Posts

Showing posts with the label මුස්ලිම්

සැබෑ ජාතික ප්‍රශ්නය තිබෙන තැන

Image
සිංහල, දෙමළ භාෂා මාධ්‍ය දෙකෙන් ම ඉගැන්වීම කරනු ලබන මගේ පාසලේ මුස්ලිම් ගුරුවරියක් පසුගිය දිනෙක පංතියක උගන්වමින් සිටි මා හමුවට පැමිණ කරුණක් කීවා ය. ඇය කීවේ අටේ පංතියේ සිංහල ළමයකු ඇයට තංගච්චි කියා උසුළු විසුළු කළ බවයි. ඇයට පසුපසින් තංගච්චි කියා කතා කරනුඇසී බලන විට ඒ සිදුවෝ පළා ගොස් ඇත. මා ඔවුන් සොයා විමසූ කල ඒ සිසුවා කීවේ තමන්ගේ මහළුවකුට තංගච්චි කියා විහිළු නමක් ඇති බවකි. ඔහු කියන ආකාරයට ඔහු තංගච්චි යයි කීවේ ඒ සිසුවාට මිස ගුරුවරියට නොවේ.  එය තර්කානුකූල පිළිතුරක් වුවත්, දොරේ සද්දෙත්, පඩේ සද්දෙත් වෙන් කර හඳුනා ගන්නට පුළුවන් අයෙකු බැවින් මම ගුරුතුමියගෙන් සමාව ගන්නැයි සිසුවාට කීවෙමි. ඔහු එය කළේ අකැමැත්තෙන් ය. මේ ගුරුතුමිය මට කියූ තවත් කරුණු කීපයක් මෙසේ ය: “අපි දැන් පිරිමි ළමයින්ගේ පාසල් බස් එකේ එන්නේ නැහැ. සමහරු ෆෝන්වල සිංදු දාලා අපේ කණ ළඟින් තියනවා. ඔන්න බිල්ලො එනවා කියනවා. තම්බි කියනවා. දවසක් මමයි, මහත්තයායි මෝටර් සයිකලෙන් එද්දී බස් එකක ගිය ළමයි අපට රඹුටං ලෙලි මුලකින් ගැහුවා. එක දවසක් මෝටර් බයිසිකලෙන් බස් එකක් ඉස්සර කරනකොට කෙළ ගැහුවා.“ මේ ගුරුතුමිය තරමක් අතිශයෝක්තියෙන් කතා කරන...

ලංකාවේ සිටින පකිස්තාන් සරණගතයෝ කවුරුද?

Image
ලංකාවට පැමිණි පසු වීසා ලබා ගැනීම සඳහා ලක් රජය විසින් විදෙස් සංචාරකයන්ට ලබා දී තිබෙන පහසුකම පකිස්තාන ජාතිකයන්ට තව දුරටත් ලබා නො දීමට ගිය සතියේ ආණ්ඩුව තීරණය කළා. පකිස්තාන ජාතිකයන් වෙනුවෙන් ඔන් එරයිවල් වීසා නම් වූ මෙම පහසුකම අවලංගු කිරීමට හේතු වුණ කාරණා කීපයක් තිබෙනවා.  පසුගිය දිනෙක ඉන්දීය ආණ්ඩුව චෙන්නයිහිදී ෂකීර් හුසේන් නම් ලාංකිකයකු අත් අඩංගුවට ගත්තා. ඔහු පකිස්තානු ත්‍රස්ත කණ්ඩායම් වෙනුවෙන් ඔත්තු බැලූවකු බව ඉන්දීය ආරක්ෂක අංශ චෝදනා කරනවා.  ඉන්දීය විරෝධී කාශ්මීර ත්‍රස්ත සංවිධානයක් වන ලෂ්කාර්-ඉ-ටයිබා වැනි අන්තවාදී සංවිධාන ලංකාව පදනම් කරගෙන ක්‍රියාත්මක වන්නට තිබෙන ඉඩකඩ ගැන ඉන්දියාව සිටින්නේ අවදියෙන්. මේ පිළිබඳව ඉන්දියාව ලංකාවේ ආණ්ඩුවට අනතුරු අඟවා තිබෙනවා.  ලංකාව පකිස්තානුවන්ට 'පැමිණි පසු වීසා' ලබා දීම අත්හිටුවීමට තවත් හේතුවක් වුණේ ලංකාවේ මේ වන විට සිටින පකිස්තානු සරණාගතයෝයි. 1500කට වැඩි පකිස්තානු සරණාගතයින් පිරිසක් ලංකාවේ ඉන්නවා. ඔවුන් සංචාරකයින් ලෙස මෙරටට පැමිණි අයයි. ඔවුන් පසුව ලංකාවේ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචිය ලබාගෙන තිබෙනව...

අපි මුස්ලිමුන්ට ගහන්නේ ඇයි?

Image
ධර්ගා නගරය හා අලුත්ගම කේන්ද්‍ර කරගෙන ඇති වූ වාර්ගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය දැන් දැන් පැහැදිලි වෙමින් තිබේ. එය අසූ තුනේ ජුලි කෝලාහලයේදී ජේ.ආර්. ගත් ස්ථාවරයටත් එහා ගිය එකක් බව පෙනේ. ඇත්තෙන්ම එය බලා‍පොරොත්තු විය යුතු තත්වයකි.  හාමුදුරු කෙනෙක් හා මුස්ලිම් මදාවීන් කිහිප දෙනෙක් සම්බන්ධ සුළු සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය අදාළ ක්‍රියාමාර්ග අරගත් පසුව පවා එය පදනම් කරගෙන ප්‍රදේශයේ ශාසනාරක්ෂක බලමණ්ඩලය හා බොදු බල සේනාව විසින් අවුළුවන ලද ජාතිවාදී ගින්න විසින් මිනිසුන් සිව්දෙනෙකුගේ ජීවිත බිලි ගන්නා ලදී. නිවාස 150ක් පමණ ද කඩ 90ක් පමණ ද විනාශ කර දමන ලදී. පහර දෙන ලද පල්ලි සංඛ්‍යාව 15කට වැඩි ය. අවතැන් වූ සංඛ්‍යාව 2000කට වැඩි ය.  ඉහත දක්වන ලද සංඛ්‍යාවලින් හතරෙන් තුනකටත් වඩා මුස්ලිම්වරුන්ට සිදු වූ හානි ය. මෙම ගින්න අවුළුවනු ලැබුවේත්, ඇඳිරි නීති උල්ලංඝනය කරමින් විනාශකාරී ක්‍රියාවල යෙදුණේත් සිංහල ජාතිවාදියෝ ය. මුස්ලිමුන් ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුණ ප්‍රමාණය සිංහලයන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා සමග සන්සන්දනය කරන්නට බැරි ය. මුස්ලිමුන් පිට ප්‍රදේශවලට කඩා වැදී පහර දුන් බවට සාක්කි න...

ධර්ගා නගරය මැදින් චාරිකාවක්

Image
ධර්ගා නගරය හරහා අලුත්ගම ගියෙමි. ධර්ගා නගරයේ එක් කෙළවරක අඹගහ හන්දිය අසල සිංහල පිරිසක් රැස් වී සිටිය හ. ධර්ගා නගරය පුරා ම පොලිසිය යොදවා තිබිණි. මුස්ලිම් කඩ වසා තිබිණි. සිංහල කඩ හා සිංහල ද මුස්ලිම් ද ‍නො දන්නා කාගිල්ස් ෆුඩ් සිටිය ඇර තිබිණි. මහ පල්ලියේ සෑහෙන මුස්ලිම් පිරිසක් පාර දෙස බලාගෙන රැඳී උන්හ. ඔවුන් වෙතින් දිස් වුණේ කැළඹුණු ස්වභාවයකි. පල්ලියේ ගේට්ටු අගුලු ලා තිබිණි.ඒ ඉදිරිපිට පාරේ පොලිස් කුළු පොලු හමුදාව රැඳී සිටියේ ය.මුළු නගරය පුරා ම දැවැන්ත පොලිස් බලඇණියක් යොදවා තිබිණි. අලුත්ගම නගරයේ බොදු බල සේනාව රැස්වීමක් පවත්වමින් සිටියේ ය. හාමුදුරුවරු විශාල පිරිසක් එයට සහභාගි වන බව වාර්තා විය.කටකතාවල නම් කියවුණේ තුන්දාහක් හාමුදුරුවරුන් එයට සහභාගි වන බවයි. එච්චර හිටි බවක් නො පෙනුණි.  පසුගියදා මුස්ලිම් පිරිසකගේ ප්‍රහාරයකට ලක් වූ බව කියන අයගම සමිත හිමියන් පෙළපාලියකින් ධර්ගා නගරය හරහා ඔහු වසන කුරුඳුවත්ත පන්සලට රැගෙන යන්නට බොදු බල සේනාව සැලසුම් කර තිබිණි. නගරයේ කෙළවරක අඹගහහන්දිය පැත්තට වන්නට පාරෙන් ඇතුළේ පිහිටි පන්සලකට යන පාර බෞද්ධ කොඩිවලින් සරසා තිබිණි. වාර්තා වන ආකාරයට ගැටුම ඇති වී ති...

චීනයට හිසරදයක් වූ උයිගුර් මුස්ලිම් ප්‍රශ්නය

Image
පසුගිය සතියේ සෙනසුරාදා නිරිතදිග චීනයේ යුනාන් පළාතේ කුන්මිං නගරයේ දුම්රිය ස්ථානයකදී පිහි අමෝරා ගත් ත්‍රස්තවාදීන් දසදෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් විසින් අතට හසු වන නිරායුධ සිවිල් වැසියන් 30කට වඩා කපා කොටා ඝාතනය කරනු ලැබුවා. තවත් සියයකට වඩා මෙම සිද්ධියෙන් තුවාල ලැබුවා. චීන බලධාරීන් ඒ පිළිබඳ චෝදනා කළේ උයිගුර් මුස්ලිම් බෙදුම්වාදීන්ටයි.  උයිගුර් මුස්ලිම් ත්‍රස්තවාදීන් විසින් චීන රජයේ නිලධාරීන්ට එරෙහිව මෙවැනි පිහි හා බෝම්බ ප්‍රහාර එල්ල කරනු ලැබීම එතරම් දුලබ සිද්ධියක් නොවෙයි. එහෙත්, සාමාන්‍යයෙන් එවැනි දේ සිදු වන්නේ ඔවුන් නැගෙනහිර තුර්කිස්තානය නමින් වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින ෂිංජියෑංහියි. ඒත්, මේ ප්‍රහාරය සිදු වුණේ එහි සිට කිලෝමීටර් දහසකටත් වඩා දුර ඈත ප්‍රදේශයකදීයි.  උයිගුර් මුස්ලිම්වරුන් පවසන්නේ චීන රජය ඔවුන්ගේ ආගමික, සංස්කෘතික හා වානිජ නිදහසට බාධා කරන බවයි. පසුගිය ඔක්තෝබරයේදීත්, එකම පවුලේ උයිගුර් ජාතිකයන් තිදෙනෙකු විසින් ප්‍රසිද්ධ ටියෙනාන්මෙන් චතුරස්‍රයේදී සිය වාහනය ගිනි තබා ගනිමින් තවත් පුද්ගලයන් දෙදෙනෙකු ද මරා දමමින් සිය දිවි නසා ගත්තා.  ඊට කලින් අ‍ගෝස්තු මාසයේදී ෂින...

ඕනැ එකෙක් ඕනැ රෙද්දක් ඇඳ ගත්තා ම කාටවත් මොක ද?

Image
බොදු බල සේනාව ඒ පාර මුස්ලිම් ගැහැනුන්ගේ රෙද්ද ගලවන්නැයි ආරක්ෂක ලේකම්ගෙන් ඉල්ලා සිටින පෙත්සම් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.  ප්‍රසිද්ධ ස්ථානවල බුර්කා හා නිකාබ් ඇඳුම් තහනම්  කරන්නැයි බොදු බල සේනාව ඉල්ලා සිටියි. ඒ අතර දිලන්ත විතානගේ සිය ‍ෆේස්බුක් පිටුවේ සඳහන් කරන්නේ තමන් හිජාබ් ඇඳුමට විරුද්ධ යයි ෂිංහුවා පුවත් සේවාව කර ඇති වාර්තා කිරීම වැරදි බවයි. ඔවුන් හිජාබ් ඇඳුමට විරුද්ධ නැතිලු.  මම නම් ඕවා ගැන දන්නා රෙද්දක් නැත. මට හමු වන, මා සමග කතා කරන කෙනෙක් සමග නෙත්වලින් සම්බන්ධ වීමට මම නම් කැමති‍ ය. සාමාන්‍යයෙන් පිරිමින්ට ස්ත්‍රීහු සුන්දර ය. මටත් එසේ ම ය. ගැහැනියකගේ සුන්දරත්වය බලන්නට ඇය මනසින් නිරුවත් කරන්නට ඕනෑ නැත.  හිටපු ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා දැන් විමල් වීරවංශ පක්ෂයේ නිලධාරියකු වන මුසම්මිල් ද මෑතදී මුස්ලිම් ගැහැනුන්ගේ ඇඳුම් ගැන කතා කර තිබිණි. මුස්ලිම්වරයකු ලෙස ඔහු කියන කරුණ වැදගත් ය. ඔහුගේ අදහස සංක්ෂිප්ත කර ගතහොත් එයින් කියැවෙන්නේ ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම සම්බන්ධ උරුමය වඩා නිදහස්කාමී එකක් වූ බව හා ඇඳුම සම්බන්ධ කාරණාවලදී මුස්ලිම්වරුන් රටේ සෙසු ජාතීන්...

සාලි හිරේ - සාදු ගෙදර

Image
අසාද් සාලි අසාද් සාලි අත්අඩංගුවේය. මුස්ලිම් තරුණයන් අවි අත‍ට ගත යුතු බව කී බව ඔහුට ඇති චෝදනාවයි.  දැන් රහස් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරන්නේ ඔහු මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම් සමග සම්බන්ධ ද කියායි. ඔහු 'ඔව්' කියන තෙක් ප්‍රශ්න කළ යුතුය. 'ඔව්' කිව්වත්, නැතත්, ඔහු හිරේ යා යුතුය. මන්ද, ඔහු රාජපක්ෂව සිට රාජ ‍විපක්ෂ වූ අයෙකි. රාජ විපක්ෂ වන්නට ඉන්න සෙසු අය බියපත් කර එයින් වළක්වා ගැනීමට නම් අසාද් සාලි වැනි අය අනිවාර්යයෙන් හිරේ යැවිය යුතුය.   හිරේ යාම අසාද් සාලි‍ටද හොඳ වන්නට පුළුවන. මන්ද, මුස්ලිම් කොංග්‍රසයට පිටින් සි‍ටිමින් මුස්ලිම් ජනතාවගේ ගැලවුම්කරුවකු ලෙස අනන්‍යතාව ගොඩනඟා ගැනීමට ඔහුට ද උවමනා කර තිබේ. ඒ අනන්‍යතාව කේවෙල් කර ඔහුට මුස්ලිම් කොංග්‍රසයට, ආණ්ඩුවට හෝ එජාපය‍ට හෝ ලොකු තැනකින් යන්නට පුළුවන.  මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර සභාව මැයි 7දා රැස්වෙයි. ඒ රැස්වන්නේ ආණ්ඩුවෙන් යනවාද, ඉන්නවාද යන්න තීරණය කරන්නට බව ජනමාධ්‍ය වාර්තා කරයි. ඇත්තම කියනවා නම් මේ උත්තරීතර සභාව විසින් තීරණය කළ යුතුව තිබෙන්නේ තමන් රෙදි අඳිනවාද නැද්ද යන්නයි. සිය ජාතිවාදී දඩ බල්ලන් ලිහා දමමින් මුස්ලිම් ජ...

හලාල් ප්‍රශ්නය: දේශපාලන සායනික ප්‍රතිකාර අවශ්‍ය දේශපාලන උමතු

විදුලිබල හා බලශක්ති ඇමතිකමේ සිට පහත වැටුණු ‍චම්පික රණවකගේ කට කලකට පසු ඇරී තිබේ. ඒ හලාල් සහතිකයට එරෙහිව අද පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකදීය.  පසුගිය කාලයේ බත් කන්නට හා දත් මදින්නට පමණක් කට ඇරිය, වෙන අය ලවා තමන්ට කියගන්නට බැරි කතා කිය වා ගන්නට ත තනමින් සිටි චම්පික රණවක මෙසේ විපිරියාස වන්නට එකම හේතුව තනතුරෙන් පහත දැමීම පමණක් නොවේ.  ජාතික හෙළ උරුමය ආණ්ඩුව හමුවේ දන නැමීමත් සමගම ආන්තික සිංහල බෞද්ධ ජාති ආගම්වාදී ව්‍යාපාරය තුළ ගලගොඩඅත්තේ රතනසාර භික්ෂුව ඇතුළු බොද ු බල සේනා සංවිධානය නැඟී ඒම සමග චම්පික හා අතුරලියේ රතන හිමි කලබල වී ඇති බව පෙනෙන්නට තිබේ.  ඒ නිසා දැන් චම්පිකම බැස හලාල් සටන අතට ගන්නට අමුඩ ගසමින් සිටියි. අද පැවැත්වුණු පුවත්පත් සකච්ඡාවේදී හලාල් සහතිකය සිංහල අවුරුද්දට පෙර ඉවත් නොකළොත් බහුජන සටනක් අරඹන බවට ජමියතුල් උලමා සංවිධානයටත්, හලාල් සහතිකය ලබාගන්නා නිෂ්පාදකයින්ටත් චම්පික හා රතන  හිමි අනතුරු ඇඟවූහ.  මේ අතර හලාල් සහතිකය නිකුත් කිරීම සඳහා බලය ඇති සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයට විකල්ප සංවිධානයක් ලෙස පෙනී සිටින ශ්‍රී ලංකා ජමියතුල් උලමා නම් සංවිධානයක් ...

දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි බලවේගවලට එරෙහිවීමට අපට ගට නැද්ද?

අපි සුළුතර අයිතිවාසිකම් ගැන නිතර ලියන්නෙමු. මෙහිදී අපි ජාතික සුළුතරයන් ගැන පමණක් නොව කුල, ලිංගික ආදී වෙනත් සුළුතරයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්ද පෙනී සිටින්නෙමු. නිදසුනක් ලෙස  අපි පීඩාවට පත් ලිංගික සුළුතරයක් වන සමරිසියන්ගේ හිමිකම් ගැන පෙනී සිට ඇත්තෙමු. ඇතැම්විට සමාජයේ බහුතරය වන පිරිසුත් සුළුතරය සේම පීඩනයට පත්වන අවස්ථා තිබේ. හොඳම නිදසුන් වන්නේ ස්ත්‍රීහු සහ කම්කරු පංතියයි. අපි හැමවිටම පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටිමු. පීඩකයන්ගේ අයිතිවාසිකම් අපට අදාළ නොවේ. නිදසුනක් ලෙස ලංකාවේ පීඩිත ජනතාව තලා, පෙළා, සූරා කා සැප විඳින පාලක කණ්ඩායමගේ හිමිකම් ගැන කතා කිරීම අපට අදාළ නැති දෙයකි. අප සාමාන්‍යයෙන් බහුතර හෝ බලවත් ප්‍රජාවන්ගේ හිමිකම් ගැන ලියන්නට වෙහෙසෙන්නේ නැත. හේතුව ඒ පිළිබඳව ලියන්නට ඕනෑතරම් මාධ්‍ය තිබෙන නිසාය. හැමෝම ලියන දෙයක් අපත් නැවත ලියන්නේ කුමටද? අපි මාධ්‍ය දෙස බල න් නේ සමස්තයකු තුළය. අපේ මාධ්‍යය පමණක් අනන්‍ය කරගෙන නොවේ. අපි ජාතිවාදයටත්, සුළු ජාතික හිමිකම්වලටත් යන දෙකටම මාකට් ලෙස සලකා ආමන්ත්‍රණය කරන සිරසක් හෝ ලංකාදීපයක් නොවේ. ලංකාවේ බෞද්ධ සම්ප්‍රදායන් තුළ කෙරෙන ඇතැම් අමානුෂික ක්‍රි යා ...

මුස්ලිම්හු ජනගහණයෙන් සිංහලුන් පරදවයිද?

සිංහල ජාතිවාදීන් සුළු ජාතීන්ට එරෙහිව පතුරුවනු ලබන එක් මතයක් වන්නේ සිංහලයන්ගේ ජනගහණය අඩු වෙමින් තිබියදී මුස්ලිම් ජනගහණය වැඩිවෙමින් ඇති බවයි. දෙමළ ජනගහණය සම්බන්ධයෙන් දැන් මේ තර්කය මතු නොකෙරෙන්නේ සෑහෙන දෙමළ තරුණ පිරිසක් පසුගිය සමයේ ඝාතනයට ලක් කරන ලද බව දන්නා නිසාය. පසුගිය දිනවල කොළඹ මුස් ලිම් ජනගහණය වැඩිවීම පිළිබඳ පළවූ පුවත්පත් වාර්තාවලට ප්‍රතිචාරයක් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ මෙසේය: "කොළඹ නගරයේ ජනගහනයෙන් වැඩිදෙනා සිංහලයන් වන නමුත්, කොළඹ සිංහල ජනගහනය සියයට 24 ට බසී" යනුවෙන් 2012.12.11 වන දින දිවයින පත්‍රයේ පළවූ ප්‍රවෘත්තියේ 2012 පූර්ව සංගණන තොරතුරු අනුව කොළඹ නගරයේ සිංහල ජනගහනය සියයට 24 ක්‌, දෙමළ ජනගහනය සියය 33 ක්‌ සහ මුස්‌ලිම් ජනගහනය සියයට 40 ක්‌ ලෙස සඳහන් කර තිබීම සාවද්‍ය බවත් එම වාර්තාවේ 1971 ලෙස සඳහන් කර ඇත්තේ 1981 ජන සංගණන තොරතුරු බවත්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී. කොළඹ නගරය කොළඹ සහ තිඹිරිගස්‌යාය යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස දෙකින් සමන්විත වන අතර කොළඹ නගරය ලෙස ඉහත වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ කොළ...

යාපනයේ මෝඩ දෙමළු මුස්ලිමුන් පන්නා වසර විස්සයි | 20 years after the expulsion of Muslims from Jaffna

Image
කාතන්කුඩි පල්ලියේ සංහාරයෙන් මෙහොතකට පසු ( 2010 නොවැම්බර් 15,  W3Lanka )   කොටි සංවිධානය මුස්ලිම් වැසියන් උතුරෙන් පන්නා දමා වසර 20ක් නිහඬව ම ගෙවිණි. වැඩිය සද්ද නැති වුණේ මහින්ද රාජ සමයේ සාම ව්‍යාපෘති කරන රාජ්‍ය නො වන සංවිධානවල ලාච්චු හිස් වීමේ ප්‍රතිඵලයක් ලෙසයි. නැතිනම් විස්ස කියන්නේ විස්ස පරවගෙන ඉන්න සංඛ්‍යාවක් නො ව ලක්ෂ විස්සකවත් සෙලිබ්‍රේෂන් එකක් කරන්නට වටින අංකයකි.  කොටින් විසින් කරන ලද වාර්ගික ශුද්ධ කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස සැලකිය හැකි මෙම නීච ක්‍රියාව පිළිබඳ ඇති තරම් ලියැවී ඇති බැවින් තවත් ලියන්නට උවමනා නැත. ප්‍රසන්න විතාගගේගේ ඉර මැදියම චිත්‍රපටයේ මේ පිළීබඳ කලාත්මක නිරූපණයක් ඇත.  කරුණා අම්මාන්ගේ නායකත්වයෙන් යුත් එල්.ටී.ටී.ඊ. නැගෙනහිර බලකාය මඩකලපුවේ කාත්තන්කුඩි පල්ලියේ යාඥා කරමින් සිටි මුසල්මානයන් 147ක් සංහාරය කළේ යාපනයෙන් මුස්ලිමුන් පළවා හැරීමට මාස කීපයකට පෙරයි. කොටි සංවිධානයට හිතවත් පිරිස් මෙම සිද්ධි පිළිබඳ පසු කලෙක කළ පැහැදිලි කිරීම මෙසේ ය: 'මේ පිළිබඳව විමුක්ති කොටි කණගාටු වෙනවා. ඒ බව මුස්ලිම් වැසියන්ට දැනුම් දීමට පියවර ගෙන තිබෙනවා. නැවත එවැන...

සිංහල, දෙමළ සමාජයන් අතර බර්ලින් ප්‍රකාරය බිඳීම හා මොහොමඩ් රාසුක්ගේ පරිවර්තන

Image
( 2010 අගෝස්තු 23,  W3Lanka )   මොහොමඩ් රාසුක් බොහෝ සිංහලයන්ට වඩා හොඳින් සිංහල බස දත් මුස්ලිම් මිනිසෙකි. කෑගලු දිස්ත්‍රික්කයේ දෙමළ බස කතා කරන මුස්ලිම් ගම්වැසියකු වූ හේ සිංහල බස ඉගෙන ගත්තේ තනිවම ය. ඔහු පරිවර්තන කලාවට එක් වූයේ මීට දශක ගණනාවකට පෙරයි. වින්සන්ට් කුරුඹාපිටිය සංස්කරණය කළ විවරණ සඟරාවේ ඔහුගේ මුල් සාහිත්‍ය පරිවර්තන පළ විය. මුල් යුගයේ ඔහු දෙමළ සාහිත්‍යය  පරිවර්තනය කළේ අබේවංශ දේවප්‍රිය සමග එක්වයි. දැන් ඔහු මේ දෙබස අතර පරිවර්තනයේ හසළයෙකි.  මහාචාර්ය සුචරිත ගම්ලත්ට අනුව නම් ඔහු ද මෙවලම් පරිවර්තකයෙකු විය හැකි ය. මක් නිසා ද යත්, සුචරිත ගම්ලත් ශූරීන්ට අනුව ලංකාවේ සිටින්නේ පරිවර්තකයන් දෙදෙනෙකු පමණක් වන බැවිනි. ඒ දෙදෙනාගෙන් එක් අයෙකු වන්නේ බැද්දේගම සිංහලට නැඟූ ඒ.පී. ගුණරත්නයි. ඔහුට අනුව, අනෙක් උතුමා නම් 'සුචරිත ගම්ලත් වන මේ මම ම ය.' කෙසේ වෙතත්, සිංහල හා දෙමළ භාෂාන්තර පරිවර්තනය සඳහා අද වන විට මෙවලම් පරිවර්තකයින් හෝ අවශ්‍යව තිබේ. මක් නිසා ද යත්, සිංහලයාගේ ජාත්‍යන්තරවාදයේ ආරම්භක ලක්ෂ්‍යය විය යුත්තේ ලංකාවේ දෙමළ කතා කරන මිනිසුන්ගේ හදවත් හඳුනා ගැනීම වන හෙයිනි.  ...

ඉබ්බාගමුවේ බාල වයස්කාර කිරි දෙන මවකට පිරිමි සිය ගණනක් වට වී පොල් පිත්තකින් පහර දීලා

Image
(2010 අගෝස්තු 14,  W3Lanka )   ඔබ ජීවත් වන රටේ වයස අවුරුදු 17යි මාස අටක් වන, අසනීපයෙන් සිටි, බාල වයස්කාර, දෙමස් වියේ දරුවකුට කිරි දෙන, එක් දරු මවකට පිරිමින් සිය ගණනක් වට වී එක් ගැහැනියක් ඇයට කණට ගසා, මහ පාරේ බිම දමාගෙන පොල් පිත්තකින් පිට මැදට සිය වරකට වඩා පහර දී ඇතැයි එම කාන්තාවගේ සැමියා (මෙම විවාහය නීත්‍යනුකූල ද යන්න ප්‍රශ්නයකි.) පොලිසියට පැමිණිලි කර ඇති බව ඔබ දන්නවාද? මේ පිළිබඳ පොලිසියට කළ පැමිණිල්ලට අදාළව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද, පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ සිට ළමා සංවර්ධන හා වනිතා කටයුතු ඇමති හා නියෝජ්‍ය ඇමති ධුර දරන සිංහල හා මුස්ලිම් පිරිමි දෙන්නා දක්වා සියලු දෙනාත් නිහඬ බව ඔබ දන්නවාද? මෙම සිද්ධිය පිළිබඳව වාර්තා වන්නේ ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවියේ ය. සිද්ධියට මුහුණ දුන් බාල වයස්කාරියගේ සැමියා‍ කරන ප්‍රකාශයේ හඬපටයක් ද ඇත. සිද්ධිය සිදු වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොකරැල්ල පොලිස් වසමේ ඉබ්බාගමුවේ පිලැස්ස, මුංදූව ගමේ ය. සිද්ධිය වූ දිනය මෙම විස්තරයේ අඩංගු වන්නේ නැත. මෙම කාන්තාව මාවතගම රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇත. මාවතගම පොලිසියේ පැමි...

ෆාජි, ටෝජි, සදීක් හා කිසිවෙකුටත් ගැලවිය නොහැකි ඝාතක සංස්කෘතිය | Sri Lanka's inescapable gun culture

Image
(2010 මැයි 27,  W3Lanka )  මැයි 10 - 16 ලෝක ගිනි අවි විරෝධී සතිය වෙනුවෙන් ‘සාමය හා මානව හිමිකම් සඳහා කි‍්‍රයාකාරිත්වය’ විසින් පළ කරන ලද නිවේදනයක් අප වෙත ලැබිණි. එහෙත්, කාර්යබහුලත්වය මැද සිදු වූ අතපසුවීමක් හේතුවෙන් අපට එය එම වකවානුවේදී පළ කිරීමට නොලැබිණි. එහෙත්, අද වෙසක් පෝ දිනපිළිබඳව යමක් ලිවීමට අදහස් කරමින් සිටියදී හිටිහැටියේ මෙම ලිපිය අප නෙත ගැටිණි. වෙසක් දිනය වෙනුවෙන් අපට ඊට වඩා හොඳ ලිවීමක් කළ නොහැකි යයි හැඟුණ බැවින් අපි එම නිවේදනය සුළු සංස්කරණ සහිතව පළ කරමු.  ඒ 2009 රාමසාන් උපවාසය අවසන් කෙරෙමින් තිබූ කාලවකවානුවයි. අගෝස්තු 27දා මධ්‍යම රාත‍්‍රිය ඉකුත් ව පැය කීපයක් ගත වෙද්දී මැද කොළඹ, මාලිගාවත්තේ ජුම්මා මස්ජිද් පාර පරිශ‍්‍රය තුළ ක‍්‍රියාත්මක වෙමින් තිබූ විශේෂ කාර්ය බලකායේ ක්ෂණික මෙහෙයුම අළුයම අවසන් වූයේ තිදෙනෙකුට මරු කැඳවමිනි.  ඒ අතර එක් අයෙකු වූයේ ෆාජි ය. ෆාජි මාලිගාවත්ත අදාල පරිශ‍්‍රය තුළ  නිල නොලත් සන්නද්ධ කල්ලි පාලකයා ලෙස හඳුනා ගෙන තිබුණි. වඩා වැදගත් ම සාධකය වූයේ 2009 බස්නාහිර පළාත්සභා මැතිවරණ අවස්ථාවේ  දී නිල රාජ්‍ය යන්ත‍්‍රයේ ද ප‍්‍රසිද්ධ ප‍...