Posts

Showing posts with the label පාර්ලිමේන්තුව

ඔබත් පාර්ලිමේන්තු සිහිවටනයක් මිළදීගන්න

Image
ලංකාවට එන විදේශ සංචාරකයන්ට සිහිවටනයක්‌ ලෙස විකිණීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ ආකෘතියක්‌ ඇමැති ඩග්ලස්‌ දේවානන්දාගේ උපදෙසින් නිර්මාණය කර තිබෙන බව අද දිවයින පුවත්පතේ දැක්වේ. ලංකාවට එන විදේශ සංචාරකයන් මේ දැවැන්ත සිහිවටනය රැගෙන යනු ඇතැයි දේවානන්දා බලාපොරොත්තු වනු ඇත. මේ සිහිවටනය නිකම් විකිණෙන්නේ නැ. එය අලෙවි කළ යුතුය. ඒ සඳහා ලංකාවේ පාර්ලිමේන්තුවේ ඇති වැදගත්කම පැහැදිලි කර දිය යුතුය. දේවානන්දා වැනි ත්‍රස්තවාදීන් අවි අත දරාගෙනම ඡන්ද විස්සෙන් තිහෙන් තේරී පත් වී දිගු ගමනක් පැමිණි පාර්ලිමේන්තුව මෙයයි. ලංකාවේ කළු සල්ලිවලින් සුදු වූ රෙදි ඇඳගත් ලජ්ජා රහිතම මිනිසුන් සිටින තැන මෙයයි. ජනතාව බලවත්ම පල් හොරුන්, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, මහජන දේපල සොරකම් කරන්නන් ආදීන් තෝරා පත් කර එවන ස්ථානය මෙයයි.  මෙහි නි ය ෝජිතයකු වීමට මුවාවී මහජන මුදලින් අසීමිත සැප සම්පත් විඳින මිනිසුන් සිටින පාර්ලි ම ේන්තුව මෙයි.  මේ ලැයිස්තුවට ඔබේ අදහසුත් එක්කරන්න. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

අරුන්දික ප්‍රනාන්දු සහ පුත්තලම් බූරුවෝ / Sri Lanka MP Arundika Fernando and Puttlam donkeys

Image
පුත්තලම කලක් පුත්තලම් බූරුවන්ට ප්‍රසිද්ධ වී තිබිණි. අරුන්දික ප්‍රනාන්දු වනාහි පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි. ඔහු දිවයින පුවත්පතට මෙසේ කියා ඇත. පාලිත රංගේ බණ්‌ඩාර මන්ත්‍රීතුමා රජයට වගේම ජනාධිපතිතුමා ඇතුළු අපටත් බොරු චෝදනා එල්ලකරමින් මඩ ගැහුවා. ඒ විදිහට කතා කරන්න එපා කියලා අපි ඔහුට කිව්වා. ඒත් ඇහුවේ නැහැ. ලොබිය තුළදී මා ඔහුගේ කම්මුලට පහරවල් දෙක තුනක්‌ එල්ල කළා යෑයි පුත්තලම් දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා "දිවයින" ට ඊයේ (19 දා) ප්‍රකාශ කළේය. ඊට පස්‌සේ ඔහු මට පහර දෙන්න ආවා. ඒත් ඒවා වැළකී ගියා. සිද්ධිය දිවයින පුවත්පතේ විස්තර කර ඇති ආකාරය මෙසේ ය. ආරක්‌ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී පාලිත රංගේ බණ්‌ඩාර මන්ත්‍රීවරයා පැයකට ආසන්න කාලයක්‌ ආරක්‌ෂක හමුදාව සහ පොලිසිය ගැනත්. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ගැනත් කතා කළේය. මේ අවස්‌ථාවේදී ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු රංගේ බණ්‌ඩාර මහතාට දිගින් දිගටම බාධා කළ අතර සිය කතාව අවසන් කළ බණ්‌ඩාර මහතා සභාවෙන් පිටව යැමට දොරටුව වෙත ගියේය. ඒ සමඟම අරුන්දික ප්‍රනාන්දු මහතාද එදෙසට වේගයෙන් දි...

මහජනයා භීෂණයට පත් කර පන්නා දමා පාර්ලිමේන්තු නියෝජිතයන් ගණන අඩු කිරීමේ විසඳුම

Image
(2011 අගෝස්තු 01   W3Lanka )  යාපනයේ උදයන් පුවත්පත් කාර්යාලයට නුදුරේදී මෝටර් සයිකලයකින් පැමිණි මුහුණු ආවර්ණය කරන ලද පිරිසක් විසින් පහර දෙනු ලැබූ උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ තවමත් රෝහලේ ය. පහර දීම ගැන පරීක්ෂණ පවත්වන්නැයි ජනාධිපතිතුමා පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්ට උප‍දෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය උපදේශක බන්දුල ජයසේකර පවසයි. මෙවැනි සිද්ධියක් වුණා ම පරීක්ෂණ පවත්වන්නැයි ජනාධිපති පොලිසියට උපදෙස් දෙන්නේ කුමට ද? පොලිසිය අනිවාර්යයෙන් ම ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු නො වේ ද? වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු නො වේ ද? එසේ නො කරන්නේ නම්, මේ රටේ මහජන මුදලින් පොලිසියක් නඩත්තු කරන්නේ තුමට ද?  එහෙත්, යාපනයේ එහෙම නැති වීම එයට හේතුව වන්නට පුළුවන. යාපනයේ අපරාධ කරන්නෝ පොලිසියට වඩා ශක්තිමත් පිරිසකි. එහෙත් එම අර්ධද්වීපය ම හමුදා බලකොටුවකි. මීට පෙර ද දෙමළ ජාතික සන්ධානයේ පළාත් පාලන මැතිවරණ රැස්වීමකට හමුදාව බවට සැක කරන පිරිසක් පහර දුන් විට ද පරීක්ෂණ පවත්වන බව හා වැරදිකරුවන්ට දඬුවම් කරන බව ලොකු කටවලින් කියැවිණි. එහෙත් කිසිවෙක් මේ කතා සීරියස් ගන්නේ නැත. ඒ නිසා ඒ පරීක්ෂණවල ප්‍රතිඵල...

මැති ඇමතිකම් වෙනුවෙන් අම්මා වුණත් විකුණන සමයක ජවිපෙ ප්‍රතිපත්තිගරුකකම

Image
(2011 ජනවාරි 23,  W3Lanka )   ඇමතිකමක්, මන්ත්‍රීකමක් වෙනුවෙන් සමාජ ක්‍රියාකාරිකයකු ලෙස, වෘත්තිකයකු ලෙස, විද්‍යාර්ථියකු ලෙස, කලාකරුවකු ලෙස හෝ හොඳ මිනිසකු ලෙස දීර්ඝ කාලයක් තිස්සේ අමාරුවෙන් ගොඩනඟා ගත් කීර්තිය කැප කරන්නට බුද්ධිමත් මිනිසුන් පවා පොළඹවනසුළු ධනයක් හා බලයක් පර්ලිමේන්තු මන්ත්‍රීකමක, ඇමතිකමක තිබේ. එසේ ම, එය වනාහි මහජන මුදලින් ධනවත් වීමේ හා සුර සැප විඳීමේ ද, ඒ දහ ජරා වැඩේ කරන ගමන් ම ඒ වෙනුවෙන් බදු බරට කර ගසා සිටින මිනිසුන්ගේ වන්දනාවට පාග්‍ර වීමට ද හැකි මාර්ගයකි. එහෙයින්, අද කාලයේ ලංකාවේ මිනිස්සු පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් වෙනුවෙන් අම්මා වුණත් විකිණීමට සූදානම් ය. ජනතා විමුක්ති පෙරමුණේ ලක්ෂ්මන් නිපුණආරච්චි කොළඹ දිස්ත්‍රික් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු හමුදාපති හා පරාජිත ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා යුද අධිකරණයක් විසින් සිරගත කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයේ දිවුරුම් නො දී එය අහිමි කර ගන්නේ මෙම සංදර්භය තුළ ය. අද කාලයේ සිදු වන හැටියට ප්‍රතිපත්ති පාවා දී මොකක් හෝ බොරු තර්කයක් මවා පා මේ මන්ත්‍රීකමේ දිවුරුම් දී ආණ්ඩුවට හේත්තු වී...

ගණපූරණය නැති පාර්ලිමේන්තුවට කරන වියදම කිරි නිෂ්පාදනය නංවන්න වෙන් කළා නම් නරකද?

Image
( 2010 ඔක්තෝබර් 08,  W3Lanka )   පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට මහජන මුදලින් වැටුප්, දීමනා හා තවත් වරප්‍රසාද රැසක් ලබා දෙන්නේ පාර්ලිමේන්තුවේ සිට මහජනයා නියෝජනය කරන්නටයි. එහෙත්, ඔවුන් පාර්ලිමේන්තු යාම හැර වෙනත් බොහෝ දේ නම් කරන බව පෙනේ. ඔක්තෝබර් 09දා ප.ව. 2.40ට පමණ පාර්ලිමේන්තුව කල් තබන්නට සිදු වන්නේ පාර්ලිමේන්තුවේ ගණපූරණය නැති නිසා ය. ගණපූරණය සඳහා සභා ගැබෙහි මන්ත්‍රීන් 20ක් සිටිය යුතු මුත්, සිටියේ 18ක් පමණි.  ලජ්ජා නැතිව සභාවේ ගණපූරණය නැති බව පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ  තුනෙන්  දෙකක බලයක් හිමි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ය.  ඇතැම් විට මෙය ආණ්ඩුව දුන් ගේමක් වන්නට ද ඉඩ ඇත. මන්ද, ඒ වෙලාවේ විවාද කෙරෙමින් තිබුණේ ජනාධිපති හා අගමැති ඇමති පදවි නො දැරිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක ගෙන ආ යෝජනාවකි.  මෙවැනි කාරණාවක් සම්බන්ධයෙන් විවාද කරන්නට පවා ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු බිය බව පෙනේ.  මෙම විවාදය පවත්වාගෙන යාමේ උවමනාවක් විපක්ෂ මන්ත්‍රීන්ටවත් තිබුණු බවක් නො පෙනේ.  තත්වය...

එජාප, එජනිස ජාතික ලැයිස්තු ‍ගේම් මෙන්න | Conspiracies in national list MP appointments of Sri Lanka

Image
(2010 අප්‍රේල් 22 -  W3Lanka  )  පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී තේරීම් මේ වන විට දැඩි මතභේදයට තුඩු දී තිබේ.  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් හිටපු උසස් අධ්‍යාපන ඇමති විශ්වා වර්ණපාල සැනසිලි තෑග්ගක් නැතිව ම කැපී යාම කැපී පෙනෙන ලක්ෂණයකි. කතානායක වි.ජ.මු. ලොකුබංඩාර සිය පුත්‍රයාගේ සුබ අනාගතය වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ජානක ප්‍රියන්ත බංඩාර සමග හුවමාරු කරගෙන සබරගමු ආණ්ඩුකාර පදවියට ලබා දුන් පහත්වීම භාර ගෙන තිබේ.  හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායකට ද අගමැතිව සිටි පුද්ගලයා එක පාරට ම කපා දැමීම හරි නැති නිසා මේ පාරත් ජාමෙ බේරී ඇත. මහජන ඡන්දයෙන් එක් මන්ත්‍රීවරයා බැගින් පත් කළ සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය මෙම මැතිවරණයේ වාසනාවන්ත ම බලවේගය වී තිබේ. ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් ද අසුන බැගින් හිමි වී තිබේ. ඔවුන්ට ඇමතිකම් ද දෙකක් ලැබෙන බැවින් මේ ආණ්ඩුව කෙතරම් වමට බරදැයි කෙනෙකුට තර්ක කළ හැකිය. ඔවුන් දැන් දෙක මදි වී වාසුදේව නානායක්කාරටත් එකක් ඉල්ලති. අම්මපා මේ  'සාදුකින් පෙළෙන නැගිටග...

මුරුගසන් වරුසාවට තෙමුණ පාර්ලිමේන්තුව | The swan song of Sri Lanka's parliamentary system

Image
අජිත් පැරකුම් ජයසිංහ ලංකාවේ දේශපාලනයේ මේ මොහොතේ සිදු වෙමින් පවතින පරිණාමය භයානක විහිළුවක ස්වරූපය ගෙන තිබේ. කල්පාන්ත මේඝයෙන් මුරුගසං වරුසාව වසින්නට වූ පසු මිනිසුන්ට මෘග සංඥාව පහළ වී තිරිසනුන් ලෙස හැසිරෙනු ඇතැයි මිථ්‍යා සාහිත්‍යයේ සඳහන් වේ. ලංකාවේ දැන් සිදු වී ඇත්තේ ද එවැන්නකි. ලංකාවේ ද නිමාව දකිමින් තිබෙන්නේ එක්තරා අභද්‍ර දේශපාලන කල්පයකි. මෙය ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ අවසානය නම් මෙතැනින් එහාට ඇත්තේ මියන්මාර් පන්නයේ පසුගාමිත්වයක් වනු ඇත. එහෙත්, ලංකාව මෙහිදී ලෝකයට අලුත්ම අත්දැකීමක් වනු ඇත. මක් නිසාද යත් මේ සියල්ල සිදු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හැඩගන්වන ලද රාමුවක් තුළ නිසා වීමයි. එනම්, හැඩගස්වා ගන්නා ලද බහුතර මහජන කැමැත්තක අනුමැතියට යටත්වයි.   පසුගිය මාර්තු 09දා පැවැත්වුණ පාර්ලිමේන්තු රැස්වීම ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ හා රාජ්‍ය පාලනයේ වත්මන් තත්වය නිරූපණය කරන කදිම හරස්කඩකි. ඒ පසුබිමේ ඇති සිදුවීම් විසින් ඇඟ ලොමු ඩැහැගන්වන, එහෙත් ඉල ඇදෙන හාස්‍යයක් ඇති කරයි. මේ භයානක යථාර්ථය හමුවේ සිනාසෙනවාද අඬනවාද යන්න යන්න තෝරාගැනීමේ ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස හෝ තවම ඉතිරි වී තිබේ නම් ව...

ඔබේ මන්ත්‍රී මෙහෙම තෝරන්න | Guidelines for Sri Lankans to elect their MPs

Image
ලංකාවට නීති සම්පාදනය කරන ව්‍යවස්ථාදායකයට හෙවත් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත් කර යැවීමේදී ඡන්දදායක ජනතාව විසින් අනුගමනය කළ යුතු යයි අප යෝජනා කරන කරුණු: මන්ත්‍රීවරයා වැඩි උගත්කමක් නැති පුද්ගලයකු විය යුතු ය.  ඔහු කිසිදාක පොතක් පතක් කියවන්නකු නොවිය යුතු ය.  ඔහුට දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග තිබිය යුතු ය.  හිස, කඳ, ගාත්‍රා වෙන් කර හඳුනා ගත නොහැකි විය යුතු ය. වාචාල විය යුතු ය.  මැරයන් හැසිරවීමේ හැකියාව තිබිය යුතු ය. නමට අගින් හෝ මුලින් චන්ඩි, රත්තරං, කුඩු වැනි විශේෂණ පදයක් තිබිය යුතුය.  කටේ තොලේ නොගෑවී කුණුහරුප කිව හැකි විය යුතු ය. විවිධ භාවිතාවන්ගෙන් පදම් වූ පුරුෂ හෝ ස්ත්‍රී ලිංගයක් තිබිය යුතු ය.  ළමයින් වඩා ගත හැකි විය යුතු ය.  සොරකම් කිරීමේ කෙළ පැමිණියකු විය යුතු ය.  ප්‍රතිපත්තියක් නැතිකම ප්‍රතිපත්තිය විය යුතු ය.  වයස, තරාතිරම නොබලා බලවන්තයන් ඉදිරියේ වැඳ වැටෙන්නෙක් හා දුබලයන් කෙරෙහි අනුකම්පා විරහිත අයෙක් විය යුතු ය.  විරුද්ධවාදීන් කෙරෙහි කිසිදු තෙතක්, මෙතක් නැත්තෙක් විය යුතු ය.  මල් වට්ටි ඉස්සර කරගෙන පන...

ත්‍රස්තවාදය අවසන් නම් හදිසි නිතිය මොකටද? | Why emergency if terrorism finished

(2010 මාර්තු 03- W3Lanka )   කොටි සංවිධානය මෙරට තුළ යළි ක්‍රියාත්මක ද නැද්ද යන්න පිළිබඳ සැක සංකා මතු වන පුවත් සහ ප්‍රකාශ රජයේ මුලාශ්‍ර හරහා කියැවෙද්දී ආණ්ඩුව හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීම පිණිස පාර්ලිමේන්තුව කැඳවා තිබේ.  විධායක ජනාධිපති බලතල පාවිච්චි කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය දීර්ඝ කර ඇත. පාර්ලිමේන්තුව විසින් එම ක්‍රියාමාර්ගය දින 10ක් ඇතුළත අනුමත කළ යුතු අතර පාර්ලිමේන්තුව කැඳවා ඇත්තේ ඒ නිසා ය.  හදිසි නීතිය දීර්ඝ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධයන් මර්දනය කිරීමට බව විපක්ෂය චෝදනා කළත්, ජවිපෙ වැනි වැඩිම මර්දනයක‍ට ලක් වන පක්ෂයක් පවා කිසි දිනෙක හදිසි නීතියට විරුද්ධව ඡන්දය දී නැත. එජාපය හදිසි නීතියට විරුද්ධව ඡන්දය දෙන්නට තීරණය කර තිබෙනමුත් ඡන්දය දෙන විට පාර්ලිමේන්තුවේ එජාප මන්ත්‍රීවරු නැත. හදිසි නීතියට එදා සිට අද දක්වා නොසැලී විරෝධය දැක්වූයේ දෙමළ ජාතික සන්ධානය පමණි. එහෙත්,  කොටි හිතවාදියකු යයි කලින් චෝදනා ලද සතාසිවම් කනගරත්නම් ඇතුළු දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන් ගණනාවක් ම දැන් පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකය...

මාස හතරක් තුළ හය වතාවක් පමණක් රැස් වන පාර්ලිමේන්තුව

Image
(2010 පෙබරවාරි 05- W3Lanka )  නීති සම්පාදනය කිරීම සඳහා තිබෙන පාර්ලිමේන්තුව අද රැස් වේ. ඒ හදිසි නීතිය මසකින් දීර්ඝ කර ගැනීමටයි. එය මෙම පාර්ලිමේන්තුවේ අවසන් රැස්වීම විය හැකි බව ජනමාධ්‍ය පවසයි. නිති සම්පාදනයේදී මහජනතාව නියෝජනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට පත් කර යවනු ලබන මන්ත්‍රීවරුන් 225දෙනා නඩත්තු කිරීම සඳහා සමාජය අති විශාල පිරිවැයක් දරයි. මහජන මුදලින් දැවැන්ත වැටුප්, සුඛෝපභෝගී වාහන, ඉන්ධන, දුරකථන, කාර්ය මණ්ඩල, ගෙවල් කුලී වැනි වරප්‍රසාද රැසක් ලබා ගන්නා, 110ක ඇමති කට්ටුවක් ද නඩත්තු කරන පාර්ලිමේන්තුව සිය මූලික කාර්යය වන නීති සම්පාදනය හා ඒ හා සම්බන්ධ මහජන නියෝජනයන් ලබා ගැනීම සදහා මසකට දින අටක් රැස් විය යුතු ය. "නොවැම්බර් මාසයේ නියමිත දින අටෙන් සභාව රැස්‌වුණේ දින තුනයි. ජනාධිපති පදවි ප්‍රාප්තියත්, එතුමාගේ උපන් දිනයත් නිසා රැස්‌වෙන්න බෑ කිව්වා. දෙසැම්බර් මාසෙත් දවස්‌ අටෙන් රැස්‌ වුණේ එක දිනයයි. ජනවාරි මාසෙත් එක දවසයි. පෙබරවාරිත් එහෙමයි," යි ජනවාරි මාසයේ පාර්ලිමේන්තු රැස්වීමේදී පෙන්වා දීමට සිදු වූයේ ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායකටයි. දැන් දැන් පාර්ලිම...

ජනාධිපතිවරණය මල්ලට රිංගූ නයෙකි

Image
අජිත් පැරකුම් ජයසිංහ - මහජන මුදලින් දැවැන්ත වැටුප්, සුඛෝපභෝගී වාහන, ඉන්ධන, දුරකථන, කාර්ය මණ්ඩල, ගෙවල් කුලී වැනි වරප‍්‍රසාද රැසක් ලබා ගන්නා, 110ක ඇමති කට්ටුවක් ද නඩත්තු කරන පාර්ලිමේන්තුව සිය මූලික කාර්යය වන නීති සම්පාදනය හා ඒ හා සම්බන්ධ මහජන නියෝජනයන් ලබා ගැනීම සදහා මසකට දින අටක් රැස් විය යුතු ය. එහෙත්, නොවැම්බර් මාසයේ නියමිත දින අටෙන් සභාව රැස්‌වුණේ දින තුනක් බව ද, ජනාධිපති පදවි ප‍්‍රාප්තියත්, එතුමාගේ උපන් දිනයත් නිසා රැස්‌වෙන්න බැරි යයි ආණ්ඩුව කී බව ද, දෙසැම්බර් මස දවස්‌ අටෙන් රැස්‌ වුණේ එක දිනක් හා ජනවාරි මස රැස් වුණේ එක දිනක් බව ද, පෙබරවාරියේදීත් එසේ සිදු වනු ඇති බව ද ජනවාරි 05දා පාර්ලිමේන්තු රැස්වීමේදී ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නේ ය. දැන් දැන් පාර්ලිමේන්තුව රැස් වන්නේ හදිසි නීතිය මසකින් දීර්ඝ කරවා ගැනීමට පමණක් බව පෙනේ. රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රකාශනය වන පාර්ලිමේන්තුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවුරන කියාමාර්ග ගැනීම සඳහා පමණක් රැස් වන තත්වයක් ඇති වීම රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනතුරට ලක් වී තිබෙන තරම පෙන්වා දීම කදිම නිදසුනකි. මේ ප‍්‍රජාතන්ත‍්‍රවා...

පාර්ලිමේන්තුව මාස තුනකින් රැස් වී ඇත්තේ දින පහයි: බස්නාහිර පළාත් සභාවේ ගනපූරණය නැහැ

Image
(2010 ජනවාරි 06 -W3Lanka) මහජන මුදලින් දැවැන්ත වැටුප්, සුඛෝපභෝගී වාහන, ඉන්ධන, දුරකථන, කාර්ය මණ්ඩල, ගෙවල් කුලී වැනි වරප්‍රසාද රැසක් ලබා ගන්නා, 110ක ඇමති කට්ටුවක් ද නඩත්තු කරන පාර්ලිමේන්තුව සිය මූලික කාර්යය වන නීති සම්පාදනය හා ඒ හා සම්බන්ධ මහජන නියෝජනයන් ලබා ගැනීම සදහා මසකට දින අටක් රැස් විය යුතු ය.  "නොවැම්බර් මාසයේ නියමිත දින අටෙන් සභාව රැස්‌වුණේ දින තුනයි. ජනාධිපති පදවි ප්‍රාප්තියත්, එතුමාගේ උපන් දිනයත් නිසා රැස්‌වෙන්න බෑ කිව්වා. දෙසැම්බර් මාසෙත් දවස්‌ අටෙන් රැස්‌ වුණේ එක දිනයයි. ජනවාරි මාසෙත් එක දවසයි. පෙබරවාරිත් එහෙමයි," යි ඊයේ පාර්ලිමේන්තු රැස්වීමේදී පෙන්වා දීමට සිදු වූයේ ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායකටයි.  දැන් දැන් පාර්ලිමේන්තුව රැස් වන්නේ හදිසි නීතිය මසකින් දීර්ඝ කරවා ගැනීමට පමණක් බව පෙනේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක් වී තිබෙන තරම පෙන්වා දීම සඳහා මීටත් වඩා නිදසුනක් තවත් අවශ්‍ය නැත.  මේ ප්‍රජාතන්ත්‍රවාදය නිර්වචනය කරන රුවන් වැකියක් ඇමති නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේ ය. " ජනාධිපතිවරණයට සෑම පක්‌ෂයක්‌ම දේශපාලන ක්‍රියාවල යෙදී...

අයවැය අතරේ ආණ්ඩුවෙන් විපක්ෂයට කරණම් වළක්වන්න මෙදා පාර අයවැය නෑ

Image
(2009 ඔක්තෝබර්  07 - W3Lanka ) ලබන වසරේ මුල භාගයේදී පැවැත්වෙන මහ මැතිවරණයේදී සන්ධානයෙන් තරග කර ජය ගැනීමේ අභියෝගයට මුහුණ දී සිටින, රාජපක්ෂ කල්ලියෙන් කැපී ගිය රජයේ දෙවන පෙළ ඇමතිවරුන් හා මන්ත්‍රීන් අයවැය නිමිත්ත කරගෙන විපක්ෂයට කරණම් ගැසීම වැළැක්වීම සඳහා මෙවර අයවැයක් ඉදිරිපත් නො කර සිටීමට ආණ්ඩුව තීරණය කර ඇති බව දැනගන්නට තිබේ. අය-වැය හෙවත් විසර්ජන පනත් කෙටුම්පතක් මඟින් ලබන වසරේ මුදල් ප්‍රතිපාදන වෙන් නොකර අතුරු සම්මත ගිනුමක් ඉදිරිපත් කිරීමට ඊයේ (6) ඇඹිලිපිටියේ රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ. සියලු ආණ්ඩු අයවැය යෝජනා සියල්ල ඉටු කිරීමේ වගකීමට ගරු නොකරන නිසාත්, අයවැය ඉලක්ක සපුරා ගැනීම පිළිබඳ පශ්චාත් ඇගයීමක් ජනතාව හමුවේ නො කෙරෙන නිසාත්, අමාත්‍යංශ අයවැයෙන් වෙන් කළ මුදල් වියදම් කර අවසන් කර පරිපූරක ඇස්තමේන්තු මගින් තව තවත් මුදල් ලබා ගැනීම සම්ප්‍රදායක් කරගෙන ඇති නිසාත්, ආණ්ඩුව පාර්ලිමේන්තුවට වගවීම දැන් අවම වී ඇති නිසාත්, රට පාලනය ඇත්තෙන් ම සිදු වන්නේ පාර්ලිමේන්තුවට හොරෙන් නිසාත්, අයවැය ආවත්, නාවත් ජනතාවට හොඳක් හෝ නරකක් වන්නේ නැත. එකම පාඩුව රෑට බත් කන ගමන් රූපවාහිනී ප්‍රවෘත...

මෙන්න ආණ්ඩුවේ අලුත්ම බඩා ගැහිල්ල; ගණ පූර්ණ කෙළිය

Image
(2009 සැප්තැම්බර් 26 - W3Lanka ) ලංකාවේ ආණ්ඩුවේ නවතම සෙල්ලම පාර්ලිමේන්තුවේ ගණ පූර්ණය නැති කර විපක්ෂය අපහසුතාවට පත් කිරීමද යන සැකය මතු කරන සිද්ධියක් ඊයේ පාර්ලිමේන්තුවේදී සිදු විය. සිද්ධිය වූ ආකාරය අද දිනමිණ පුවත්පත වාර්තා කළේ මෙසේයි.  සභා ගැබෙහි ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ යෝජනාව ඊයේ (25) පස්වරුවේ විවාදයට නොගැනිණි. සභාව කල් තබන අවස්ථාවේ විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කැර තිබුණේ රවි කරුණානායක මහතාය.  ඒ මහතා යෝජනාව ඉදිරිපත් කිරීමට නැගී සිටි මොහොතේ සභාවේ ගණ පූර්ණය නොමැති බවට මගී ප්‍රවාහන සේවා ඇමැති ලසන්ත අලගියවන්න මහතා මුලසුනට පෙන්වා දුන්නේය. මුලසුනේ සිටි නියෝජ්‍ය කථානායක පියංකර ජයරත්න මහතා මන්ත්‍රීවරුන් කැඳවීම සඳහා සීනුව නාද කිරීමට ලේකම් මණ්ඩලයට උපදෙස් දුන්නේය. සීනුව නාද වීමත් සමඟ සභා ගැබට මන්ත්‍රීවරුන් පැමිණියද එම සංඛ්‍යාව ගණ පූර්ණයට ප්‍රමාණ නොවන බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති හුසේන් බහිලා මහතා මුලසුනට පෙන්වා දුන්නේය. දෙවන වරද සීනුව හැඩවිණ. එවරද ගණ පූර්ණය සම්පූර්ණ නොවීම නිසා ඔක්තොම්බ...

පාර්ලිමේන්තු රැස්වීම් කට් කරන්න ආණ්ඩුවයි යූඇන්පියයි අතර හොර ගිවිසුමක්

(2009 සැප්තැම්බර් 24 - W3Lanka) පාර්ලිමේන්තුවේ සභාව කල් තබන අවස්ථාවේදී ඝනපූරණය පිළිබඳ ප්‍රශ්න මතු නොකර සිටීමට එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවත් සමග ජනතාවට හොරෙන් එකඟ වී තිබූ බව වාර්තා වේ.  මහජන මුදලින් සුර සැප විඳින ඇමතිවරු හා මන්ත්‍රීවරු පාර්ලිමේන්තු රැස්වීම් මගහැර යාම හේතුවෙන් පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී මග නැඟුම ව්‍යාපෘතිය පිළිබඳ විවාද‍ය අතරතුර ඝනපූරනය සඳහා අවශ්‍ය මන්ත්‍රීවරු 20 සභා ගැබේ නොසිටීම හේතුවෙන් මහාමාර්ග ඇමති ඩබ්. බීත ඒකනායකගේ පිළිතුරු කතාව නවතවා සභාව කල් තබන ලදී.  ආණ්ඩුව සමග හොර ගිවිසුම උල්ලංඝනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ රවි කරුණානායක මන්ත්‍රීවරයා ඝනපූරණ ප්‍රශ්නය මතු කිරීම පිළිබඳ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝසප් මයිකල් පෙරේරා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධනට කණගාටුව ප්‍රකාශ කර තිබේ.  මහජන මුදල්වලට වන නාස්තියට නම් සොරි කියන්නට කිසිවෙක් නැත. රජයේ සේවකයකු වැඩට ඒමට විනාඩියක් පමා වුණත් රජය පඩි කපයි. එහෙත්, කපුවන් දේවාලයේ මළපහ කරන්නේ දෙපක්ෂයේ කපුවන් මුහුණට මුහුණ බලාගෙන ඇස් ගහමිනි. ජනතාවට ඉතින් හැමදාම සොරිම තමාය.

පාර්ලිමේන්තුවේ ඝනපූරණය නැහැ: මේකට කරන වියදමින් කිරි නිෂ්පාදනය නැංවුවා නම් නරකද?

Image
(2009 සැප්තැම්බර් 23 - W3Lanka) ඊයේ මගනැඟුම පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී ආණ්ඩුව‍ වෙනුවෙන් මහාමාර්ග ඇමති ඩබ්. බී. ඒකනායක පිළිතුරු දීමට සූදානම් වෙද්දී එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු රැස්වීම පවත්වාගෙන යාමට අවශ්‍ය අවම මන්ත්‍රී සංඛ්‍යාව හෙවත් ඝනපූරණය වන 20ක් නැති බව පෙන්වා දීමෙන් පසු මන්ත්‍රීන් කැදවීමේ සීනුව නාද කරන ලදී.  එහෙත් ගරු මන්ත්‍රීවරුන් විස්සක් නොපැමිණි නිසා පාර්ලිමේන්තුව කල් තැබීමට සිදු විය.  පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක් විතර ඉන්නේ ආණ්ඩුවේය. ඇමතිවරුම එකසිය ගණනකි. රැස්වීමකටවත් හරි හැටි සහභාගි නොවන මොවුන් නඩත්තු කිරීම සඳහා මහජන මුදලින් කරන වියදම ලංකාවේ කිරි නිෂ්පදනය ඉහළ නැංවීම සඳහා යෙදවූයේ නම් රටට මහත් ප්‍රයෝජනයක් වීමට තිබිණි.  හිතාමතාම ඝනපූරණය නැති කිරීම පිළිබඳ අපි විපක්ෂ්‍යට දොස් නොකියමු. මන්ද එය ඔවුන් රජයට විරෝධය පෑම සඳහා පාවිච්චි කළ උපක්‍රමයක් බැවිනි. පාර්ලිමේන්තුවේ ඝනපූරණය තියා ගැනීමටවත් බැරි වුණ ද රටේ ජනාධිපතිට පාර්ලිමේන්තු කටයුතු සඳහා උපදේශකවරු පවා සිටිති.