මස්මඩු ජාතිවාදය මැදින් ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීම

රාජපක්ෂ පවුල් පාලනය විසින් ලංකාව ලෝකයෙන් හුදකලා කරමින් තිබේ. එසේම රට අභ්‍යන්තරය ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය, පුරුෂෝත්තමවාදය ආදී සකලවිධ පසුගාමිත්වයන් තුළ කුණු වන තත්වයට පත් කරමින් තිබේ.

ජාතිවාදය හැමදාමත් බලයට කෑදර අවස්ථාවාදීන් අත සුරුවමකි. විශේෂයෙන්ම පහළ පංතික උන්නතිකාමීන් බලය සඳහා කෙටි මගක් ලෙස මහත් අභිරුචියෙන් යුතුව ජාතිවාදය වපුරති. ජාතික හෙළ උරුමය හා ජවිපෙ මේ සඳහා කදිම නිදසුන් වේ. එහෙත්, ඔවුන් කපන ජාතිවාදී ළිංවලින් නාන්නේ ප්‍රභූ අවස්ථාවාදීහුය. රාජපක්ෂ පවුල මේ සඳහා නිදසුනකි. ජාතිවාදයේදී ප්‍රභූ පංතික කොටස් පහළ පංතිකයන් තරම් එඩිතර නැති වුණත්, ආන්තික ක්‍රියාමාර්ගවලින් ප්‍රයෝජන ගැනීමට පසුබට වන්නේ නැත. නිදසුනක් ලෙස ප්‍රභූ පංතිකයෝ මසමඩු පරීක්ෂාකිරීම වැනි ගොන් වැඩ නොකරති. එහෙත් වැඩේ නැගලා ගියොත් එයින් වාසි ගනිති.

සුළුතර ජාතිවාදීහුද මහ ජාතියේ පීඩනයට සුළුතර ජාතිවාදයෙන් පිළිතුරු සොයන්නට යති. එහිදීද වඩාත් ජාතිවාදී වන්නේ පහළ පංතික කොටස්ය. කොටි සංවිධානය නිදසුනකි.

මහ ජාතිවාදයත්, සුළුතර ජාතිවාදයත් අතර ඇත්තේ අපූරු සම්බන්ධයකි. මේ දෙක නිරතුරු එකිනෙකාගෙන් පෝෂණය වෙති. මතුපිටින් උග්‍ර ලෙසඑකිනෙකාට විරුද්ධ බව පෙන්නුවද මොවුහු කිසි දිනෙක තම සතුරා විනාශ කිරීම සඳහා කටයුතු නොකරති. උදාහරණ ලෙස කොටි සංවිධානය කිසි දිනෙක සිංහල ජාතිවාදීන්ගේ මයිල් ගසකටවත් හානියක් කර නැත. එසේම සිංහල ජාතිවාදීහුද දෙමළ හෝ මුස්ලිම් අහිංසකයන්ට මිස සැබෑ ජාතිවාදීන්ට කිසිවිටෙක පහර දී නැත.

මේ ජාතිවාදීන් දෙකොටසේම ප්‍රහාරයට ලක් වී තිබෙන කොටසක් වන්නේ ෆෙඩරල්වාදීන් ලෙස ප්‍රකට, ජාතික සමානාත්මතාව ගොඩනැඟීම සඳහා බලය බෙදාගැනීමට පක්ෂ, ප්‍රජාතන්ත්‍රවාදීහුය.

සමාජවාදීන් ලෙස පෙනී සිටින, සියල්ලට විසඳුම ලෙස තමන්වත් නොදන්නා සමාජවාදය නම් සූත්‍රයක් ජප කරන දෙමළ හා සිංහල වාම අන්තවාදීන්ද බොහෝවිට කර තිබෙන්නේ ජාතිවාදයට සේවය කිරීමයි. මේ සඳහා ඔවුහු පීඩිතයන්ට ජාතික ප්‍රශ්නයට වඩා පංති අරගලය ප්‍රමුඛය යන සූත්‍රයක් ගෙන එති. එහෙත් ධනවාදය විසින් සංකීර්ණ කර ඇති පංති ව්‍යූහය විග්‍රහ කරගන්නටවත් න්‍යායික මෙවලම් ඔවුන් සතුව නැත.

මේ වනාහි ඇස් පනා පිට පෙනි, පෙනී අරගල කරන පීඩිතයන් නොපෙනෙන ලෙස සිටිමින් පීඩිතයන් පරිකල්පනය කිරීමට උත්සාහ කිරීමකි.

සමාජවාදය යනු සදා නිම කළ දෙයක් නොව අරගලයක් බව අපි පුන පුනා කියමු. සමානාත්මතාව, ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස වෙනුවෙන් කරන අරගලය අද දවසේ අප දන්නා සමාජවාදයයි. ඔබට අවශ්‍ය නම් එයට වෙන නමක් යෝජනා කළ හැකිය.

වඩා සංයුක්තව කිවහොත්, අද අප සටන් කළ යුතුව තිබෙන්නේ සමානාත්මතාව තහවුරු කරන සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණයක් වෙනුවෙනි. තවත් සරළව කිවහොත් ඒකාධිපති පවුල පරදවා ජනතාව අතර බලය බෙදාගැනීමක් වෙනුවෙනි. අපට උචිත දේශපාලන ව්‍යුහය අප ගොඩනඟාගත යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවක් ඔස්සේය. 

ඒ සංවාදයේදී ජාතීන්ගේ ඉල්ලීම් ඉතා වැදගත්ය. මන්ද, ජාතිය සෙසු අනන්‍යතාවන් අභිභවමින් ඉස්මතු වී ඇති බැවිනි. ජාතික අනන්‍යතාවන් රැකගත යුතුය යන අදහසක් එයින් ඇති වන්නේ නැත. එහෙත් වඩා පුළුල් අනන්‍යතා නිර්මානය කරගන්නට නම් තිබෙන අනන්‍යතාවලට නියමිත ගරුත්වය පිරිනැමිය යුතුය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. Ane ogollanta muslimla vanuven kathakarannathuwa innama barida? sulu jaathikayanva lankaven pannala daanna one kiyala obala danne nedda? mama nam muslim gabini kaanthavak bus ekata neggoth seat eka dennama naha. Api monatada egollange paramparaava vardanaya venna udav karanna one? mama deshapalanayata aavoth un okkoma marala daanava.

    ReplyDelete
    Replies
    1. ලක්ෂාන් එළකිරි කොල්ලෙක්! ඔහොම යමු. උන් ඔක්කොම මරල දාමු. තෙරුවන් සරණය්! මේ බුදුන්ගේ දේශයය්!!

      Delete
    2. Thank you Ano! Api ekathuvela me rata godanagamu !

      Delete
    3. Umba nam misa dutu gon harakek, elawannda ona umba wage buruwoi, umba eunga ipadinne lankawe awasanawata

      Delete
  2. ජනතාවට බලේ දීලා නේන්නම් මේ කෙළවෙලා තියෙන්නේ. නැති ජාතිවාදයක් මේ රටේ ඇති කළේ කවුරුන්ද...? අද පවතින්නේ එහි දිගුවක් නොවේද....? මහා දාර්ශණකයින්, කළාකරුවන් හා උගතුන් (ලංකාවේ බුද්ධිමතුන් නැත.) ශුක්‍රාණු අනුභව කල රිලවුන් සේ සිටින්නේ. ඒ කුලකයේ සමාජිකයින් නිසා නොවේද...? මෙයට පිළියම ඔබ සඳහන් කරනා ක්‍රමය නොවේ. ඉහල සමාජය නියෝජනය කරනා වඩා ලිබරල් හමුදාවකි...

    ReplyDelete
    Replies
    1. //ඉහල සමාජය නියෝජනය කරනා වඩා ලිබරල් හමුදාවකි.//

      ඔයාගෙ මාර තියරි තමයි මාතලන්..... ඔයා මේ රටේ අගමැති කරල RPSව සෞඛ්‍ය ඇමති කරන්න ඕනි....

      Delete
    2. මාතලන් ගේ මතයේ පළල් අර්ථය හා එකඟ වෙමි. නමුත් ලිබරල් හමුදාවකි කියන දෙය නිරවුල් නැත.
      ඉහල සමාජය නියෝජනය කෙරෙන පන්තියට උරුම ශිෂ්ඨ සංස්කෘතියෙන් රටේ දේශපාලනය නැවත සොයාගත යුතුය හැඩගසා ගත යුතුය. මෙය හමුදාමය ලිබරල් මිලිෂියාවක් විය යුතුයැයි මාතලන් අදහස් කරනවාදැයි නොතේරේ.
      දැන් ලංකාවේ අධිපති මතවාදය වී ඇත්තේ හන්දියේ චූටි මල්ලිගේ නැත්නම් රත්තරං මල්ලිගේ මතයයි. මේ මත රට මෙහෙයවන කොඳු නාරටි ආකල්පය වූ විට ඒ රට හරියටම ලංකාව වැනිය. මෙය හරියටම පොල් අඩි ගහන සනත් ජයසුරිය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූ විට ඇතිවූ තත්වයට සමාන අත්දැකීමකි. මා කියන්නේ සනත් වැනි පොල් අඩි ගහන අය අවශ්‍යයි තමයි නමුත් නායකත්වයට හරි යන්නේ නෑ ඒකට ඕනෑ ඉංග්‍රීසි කතා කරන කොළඹ වැදගත් පවුලක ශිෂ්ඨ සංස්කෘතිය දන්නා වැදගත් මහත්මයෙක්. දැන් ලංකාවට වී ඇත්තේ මෙයයි. පොල් අඩි ගහන අය හයේ පාරවල් ගසා අපිට විනෝදය සපයන නිසා අපි ඒ අය නායකයන්ද කරගෙන ඇත. ඉතින් විනෝද වෙමු.

      Delete
    3. ටීම් එකක් එහෙම නැත්නම් කන්ඩායමක් කිව්වාම ගතියක් නෑ.. රනිල් කියලා තියෙන්නේ ගරිල්ලා ගේමක් දෙන්න ඕනෑයි කියලා.. ඒකයි මමත් හමුදාවක් කියලා ලිව්වේ.. ඒක දැනෙනවා.. උඹට උනත් ඒක ප්‍රශ්ණයක් උනේ ඒ නිසානේ.. නැතුව අවි බලයෙන් කියන් එක නෙමෙයි... බැලට් එකෙන්... බුලට් එකෙන් නෙමෙයි.. ඒත් රනිල් වගේ ටොපියක් කටේ දාගෙන කතාකරලා හරියන්නෙ නෑ.. බ්‍රේන් වොෂ් කරන්න පුළුවන් විමලෙ, චම්පික වගේ සැට් එකක් අත්‍යාවශ්‍යයි... මම මේ ගැන ළිපියක් ළියන්න ඉන්නේ..

      Delete
  3. lakshman, oya gon haraka, hodai ape siyage karaththeta

    ReplyDelete
  4. නියමෙට ලියල තියනවා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා