ජාතික ගීය දෙමළෙන් ගැයීමට යළි අවසර දීම හරි ද?
ජාතික ගීය දෙමළෙන් ගැයීම නැවැත්වීමට මහින්ද රාජපක්ෂ රජය ගත් තීරණය අවලංගු කර එය දෙමළෙන් ගැයීමට අවසර දීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇත. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් ජාතික විධායක සභාවේදී මෙම ප්‍රශ්නය මතු කළ පසු ය. කෙසේ වෙතත් මේ පිළිබඳව ජාතික ආරක්ෂක කවුන්සිලයේදී සාකච්ඡා කිරීමට නියමිත ය. ආනන්ද සමරකෝන් ශූරීන් විසින් නිර්මානය කරන ලද නමෝ නමෝ මාතා ගීය ශ්‍රී ලංකා මාතා ලෙස වෙනස් කර ජාතික ගීය ලෙස පිළි ගනු ලැබුවේ 1951දී ය. එසමයේදීම එම ගීයේ තනුවට එම් නල්ලතම්බි විසින් 'ශ්‍රී ලංකා තායේ නම් ශ්‍රී ලංකා' නම් ගීය දෙමළ කිවි එන්. නල්ලතම්බි විසින් නිර්මානය කරන ලදී. දෙමළ ජාතිවාදීන් මෙම ගීය පිළි නො ගත් අතර, ශ්‍රී ලංකා නාමයට පවා කැමැත්තක් නො දැක්වූ හ. දෙමළ ජනතාව අතර ලංකාව සම්බන්ධයෙන් ව්‍යවහාර වන්නේ ඉලංකෛ යන වචනයයි. ශ්‍රී ලංකා යන නිල නාමය සහිත ගීය පාසල් උත්සව ආදියෙහිදී ගායනා කරන ලදී. එය නිල ජාතික ගීය නො වුණ ද ජාතික ගීයේ දෙමළ ස්වරූපය ලෙස පිළිගැනිණි. වසර පනහකට වැඩි කාලයක් ව්‍යවහාරයේ තිබුණු මෙ...