දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි බලවේගවලට එරෙහිවීමට අපට ගට නැද්ද?

අපි සුළුතර අයිතිවාසිකම් ගැන නිතර ලියන්නෙමු. මෙහිදී අපි ජාතික සුළුතරයන් ගැන පමණක් නොව කුල, ලිංගික ආදී වෙනත් සුළුතරයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්ද පෙනී සිටින්නෙමු.

නිදසුනක් ලෙස  අපි පීඩාවට පත් ලිංගික සුළුතරයක් වන සමරිසියන්ගේ හිමිකම් ගැන පෙනී සිට ඇත්තෙමු.

ඇතැම්විට සමාජයේ බහුතරය වන පිරිසුත් සුළුතරය සේම පීඩනයට පත්වන අවස්ථා තිබේ. හොඳම නිදසුන් වන්නේ ස්ත්‍රීහු සහ කම්කරු පංතියයි. අපි හැමවිටම පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටිමු. පීඩකයන්ගේ අයිතිවාසිකම් අපට අදාළ නොවේ. නිදසුනක් ලෙස ලංකාවේ පීඩිත ජනතාව තලා, පෙළා, සූරා කා සැප විඳින පාලක කණ්ඩායමගේ හිමිකම් ගැන කතා කිරීම අපට අදාළ නැති දෙයකි.

අප සාමාන්‍යයෙන් බහුතර හෝ බලවත් ප්‍රජාවන්ගේ හිමිකම් ගැන ලියන්නට වෙහෙසෙන්නේ නැත. හේතුව ඒ පිළිබඳව ලියන්නට ඕනෑතරම් මාධ්‍ය තිබෙන නිසාය. හැමෝම ලියන දෙයක් අපත් නැවත ලියන්නේ කුමටද? අපි මාධ්‍ය දෙස බලන්නේ සමස්තයකු තුළය. අපේ මාධ්‍යය පමණක් අනන්‍ය කරගෙන නොවේ. අපි ජාතිවාදයටත්, සුළු ජාතික හිමිකම්වලටත් යන දෙකටම මාකට් ලෙස සලකා ආමන්ත්‍රණය කරන සිරසක් හෝ ලංකාදීපයක් නොවේ.

ලංකාවේ බෞද්ධ සම්ප්‍රදායන් තුළ කෙරෙන ඇතැම් අමානුෂික ක්‍රියා කෙරෙහි අප ඔබගේ දෑස් ඇරවීමට උත්සාහ කර තිබේ. නිදසුන් දෙකක් මෙසේය.


සමාජයක් වඩා දියුණු වන්නේ තම අගතීන්වල එල්ලී සිටීමෙන් නොව ඒවා විනිවිද දැක විසඳුම් සෙවීමෙනි. නිදසුනක් ලෙස අලි ඇතුන්ගේ ප්‍රශ්නය ගනිමු. පන්සල්වල බැඳ දමා සිටින මේ හීලෑ අලින්ට මීට වඩා නිදහස් පරිසරයක්වත් සපයා දෙන්නට බැරි ඇයි? පෙරහර පැවැත්වීම සඳහා අලි ඇතුන් යොදා නොගන්නැයි අපි නොකියමු. මස් මාළු කන්න එපා යයිද අපි කියන්නේ නැත. එහෙත්, මස් මාළු කන්න එපායි කියන ඇතැම්හු අලි ඇතුන්ට දෙන මේ වධය ආරක්ෂා කරන්නට උත්සාහ කරති.

මෙවැනි අවස්ථාවලදී අපේ ඇතැම් පාඨකයන් කියන්නේ හින්දු, මුස්ලිම් ආගම්වල ඇති සත්ව සංහාරවලට විරුද්ධ වීමට අපට ගට නැතිය කියාය. මේ සංහාර පිළිබඳව අප අපගේ ස්ථාවරය පැහැදිලිව සටහන් කළේ මෙසේය: "විවිධ වූ සංස්කෘතික වටිනාකම් රැක ගැනීමේ නිදහස ද මිනිසුන්ටහිමි විය යුතු ය. (එහෙත්) පසුගිය දිනවල බේරුවල, මුන්නේස්වරම වැනි ප්‍රදේශවල සිදු වූ සමූහ ගව, එළු ඝාතන ශිෂ්ඨ සමාජය විසින් හෙළා දැකිය යුතුව තිබේ."

‍මේ සංහාරවලට එරෙහිව ඇතිතරම් ලියැවුණ සංදර්භයක අපද ඒ පිළිබඳ ලිවිය යුතු වුණේ නැත. අනෙක මර්වින් සිල්වා වැන්නෝ පවා එදා මේ සංහාරවලට එරෙහි වීරයෝ වන්නට උත්සාහ කළහ. අප කිසි සේත්ම ඒ උද්ඝෝෂණය පිටුපසින් හින්දු, දෙමළ, මුස්ලිම් විරෝධයකට පෙළගැසෙන්නට සූදානම් වුණේ නැත. සමහරු මේ උද්ඝෝෂණ හරහ උත්සාහ කළේ හින්දු, මුස්ලිම් සංස්කෘතීන් පහත්කොට සලකා ස්වෝත්තමවාදය පතුරුවන්නටයි.

සමහරු දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි විරෝධී උද්ඝෝෂණවල යෙදෙමින් වීරයන් ලෙස පෙනීසිටින්නට උත්සාහ කරති. ලංකාවේ මෙහි ඇති කිසිදු වීරත්වයක් නැත. ලංකාවේ බහුතර සිංහල බෞද්ධ සමාජය කොහොමත් ස්වෝත්තමවාදී පදනමකින් සෙසු ජාතික ආගමික ප්‍රජාවන් හෙළාදකින එකකි. එයට රාජ්‍ය හා මාධ්‍ය අනුග්‍රහයද ලැබේ. බොහෝ දුරට නීතියෙන් මුක්තියද හිමි වී තිබේ.

සරළව කීවොත්, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි ආදීන්ට විරුද්ධව මත ප්‍රකාශ කරන්නට ලංකාවේ කිසිවකුට විශේෂ ගටක් ඕනෑ නැත. එය හරියට ආණ්ඩුවට පක්ෂව මත ප්‍රකාශ කරන්නට කාටවත් ගටක් ඕනෑ නැතිය වගේය. නිදසුනක් ලෙස මහා සිංහල වීරයන් ලෙස පෙනී සිටින චම්පික රණවක හෝ උදය ගම්මන්පිල ගනිමු. ඔවුන්ට අනුව මේ ආණ්ඩුව කිසිදු අසාධාරණයකු කරන්නේ නැත. මන්ද, ඔවුන් එවැනි කිසිවක් ගැන කිසිවිටෙක කතා නොකරන බැවිනි.

බලවත් පීඩකයන්ට පක්ෂව කටයුතු කරන්නට කාටවත් විශේෂ ආත්ම ශක්තියක් උවමනා වන්නේ නැත. ආත්ම ශක්තිය උවමනා පීඩක බහුතරයට එරෙහිව සමානාත්මතාව වෙනුවෙන් පෙනී සිටීමටයි.

අපි සිංහල වෙමු. අපේ සිංහලකම අද කාලයේ සිටින බහුතරයක් සිංහල වීරයන්ගේ සිංහලකමට වඩා වෙනස්ය. අපේ සිංහලකම සුළු ජාතීන් හා වෙනත් සුළුතරයන් පීඩාවට පත්කරන ස්වෝත්තමවාදයක් නොවේ. අපි අතීතය දෙස බලාගෙන හූල්ලන අය නොව අනාගතය ගැන සිහින දකින පිරිසකි. අප පෙනී සිටින්නේ දියුණු, ජාත්‍යන්තරවාදී සිංහලකමක් වෙනුවෙනි.

අපේ ජාතියට, අපේ භාෂාවට අපේ ආදරය අපි අපේ ක්‍රියාවෙන් පෙන්වා ඇත්තෙමු.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. කොටින්ම කියනවා නම් සිංහලයන් ගැන ලිපියක් මෙහි බලාගැනීමට සිංහලයන් සුලුජාතිය වන තුරු බලා සිටිය යුතු ය ... !

    ReplyDelete
  2. The teaching of Allah,
    you follow my uneducated, barbaric teaching, if not; i will kill you.

    Anyone who do not agree to follow me, needs to be killed..

    you propagate muslims, make more children, spread muslims, thats the only thing you need to do during ur life span..

    the whole developed world hate muslims...

    http://www.gossip9.com/2013/02/gossip9-islam-nabi-srilanka-muslim.html

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා