සරෝජා, මහින්ද (චන්ද්‍රසේකර), දීපිකා, රත්තරං, රෝහිත භාෂණ හා ජාතීන්ගේ ප්රශ්නය
මහින්ද චන්ද්‍රසේකර 'මාතොටින් එන උතුරු සුළඟේ - ගිනි සිඹින මඩු පල්ලියේ - දෑස් අග නෙතු කඳුළු රන්දන සරෝජා මගෙ දෝනියේ' ගීය රචනා කළ සමයේ ඔහු ජාතිවාදයට විරුද්ධ ස්ථාවරයක් දැරුවෙකි. කලක් හේ ජයතිලක බංඩාර සමග 'සාදුජනරාව' සංගීතමය සාම වැඩසටහන කරගෙන ගියේය. 1994දී චන්ද්‍රිකාගේ බලයට පැමිණීම බොහෝ ශුද්ධ වූ දේ කෙළෙසීමේ ආරම්භය වූ අතර 2009දී මහින්ද රාජපක්ෂ දෙමළ අරගලය ලෙයින් යකඩින් මර්දනය කරනවිට මහින්ද චන්ද්‍රසේකර මෙන්ම රජරටින් බිහිවූ තවත් රැඩිකල් කලාකරුවන් වන කරුණාරත්න දිවුල්ගනේ වැනි අයද මහින්ද පසුපසින් වැටී සිටියහ. ඔවුන්ගේ හදවත්වල කෙසේ වෙතත් දෑත්වලනම් දෙමළ ලේ තැවරී ඇතැයි මට සිතේ. ( ම ේ පරපු ර ේ අය අතරින ් සුවි ශ ේ ෂ මිනිසා ජයති ලක බංඩාර බව ග ෞරව යෙන් යුතුව සටහන් කරමු .) කෙසේවෙතත්, මහින්ද චන්ද්‍රසේකර සොඳුරු මිනිසෙකි. මහඟු මිතුරෙකි. වරක් මෙම සටහන තබන ලේඛකයා ස්ථානමාරුවක් නිසා අතිශය දුෂ්කර තත්වයක සිටියදී මහින්ද ඔහුගේ මිතුරකු මගින් එම ගැටලුව විසඳා දුන්නේ උණුසුම් මිත්‍රශීලී හැඟීමකිනි. එදා ඔහු මා සමග අනුරාධපුරයේ රාජ්‍ය නිලධාරියකුගේ නිවසට යන්නට පැමිණියේ ඔහුට කිසියම් ගුවන්විදුලි වැඩසටහනකට ...