්පත් ගැහැනුන්ට හා පිරිමින්ට ඒ රටවල රැකියා අවස්ථා සපයාදීම පමණකැයි යන්න ආණ්ඩුවේ හා එයට සහාය දෙන ජාතිවාදී බලවේගවල චින්තනය බව පෙනේ. එසේම, ලෝකෙන් උතුම් රට යයි තමන් විසින්ම හඳුන්වා ගනු ලබන 'ශ්‍රී' ලංකාව විනාශ කිරීම සඳහා ඇමරිකාව ප්‍රමුඛ ලෝකය කුමන්ත්‍රණය කරමින් සිටින බව ඔවුහු මේ රටේ ජනතාවට උගන්වති. චීනය, ඉරානය වැනි ර‍ටවල් කීපයක් හැර ලෝකයේම සියලු දෙනා සිංහලයන්ට විරුද්ධ බවද, දෙමළුන්ට පක්ෂ බවද ඔවුහු ප්‍රචාරය කරති. 

මෙසේ සිතීම දේශප්‍රේමය යයි කියනු ලැබේ. එසේ සිතීම මට නම් පෙනෙන්නේ මෝඩකම ලෙසයි. ඒක කිව්වාම ආණ්ඩුව හා ජාතිවාදීන් කියන්නේ මා දේශද්‍රෝහියකු, සිංහල විරෝධියකු, දෙමළ ජාතිවාදයට සේවය කරන්නකු, රාජ්‍ය නොවන සංවිධාන ඒජන්තයකු, බටහිර ගැත්තකු කියාය. මොනවා කීවත්, මට නම් අච්චර මෝඩ විධියට හිතන්නට බැරිය. ලංකාවේ බහුතරය එසේ සිතන නිසා මාත් එසේ සිතිය යුතුය යන්න ම‍ට නම් අදාල නොවේ.

ලංකාව මගේ රටයි. එය ලෝකයේ මා හොඳින් දන්නා, මා අයත් වන සමීපස්ථ සමාජය ජීවත් වන ප්‍රදේශයයි. එහෙත්, එය ලෝකයේ කොටසක් මිස ලෝකයෙන් වෙන් වූ හුදකලා තැනක් නොවේ. මම ලක්වැසියකු මෙන්ම ලෝකවාසියකුද වෙමි. අපි ලෝකය සමග නිරතුරු ගනුදෙනුවක යෙදී සිටිමු. ආර්ථික වශයෙන්ද, සංස්කෘතිකවද අපි ලෝකය සමග බැඳී සිටිමු. ලෝකය නැතිව අපට පැවැත්මක් නැත. අපේ රටේ දේශපාලනය වුව ලෝක දේශපාලනයෙන් වෙන් කර ගතහැකි එකක් නොවේ.

ලෝකය අපේ සතුරකු යයි සිතීම කිසිදු අර්ථයක් ඇති අදහසක් නොවේ. අප ලෝකය සමග එක්ව ජීවත් විය යුතුය. කිසිවකුට ලෝකය සමග යුද වදින්නට උවමනානම් ඔහු හෝ ඇය නිසැකවම උන්මත්තකයෙකි. අපට ලෝකය සමග යුද වදින්නට බැරිය. ලෝකය අපට වඩා විශාලය. ලෝකය සමග තනිවම වුව මතවාදී අරගළයක යෙදුණාට කම් නැත. එහෙත්, ඒ ලෝකය යහපත් තැනක් කරන්නට හේතු වන්නේ යයි ඔබ විශ්වාස කරන දෙයක් වෙනුවෙන් පමණි.

ලංකාවේ ආණ්ඩුව හා සිංහල බෞද්ධ යයි කියන ජාතිවාදීන් විසින් ලංකාව තල්ලු කරමින් සිටින්නේ ලෝකය සමග යුද්ධයකට පැටලෙන තැනකටයි. ඉන්දියාව හෝ තමිල්නාඩුව සමග තබා ජාත්‍යන්තර සහයෝගයෙන් බිහි වන ඊලාම් රාජ්‍යයක් සමග හෝ යුද්ධ කිරීමේ හැකියාවක් ලංකාවට නැත. එයට පළමු හේතුව මේ ආණ්ඩුව විසින් ආර්ථිකයේ කොන්ද කඩා තිබීමයි.

අපේ රට යුද්ධයකට පැටලු‍ණොත් ඔබට ඔබ ජීවත් වන කොළඹ කේන්ද්‍රීය දකුණ පසුගිය කාලයේ කිලිනොච්චිය තිබුණු තත්වයට පත් කරගන්නට පුළුවන් වනු ඇත. කොටි සංවිධානය වැනි ජාතිවාදී ව්‍යාපාරයක ආණ්ඩුවක් එහි පිහිටුවා ගන්නට හැකි වනු ඇත. ඔබේ ශ්‍රමයේ ඵලය ජාතිය වෙනුවෙන් යයි කියන විනාශකාරී යුද්ධයක් වෙනුවෙන් බදු ලෙස ගෙවන්නට සිදු වනවා ඇත. ඔබේ දරුවාගේ අධ්‍යාපනය පමණක් නොව ජීවිතයත් මුග්ධ යුද්ධයක් වෙනුවෙන් බිලි දෙන්නට සිදු වෙනවා ඇත. ඔබ ගොඩ නඟා ගත්, අප ගොඩනඟාගත් සියල්ල අපට අහිමි වනු ඇත. පටු අරමුණු ඉටු කර ගැනීමට මාන බලන සමාජ විරෝධී අවස්ථාවාදීහු අතළොස්සක් මේ අහිමිවීම් වීරත්වයට නඟමින් ඔබ  තව තවත් මුග්ධත්වයට තල්ලු කරනු ඇත. ඔවුහු එයින් තාවකාලික ප්‍රමෝදයක් භුක්ති විඳ ජාතියේම අනාගතයෙන් මිළ ගෙවනු ඇත. ලෝකයේ මෙවැනි සිදුවීම් සිදු වී ඇත්තේ එකක් දෙකක් නොවේ. ොටි සංවිධානය මෙවැනි සංවිධානයකට උදාහරණයකි. මෙවැනි උන්මත්තකයන් කිසිවකුට ඉතිහාසයේ සැලකිය යුතු ඉඩක් ලැබී නැත. මන්ද මානව වර්ගයා පොදුවේ ගත් කල යුක්තිය, සාධාරණත්වය ගැන සංවේදී ජීවීන් පිරිසක් වන බැවිනි.

දෙමළ ජාතිය පසුගිය තිස් වසරේ යුද්ධය අවසානයේදී භුක්ති විඳි කටුක පරාජයේ තිත්ත රස විඳ ගැනීම‍ට ඔබටත් අවශ්‍ය නම් සිංහල බෞද්ධයිනි, අද වන විට පතුරුවමින් ඇති ජාතිවාදය, ආගම්වාදය වැළඳගන්න. 

සිංහල ජාතියේත්, පොදුවේ සමස්ත මිනිස් සමාජයේත් යහපත ගැන සිතන මිනිසුනි, ජාතිවාදය හෙවත් තමන් අයත් වන සමාජ කණ්ඩායම සෙසු කණ්ඩායම්වලට වඩා උසස් නිසා සෙස්සන් තමන්ට ඉරිසියා කරන්නේය, විනාශ කිරීමට කුමන්ත්‍රණ කරන්නේය යයි සිතමින් වෛරී චේතනාවෙන් කටයුතු කිරීම අත්හැර බුද්ධිමත් හා සාධාරණ ලෙස සිතන්න. 

අපි ලෝකය සමග පැවතිය යුතුය. ලෝකයෙන් එන ඉල්ලීම වනාහි මහා කුමන්ත්‍රණයක් නො‍වේ. අපේ රටේ පුරවැසියන්ට අපේ ආණ්ඩුව සාධාරණව සැලකිය යුත්තේ ලෝකය කියන නිසා නොවේ. ඔවුන් අපේ සහෝදර ජනතාව නිසාය. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අප තහවුරු කරගත යුත්තේ ලෝකය කියන නිසා නොවේ. එය අපට අවශ්‍ය නිසාය. ඇමරිකාව මානව හිමිකම් උල්ලංඝනය කරන නිසා අප‍ටද මානව හිමිකම් උල්ලංඝනය කිරීමට හිමිකම තිබිය යුතුය කියා ඉල්ලීම අතිශය මුග්ධ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවකි.  ඇමරිකාවට බලහත්කා‍රයෙන් කරන්නට පුළුවන් දේ අපට කරන්නට බැරි ඒ බලහත්කාරය අප සතු නැති නිසාය. බලය තිබුණත් අප කළ යුත්තේ හරි දෙය මිස ඇමරිකා ආණ්ඩුව කරන ආකාරයේ දාමරිකකම් නොවේ.

සිංහල ජාතියට, සිංහල ශ්‍රී ලංකාවට එරෙහිව ඔය කියන අන්දමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ තිබුණානම් මේ රට මේ ලෙස පවතින්නට බැරිය. සරළව කියන්නේනම් ඇමරිකාවට ලංකාවේ ඊලමක් බිහි කරන්නට උවමනාව තිබුණානම් මෙතෙක් කල් නොකර සි‍ටියේ මන්ද? සෑම දෙයක් පසුපසම කුමන්ත්‍රණයක් ඇතැයි ප්‍රචාරය කිරීමද උන්මත්තක ලක්ෂණයකි. කුමන්ත්‍රණය යන වචනය ශපාලන ශබ්දෝෂේදී දෙන්ේ භයානක අරුතකි. තමන් කියන දෙය තර්කානුකූලව පැහැදිලි කිරීඅවශ්‍යතාව කුමන්ත්‍රණ න්‍යාය විසින් බැහැර කරනු ලැේ.

සැබෑ ඊලාම්වාදීහු වන්නේ ජාතික සමගියට එරෙහිව කටයුතු කරන, ප්‍රජාතන්ත්‍රවාදයට, මානව හිමිකම්වලට එරෙහි වන සිංහල බෞද්ධ අන්තවාදියෝය. දෙමළ ජාතිවාදීන්ට උඩගෙඩි දෙමින් ඊලමට පාර කපන්නෝ ඔවුහුය. බෙදුණු රටක, යුද්ධයෙන් විනාශ වූ ජාතියක බලය සියතට ගන්නට උත්සාහ කරන මොවුහු ඇත්තෙන්ම නියම උන්මත්තකයෝය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න.

Comments

  1. මේක සාමාන්‍ය ශ්‍රී ලාංකිකයාගේ මනෝභාවය. පිටරටවල් බලන් ඉන්නෙ අපේ රටට කෙලින්න. අනිත් ජාතිකයන් බලන් ඉන්නෙ අපිට කෙලින්න. අනිත් ආගමිකයන් බලන් ඉන්නෙ අපිට කෙලින්න. නෑදෑයො බලන් ඉන්නෙ අපිට කෙලින්න. පවුලෙම සහෝදර සහෝදරියො බලන් ඉන්නෙ මට කෙලින්න. ත්‍රීවීල් වල ගහල තියෙන්නෙ ඒකනෙ. "මේ සේරම බලන් ඉන්නෙ වරදිනතුරු අපිට."

    ReplyDelete
  2. ඔබ විසින් පලකල කලින් ලිපිය මෙන්ම හරබර කාලෝචිත ලිපියකි. නමුත් මේවා කියවන්නේ කීයෙන් කී දෙනාද? කෙසේ වුවත් ඔබේ නොමද උත්සාහයට මගේ ප්‍රණාමය. අදුරට බැන බැන සිටිනවාට වඩා ඒක පහනක් දැල්වීම උතුම්ය කියනවානේ.
    ජාතිවාදය අසාර්ථක දේශපාලකයින්ගේ ඒකම පිහිටයි. තමන්ගේ අසාර්ථක භාවය වසා ගැනීමටත් තමන්ගේ මල්ල පුරවා ගැනීමටත් පහසුම මාර්ගය රටපුරා ජාතිවාදය වැපිරීමයි. වර්තමාන රජය ඒ කාර්ය භාරය ඉතා සාර්ථකව කරගෙන යයි

    ReplyDelete
    Replies
    1. සමපුර්ණ ඇත්ත....මේ ලිපිය ඔබ සදහන් කළඅයුරින් ඉතා වටිනා ලිපියක් ********

      Delete
  3. සැබවින්ම අපි ඉල්ලගන කන්න තමයි යන්නේ....
    ශිෂ්ටාචාරයෙන් ම්ලේඡ්චත්වය කරා යන ගමනට ජයවේවා
    LTTE එකට උනෙත් එක තමයි ජාතිවාදය වපුරන එවුන් ජාතිවාදයේම ගොදුරු බවට පත් වෙනවා....

    ReplyDelete
  4. ලංකාවේ මේ සිදුවීගෙන යන දේ වලින් ලෝක ප්‍රජාවට පෙනෙන දේනම් ලංකාවේ සුළුජාතීන්ට මහජාතිය සමග එකට ජීවත්විය නොහැකි බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෙමළ ඊළම වෙනම රාජ්‍යයක්ලෙස පිලිගන්නාලෙස ලෝක ද්‍රවිඩ සංගමය දැඩි උත්සාහයක යෙදෙනබව ලංකාවේම පත්තරවල පළවුණා. මෙම ලංකාව බෙදීමේ යෝජනාවේ මුලික තර්කයත් ඉහත කරුනමයි. එසේනම් ලංකාවේ මේ ඊනියා දේශප්‍රේමීන් කරන්නේ ඊළාම්වාදීන්ගේ එම ප්‍රයත්නයට උදව් කිරීමයි.

    ReplyDelete
  5. ඔබ විසින් පලකල කලින් ලිපි මෙන්ම හරබර කාලෝචිත ලිපියකි. මගේ ප්‍රණාමය.

    ReplyDelete
  6. තමන්ගේ ආගමට ජාතියට ආදරය කරනවාක් මෙන්ම අන් ආගමට හා ජාතීන්ටත් ගරු කළ යුතුය. ආන්ඩුව වැවතත් පරණ පුරුදු ලාබම බඩු නොමිලේ බෙදා හැර ඇත. ප්‍රධාන පෙලේ අයගේ කටවල් තාවකාලිකව වසා ඇති මුත්. රාජ්‍ය නාලිකාවන් හා හඬු ගඳ ගහන මාධ්‍යවේදින් කියන්නේ කුමක්දැයි පොඩි එකෙකුට වූවද පැහැදිලිව තේරුම් ගැනීමේ හැකියාව ඇත. එය බයානක බව ඉක්මනින්ම ඔවුනට වැටහී ඇත. බොබසේ ලොක්කාද නොකියා කියන්නේ එයයි. මෙවරනම් සමාවක් නැත. හොඳ හොඳ සෙල්ලම් එළිවන ජාමෙට කිව්වාලූ...

    ReplyDelete
  7. ලෝකයෙන් උතුම් ම ජාතිය තම ජාතිය යැයි උදම්ඇනීම වරදක් නොවේ. නමුත් එසේ කියා අනෙක් ජාතීන් පාගාදැමීමට උත්සාහ කරන්නේ නම් එය වැරදිය. එය සිංහල අප කළත්, තමිල්නාඩුවේ දමිළයන් කළත් වැරදිමය.

    ReplyDelete
  8. තමන් මහා උගතෙකු ලෙස ලොවට පෙන්වීමට උත්සහා දරනා සිටිනා එහෙත් සැබෑවටම ගත් කල තමන් පෙළනා අර්තික අපහසුතාව නිසා ඊර්ෂ්‍යා සහගත කුහකයෙකු බවට පත්ව ඇති මෙම දෙතුන් සියක් දෙනා බලනා කොමෙන්ට් 20 ක් 30 ක් වැටෙනා බ්ලොග් එක ලියනා පැරකුම් නමැත්තාට යමෙක් බෞද්ධාගම හා රට ගැන කතා කරන්නේ නම් ඔහුව පෙනෙන්නේ උම්මත්තකයකු ලෙසය. නැතිනම් එවැන්නන් හදුන්වන්නේ ජාතිවාදීන් ලෙසය.

    මිට පෙර මොහු සම්පත් අත්තටගේ හා බොදුබල සේනාව ගැන ලිපියක් දැම්මේය. මොහුගේ අරමුණ කුමක් හෝ මාතෘකාවක් ඇදගෙන බෞද්ධයන් හා ශ්‍රී ලංකාව හෙලා දැකීම නිසා "සම්පත් අත්තටගේ බොදු බල සේනාවට එක්වීම හෙවත් කුණට කුණ පෑහීම" ලෙස මාතෘකාවකුත් දැම්මේය. එනමුත් මෙහි සත්‍ය exgossip.com වෙබ් අඩවියේ පළවුණි. ඒ පිලිබදව කිසිදු කතාවක් මේ වෙබ් අඩවිය ලියන "මහා උගතා" කෙරෙන් පළනොවේ. අඩුම තරමේ තමන් ලියු ලිපියට අදාල වූ කරුණු වැරදි බව සදහන් වෙද්දී ඒ සදහා කණගාටුව ප්‍රකාශ කිරීමක් වත් පළනොවේ.

    මට පෙනෙනා අන්දමට මෙම බ්ලොග් අඩවියට ලියනා පැරකුම් නමැති තැනැත්තාව දෙයාකාරයට වර්ග කල හැක. එක්කෝ ඔහුගේ අරමුණ රාජපක්ෂ පාලනය පෙරලා දැමීම විය හැක. එනමුත් කිව යුත්තේ මෙලෙස බෞද්ධයන්ට හා රාජපක්ෂ පාලනයට පහර ගසා ලිපි දැමීමෙන් සිදුවන්නේ තව තවත් බෞද්ධයන් රාජපක්ෂ පාලනය කෙරෙහි ලංවිම පමණි. අනික නම් බොහෝ දෙනෙක් පැරකුම් නමැති කුහක පුද්ගලයා තමන්ගේ මානසික මට්ටම මත මෙම ලිපි ලියනා බව අවබෝධ කර ගැනීමය.

    නැතිනම් මට කිව හැක්කේ පැරකුම් නමැත්තා පෙලෙනා ආර්ථික ගැටළු නිසා ආවට සමාජය කෙරහි වෛරයෙන් පසුවේ. එමනිසා ඔහුට සිතෙන්නේ අවට සිටිනා හොදින් කා බි ඇඳ පැළඳ සිටින පිරිස් නිල් බලකායේ අයවලුන් ලෙසය. නැතිනම් ආණ්ඩුවේ බත්බැලයන් ලෙසය.

    මට නැවතවරක් කියන්නට ඇත්තේ ඔබ හිගමනෙට වැටි ඇත්තෙ ඔබෙ වරදිනි. ඔබෙ හිගන,කලකන්නි කමට රජය හො බෞද්ධයන් පලි නැත.
    ඔබ හරියට රැකිවක් නොකර වටපිටවට දොස් දෙවොල් තබමින් සිටිනා විටදි හරියට කැමක් බිමක් නැතිව දුක් විදිනා ඔබෙ දරුවන් ගැන මටත් පියෙකු ලෙස දුකය.

    රණතුංග

    ReplyDelete
    Replies
    1. රණතුංග,

      දේශපාලනය කරන්න පුළුවන් පස්සේ. මුලින් ලෙඩේ හොදකරගෙන ඉන්න.
      දිගටම බෙහෙත් බොන්න්. ඔන්න නොවැරදීම සයනයට එන්න ඕනේ හොදේ!

      රණතුංගගේ දොස්තර

      Delete
    2. සමන් මලෙන් පවන් සැලේ, කේතුමතියට වී වයින් බිබී චීස් කන රණතුංග ලොක්කෝ,

      අනේ සුදා ඔයා ඉන්නේ ලංකාවේද? ලංකාවේ ඉන්නවනම් ඒ මොන පැත්තේද? ඔයා
      කියල තියන විදියට ඔයාට ආර්ථික ගැටළු නෑලු! මේ සම්ම්ජ්ජතෙකට ඔහොම කතවක් ඇහුවමයි. අනේ අම්මප ඔයාගේ ඔය කේතුමතියට අපිට සෙට් වෙන්න බැරිද ? මොනවා වෙතත් මතක ඇතුව පෙත්ත ගනින්, මට පේන හැටියට උඹ වෙල් දෙක තුනක්ම වරද්දලා වගේ.

      Delete
    3. රණතුංග,

      උඹ ඔය එක එකා කියන ඒවාට සැලෙන්න එපා දිගටම කොමෙන්ට් කොටපන්. උබේ කොමෙන්ට් පට්ට අතල් බන්. බලහන්කො පැරාට කොමෙන්ට් දැන් එන්නේ ලොරි පිටින්.

      Delete
    4. රණතුංග උපාසක තැනත් බොක බර සේනාවේ සෙන්පතියෙක්ද? අර ෆැෂන් බග් කැඩුවට පස්සෙද ඔයාගේ ආර්ථික අපහසුතා නැති උනේ. ( මේ එක නෙමෙයි බන් ඊලග ෆැෂන් බග් කඩන්න යන නන්දිකඩාල් මෙහෙයුමට මටත් සෙට් වෙන්න බැරිද? නොලිමිට් යන උන්ට බිත්තර ගහන වැඩේට හොදට ගෙවනවානම් එකවුනත් නරක නැ!)

      Delete
    5. මම මීට කලින් පැරාගේ පොස්ට් එකට මෙවැනිම කොමෙන්ටුවක් දැමු මේ මහත්මයාට නැවතත් මෙසේ කියමි.
      අසුච් ගොඩේ වෙසෙන නිළ මැස්සාට එය දිව්‍ය ලෝකයකි.

      Delete
    6. "මිට පෙර මොහු සම්පත් අත්තටගේ හා බොදුබල සේනාව ගැන ලිපියක් දැම්මේය. මොහුගේ අරමුණ කුමක් හෝ මාතෘකාවක් ඇදගෙන බෞද්ධයන් හා ශ්‍රී ලංකාව හෙලා දැකීම නිසා "සම්පත් අත්තටගේ බොදු බල සේනාවට එක්වීම හෙවත් කුණට කුණ පෑහීම" ලෙස මාතෘකාවකුත් දැම්මේය. එනමුත් මෙහි සත්‍ය exgossip.com වෙබ් අඩවියේ පළවුණි. ඒ පිලිබදව කිසිදු කතාවක් මේ වෙබ් අඩවිය ලියන "මහා උගතා" කෙරෙන් පළනොවේ. අඩුම තරමේ තමන් ලියු ලිපියට අදාල වූ කරුණු වැරදි බව සදහන් වෙද්දී ඒ සදහා කණගාටුව ප්‍රකාශ කිරීමක් වත් පළනොවේ."

      රණතුංග මහතාණෙනි,
      මේ දිවයින පත්තරේ නොව බ්ලොග් අඩවියකි.
      මෙහි පලවන්නේ මෙම බ්ලොග් රචකයාගේ අදහස් මිස ජාතික පුවත් නොවේ.

      Delete
    7. @රණතුංග;
      උඹට පැරාගේ ආර්ථිකේ ගැන ඔච්චර පුකේ අමාරුවක් තියෙනව නම් එකවුන්ට් නම්බර් එක ඉල්ලගෙන මාස් පතා කියක් හරි දාපන්කෝ.නොදන්න මගුල් ලියල "පොරක්"වෙන්න හදන්නෙ.

      Delete
  9. සමන් මලෙන් පවන් සැලේ, කේතුමතියට වී වයින් බිබී චීස් කන රණතුංග ලොක්කෝ,

    අනේ සුදා ඔයා ඉන්නේ ලංකාවේද? ලංකාවේ ඉන්නවනම් ඒ මොන පැත්තේද? ඔයා
    කියල තියන විදියට ඔයාට ආර්ථික ගැටළු නෑලු! මේ සම්ම්ජ්ජතෙකට ඔහොම කතවක් ඇහුවමයි. අනේ අම්මප ඔයාගේ ඔය කේතුමතියට අපිට සෙට් වෙන්න බැරිද ? මොනවා වෙතත් මතක ඇතුව පෙත්ත ගනින්, මට පේන හැටියට උඹ වෙල් දෙක තුනක්ම වරද්දලා වගේ.

    ReplyDelete
    Replies
    1. රණතුංග,

      දේශපාලනය කරන්න පුළුවන් පස්සේ. මුලින් ලෙඩේ හොදකරගෙන ඉන්න.
      දිගටම බෙහෙත් බොන්න්. ඔන්න නොවැරදීම සයනයට එන්න ඕනේ හොදේ!

      රණතුංගගේ දොස්තර.

      Delete
  10. // සෑම දෙයක් පසුපසම කුමන්ත්‍රණයක් ඇතැයි ප්‍රචාරය කිරීමද උන්මත්තක ලක්ෂණයකි//

    ReplyDelete
  11. නියමයි...... අෙන් පව් රණතුංග

    ReplyDelete
  12. රණතුන්ග ගේ කොමෙන්ටුව මෝඩයාගේ දවසේ දැමූ මුල්ම කොමෙන්ටුවයි..... පැරාගේ පාඨකයනි මෙම කොමෙන්ටුව දැමූ මෝඩයාට අනුකම්පා කරන්න.....

    ReplyDelete
    Replies
    1. රණතුංග මහතාට සුභ උපන්දිනයක් වේවා!

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. mekawath balapan. ube mole pedenna ...http://www.exgossip.com/2013/04/KuragalaNewPics.html?utm_source=BP_recent

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා