මං ආගම් නොඅදහන්නේ ඇයි?
බෞද්ධ මූලධර්මවාදී බොදු බල සේනාව කොළඹට ගවමස් බෙදාහරින දෙමටගොඩ ගව ඝාතනාගාරය නීති විරෝධී අන්දමින් වැටලුවේය. එහෙත්, ඔවුන් බලාපොරොත්තු වූ කිසියම් දෙයක් සොයාගන්නට බැරි වූයෙන් මස් කුණු වන බව කියමින් ආපසු ගියහ. මස් කියන්නේ ලාංකීය සමාජය මෙන්ම කුණු වෙමින්පවතින දෙයක් තමාය. කොළඹ නගර සීමාව තුළ දැන් හරකුන් මරන්නේ නැති බව හා දෙමටගොඩදී සිදුවන්නේ මරා ගෙන එනු ලබන මස් කොළඹට බෙදීම බවද කොළඹ නගර සභාව පවසයි. එතකොට මේ ඝාතනගාර තිබෙන්නේ කොහිද? ඝාතනාගාර කොහි තිබුණත්, ඒවාට හරකුන් ලැබෙන්නේ කොහෙන්ද? අප දන්නා තරමින් ලංකාවේ වැඩියෙන්ම හරකුන් ඇති කරන්නේ සිංහල බෞද්ධයෝය. හරකුන්ය කියා මෙහි කියන්නේ ඇත්තම කකුල් හතරේ සතුන්ටය. මේ හරක් වයසට ගොස් මරණයට පත් වී භූමදානය කරන අවස්ථානම් අති විරලය. එහෙම අවස්ථා තිබෙනවානම් පත්තරවලට පුවත් වන තරම් සුවිශේෂය. මේ ළඟදී දිනෙක මට හමු වූ සමෘද්ධි ආධාරවලින් කුඩා ගොවිපළක් පවත්වාගෙන යන එක් සිංහල බෞද්ධ දිරිය ගොවි මහතෙකු සමග කතා කරද්දී ඔහු සිය ගොවිපළේ කළුකුමන් සිටින බවටද අවශ්‍යනම් කිලෝව රු 500 ගණනේ දෙන බවද කීවේය. "හැබැයි මහත්තයෝ මරලානම් දෙන්න බැහැ. අපේ දුව කැමති නැහැ. ගෙදර ඇත...