Posts

Showing posts with the label දිමිත්‍රි

වික්‍රමබාහුලා, භාෂණලා, දීප්තිලා කියන්නේ විවේචනය කරන්න බැරි දෙවිවරු ද දිමිත්‍රි?

Image
විවේචනය දරා ගැනීමට නොහැකිකම ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේමත් වාමාංශිකයන්ගේ මූලික ලක්ෂණයකි.  එසේම, සත්‍ය ස්වයං විවේචනය යනු ද වාමාංශික නයින්ට අඳුකොළ වැනි දෙයකි. වාමාංශිකයන් හැම විට ම උත්සාහ ගන්නේ ප්‍රබන්ධ වීරත්වයන් මත පවතින්නට ය. මේ ඒ සඳහා උදාහරණයකි. "(වික්‍රමබාහු) යුධ විරෝධී ස්ථාවරය යුද්ධ කාලෙදිමත් නිර්භයව ප්‍රකාශ කල කීපදෙනාගෙන් කෙනෙක්. (එහෙම කලේ රෝහිත භාශන, ගම්ලත්, x/දීප්ති සහ සමාජවාදී සමානතා පක්ශය ඇතුලු තව කීප දෙනෙක් පමනයි.)" -දිමිත්‍රි දැන් මේ කීපදෙනා අතරට ඔහු එකතු නො කරන නමක් තමයි, මගේ නම. ඒත්, රෝහිත භාෂණ ඔය නිර්භීතව අදහස් ප්‍රකාශ කළ පත්තරේ ඒ යුගයේ කතුකම කළේ මම. රට හැර ගොස් නිහඬව සිටින නිසා රෝහිත භාෂණ අද බොහෝ දෙනෙකුට වීරයෙක් වෙලා. පසුගිය ජනරළ සම්මන්ත්‍රණයේදී ජනරංජනගේ කතාවෙනුත් මේ අදහස කියැවුණා. ඒත්, මේ කට්ටිය රට හැර ගියේ ඔය කියන තර්ජන නිසා ම ද? මංජුල වෙඩිවර්ධනට ලංකාවට එන්න බැරි ඔහු ලියපු කවි නිසා ද? එහෙනම් ඔහුට මෙහේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබෙන්නේ කොහොම ද? සියත පත්තරේ පිටු ටික පාස් කර ගන්නට රජගෙදරට අරන් ගියේ මේ මංජුල නෙමෙයි ද? මේ අය දැරූ ස්ථාවරය යුද විරෝධී ...

හඳගමගේ හොලිවුඩ් ත්‍රිලර්එක හා දිමිත්‍රි‍‍ගේ කොලිවුඩ් කමෙන්ට්එක

Image
දෙමළ ජාතික විමුක්ති අරගලය දෙමළ ජාතිවාදයෙන් වෙන් කරගන්න බැරිවුණ එක ලංකාවේ වාමාංශිකයන් අතින් වුණ බරපතල වරදක්. සිංහල ජාතිවාදී මහා ආඛ්‍යානය තුළ දෙමළ විරෝධය මුල්බැසගෙන තිබෙන්නා වගේම දෙමළ ජාතික විමුක්ති අරගලය තුළත් ජාතිවාදය මහා ආඛ්‍යානයක්. රොමැන්තික අනුරාගය විසින් සිංහල වාමාංශිකයන්ගේ දෑස් මේ කරුණ ඉදිරියේ අන්ධ කළා. පුදුවෛ රත්නදුරෛ වගේ මාඕවාදී රොමැන්තික කවියන් කෙසේ වෙතත් ඊරෝස් සංවිධානයේ සිට කොටි සංවිධානයට එක්වූ බාලකුමාර් වැනි දෙමළ වාමාංශිකයන් ට වෙනස් උපායමාර්ගයක් තිබුණා කියා අනුමාන කරන්න පුළුවන්. ඒත්, කෙතරම් උපාශීලීව කටයුතු කළත්, ඔවුන්ටවත් මේ දෙමළ ජාතිවාදී මහා ආඛ්‍යානය වෙනස් කරන්න බැරිවුණා. සමහරවිට, එයට හේතුව අරගලයේ පදනමම එය වූ නිසා වෙන්න ඇති. දෙමළ වාමාංශිකයන් දෙමළ ජාතිවාදය හමුවේ මුහුණදීපු අර්බුදයට සිංහල වාමාංශිකයන් මුහුණ දුන්නේ නැහැ. ඔවුන්ට මෙය හඳුනාගන්න පුළුවන්කම තිබුණා, රොමැන්තිකවාදී අනුරාගයෙන් මිදී යථාර්ථවාදී වුණානනම්. මේ රොමැන්තිකවාදී අනුරාගයත් හරියට වාමාංශික ව්‍යාපාරයේ මහා ආඛ්‍යානයක් වගේ. සමාජවාදය සඳහා නොනිමි (සන්තත - continuous) අරගලයේ එක් වගකීමක් තමයි මේවාට එරෙහිව සටන් කිරීම. කොහොම...

අපට මොකද අපි අට සිල් උපාසක - ඉබ්බන්නේ පුච්චන්නේ අනෙක් පිට (රාමචන්ද්‍රට, දිමිත්‍රිට හා තවත් අයට පිළිතුරු)

(2011 මාර්තු 24,   W3Lanka )  එක් දිනක් උපාසකයෙක් සිල් පවාරණ වී ගෙදර යන කල ඉබ්බකු අල්ලා ඌ මැරීමට වලි කන කොල්ලන් පිරිසක් දුටුවේ ය. කොල්ලෝ ලිග්ගල් තුනක් තබා ඉබ්බා උඩුකුරු අතට තබා පුළුස්සන්නට සැරසෙනු දුටු උපාසක ඉහත මාතෘකාවේ ඇති කවි දෙපදය කීවේ ය.  අප එය ලියුවේ මෙරට වාමාංශිකයන්ගේ හැසිරීම පිළිබඳ යම් විග්‍රහයක් කිරීමටයි. අප හොඳින් දන්නා පරිදි 2005ජනාධිපතිවරණයේදී වාමාංශිකයෝ හැසිරුණේ මේ අන්දමටයි. කොටි සංවිධානයේ මැතිවරණ වර්ජනය හමුවේ ශ්‍රීලනිප, ජවිපෙ, හෙළ උරුම සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජය ගන්නා බව හා එහි අනතුරුදායකකම පෙනි පෙනී වාමාංශිකයෝ  කිසිත් නො කර අවසාන මොහොතේ හෝ කො‍ටි සිය මැතිවරණ වර්ජනය අතහැර දමනු ඇතැයි අප්‍රසිද්ධියේ සිහින දකිමින් උන් හ. 2005දී මහින්ද රාජපක්ෂ ජය ගත්තේ ය. ඔහු සැබැවින් ම ලාංකීය ඉතිහාසයේ සුසමාදර්ශීය වෙනසක් කළේ ය. නිදසුනක් ලෙස ජාතීන්ගේ ප්‍රශ්නය සියවසක් පිටුපසට ගෙන ගියේ ය. දැන් සුළු ජාතීන් නැවතත් ඉන්නේ ජාතික සමානාත්මතාව දිනා ගැනීම සඳහා කළ යුත්තේ කුමක්දැයි සිතා ගන්නට බැරි තැනක ය.  රනිල් වික්‍රමසිංහගේ 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැනි නව ලිබර...