මං ආගම් නොඅදහන්නේ ඇයි?

බෞද්ධ මූලධර්මවාදී බොදු බල සේනාව කොළඹට ගවමස් බෙදාහරින දෙමටගොඩ ගව ඝාතනාගාරය නීති විරෝධී අන්දමින් වැටලුවේය. 

එහෙත්, ඔවුන් බලාපොරොත්තු වූ කිසියම් දෙයක් සොයාගන්නට බැරි වූයෙන් මස් කුණු වන බව කියමින් ආපසු ගියහ. මස් කියන්නේ ලාංකීය සමාජය මෙන්ම කුණු වෙමින්පවතින දෙයක් තමාය.

කොළඹ නගර සීමාව තුළ දැන් හරකුන් මරන්නේ නැති බව හා දෙම‍ටගොඩදී සිදුවන්නේ මරා ගෙන එනු ලබන මස් කොළඹට බෙදීම බවද කොළඹ නගර සභාව පවසයි. එතකොට මේ ඝාතනගාර තිබෙන්නේ කොහිද? 

ඝාතනාගාර කොහි තිබුණත්, ඒවාට හරකුන් ලැබෙන්නේ කොහෙන්ද? අප දන්නා තරමින් ලංකාවේ වැඩියෙන්ම හරකුන් ඇති කරන්නේ සිංහල බෞද්ධයෝය. හරකුන්ය කියා මෙහි කියන්නේ ඇත්තම කකුල් හතරේ සතුන්ටය. මේ හරක් වයසට ගොස් මරණයට පත් වී භූමදානය කරන අවස්ථානම් අති විරලය. එහෙම අවස්ථා තිබෙනවානම් පත්තරවලට පුවත් වන තරම් සුවිශේෂය. 

මේ ළඟදී දිනෙක මට හමු වූ සමෘද්ධි ආධාරවලින් කුඩා ගොවිපළක් පවත්වාගෙන යන එක් සිංහල බෞද්ධ දිරිය ගොවි මහතෙකු සමග කතා කරද්දී ඔහු සිය ගොවිපළේ කළුකුමන් සිටින බවටද අවශ්‍යනම් කිලෝව රු 500 ගණනේ දෙන බවද කීවේය. "හැබැයි මහත්තයෝ මරලානම් දෙන්න බැහැ. අපේ දුව කැමති නැහැ. ගෙදර ඇති කරන සත්තුනේ."

සිංහල බෞද්ධයන් හා මස් මාංශ අතර සම්බන්ධය ඉතිහාසය පුරාමත් ඔය වගේය. සාමාන්‍යයෙන් මේ ලියන්නාටද සතුන් සම්බන්ධයෙන් සංවේදී හැඟීම් තිබේ. එහෙත්, ඔහුද මස් කෑමට පෙරේතය. හරකුන් ඇති කරන අපේ දුප්පත් ගොවි මහත්තුරුද සතුන් ගැන සංවේදීය. එහෙත් මේ සමාජයේ මුදල් ගැන ඔවුන් ඊට වඩා සංවේදී විය යුතුය. ඒ නිසා හොරෙන්ම හරකා විකුණා දමා ඒ ගැන කල්පනා නොකර සිටිති.

අපේ සිංහල බෞද්ධයෝ පෝයට පන්සල් යන, ආගමික වතාවත් කරන, සතුන්ට උගුල්ද අටවන, මාළු ටිකක් බාගෙන කන, අලි ඇතුම් යදමින් බැඳ ජීවිත කාලය පුරාම වද දෙමින් තබාගෙන පෙරහැර පවත්වන, ඒවායේ පරස්පරතාවන් ගැන ගැඹුරින් නොසිතන සරළ සංස්කෘතියක උරුමකරුවෝය.

සෙසු ආගමික සංස්කෘතිද එවැනිය. මෙම ලියන්නා ඒවා ගැන කතා නොකරන්නේ ඒවා ගැන ඔහු එතරම් සවිස්තරව නොදන්නා නිසාය.එහෙත් පොදු තත්වය මෙයයි. 

ජාතිවාදියෝ, ආගම්වාදියෝ වනාහි මෙවැනි මූලධර්ම වෙනුවෙන් මරාගෙන මැරෙන පිරිසකි. නිදසුනක් ලෙස බෞද්ධ මූලධර්මවාදියෝ සතුන් මැරීම වැළැක්වීම වෙනුවෙන් ඔවුහු මිනිසුන් මරන්නට සූදානම්ය. ජාතික හා ආගමික ස්වෝත්තමවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔවුහු ජන සංහාර වෙනුවෙන් පෙනී සිටිති.මෙය බෞද්ධ, ඉස්ලාම්, කතෝලික වැනි සෑම ආගමකම ප්‍රජාවන් අතර දක්නට ලැබෙන දෙයකි.

ආගමික අනන්‍යතා වනාහි මෙවැනි විකාරවලියකි. මෙම ලියන්නාට ආගමික අනන්‍යතාවක් නැති බව ඔහු ප්‍රසිද්ධියේ කියන්නේ ඒ නිසාය. ඔහු ලාංකිකයෙකි. සිංහලයෙකි. බුද්ධ ධර්මයට විශේෂ ගෞරවයක් ඇත්තෙකි. 

ආගම් ඇදහීම මිනිසුන්ගේ පෞද්ගලික කටයුත්තක් බව ඔහු තරයේ විශ්වාස කරයි. ලියන්නා මාක්ස්වාදයද ඇතුළුව කිසිදු ආගමක් නොඅදහයි. එහෙත් ඔහුට ආගම් සමග සංවාදයක් තිේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. අර කළුකුම් ගොවියාගේ කතාව සෑහෙන්න බොන්න ඕනෑ කේස් එකක්.

    හරියට අපි බොනවා වුණාට ගෙදරදී පෙරන්නේ නෑ වගේ නේද? අහවලා පෙරලා විකුණන කොට සල්ලි දීලා අරගෙන බොනවා විතරයි. පව් නැත!

    මිණිවන් පී තිලකරත්නගේ කෙටිකතාවකත් තිබුණා කුකුල් මස් කඩේට ගිය නෝනෙක් ගැන අපූරු කතන්දරයක්.

    ReplyDelete
  2. බර්ට්‍රන්ඩ් රසල්ගේ 'මා කිතුනුවකු නොවන්නේ ඇයි?' කියන ප්‍රසිද්ධ ලියවිල්ල සහ මහාචාර්ය ගම්ලත් කලකට පෙර ලියූ 'ප්‍රොතෙස්තන්ත්‍ර බුද්ධාගම' කියන ලිපි පෙල මතක් වුනා. ඔබගේ ලිපිය තවත් විදහා ලියන්න. එය ඉතාම ප්‍රයෝජනවත්.

    ඔබ කියනවා, '...බුද්ධ ධර්මයට විශේෂ ගෞරවයක් ඇත්තෙකි.' කියලා. කැමතිද පහදන්න ඒ ඇයි කියලා?

    '...ඒවායේ පරස්පරතාවන් ගැන ගැඹුරින් නොසිතන සරළ සංස්කෘතියක උරුමකරුවෝය.' ඉතා වැදගත් නිරීක්ශනයක්. ආගමේදි විතරක් නෙවෙයි. අපරාධ ගැන ඉතාම විරුද්ධව කතා කරන, නමුත් අපරාධයක් දුටුවිට සාක්කි දෙන්න වෙයි කියලා වහාම මගහරින; හොර මැරකම් ගැන ඉතාම දැනුවත්, නමුත් එම මැරයන්වම අංක එකට පාර්ලිමේන්තු යවන; රිසානාගේ මරන දඩුවම ගැන කනගාටු වෙන, නමුත් ලංකාවේ අපරාධ වැලැක්වීමට නම් මරන දඩුවම ගෙනා යුතුයි කියන; ලමා නිවාස වලට අවංකවම උදවු කරන, ලමයින්ට හරිම ආදරේ කරන, නමුත් බාලචන්ද්‍රන්ගෙ චායාරූප දුටු විට පරල වෙන, මරපු එක හොඳයි කියන; කුරාකුහුඹුවෙකුට හානි නොකරන, නමුත් 40,000 මරාදමන විට පාරේ කිරිබත් කන අන්දමේ ඇදහිය නොහැකි පරස්පරතා වලින් පිරුනු ඉතාම සරල (සංකීර්න!) සංස්කෘතියක්.

    - Dimithri

    ReplyDelete
    Replies
    1. කොටින් මැරීම ගැන ශෝක වන ඇනෝනිමස් බින් ලාඩන් මැරීම ගැන සතුටුවෙයි.මෙයද පරස්පරයකි.ඇනෝලා බලාපොරොත්තුවන බෞද්ධයා කොටින් මැරෙන විට දුක් වෙයි.ඇනෝටම බෞද්ධයන් කීප දෙනෙක් මැරීමට එවිට පුලුවන.මරන්නට එන විට ඔවුන් මරනානුස්සති භාවනාව වඩන බැවිනි.ඊලම පිහිටවීමට ලංකාව තෝරා ගැනීමට එක් හේතුවක්ලු ඒක.ඉන්දියාවෙ,සිංගප්පූරුවෙ,මැලේසියාවෙ ඊලම ඉල්ලුවනම් කන්ඩ වෙන බව දැනගෙන ලු ලංකාවෙ ඊලම ඉල්ලුවෙ.දැන් මේ වෙන දේවල්වල හැටියට ඇනෝලා ඉච්ඡා භංගතවයට පත් වෙලා.නියම කතෝලිකයන් ,ක්‍රිස්තියානීන් නම් කොන්ද පන ඇතිව මේ කොමෙන්ට් එකට උත්තරයක් දෙමු.ආමෙන් හලෙලූයා හලෙලූයා

      Delete
    2. බුද්ධ ධර්මයට විශේෂ ගෞරවයක් මං ටිකක් වැඩිපුර දන්න ආගම ඒක නිසා. 'උපතින් බෞද්ධයකු' වූ නිසා.

      Delete
    3. පැහැදිලි කිරීම ගැන ස්තුතියි.

      උත්ප්‍රාසය තමයි, බෞද්ධ මූලධර්මවාදීනුත් "ටිකක් වැඩිපුර දන්න, උපතින් බෞද්ධ" අය වීම!

      - Dimithri

      Delete
  3. මේ ලිපියේ ඇති කරුණු හැම එකක්ම වාගේ සත්‍ය බව මුලින්ම කිව යුතුය.සතුන් මැරීම වැනි කරුනකදී මෙවැනි විරෝධතා වල වංචනික බවක් ඇත.උදාහරනයක් ලෙස ගවයාට පමනක් දක්වන කරුණාව හිතා ගැනීමට බැරිය.

    ලියන්නා සෙසු ආගමික සංස්කෘති ගැන නොලියන්නේ ඒවා ගැන ලිව්වොත් හොද හෝටලේකින් කන්න වෙන නිසාය.ඒ ආගම් වල අය විහිලුවටවත් තම ආගම විවේචනය නොකරති .නමුත් මාක්ස්වාදය නමැති ආගමික භක්තිවාදය අදහන ඉහත ලිපිය ලියූ තැනත්තා වැනි අය වෙන ආගම් විවේචනය නොකර නිවට ඇම්බැට්ටයා දැක්කාම එලුවත් නිකට පාන සේ සිංහල බෞද්ධයාට අරින්නට සැරසෙයි

    ඒ කෙසේ වෙතත් පරස්පරතා ගැන යමක් කිව යුතුය.මේ පරස්පරතා නැතිව බුදුදහමට පැවතිය නොහැක.බෞද්ධයන් නියම විදියට බුදුදහම අදහන්නට ගියහොත් එය වසර කිහිපයකට වඩා නොපවතී.අන්‍යාගමිකයෝ මෙය දනිති.බෞද්ධයන්ට යුද්ධ කරන්න හොද නෑ නේදැයි අසන්නේ එබැවිනි

    කෙසේ නමුත් මේ ලිපියේ මෙන්ම ඇනෝනිමස් කොමෙන්ට් වලද වැදගත් දේ ඇත.
    අලි ඇතුන්ට හිංසා කිරීම මත්පැන් බීම ,උගුල් ඇටවීම ගැන කියන දේ ඇත්තය
    එසේම මෙරටට මරණ දඩුවම ගේන්න හදමින් රිසානාට මරණ දඩුවම දීමට එරෙහි වීම ආත්ම වංචාවකි.රිසානාට දඩුවම් දුන්නේ ඒරටේ නීතියට අනුවය

    බාලචන්ද්‍රන් ගේ මරණය පමනක් සාහසික මරණයක් වන කොට්න් විසින් කුඩා දරුවන් මරණ විට ඒවා සාධාරණීකරනය කරන සමාජයද ආත්ම වංචාව උපරිමයෙන් තිබෙන්නකි.කොටින් විසින් කළ අපරාධ අඩංගු ඡායාරූප ප්‍රදර්ශනයටද එන් ජී ඕ කාරයන් එරෙහි වූහ.එසේම ඒව කොටිම කළාද කියා දන්නේ කෙසේදැයි ඇසූහ.යටි හිතෙන් ඒවා ඔවුහු අනුමත කළහ

    බෞද්ධයාට වඩා වංචනික පරස්පරතා කතෝලිකයන් අත නැත.ඔවුන්ගේ බ්ලොග් අඩවි ඊට උදාහරන සපයයි.දාවිත් සාවුල් මැරූ අමලෙක් තරුණයන් දෙදෙනාට කී දෙයින් මා කථාව නවතමි.නුඹලාලේ මුඛයම නුඹලාට එරෙහිව සාක්ෂි දෙන්නාහ.මෙය අදට ගැලපෙන ලෙස නුඹලාගේ යතුරුපුවරුම නුඹලාට එරෙහිව සාක්ෂි දෙති

    ReplyDelete
  4. මට කියන්න තියෙන්මේ මේකා ආගම් නොඅදහන්නේ, හිතට එකගව ගෑණිට (ඉන්නවනම්) හොරා බඩු ගහන්න, ළමයි අපයෝජනයට, කුඩු බොන්න, හොරකම් කරන්න, අනුන්ට ගරහන්න (හැමදාම ඕක කරේ නැත්තං උගුරෙන් පහලට කෑම යන්නෙ නෑනේ), වගේ දේවල් කරගන්න පහසු නිසා. හිත නිදහස් නිසා.

    දැන් කියයි මේ කමෙන්ට් එක ලියපු මම ‍ආගමේ ඉදන්ම් ඕවා කරනවානේ කියලා, නැත්තං ආගම්වල එල්ලිලා ඉන්න එවුන්ම විතරයි ඕක කරන්නේ කියලා.

    ඒක ඉතිං එතුමා පැනලා යන්න කියන දේනේ. එයා ගැන කිව්වොත් මම උඩම කියලාතියෙන දේ තමා ඇත්ත.

    ReplyDelete
    Replies
    1. "මට කියන්න තියෙන්මේ මේකා ආගම් නොඅදහන්නේ, හිතට එකගව ගෑණිට (ඉන්නවනම්) හොරා බඩු ගහන්න, ළමයි අපයෝජනයට, කුඩු බොන්න, හොරකම් කරන්න, අනුන්ට ගරහන්න (හැමදාම ඕක කරේ නැත්තං උගුරෙන් පහලට කෑම යන්නෙ නෑනේ), වගේ දේවල් කරගන්න පහසු නිසා. හිත නිදහස් නිසා."

      ඉහත කොමෙන්ට් එක දාපු එකා ගේ මානසික තත්වේ උගේ අදහස්වලින්ම එළියට එනවා. නෙනෙක් ආගම් නොඅදහන්නේ එය ජරා වැඩ කරන්න හිත නිදහස් කරගන්න ඕනේ නිසාද? නැත්නම් උඹ උඹම නිදසුනක් අරගෙන කියන කතාවක්ද?.

      Delete
  5. Obata nam nivan labannama naha..monahari pinak karanna..sil ganna..

    ReplyDelete
    Replies
    1. Perahere yana alinta minis athmayak laba ganna ee pinama athwenwa.. mokada Aliyata mathkayak athi satheki miya yan mohothe karnduwa geniyana mohotha sihi path wuwoth thirisan athmidiamata eya boho upakareee wenwana....Gawayawa marala kanna epa kiyanne karlaguna dakwanna oi nisa gawaya kiri govithnata , goma wage apita bohoma sameepa satheki eenisa thmai gawamasa kanna epa kiyanne eewa wath danne natthanm ihitn kuma kathada

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. බොදු බල සේනා ගැනත් යමක් කීවෝත් හොඳය කියා සිතනවා. කාලීනව වැදගත් කර්ත්‍යවයන් කිහිපයක් ඔහුන් විසින් කළා. (බුද්ධ බාර් වැටලීම) එය අගය කිරීම ගැටලුවක් නොවේ. නමුත්, ඔවුන්ගේ මූලික අරමුණු කරැගෙන යන ගමන අනුමත කළ නොහැකියි.
    1) රටේ මිනිසුන් දැවෙනා ප්‍රශ්ණ තාවකාලිකව යටපත් කිරීම සහ ඒ වෙුවෙන් කිරීමට රජයට දායක වීම.
    2) රටේ තවත් වර්ගවාදයක් පෝෂණය කිරීම.
    3) ආගමට, සංස්කෘතියට පටහැනි වීම.
    ....
    මෙතනදී සත්‍ය වශයෙන්ම අපි බොදු බල සේනා වට ඇඟිලි දිගු කළද, මුස්ලිම් ජාතිකයන්ද ඊට දෙවෙනි නැහැ. ඔහුන්, අද ඊයේ සක්‍රීය තත්වයක් නොපෙන්වූවත්, මේ දක්වා ඉතා වංචනිකව සහ ක්‍රමිකව වර්ගවාදය වෙනුවෙන් බීජ වපුරා ඇත.

    පාලන බලවතුන්ද මොහුන්ගේ පිහිටාධාරයෙන් දවස ගෙවා ගන්නා බව අපිට පැහැදිලිය.
    ‘හක්කේ බුදුරැස්-බොක්කෙ දඩමස්‘ කියන පරිදි සමහර මිනිසුන් ගැන සැලකුවහොත් යථාර්ථය ද වන්නේ එයමයි.
    බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම් .... ආගම්වලට අවම වශයෙන් තම නිකායවල් භේදය පවා ඉවත් කළ නොහැකි විය.
    ආගම් අප සමාජයේ ඒ ඒ කාලවලදී සමාජයට කෑපී පෙනෙන යම් මෙහෙවරක් කරන ලදී. නමුත්, ඒවා මිනිසා විසින් බිහිකරගත් ඒවා මිසක, ඉබේ ජනිත වූවේ නැත. දෙවියන් විසින් මිනිසා මැව්වේ නැත. මිනිසා විසින් දෙවියන් මවන ලදී.

    ReplyDelete
    Replies
    1. //1) රටේ මිනිසුන් දැවෙනා ප්‍රශ්ණ තාවකාලිකව යටපත් කිරීම සහ ඒ වෙුවෙන් කිරීමට රජයට දායක වීම.// මේක ඉතින් පදනමක් නෑනෙ. මුස්ලිම් අන්තවාදය පතුරනකොට කර ඇරගෙන බඩු මිල ගැන කතා කරානම් ද හරි?

      රටේ දැවෙනා ප්‍රශ්න ‍ඔයාගෙ ඇසින් ඉදිරිපත් කරන්න?

      2,3.
      මුස්ලිම් අන්තවාදීන් අපේ ‍රටට කරන විපත කට ඇ‍ලරා කියන්න රටේ පිරිමි නැත්තං මේ ගැන කතා කරන්න දේශපාලකයන් චන්දෙනට විතරක් වැඩ නම් තමා මහණ වූ අරමුණත් පසෙක දමා මේ කර්තව්‍ය කරන්න සිදුවෙන්නෙ. [වෙන කවුද ඉන්නෙ?]

      ඔබ හොදාකාරවම දන්නවා මුස්ලිම් අන්තවාදයේ ඔවුන්ගේ ආගම් විසින් පෝෂණය කරන මිනීමරිමටම රුකුල් දෙන (කුරාණයෙන්ම) කල්ලිත් එම ආගම අදහන සියලු දෙනා ගෝත්‍රික මානසිකත්වයෙන් පිරි පිරිසක් බව. (සාක්ෂි තියෙනවානේ)

      එවන් බසුබිමක අපේ රටේ මේ ව්‍යවසනය වැලකීමටත් ඒ වෙනුවෙන් ප්‍රථි උත්තර දීමටත් ශත්කිමත් නායකත්වයක් අවශ්‍යයි? [වෙන කවුද ඉන්නෙ?]

      නැතිනම් නිවටුන් ලෙස ඔවුන් කියනා කියනා දෙය බයේ කිරීමටනේ සිදු වන්නෙ?

      ඒක මැඩලීමට අපේ තර්කය අපේ ජාතිය රැකගැනීමට ඒ හඩ අපේ ජනතාවට අතර‍ට ගෙනයාමට කෙනෙකු අවශ්‍ය නැත්ද? [වෙන කවුද ඉන්නෙ?]

      බොදු බල සේනවත් අනේක් බෞද්ධ සංවිධානත් කරන්නේ ඒකයි. [වෙන කවුද ඉන්නෙ?]

      අ‍ඩුම තරමේ කවදා‍ක හෝ ඔබ එම ස්වාමීන් වහන්සේ නමක් හමුවී වචනයක් වත් කතා කර තිබෙනවාද? එතුමන්ලා මේ නිසා පත්වී තිබෙන අපහසුතාව ගැන අහන්න? ඔවුන්ට එන අභූත චෝදනා ගැන කෑ ගහල කියන්න?

      Delete
    2. [වෙන කවුද ඉන්නේ?
      වෙන කවුද ඉන්නේ?
      වෙන කවුද ඉන්නේ?]

      ඇයි අර ආඩම්බරකාර අපුච්චලා නෑතෙයි?
      කොටියව පරසක්කල ගෑහුවා කියපු දේසප්‍රේ මී වීරයන්ට ඔකට නෑයකත්වය දෙන්න බෑරියෑ.අපරාදෙනෙ සාදුලා ටින්කිරි ගාගන්නේ.

      Delete
  9. අපි පොඩි කාලේ අම්මා අපිට බත් කවන්න ජීවිතේට දැකලා නැති බිල්ලෙක් ගැන කියලා බයකරලා අපිට බත් ටික කවනවා. සියළුම ආගම්ද කරන්නේ එයයි. ඔවුන් මෝඩ මිනිසුන් බය කරනවා පව් කියන බිල්ලෙක් ගැන කියලා, පව සාපේක්ෂයි. එහෙමනම් පලා මැල්ලුමක්වත් කන්න වෙන්නේ නෑ.. තව බය හිතෙන කතා ගොඩාක් කියනවා. එහම බය කරලා එයාලා අපි හම්බකරන එකෙන් කනවා... ආගම කියන්නෙ රස්සාවක්... වෙන මුකුත් නෙමෙයි.. මාක්ස්ගෙ දැක්ම හරියට හරි.. පැරා උනත් මේක ටිකක් සංවේදි නිසා.. බුද්ධාගමට පොඩි තල්ලිවක් දෙනවා. නැත්නම් සැදැහවත් බෞද්ධයෝ මස් නොකෑවට පැරාව මරාගෙන කනවා කියලා පැරා දන්නවා...

    ReplyDelete
    Replies
    1. This is better than the whole post

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. I agree comment, Mathalan.

      Delete
  10. ආගම් ගැන හිත හිත, ඒවායේ පරස්පරතා ගැන හොය හොය, ආගම් අදහන් අය ගැන විවේචනය කර කර කාලය නාස්ති කරන්න එපා.
    ඔබ (වෙන කවුරුවත් නොවේ ඔබ) දිනෙන් දින වයසට යෑම, ලෙඩවීම, මරණයට පත්වීම වලක්වන්න පුලුවන් ක්‍රමයක් ගැන හිතන්න/සොයන්න. (එහෙම එකක් අවශ්‍ය නෑ කියල හිතන අය අවංකවම කියන්න වයසට යනවට, ලෙඩ වෙනවට, මැරෙණවට කැමති ද කියල - ඇත්තටම කැමතියි නම් අවුලක් නෑ).මම අදහන බුදුදහම තුල ඉහත ගැටලු වලට පැහැදිලිව ම විසඳුම් තියෙනවා.
    -මේ ප්‍රතිචාරය හිතන්න විතරයි, වාදයකට නොවේ-

    ReplyDelete
    Replies
    1. ඒ මට කියපන්කෝ අර වයසට නොයා ඉන්න ක්‍රමෙයි ලෙඩ නොවී ඉන්න් ක්‍රමෙයි. මැරෙණ එකනම් ෂුවර්නේ.....

      Delete
    2. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන්න.මරණයත් වලක්වන්න පුලුවන්
      (මරණය වලක්වනවා කියන්නේ ඉපදීමත් වලක්වනවා කියන එකයි)

      Delete
  11. බුදු පිලිමවල සිරස කුලුගෙඩිවලින් සුනුවිසුන කරලා නිදන් හාරනකොට
    පන්සල් වලට පෑනලා ස්වාමීන්වහන්සේලා අපවත් කරනකොට
    නෑගෙනහිර තම්බියො බොදු උරුමය ඩෝසර් කරනකොට පෑස්බරා වෑල්ලෙ ඔලුව හගගත්තා වගේ ඉන්න, ඔය පිස්සුබලු සේනා කරන්නේ රගපෑමක් කියන ඵක මොලේ කලදක් හරි තියන ඔන ඵකෙකුට තේරෙනවා.
    හකීම්ලා ඵක්ක ඵක කෑබිනට්ටුවේ ලෑගලෑග රජසෑප විදින,හෑබෑයි මෝඩ උපාසක අම්මලා රවට්ටන්න බොරුවට තම්බින්ට බනින චම්පිකලාගේ රෑ දෑනියෙල් දවල් මිගෙල් පාට් ඵකෙන් බොදුබලසේනා පාට්ඵක පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නෑ.
    මේකෙන් වෙන්නේ වේදිකාවේ බොදුබලසේනා බොරුවට නටන ඵකත් අපේ ගොන් හෑත්ත විසිල් ගගහා ඵක දිහා බලාගෙන ඉන්න ඵකත් මුස්ලිම් අන්තවාදය වේදිකාව පිටිපස්සේ තව තවත් ශක්තිමත් වේන ඵකත් විතරයි.

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. මේ ලිපිය ලියන්නගෙන් කවුරුත් ඇහුවේ නෑනේ එයා ආගමක් අදහන්නැත්තේ ඇයි කියලා ! බලෙන් දෙන්න එනවා...ඔය මාක්ස්ව ඔළුවේ තියන් ඉන්න (බොරුවට නෑයි කියන) හනමිටි අදහස් තියන නාකි "මාක්ස් වාදී කාරයො" ඔහොම්ම තමයි !

    ReplyDelete
  14. බොහොම හොඳ ලිපියක්..මද්යස්තව හිතන මනුස්සයෙක් විදිහට ඔබට සුභ පතනවා..

    ReplyDelete
  15. බොදු බල සේනාව නිවැරදියි. ගව ඝාතනය සහ මාංශ වෙළඳාම සමග අඩුවැඩි වශයෙන් කෙලින්ම සම්බන්ධ වෙලා ඉන්නේ මුස්ලිම් සහ සිංහල කතෝලිකයන් පමණයි. මේ ව්‍යාපාරය වර්ධනය කිරීමෙන් වෙන්නේ ගම වල සිටින ගවයන් හොරකම් වැඩිවීම විතරයි. ගවයන් මැරීම වෙනුවට ඇයි ගව මස් ආනයනය කරන්න බැරි?

    ReplyDelete
    Replies
    1. එතකොට කොහොමද බං හලාල් වෙන්නේ?????

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා